IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මාරක අනතුරින් පසු පිරිසක් නීතිය අතට ගනිති

පිලියන්දල බටුවන්දර ජඹුරලියේදී  කාරයක් හා ත්‍රී රෝද රියක් ගැටී එක් දරු මවක මියගොස් අතදරුවා හා සැමියා තුවාල ලැබීමෙන් පසු කුපිත වු පිරිසක් එම වාහනයේ ආ පුද්ගලයෙකු අල්ලාගෙන හොඳටම පහරදුන්හ.

ඔහු සැඟවී සිටි තැනින් එළියට ඇදගත් පිරිසගෙන් ඔහු බේරාගැනීමට පොලිසිය සමත් විය.

ඒ වන විට ඔහු හොඳටම තුවාල ලබා සිටියේය. ඔහු පැමිණි කාරයද ගිනි තබන්නට නොදී බේරාගත් බව පොලීසිය කියයි.

 1 3 4 5 6



අදහස් (0)

මාරක අනතුරින් පසු පිරිසක් නීතිය අතට ගනිති

ධම්ම Monday, 08 September 2014 04:14 AM

අනතුරක් වුණාම රියදුරාට ගහලා වැඩක් නැහැ. අනතුරට ලක්වූ අය ගැන සැළකිලිමත් වෙන්නනේ ඕනෑ. (නි)

:       0       0

රත්න Monday, 08 September 2014 04:20 AM

එතකොට ත්‍රි වීල් රියදුරා 100% නිවැරිදි ද? මගේ අත්දැකිම නම් ඔය ත්‍රී විල් රියදුරෝ වෙට්ටු දාගෙන අනෙක් අයට යන්න නොදී තරගෙට පාරේ යන්නේ. වැරදුනාම ගොඩවෙන්නේ අනෙක් අයගේ ඇගට. (නදී)

:       0       0

මංජා Monday, 08 September 2014 04:26 AM

නීතිය අතට ගන්න එහෙම බෑ. වෙන්න තියන දේවල් වළක්වන්නත් බෑ (නදී)

:       0       0

රූපවතී Monday, 08 September 2014 04:31 AM

පව් අසරණ දරුවට අම්මව නැතිකළා, මේ තිරිසන් සමාජයෙන් තිරිසන් ආකාරයට ගමන් කරනවුන්ගේ කොන්ද කඩල සදාකල් විදවන්න, එක තැනක තියන්න ඕනා (නදී)

:       1       0

සහන් Monday, 08 September 2014 04:41 AM

ත්‍රීවිල් කාරයෝ දන්නේ නැහැ පාරේ නිවැරදිව යන්ඩ. වමට සිග්නල් දාල දකුනට හරවනවා එහෙම නැත්තන් දකුනට දාල වමට හරවනවා. මේක නිසා සිග්නල් දාම්මට කොහෙට හරවයිඩ්ද කියල විස්වාසයක් නැහැ. යන්නේ පාරෙ හරි මැදින්. වෙන වාහනයක්ට ඉස්සරකරන්ඩ බැහැ. එ්ක පාරට අයිනෙන් ගිහින් මැදට එනවා එතකොට වේගෙන් එන වාහනවල වදිනවා. මෙයාල තීවිල් එක අතුරු මාරගයකින් දානකොටත් බාගයක් පාරට දාල තම්යි වාහන එනවද කියල බලන්නේ. (නදී) මෙ අනතුරු වලට හේතුව ත්‍රී-වීල් වල රියදුරන්ගේ නොසැලකිල්ල. මමනම් තී-විල් එකට නැගපු ගමන් රියදුරාට කියන්නෙ පාර අයිනෙන්. හරියට සිග්නල් ඩාල පරිස්සමෙන් යන්ඩ කියල.

:       0       0

ආර්යා ගමගේ Monday, 08 September 2014 04:41 AM

අනතුරක් කරන්නේ නැහැ උවමනාවෙන්නම්. හැබැයි මුන් බීලා හිටියා නම් මතක හිටින්න ගහන්න ඕනේ (නදී)

:       0       0

උත්පල දිල්හාන් Monday, 08 September 2014 05:04 AM

අපේ මෝඩයොත් වෙලාවකට හැසිරෙන්නේ මේක ඉන්දියාව කියල හිතාගෙන (නදී)

:       0       0

මාර්ටින් Monday, 08 September 2014 03:23 PM

අනේ සම්පත් ඔයා දන්නේ මොනවාද (අ)

:       0       0

පේ්‍මසිරි විජේසිංහ Monday, 08 September 2014 05:29 AM

වරද කාගේද ? (නදී)

:       0       0

කුමාරි Monday, 08 September 2014 05:27 AM

හොඳ වෙලාවට පොලිසිය ඇවිත් තියෙන්නේ. මෙයාලගේ අත් වල තියන දේවල් දැක්කම පේනවා අර මනුස්සයාගේ කුඩුවත් ඉතිරි කරන එකක් නැහැ. (නදී)

:       0       0

සුසිත තිලකරත්න Monday, 08 September 2014 05:29 AM

ත්‍රී විලර් රියදුරන්ගේ වැරදි වලට අනිත් මිනිස්සු පලිද (නදී)

:       0       0

රොහාන් සෞදි Monday, 08 September 2014 05:30 AM

අපී සියලු දෙනාම මනුස්සයන්. වැරදි හැමෝම කරනවා නමුත් මේ කරන වැඩේ නම් අනුමත කරන්න බැහැ. මෙයාලට රටේ නීතිය අනුව දඩුවම් කරන්න කට්ටිය හොදටම් ඉන්නවා වෙන මුකුත් ඕනේ නැහැ මේ පින්තුර ටිකම ප්‍රමාණවත්. (නදී)

:       0       0

අසේල Monday, 08 September 2014 04:00 PM

තවත් ලක්ෂ 30 ක් විතර වටින මෝටර් සයිකල් පොලිසියට දුන්න නම් හරි (නදී)

:       0       0

අපොන්දු Monday, 08 September 2014 05:44 AM

ඕක ලෝකේ ඕනෑම රටක වෙන දෙයක්. එංගලන්තේ, ඇමෙරිකාවේ, ජර්මනියේ, ජපානේ හැම රටකම අපේ වගේම කැලැ නිතිය තමයි (නදී).

:       0       0

සමන් කුමාර Tuesday, 09 September 2014 07:55 PM

ගහලා හරියයිද ? මේ වගේ ගොන් රටක් ද ලංකාව (ස)

:       0       0

කැලුම් Monday, 08 September 2014 06:04 AM

වරද කෙසේ වෙතත් නීතිය අතට ගැනීම හොඳ නැත. (නදී)

:       0       0

ඉෂාර Monday, 08 September 2014 05:24 PM

පිටිගල, භාෂාවේ වචන තිබුණ පළියට හැමදෙයක් ගැනම කියවන්න යන්න එපා (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 08 September 2014 06:07 PM

පාරවල් ටික කාපට් කරලා නිසා අනතුරු වැඩියි. පරිස්සමට ලස්සනට යන්න දන්නේ නැති ගොඩක් දෙනා නිසා කරන හොඳ වැඩත් නරකට හිටිනවා. (නි)

:       0       0

පිටිගල Monday, 08 September 2014 06:20 PM

කොතන හරි හොරකමක්, මංකොල්ලයක්.මිනීමැරුමක් හෝ මොනයම් අකටයුත්තක් වුණොත් අනිවාර්යයෙන්ම එතන ත්‍රීරෝද රියක් පසුබිමේ තිබෙනවා. (නි)

:       0       0

අමිල ප්‍රභාත් Monday, 08 September 2014 06:58 AM

කව්රුත් සද්ද නැහැ තාම හරි වැරැද්ද තෝරගන්න බැරිව (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 08 September 2014 07:36 AM

කරුණාකර නිතිය අතට ගත් පුද්ගලයින් හට උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන්න. කිසිම රියදුරෙක් හිතාමතා අනතුරක් සිදු කරන්නේ නැහැ. ත්‍රි රෝද රථ රියදුරන්ගේ නොයිවසිලිමත් කම අවිනීත කම දබ්බර කම බොහෝ අනතුරු වලට හේතුවුනත් ඔවුන් බොහෝදුරට චන්ඩි කමින් වරද පටවන්නේ අනෙක් වාහනයට. මට ඒක අත්දැකීමෙන් වෙලා තියෙනවා. මෙතන වරද කාගේ උනත් මේ රියදුරාට පහර දෙන්න අයිතියක් කාටවත් නැහැ. ඔබත් වාහනයක් පදවන්නෙක් නම් අද මේ දේ අනුමත කරන ඔබට හෙට මේ දේ සිදු වෙන්න පුළුවන්. රථ වාහන අනතුරකදී නිතිය අතට ගැනීමෙන් වින්දනයක් ලබන්න පුරුදුවෙලා ඉන්න කොටසට අමතක නොවෙන පාඩමක් මේ සිදුවිමේදී තිබෙන සාක්ෂි අනුව ලබා දීමට මන් හිතන්නේ පොලිසියට හැකිවේවි. (නදී) .වාහනයක් එලවනවා කියන්නේ අතුරේ යාමක් හා සමානයි.වාහනයක් ගැන හීන දකින ගොඩක් දෙනා නොහිතන යථාර්තය එක..සුළු මොහතකින් තමන්ගේ මුළු ජීවිතේම විනාශයි.රෝද හතරයි බවලතියයි දෙන්නම එකයි..

:       0       1

නුවන් Monday, 08 September 2014 10:48 PM

මිනිස්සු මීට වැඩිය බුද්ධිමත්ව සිතන්න ඕනෑ (නි)

:       0       0

ඉසුරන්දි Monday, 08 September 2014 08:09 AM

මෙතන නිතිය කාටත් පොදු වෙන්න ඕනේ.පොලිසියේ රාජකාරි සිවිල් ජනයා අතට ගැනීම බරපතල වරදක්. කාගේ හෝ වරදකින් මේ අනතුර සිද්ද උනානම් ඒවාට නීති මගින් කටයුතු කරාවි. කිසිම පුද්ගලයෙක් හිතා මතා මෙවැනි අනතුරු කරන්නේ නැහැනේ. (නදී)

:       0       0

නිහාල් Sunday, 07 September 2014 02:11 PM

ලංකාවෙ ඉන්න බහුතරයක් ඔහොම හරක් තමා. වාහනයක් හැප්පුන ගමන් එතනම නඩු අහන්නෙ ඔය බෝක්කුවල ලැගගෙන දවස පුරා රස්තියාදු ගහන ගමේ නඩු කරයෝ. දැං සමහර විට ඔතන වැරැද්ද හොයලා බැලුවොත් ත්‍රිවීල් එකේ වෙන්නත් පුලුවන්. (නදී) මීට අවුරුදු 5කට කලින් මම රත්නපුරේට යනකොට මෝටර් බයික් එකක් ඇවිත් වාහනේ හැප්පුවා. ඒ වෙලාවෙ එතන කඩයක හිටපු මිනිහෙක් දුවගෙන ඇවිත් ආව ගමන් ගලක් අරගෙන වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එකට ගැහුවා.. තුවාලකාරයා හොස්පිටල් ගෙනිච්චම ඒ යකා හොදටම බීලා ඉදලා තියෙන්නෙ. අන්තිමට අර වාහනේට ගල් ගහපු එකාවත් පොලිසියෙන් ඇතුලට දැම්මා වාහනේ අලාබෙ ගෙවන්න කියලා. ලංකාවෙ ඒ අතින් නම් මහ නූගත් පිරිසක් ඉන්න රටක්

:       0       1

ගාමිණී සිරිවර්දන Sunday, 07 September 2014 02:45 PM

පැයෙන් පැයට හතර දිග් භාගයෙන් රිය අනතුරු මරණ !මොබයිල් කනේ,සී.ඩිං.සින්දු ,බීමත් කම ,මේවාට සුදුසු පිළිවෙත වාරියපොළ නංගීගේ දඬුවමම තමා.!! (අ)

:       0       0

දපන දුරගේ හේමචන්ද්‍ර Sunday, 07 September 2014 02:49 PM

අපේ රටේ ත්‍රී වීල් නිසා අනතුරු වැඩියි (නදී)

:       0       0

ගමගේ Sunday, 07 September 2014 02:47 PM

මුන් නම් තිරිසන්නු. මුන් අඳුනාගෙන දැඩි දඬුවම් දිය යුතුයි. (නදී)

:       0       0

අසංක Monday, 08 September 2014 08:36 AM

මෙහෙම පහර දෙන්න කිසිම අයිතියක් නැහැ. පහරදුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනෑ. (නි)

:       0       0

සුමිත් Sunday, 07 September 2014 02:54 PM

පහර දීමෙන් මල අය ට පන එන්නේ නැහැ, නීතිය හරියට ක්‍රියාවේ යොදවන්න , ඔය සංස්කෘතිය සමාජයෙන් තුරන් කරන්න ඕන‍ේ. පොලිසිය වැරදි කරුවන් අත් අඩංගුවට ගන්න (නදී)

:       0       0

ලක්ෂාන් Wednesday, 10 September 2014 11:17 AM

ලංකාවේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම ගැන කණගාටුයි. (නදී)

:       0       0

පිටිගල Sunday, 07 September 2014 03:02 PM

මේවා නම් කැත වැඩ. ඒ මිනිසා උවමනාවෙන් කල දෙයක් නොවේ. වැරදීමක්. මෝඩ මිනිසුන්ගේ පාලනය කල නොහැකි ආවේගය සහ රටේ නීතිය සුනඛයාට යාමේ පල විපාක. බලන්න ඒ මිනිසාට පහර දෙන තිරිසන් ආකාරය. කොහොමද අර චන්ඩියා පොල්ල උලුක් කරගෙන ඉන්න හැටි. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 07 September 2014 03:08 PM

පින්තුර වලින් දකින්නේ ත්‍රීවිල් කරුවන්ගේ වීරකම නොවේ මෝඩකම. උනුත් කවදා හෝ ඔය තත්වයට මුණ දුන් දවසට එය මතක තියා ගත්තා නම් වටිනවා. නිතිය අතට අරන් මිනිසුන්ට පහර දීම බරපතල වරදක්. රියදුරු වරදක් කලානම් ඒ සදහා නීතියෙන් දඩුවම් ලැබේවි නිතිය අතට ගත්තුන්ට වහාම දඩුවම් දෙනු (නදී)

:       0       0

වසන්ත Sunday, 07 September 2014 03:22 PM

ත්‍රීවීල් කාරයෝනේ පාරේ යන්න දන්නේ නැත්තේ. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 07 September 2014 03:40 PM

කරුණාකර මේ පින්තුර වලින් හෙළිවන මේ නිතිය අතට ගත් පුද්ගලයින් හට උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන්න. කිසිම රියැදුරෙක් හිතාමතා අනතුරක් සිදු කරන්නේ නැහැ.ත්‍රි රෝද රථ රියදුරන්ගේ නොයිවසිලිමත් කම අවිනීත කම දඩබ්බර කම බොහෝ අනතුරු වලට හේතුවුනත් ඔවුන් බොහෝදුරට චන්ඩි කමින් වරද පටවන්නේ අනෙක් වාහනයට. මට ඒක අත්දැකීමෙන් වෙලා තියෙනවා. මෙතන වරද කාගේ වුණත් මේ රියදුරාට පහර දෙන්න අයිතියක් කාටවත් නැහැ. ඔබත් වාහනයක් පදවන්නෙක් නම් අද මේ දේ අනුමත කරන ඔබට හෙට මේ දේ සිදු වෙන්න පුළුවන්.රථ වාහන අනතුරකදී නිතිය අතට ගැනීමෙන් වින්දනයක් ලබන්න පුරුදුවෙලා ඉන්න කොටසට අමතක නොවෙන පාඩමක් මේ සිදුවිමේදී තිබෙන සාක්ෂි අනුව ලබා දීමට මන් හිතන්නේ පොලිසියට හැකිවේවි. .වාහනයක් එලවනවා කියන්නේ අතුරේ යාමක් හා සමානයි.වාහනයක් ගැන හීන දකින ගොඩක් දෙනා නොහිතන යථාර්තය එක.සුළු මොහතකින් තමන්ගේ මුළු ජීවිතේම විනාශයි.(අ)

:       0       0

අබේ Sunday, 07 September 2014 03:46 PM

මේක පුදුම රටක් . (අ)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Sunday, 07 September 2014 03:45 PM

ලංකාවේ නීතිය තිබෙන තැන පෙන්නන හොඳ උදාහරණයක් .(අ)

:       0       0

විදුරන්ග Monday, 08 September 2014 09:08 AM

හැම ත්‍රීරෝද රියදුරාම එහෙම නැහැ. කොහොමත් පහත් තැනින් යයි ගලා ජලේ නෙ. ලොකු ලොකු මිනිස්සු පාරෙ යනකොට කරන වැරදි ගැන කවුරුත් කතා නැහැ. (නි)

:       0       0

විදුරන්ග Monday, 08 September 2014 09:09 AM

නීතිය හරියට කරනවා නම් කවුරුත් නීතිය අතට ගන්නෙ නැහැ. (නි)

:       0       0

හසිත Sunday, 07 September 2014 04:07 PM

තිරිසන්නු, රටේ නීතිය මිනිස්සු අතට නොගත යුතුයි. මේවාට නීතියෙන් දඬුවම් දුන්නොත් හදිසි අනතුරුවලදී කරන පහර දීම් නවත්වා ගත හැකයි. (අ)

:       0       0

පනාගොඩ Monday, 08 September 2014 09:22 AM

ත්‍රීරෝද රථ කියන්නේ මඟමරුවෝ වගෙයි. (නි)

:       0       0

නිහාල් Sunday, 07 September 2014 04:25 PM

දිනපතා අනතුරු වලින් නිකරුනේ මැරෙන ගණන වෙනුවෙන් රජය සහ පොලිසිය විසින් කර ඇති දේ කුමක්ද ? මේවාට පිළියම් නැතිද තව කොපමණ කාලයක් මේවා බලා ගේන්නේ ඉන්නද අද පාරේ බැහැල යන්න බැහැ මොන වහනයකවත් හරි තද නීති මෙවනි දේවල් වලට තිබිය යුතු වෙනවා වගේම ඒවා හැම කෙනෙකුටම තරා තිරම නොබලා ක්‍රියා ක යුතු වෙනවා (අ)

:       0       0

මලී Sunday, 07 September 2014 04:40 PM

මේක මේ වාහෙන් යන කෙනා ගැන ඉරිසියාව තියන අනිත් අය කරන වැඩක්. මහ දවල් අැවි්ල්ලා කපල කොටලා මරනවා. වෙඩි තියලා යනවා නොදැක්කා වගේ ඉන්න අය වැරදීමකින් අැක්සිඩන්ට් එකක් උනාම රියදුරාට ගහනවා. වාහන ගිනි තියනවා. මේක තනිකරම මන්ද මානසිකත්වය. කවුරුවත් හිතා මතා වාහන හරි පාරේ යන අය හරි හැප්පෙන්නේ නැහැ. මේ දේ ඕනම කෙනෙකුට වෙන්න පුලුවන්. (නදී) ෙම් පින්තුර වලින් ගහපු අය අදුර ෙගන දඩුවම් දීලා එ්වා ප්‍රසිද්ද කරන්න ඔ්නි අාෙයත් ෙම් වෙග් ෙද්වල් ෙනාෙවන්න. පුදුම රටක් ෙම්ක. මුට ගැහුවා කියලා මැරුනු අයට පන එනවද

:       0       0

කුමාර Monday, 08 September 2014 09:44 AM

මේවා පෙනෙනකොට අපිට නම් ලැජ්ජයි. මෙහෙම මිනිසුන්ට ඕනෑ ඕනෑ විදියට වැඩ කරන්න පුලුවන්ද? (නි)

:       0       0

සනත් Monday, 08 September 2014 09:51 AM

මේ හැ‍මදේටම මුල නොසැළකිළිමත්කම (නි)

:       0       0

රොහාන් සෞදි Monday, 08 September 2014 09:54 AM

බන්දුල පෙරේරා, ඔබගේ අදහසට මම අනුමත කරනවා. ඔබ කියන දේ ඇත්තටම සිදුවෙනවා. මේ දින කීපයට මොනතරම් අනතුරු සිද්ධ වුණාද? කීදෙනෙක් මියගියාද? මේවාට වගකියන්න ඕනෑ නොයිවසිලිමත්, අවිනීත, දඩබ්බර, රියදුරන්. (නි)

:       0       0

ඉසුරු Monday, 08 September 2014 10:02 AM

අතට ගන්න මොනවද ඉතිරි වෙලා තියෙන්නේ (නදී)

:       0       0

ගාමිණී Sunday, 07 September 2014 07:23 PM

මෙහෙම කරන එකට අපගේ අප්‍රසාදය (නදී)

:       0       0

ගමගේ Sunday, 07 September 2014 07:55 PM

මෙතන විය යුත්තේ මෙය නොවෙයි. මේක හරියට ඩෙංගු උවදුරක් තියෙන කලෙක අතට අහුවෙච්ච මදුරු වෙකුට තලනවා වගේ වැඩක්. වෙන්න ඕන රට වැසියන් වශයෙන් අනෙකාට හිරිහැරයක් නොවී වාහන පැදවීම ඇතුළු සිත්වල ඇතිවන හික්මීමක් රටක් හැටියට ඇතිකිරීම හා ලොකු කුඩා බේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වීමයි. නැතිව හුදෙකලා සිද්දි වලට දඬුවම් දීමෙන් මේ මිනී මරු රිය පැදවීම කිසි දින නතර නොවේ. (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 07 September 2014 08:07 PM

නොසැලකිල්ල විය හැකියි (නදී)

:       0       0

ලලින්ද Sunday, 07 September 2014 09:31 PM

නිතිය අතට අරගෙන මහජනතාව කටයුතු කලොත් එතන මහා විනාසයක් වෙනවා. නමුත් අපරික්ෂාකාරීව රිය පැදවීම අද විලාසිතාවක් බවට පත්වෙලා තිබෙන නිසා රිය පදවන්නන් කිසියම් ස්වයන් පාලනයකට ලක්කරන්න මෙවැනි දේ ඉවහල්වේවි. නමුත් මෙවැනි අවස්ථාවලදී වැරදිකරු කවුරු උනත් තම ප්‍රදේශයේ පුද්ගලයාව ආරක්ෂා කරලා අනිත් මිනිහට හිරිහැර කිරීම අනුමත කරන්න බැහැ. (නදී)

:       0       0

සුගුනවති Sunday, 07 September 2014 09:45 PM

ලංකාව තාම තුන්වෙනි ලෝකයේ රටක් කියන්නේ මෙන්න මේවගේ තිරිසන් වැඩ නිසා (නදී)

:       0       0

සිසිර සමරකෝන් විද්‍යා පදනම Monday, 08 September 2014 11:19 AM

ගොඩක් රියදුරන්ට රියදුරු බලපත්‍රය තිබුනට මාර්ග සංඥා හා නීති පිලිබඳ දැනුමක් ඇත්තෙම නැහැ. විභාගයට කලින් හැම කෙනෙක්ම තමන්ට එන ප්‍රශ්න පත්තරය මොකක්ද කියල දන්නවා. ඉතින් ලියල පාස් වෙනවා ඒ උනාට මාර්ග නීති දන්නේ නැහැ (නදී)

:       0       0

අනිල් Sunday, 07 September 2014 11:30 PM

මේ කට්ටිය කවදාවත් වරදක් කරලා නැහැ. එ්ක නිසා වරදට දඩුවම් දුන්නා (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Sunday, 07 September 2014 11:35 PM

වරද කාගේ අතේ ද නොදැන ඒ රියදුරුට තලා පෙලා හිරිහැර කිරීම වැරදියි. රියදුරු වරදක් කලා නම් නීතියෙන් දඬුවම් ලැබේවි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 07 September 2014 11:37 PM

ආරක්ෂක අංශ හිතෙන හිතෙන විදියට නඩු නැතිව මිනිස්සු මරල දානවා. එක ආදර්ශයට අරන්ද මන්ද වාහන අනතුරක් උනාහම ඉස්සෙල්ලම රියදුරාට පහර දීල වාහනේට ගිනි තියනවා. මට හිතෙන විදියට අදිකරණ ටික වහල දැම්මා නම් හොඳයි වගේ. මිනිසුන්ටම යුක්තිය පසින්දලන්න ඉඩ දීලා. මහත්ත්වරුනේ මේ පින්තුරත් එක්කම තියෙන මේ සාක්ෂි ඉවත නොදා පුළුවන් තරම් මේ අදමයන්ව අල්ලලා නිතිය ඉදිරියට පමුණුවන්න නැත්නම් රටේ නිතිය බල්ලට යනවා (නදී)

:       0       0

චානක Sunday, 07 September 2014 11:38 PM

මේ වෙන අනතරු මත හදීසි තත්වයක් රටේ ප්‍රකාශ කොට වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරයි යුතුය (නදී)

:       0       0

ශ්‍රීසර Monday, 08 September 2014 12:25 AM

විපතට පත් අයට සාධාරණයක් ඉෂ්ට කරන්නවත් බැරි වෙන්නේ මේ වගේ අවස්ථාවක් දැක්ක ගමන් අතේ පයේ හිරි ඇරගන්න බලාගෙන ඉන්න අය හින්දයි. (නදී)

:       0       0

ටානියා ලියනගේ Monday, 08 September 2014 11:43 AM

ලංකාවත් දැන් කාලකන්නි රටක් වෙලා (නදී)

:       0       0

දසුන් Monday, 08 September 2014 12:31 AM

නොසැලකිලිමත් රියදුරන්ට එසේ කලයුතුයි (නදී)

:       3       0

අසාම් Monday, 08 September 2014 12:41 AM

රිය අනතුරක් කියන්නේ සිතා මතා කරන දෙයක් නොවේ. රියදුරුට අමානුෂික ලෙස පහරදීම අනුමත කරන්න බැහැ. කාට හරි පහරදෙන්න නම් අපේ කට්ටියට ඊට එහා සතුටක් නැහැ (නදී)

:       0       0

බිනර ගුනසේකෙර Monday, 08 September 2014 12:42 AM

මෙය ඉතාම නරක පුරුද්දකි. පහරදුන් අයට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරවන්න. (නදී)

:       0       0

සමන් Monday, 08 September 2014 01:21 AM

පළමුව ජිවිත හානිවූ අයගේ පවුලට මගේ බලවත් ශෝකය. වරද රථයේ රියදුරාගේ වියහැකි වුවත් බොහෝවිට අනතුරු සිදුවන්නේ සිතාමතා නොව අත්වැරදීම් වලිනි. එබැවින් මෙවැනි අනතුරු වල පරීක්ෂණ කටයුතු නිත්‍යානුකුලව සිදුකිරීමට ඉඩ දීම විනා මෙවැනි නිතිය අතට ගැනීම් අනුමත කල නොහැක. හේතුව මෙහි අවසානය කුමක්දැයි කිව නොහැකි නිසා. මේ සඳහා පවතින නීතිද ප්‍රමාණවත් නොවන නිසා ඒවා ශක්තිමත් කිරීම කල යුතු බවද කිව යුතුමය. (නදී)

:       0       0

සත්‍යයා Monday, 08 September 2014 01:51 AM

නීතිය අතට අරගන්න පටන් ගත්තේ රිය අනතුරුවල ප්‍රතිපලයක් හැටියට නොව පාදඩ පන්තිය දේශපාලනයට ඇතුල් වූ දා සිට කිව්වොත් වඩාත් නිවැරදියි. එය ආදර්ශයට ගෙන නීතියක් නැති රටකට මොනයම් හෝ නීතියක් හඳුන්වා දෙන්න මිනිස්සු උත්සාහ කිරීම "නීති විරෝධී" කියල කියන්න බැරි නීතියක් ක්‍රියාත්මක නොවන නිසයි. මේක ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. (නදී)

:       0       0

නාමල් Monday, 08 September 2014 02:03 AM

අපේ රටේ සමහර මිනිස්සු තාමත් කොච්චර ප්‍රාතමිකද කියල හිතෙනවා මේවා දැක්කම. වාහනයක ගමන් කරන මගියෙකු රියදුරෙකුගේ වරදට මොනවා කරන්නද ? වරදක් කලත් මේ වගේ ම්ලේච්ච විදියට හැසිරෙන අයටත් නීතිය ක්‍රියාත්මක කල යුතුයි. බොහෝ වෙලාවට රිය අනතුරු සිදුවෙන්නේ අත් වැරදීම් වලින් මිසක් මිනිසුන් මැරීමේ චේතනාවෙන් නොවන බව අප වටහා ගත යුතුයි. (නදී)

:       0       0

විමුක්ති Tuesday, 09 September 2014 07:29 AM

ලංකාව නීතියත් හරියට නැහැ!! අවනිතියත් හරියට නැහැ!! (දිල්)

:       0       0

හර්ෂ Tuesday, 09 September 2014 02:42 PM

පොලිසියේ මහත්වරුනේ, ඔබ මහත්වරු නම් වරදට දඩුවම් දී නීතිය අතටගත් අයටත් නිසි දඩුවම් ලබා දෙන්න . (නි)

:       0       0

මුණසිංහ Monday, 08 September 2014 02:06 AM

අර මනුස්සයාට ගහපු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? මෙවැනි අනතුරක් සිදුවුණාට පස්සේ වරද කාගේ වුණත් මිනිස්සු හැංගෙන්න උත්සාහ කරන්නේ මෙවැනි දේවල් සිදුවෙන බව දන්නා නිසයි. ඒ නිසා අර ගහපු අයත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

සංජය Monday, 08 September 2014 02:12 AM

කට්ටියම ඔය මනුස්සයාට අල්ලාගෙන ගහන්නේ එය හප්පලා තියෙන්නේ ඕනෑකමින්මද ? නීතිය අතට අරගෙන නීති විශාරදයෝ වගේ වැඩ කරන්නේ. (නි)

:       0       0

එඩ්වර්ඩ් Monday, 08 September 2014 02:15 AM

මෙහෙම මිනිසුන්ට සළකන එක හරිද? (නි)

:       0       0

සම්පත් Monday, 08 September 2014 12:21 PM

බීමතින් වාහන පදවන මේ වගේ නරුමයෝ නිසා අසරණ වෙන්නේ මොකුත් නොදන්නා අහිංසක දරුවොයි. ඒවාට වග කියන්නේ කව්ද? හොදටම බීල වාහනේට නැග්ගහම යන වේගය තේරෙන්නේ නැහැ. ඒකයි මේ අනතුරට හේතුව (නදී)

:       0       0

ලීලානන්ද Monday, 08 September 2014 02:23 AM

බොරු චණ්ඩින්ට එරෙහිව වහා නීති මඟින් කටයුතු කළයුතුයි (නි)

:       0       0

උපාලි Monday, 08 September 2014 02:30 AM

ඒ මනුස්සයාට පහරදෙන කට්ටිය දිහා බැලුවහම පේනවා නීතිය රස්තියාදුකාරයන් අතට ගිය බව. ඉතින් කොයි රියදුරාද අනතුරකින් පස්සේ පැනල යනවා මිසක් වාහනය නවත්තලා ගුටිකන්න කැමති වෙන්නේ. අනේ රටකට ගිය කල! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 11 September 2014 03:36 PM

,මෙතැනදී පහරදීම හා ගිනිතැබීම තුලින් සිදුවන්නේ මියගිය අයට අවාසියක් වගේම රියදුරාට වාසියක්. මොකද අනතුරට හේතුව සෙවීමට නොහැකි වීම තුලින් මරණ කරුට ඉන්සුවරන්ස් වන්දි මුදල් ලබාගැනීමට ඇති ඉඩකඩ අඩු වෙනවා. ඒ නිසා මරණ කරුට තවත් අසාදාරනයක්. කල යුත්තේ මේ අය පොලිසියට බාරදීම (නදී)

:       0       0

නිමල් Monday, 08 September 2014 03:06 AM

වරදකාරයා පැදවූ රියදුරා නම් ඔහුට සුදුසු දඩුවම් මහජනයාගෙන් ලබා ඇත. පිස්සු බල්ලන් මෙන් රථ පදවන රියදුරන්ට මෙය හොඳ පාඩමකි. මන්ද මුදලට යටවී මාරක රියැදුරු බේරා ගැනීමට නීතිවේදීන් සිටින බැවිනි.දරුවාට මවක ලබාදීම කිසිවෙකුට කළ නොහැක.සිහිකල්පනාවෙන් රිය පදවන්නේ නම් මෙවැනි අනතුරු සිදු වන්නේ නැත. (නි)

:       115       0

කලණ Monday, 08 September 2014 03:20 AM

ත්‍රීවිල් කාරයෝ පාරේ නීතියක් දන්නේ නෑ. සිග්නල් නැතුව කපනවා. වමෙන් ඉස්සර කරනවා. පොඩි තැනිනුත් රිංගලා යනවා. ඇතුලේ යන මගීන්ට කිසිම ආරක්ෂාවක් නෑ. පොඩ්ඩක් හැපුනත් සේරම එලියට විසික් වෙනවා. අන්තිමට මේ නොහික්මුණ මිනිස්සුන්ගේ වැඩ නිසා ගුටි කන්නේ පාරේ තමන්ගේ පාඩුවේ වාහන එලවන් යන මිනිස්සු. කාට කියන්නද මේවා. අපේ මිනිස්සුත් පොඩි මිනිහා කියලා ඒ පැත්ත අරන් සල්ලිකාරයා කියලා අනිත් එකාට ගහන එකනේ කරන්නේ තමන්ගේ හීනමානය දුරු කරගන්න. මේ ත්‍රීවිල් වසංගතය නවත්තන්න කාලේ හරි. නැනෝ කාර්වලට සහන මිලක් හදලා පොඩි මිනිහටත් ගන්න අවස්ථාව දුන්නා නම්, මේ මිනිස්සුන්ගේ ජීවන තත්වයයි ආරක්ෂවයි දෙකම වැඩි වෙනවා. (නදී)

:       0       0

අබේපාල Monday, 08 September 2014 03:32 AM

ලංකාවද මේ කියලා හිතුනා(නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 08 September 2014 03:34 AM

කරුණාකර මේ ඡායාරූප වලින් හෙළිවන මේ නීතිය අතට ගත් පුද්ගලයින් හට උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන්න.කිසිම රියදුරෙක් හිතාමතා අනතුරක් සිදු කරන්නේ නැහැ. (නි)

:       0       0

නිරෝෂා Monday, 08 September 2014 03:58 AM

පේනවනේ ත්‍රී රෝද රිය ඇවිල්ල තියෙන පාර. ගහන සෙට් එකත් ත්‍රී රෝද සෙට් එකකක් වගේ (නදී)

:       0       0

මහි Monday, 08 September 2014 03:57 AM

පොලිසියේ උසාවියේ රාජකාරි සාමාන්‍ය ජනතාව කරන්න යන එක වැරදියි නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 352 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1441 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1006 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1649 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 620 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2131 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site