“වත්මන් රඡයෙන් රටේ ජනතාව මීට වඩා දෙයක් බලාපොරොත්තු වුවත් ඒ දේවල් සිද්ධ වු නැති නිසා ජනතාව කබලෙන් ලිපට වැටුනා දැන් මොකද කරන්නෙ කියා මිනිස්සු මගෙන් අසනවා. ඔයාලා කතිරෙ ගැහුවනම් වෙන දේ බලාගෙන ඉන්න” කියා ඔවුනට තමන් පැවැසු බව ගැටබේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට පැවැසුහ.
මෙසේ පැවැසුයේ සිරිවිමල හිමියන්ගේ අප්‍රේල් 4 වැනිදාට යෙදෙන ඡන්ම දිනය වෙනුවෙන් සුභ පැතිම සදහා පේරාදෙණිය ගැටබේ රාජෝපවනාරාමායට රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේදීය.
සිරිවිමල හිමියයෝ හිටපු ජනපතිට
“දැන් ව්‍යවස්ථාවක් ගේන්න හදනව ඒකට මොනා ඇතුල් කරල තියෙනවද දන්නෙ නැ.හාමුදුරුවන්ට පනතක් ගෙනාව ඒකට මුලින්ම විරුද්ධ උනේ මම. ඒක නිසා යාන්තම් ඒක නතර උනා. ඒකෙ තියෙන්නෙ වෙන ජාති. ඉස්සර වෙලා මේගොල්ලන්ට ඕන වෙලා තිබ්බෙ මුලින්ම හාමුදුරුවන් හිර කරන්න.ඒ හාමුදුරුවන් හැමදේටම ඉස්සෙල්ල එන නිසා දැන් ඓහෙම බැරි උන නිසා දැන් නිකං හිර කරනව.
රටේ තත්වය ගැන නම් සතුටු වෙන්න පුලුවන් කමක් නැ. දැන් ජනතාව කියනව පරණ එක්කෙනා හොදයි කියලා. දැන් ජනතාව කොහොම හරි පරණ එක්කෙනාව ගන්න තමයි මහන්සිය නමුත් ඒකට වැඩ පිලිවෙලක් නැති එක පාඩුවක් හිටපු දේශපාලකයන් කපටි කමට රජයට එකතු උනා. ඒවට එයාලා කපටි උනාට රට ගොඩනගන්න කපටි කමක් නැ. රටේ ප්‍රශ්න ගොඩනැගෙන්න හේතුව උපදේශකයන්ගෙ වැඩ නිසා ඔවුන් උපදේශකකම් කරන්නෙ තමාගෙ බඩ වඩා ගන්න මිසක් රට ගොඩ නගන්න නෙමේ”
යැයි පැවසූහ.
මහින්ද රාඡපක්ෂ :
රජයට උපදේෂකයන් වැඩියි. මතවාද දෙකක අපේ හාමුදුරුවනේ මේගොල්ලො ඉන්නෙ. එක්සත් ජාතික පක්ෂය එක මතවාදයක.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තව මතවාදයක හොදටම පේනව මේ දෙගොල්ලන්ගෙ පරස් පර විරෝධීඅදහස්
සිරිවිමල හිමියන් :
නමුත් ක්‍රියාත්මක වෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ අදහස්. අපි මෙහෙ උඩ බලාගෙන ඉන්නව මොකද වෙන්නෙ කියල.රට අඝාදයට ගිහිල්ල ඉවරයි. මේව වෙනස් උනොත් අපහු ගොඩ ගන්න ලැබෙන්නෙ නැහැ.එන මිනිහෙකුට කරන්නත් බැහැ.
මහින්ද රාඡපක්ෂ :
මේ චෝදනා හැමඑකකින්ම බේරෙන්න එයාලා කියන්නෙ, ‘ආ මේව මහින්ද රෙඡිමේන්තුවෙ වැරැද්ද’ මේව හැමදාම කියන්න බැහැ. දැන් අවුරුද්දකුයි මාස 4 ක් ගියා.
සිරිවිමල හිමියන් :
ඒ අය දැන් ඔක්කොම එකතු වෙලානේ.
මහින්ද රාඡපක්ෂ :
එයාල දිනුම ගන්න විතරක් ඉදල බැහැ. දිනුමයි චෝදනයි දෙකම භාර ගන්න ඕන.
සිරිවිමල හිමියන්:
ඡනාධිපතිතුමා ආව එස්.බි. දිසානායක, මහ ඇමැතිතුමා, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිහ මහත්තයලා එක්ක. මම කිවුව මෛත්‍රිපාල ඡනාධිපතිතුමාට ඔබ තුමාට වෙන්නෙත් හිටපු ජනපති තුමාට වෙච්ච දේ ඒ නිසා පරිස්සම් වෙන්න මුන්ගෙන් කියලා.
මහින්ද රාඡපක්ෂ :
සමහර අය අපේ ලගට ආවේ ‘ඔබතුමා ඉන්නකම් විතරයි අපි දේශපාලනය කරන්නෙ. අපි ආවෙ ආයි වෙන එකකට යන්න නෙමේ. ශ්‍රි ලංකා එකේ ප්‍රතිපත්ති වලට නෙමේ ආවෙ ඔබ තුමාගෙ ප්‍රතිපත්ති වලට’ කියල ආපු අය දැන් මඩ ගහ ගහ ඉන්නව. අවස්ථාවාදීන් අපේ හාමුදුරුවනේ.
සිරිවිමල හිමියන්:
මම මෛත්‍රිපාල ජනාධිපතිතුමාගෙන් ඇහුව ඔබතුමා දැන් වසර එකහමාරක් මොකක්ද කලේ මේ රටට. ඔබතුමා දැන් ඔය කරන වැඩ කරන්නද ගියේ. මහින්ද මහත්තයගෙ පුතා ගෙනල්ල රිමන්ඩ් කරනව දවස් 10 තියනවා. ආපහු දවස් 10 කින් එලියට ගන්නවා. මිනිස්සුන්ගෙ කුතුහලය අවුස්සනවා. ඊලගට ආපහු දවස් 10 ට දානව ඕවද කරන්න ගියේ ඕව නෙමේනේ කරන්න ගියේ බොරු වැඩ කරන්න එපා කියල.
මහින්ද රාඡපක්ෂ :
මට දැන් ඕව පුරුදුයි හාමුදුරුවනේ. ඕවා මට දැන් ප්‍රශ්නයක් නැහැ. මාව ඔය වගේම හිරේ දැම්ම මාස තුනක් දෙපාරක් මේක පුදුම මානසික වදයක් අපෙ හාමුදුරුවනේ. වෙන දේකට වෙලාව යොදවන්න වෙලාවක් නැ.
සිරිවිමල හිමියන්:
කවුරුත් එකතු වෙලා සාකච්ඡාවක් කරල පිළිවෙළක් උනොත් හොදයි. එහෙම නොවුනොත් රට විනාශ උනොත් කිසිම කෙනෙකුට ගොඩ ගන්නට බැරි වෙනව.
මහින්ද රාඡපක්ෂ :
දැන් බලන්න හාමුදුරුවනේ බෝම්බ හම්බවෙනව, මරාගෙන මරෙන ඇඳුම් හම්බවෙනව, ජනතාවට කිවුවට කමක් නැ මෙච්චරයි අඩුවෙන් හම්බ උනේ කියලා. නමුත් රඡයක් වශයෙන් ගැඹුරෙන් කල්පනා කරල බුද්ධි අංශ ක්‍රියාත්මක කරන්න ඕන, දැන් බුද්ධි අංශ භාගයක් හිරේ. තව කට්ටියක් කිලිනොච්චියෙ යුනිෆෝම් දාගෙන නිකන් ඉන්නව, ඒ වගේ තත්වයක් ඇති වෙලා බුද්ධි අංශය අක්‍රිය උනොත් රටට ආමාරු තත්වයක් ඇතිවෙනව මෙයාලට ඒක තේරෙන්නෙ නැහැ. යුද්දයක් තිබුනත් නැතත් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙන්න ඕන.
කොහොම නමුත් මේක භයානකයි මේක පොඩි පණිවිඩයක් මේව පරණ ඒව වෙන්න බැ. ඔය ඒරියා එක පරික්ෂා කළ ඒරියා එකක්. අවස්ථාව ආවම එයාල නැගිටිනව. මම අගමැති තුමාගෙන් ඇහුව මොකක්ද මේකෙ සත්‍ය තොරතුරු කියල.සොයල බලල කියන්නම් කිවුව එතුම ඒ වෙලාවෙ දන්නෙ නැ මම හිතන්නෙ.
සිරිවිමල හිමියන්:
අපි හැමෝම හිතන්න ඕන රට ගැන අපි ගැන නෙමෙයි. අපි නම් හිටිය මැරිල ගියා ඉවරයි, රටේ අනාගතයට මොකද වෙන්නෙ මම කිවුව ඒ හින්ද රටේ ජනතාව කොන්ත්‍රාත් එකක් දිල තියෙන්නෙ අවුරුදු පහකට ඒක හරියට කරන්න. ඕන නැත්තම් රට විනාශ වෙනව හරියට කොන්ත්‍රාත් එක කරල අනිත් එන කෙනාට රට භාර දෙන්න ඕන කියල.
මහින්ද රාඡපක්ෂ :
නුවර හයිවේ එකත් ඉවරයි. දැන් අපිට පැය 4 ක් ගියා මෙහාට එන්න, අපි හැදුවා නම් හයිවේ එක මෙහාට ඇවිල්ල. දැන් ඔක්කොම නතර වෙලා.
සිරිවිමල හිමියන්:
සංවර්ධනය ඔක්කොම නතර උනා. හදපු එකත් වැහුව, කඩාගෙන කඩාගෙන යනව.
සිරිවිමල හිමියන් හමුවූ පසු හිටපු ජනපති මධ්‍යයට අදහස් දැක්වීය
ඕනැම ආණ්ඩුවක යුතුකමක් තියෙනව රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න. මම හිතන්නෙ මේ රජයත් එහෙම විය යුතුයි කියල. යම් යම් ආරංචි එනකොට යන්තම් ලිස්සල යවන්නෙ නැතුව මේව පිලිබදව වඩාත් ගැඹුරට හිතල කටයුතු කරන්න මම හිතනව මේක ලිහිල් බවත් පෙන්වන එක එක පැත්තකින් හොදයි ජනතාව කලබල නොකරන්න.
මෙය ත්‍රස්තවාදයේ පටන් ගැනිමක් කියල ඔබතුමා පැවසුවා. ඒ ඇයි යනුවෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට රාඡපක්ෂ මහතා පැවැසුයේ
මම මුල ඉදන්ම කිවුව මේක අද ඊයෙ කියපු එකක් නෙමෙයි. බුද්ධි අංශ විසුරුවා හරිනකොට හමුදාව ඉවත් වෙනකොට නෑ මේව ක්‍රියාත්මක වෙනව ඒ නිසා බුද්දි අංශ ක්‍රියාත්මක වියයුතුයි කියල. බුද්ධි අංශ යම් යම් සිද්ධින් උඩ ඉවත් කරලා ඒ පිළිබඳ අවධානය අඩු කලොත්, පළපුරුදු බුද්ධි අංශ නිලධාරින් හිර භාරයට ගත්තොත්, ඒ අය ඉවත් කරල පාරෙ ඩියුටි වලට දැම්මොත්, ඒ වෙනුවට නවකයන් දැම්මොත්, නවකයන්ට තොරතුරු හරියට එයිද? කියල කියන්න අමාරුයි. ඒ පිලිබද ව රජයේ අවධානය යොමු නොවුන බව පසුගිය කාලයෙදි ජනතාවට හැඟිල තියෙනව. ඒකයි ප්‍රශ්නය ජනතාවගේ ඒ තියෙන හැඟීම මේ රජය අඩු කරන්න ඕන.
මේ සම්බන්දව ගන්නා පියවර කුමක්දැයි ප්‍රශ්න කළ විට
අපට විපක්ෂයක් හැටියට විවේචනය කර කර ඉන්න පුලුවන් නමුත් අපි විපක්ෂයක් හැටියට වගකීමකින් කටයුතු කළ යුතුයි මේ වගේ වෙලාවකදි.රජයේ අවධානය යොමු නොවනකොට තමා අපට මේක ජනතාවට කියන් වෙන්නෙ,
පසුගිය කාලයේ අය ඡිනිව යද්දි රට විවේචනය කරන්න ඡිනිව යනවා කියල ඔබතුමාලා චෝදනා කලා දැන් ඔබලා යනවා කියා ඇසු විට රාඡපක්ෂ මහතා මෙසේ පැවසුවේය.
මේ කට්ටිය ඡිනිව ගියේ පාර්ලිමේන්තු ක්‍රියා කලාපය ගැන කියන්න පාර්ලිමේන්තුවේ අපි පනස් ගානක් ඉන්නව අපිට කතා දෙන්නෙ භාගයයි, විපක්ෂ නායකත්වය නැහැ. සංවිධායක කම් නැහැ. නමුත් අපි විපක්ෂයක් හැටියට අපි ජන්දය පාවිච්චි කරනවා. මේ ආන්ඩුවට, කතා කරනව අදහස් ප්‍රකාශ කරනවා නමුත් ඒ අයට පිලිගැනිමක් නැහැ කතානායක විසින් ඔවුන්ව පිළිගන්නෙ නැහැ. ඒ නිසා තමා අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන්න ගියේ. ඒ බව ඔවුන්ට කියා සිටිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වගකිමක් හැටියටයි එසේ කරල තියෙන්නෙ.
රටේ ආරක්ෂාව සම්බන්දයෙන් රජයට යම් සහායෝගයක් ලබා දෙනවාදැයි මාධ්‍ය වේදියෙකු ඇසු විට මහින්ද රාඡපක්ෂ මහතා පවසා සිටියේ
එයාල ගන්න පියවර මොනාද කියල බලන්න ඕන, ඒ පිලිබදව රජය ගන්නා පියවර සම්බන්දව අපි සැහිමකට පත්වෙන්න ඕන, ඒක නිසා ඉන්න දේශපාලකයන් අල්ලල හිරේ දාල නඩු පවරන එක නෙමෙයි ඒකට කරන්න ඕන,
පක්ෂයෙ නායකයො තුන්දෙනා එකතු වෙලා කටයුතු කරන්න ඕන කියලා මහනායක හිමිවරු ජනතාවට කියනවා. ඔබ මේ ගැන කියන්නෙ කුමක්දැයි ඇසූ විට
‘බලමු බලමු ඒව, කවුද නායකයො, චන්ද්‍රකාද? අපෝ.......’ යැයි රාඡපක්ෂ මහතා කියා සිටියේය.
මෙම අවස්තාව සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රින් වන ලොහාන් රත්වත්තේ,දිලුම් අමුනගම යන අයද සහභාගි වුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කරලා මුළු ලෝකයටම පෙන්නුවා යුද්ද කරලා ජය ගන්න හැටි (බ)
බුද්ධි අංශ ගැන මීට වැඩිය සැළකීමක් අවශ්‍යවනවා. නැත්නම් අපි අමාරුවේ වැටෙනවා (නි)
අපි කල්පනා කරන්න ඕනෑ රටේ සහ අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳවයි. මේ දෙපලම රටේ පිළිගත් අත්දැකීම් ඇති ගරුකටයුතු පුද්ගලයන්. ඔහුන් කියන දේ පටු දේශපාලන අරමුණු වලින් තොරව සිතාබැලිය යුතුයි. (නි)
මෙතන අදහස් දාන සමහරු නම් සම්පූර්ණයෙන්ම යහපාලන සොඳුරු සිහිනයේ සැතපිලා ඉන්නේ. හරියට අද ඊයේ මැරිලා ඉපදිලා වගෙයි (නි)
පිටිගල මිලානෝ, එයා ත්‍රස්තවාදය නැතිකළා. මෙයාලා එ්ක නැවත ඇතිවෙන්න ඉඩඇරලා ඉන්නේ. එ්ක ඔයාට තේරෙන්නේ නැති නැතිවුණාට රටේ මහජනතාවට හොඳින් තේරිලා. (නි)
ඔබතුමා කොහොමද හරියටම එහෙම කියන්නේ? (නි)
චන්දන - ඕස්ට්‍රේලියා, යුද්ධය ඉවරකළේ සරත් ෆොන්සේකා තනියෙන්ද? (නි)
මහින්ද හදන්නේ බොමිබයක් පුපුරවල හරි බලයට ඒන්න හාමුදුරුවො තදින්ම කඩෙි යනවා ලැජ්ජයි.(කෞ)
පරණ එකක්ද අලුත් එකක්ද කියලා මෙතුමා දන්නවා එහෙනම් (කෞ)
යුද්දේ ඉවර කලේ සරත් පොන්සේකා නොවෙයි. (කෞ)
යුද්ධය ඉවරකලේ මහින්ද තනියෙන්ද?(කෞ)
මෙයා හරියටම කියනවා. අපි දන්නවා මෙයා බෝම්බ විශේෂඥ කියල (බ)
පරණ බඩු මුට්ටු ටිකක් හසුවෙලා තියෙන්නේ (බ)
චන්දන ඔස්ට්‍රේලියා -යුද්ද කරන්න ඕන ගොනෙකුට පුළුවන් ෆොන්සේකා නැති වුනාට -කිරිඇල්ල (බ)
කොහොමද දන්නේ මේක අලුත් එකක්ද පරණ එකක්ද කියලා. හරියටම දන්නේ කොහොමද කියලා සැකයක් එනව. වහාම මේ ගැන ප්‍රශ්න කරන්න (නි)
තව මදිවට බණත් කියනවා (බ)
පුදුම දැනුමක් බෝම්බ ගැන තියෙන්නේ.හරියට මිට පෙර බෝම්බ කට්ටල හමු වුනේ නෑ වගේ කතා කරන්නේ .මේ පුද්ගලයාගේ යටි හිත දනී. මාව ජනතාව ඉල්ලනවලු. (බ)
ඔව් යුද්ධය නැති කළේ මහින්දගේ නායකත්වයෙන් එකම නායකයා මහින්ද විතරයි (බ)
රටක් පාලනය කරන්න දන්නේ නැහැ (බ)
දැන් ඔය මහත්තයා මහපොලව බදාගන ඉඹින්නේ නැද්ද පළමුවත් මවුබිම දෙවනුවත් මවුබිම තුන්වෙනුවත් මවුබිම කියලා.ආයෙත් එහෙම කරන්නකෝ. බලන්න හරි ආසයි! (බ)
ඔබතුමා අයේ ජනාධිපති වෙන්න එතකොට හරි.(හේ)
රොකී කියන කෙනාට ඒ ජයගත්ත යුද්ධය හරි විහිළුවක් වගේ නේද (බ)
වෙන කවුරුහරිත් රට කරන්න එපැයි. අැයි හැමදාම ඔබතුමාම කරන්න ඕනෑද? (නි)
රාජපක්ෂ රෙජිමන්ට් එක කිවනේ දැන් යුද්දය ඉවර කළා කියලා එතකොට මේවා කොහෙන්ද ? අන්න එතන අපට තිබෙන ගැටලුව (බ)
කොටියෝ රැලක්ම අදහස් දාලා. ඇත්ත කියන කොට කොටියෝ කුලප්පු වෙනවා. ඊලම ලබා ගන්න පාර කැපිලා තියෙන්නේ. (බ)
ප්‍රභාකරන් හරියට දන්නේ නැහැ, දින හතක් නොවෙයි උදේට කාපු දේ හවසට මතක නැති ජාතියක් සිංහලයින් කියන්නේ (නි)
දීකිරට බළල්ලුත් සාක්කිලු . (නි)
මෙහෙම ගියොත් හදපු තැනත් කියයි.(බ)
භික්ෂුන් වහන්සේලා, ගිහි පිරිස හා රට ගැන විචාර බුද්ධියකින් කටයුතු කරන මනා සිහි නුවණක් ඇති මෙවැනි භික්ෂුන් වහන්සේලා මහානායක පදවියට පත්නොකිරීම ගැන කණගාටු හිතේ. (නි)
බලය තිබුන වෙලාවේ පවුල විතරක් දියුණු කරන්නේ නැතුව මුළු රටම දියුණු කරන්න කටයුතු කළා නම් මෙහෙම වෙන්නේ නැහැනේ (නි)
මෙතුමා ඕවා දන්නේ කොහොමද? (නි)
ඔබතුමාම කියන්නකෝ ඉතින් මොකක්ද කරන්න ඕනෑ කියලා (නි)
ජාතික ආරක්ෂාව සුරක්ෂිත බව වසන් කරන්න එපා. ජනතාව කුපිත කරන්න එපා (නි)
යහපාලකයින්ට රට ගැන හිතන්න ඕනෑකමක් නැහැ වගෙයි (නි)
ඹබතුමාට රටේ පවතින ගැටලු ගැන මහජන නියොජිතයකු ලෙස කතා කිරීමට වගකීමක් ඇත. නමුත් ඵයට සුදුසු තැන පාර්ලිමේන්තුවයි. (නි)
සමාවන්න මගේ ප්‍රකාශයට. මහා මිනිස් ඝාතකයා විනාශ කරවීමට පිටකොන්ද තිබුනා සේම සිංහල අයිතිය ,බොදු අයිතිය රැකගන්නටත් නීති පැනවීමට මෙන්ම රැකගැනීමේ හැකියාව තිබුනෙත් හිටපු ජනපතිතුමාට. නමුත් අද එතුමා වෙනුවෙන් කතාකරන භික්ෂුන් වහන්සේලා සිංහල බෞද්ද අයිතිය රැකගැනීමට එතුමාව එදා මෙහෙයවුයේ නැහැ නේද? එදා එසේ කළා නම් අද මේ රට විදේශිය මෙන්ම දේශීය සිංහල ද්‍රෝහිනේගේ රූකඩයක් බවට පත්වෙන්නේ නැහැ නේද? (නි)
ඔබතුමා පපුවට ගහගෙන ගහගෙන ගිහිල්ලා කිව්වනේ ත්‍රස්තවාදය ඉවරකළා කියලා. දැන් කියනවා තවමත් එය තිබෙන කතාවක්. (නි)
මහින්ද මේ ගැන හරියටම දන්නේ කොහොමද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
බෝම්බ ගැන මහින්ද ගොඩක් දේවල් දන්නවා වගෙයි. අපේ රටේ මුළු බුද්ධි අංශයම හිරේ නැහැ. හිරේ ඉන්නේ වැරදි කරලා කියලා චෝදනා තියෙන සමහරක් පමණයි. මහින්දට උවමනාවක් තියෙනවා වගෙයි මේ හිරේ ඉන්න අය එළියට ගන්න (නි)
තුන්කල් දක්නා යතිවරයන්ගේ අඩුව මකාලිය නොහැක (නි)
යුද්ධය අවසන් වුණාට පස්සේ හමුවුණු පළමුවන මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයනේ. එ්කනේ රජයත් විපක්ෂයත් කලබලවෙලා තියෙන්නේ. (නි)
ලංකාවේ සමහරුන්ට නම් කොටි ගහලා මදි කරපු පාවාදීමට. (නි)
ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට (නි)
එල්ලයට බෝලය දමාවත් බැට් කරගන්න බැහැ වගේ දැන්. ඔබතුමාට මතක නැතිවුණාට අපිට මතකයි ඉස්සර හැම ඡන්දෙකටම කලින් බෝම්බ ලොරි කොළඹත් හොයාගත්තා කියලා. අනික ජාතික ආරක්ෂාවට පළපුරුදු නිලධාරීන් යොදා ගන්නලු. එතකොට යුද්ධය ඉවර කරපු සරත් ෆොන්සේකා මහතා හිරකරපු එක? (නි)
හාමුදුරුවරුන්ට වඩා පහත් ආසනයක නේද ගිහියන් වාඩිවෙන්න ඕනෑ? මහින්ද මහත්තයටත් ඒ ගැන දැනුමක් නැහැ වගේ. (නි)
දැන් ඕවා කතාකළා කියලා වැඩක් තියෙයිද? (නි)
කබලක උන්න කාලයක් මතක නැහැ, හැමදාම ඉතින් කවුරු ආණ්ඩු කලත් මිනිස්සු ලිපේ තමයි (රේ)
දෙන්නට දෙන්න පිට කසා ගන්නවා. අපි නොදන්නවෛ මේ දෙන්නා ගැන. (රේ)
අනේ ඇත්තද මේ දෙන්නම කියන්නේ.(රේ)
අනේ මෙහම ආසාවක් අනේ මෙහම තණ්හාවක්!(රේ)
ජේ ආර් හැත්තෑ හතේ කරපු වැඩේ හරි .මේවට කටුකම්බි නොවේ ගහන්න ඕන ,(රේ)
මන් මහින්දට විරුද්ධව වැඩකළ කෙනෙක්.නමුත් මේ මිනිහ කියන බොහෝ දේ ඇත්ත.විශේෂයෙන්ම ආරක්ෂාව ගැන මීට වඩා උනන්දුවිය යුතුයි (රේ)
අවුරුදු දෙකකට කලින් ඦන්දය නොතියා මේ බණ කලින් ඇහැවානම්\nමෙහෙම වෙන්නේ නැහැනේ. දෙන්න දෙන්නට බණ කියගන්නවා (රේ)
අපි ඉන්නේ ගැටඹේ ප්‍රදේශයේ. අපි හොඳට දන්නවා මේ කවුරුත් ගැන (නි)
සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා! හෙට අනිද්දට බෝම්යක් දෙකක් පුපුරනකොට දුවන්න ඉඩක් නැතිවෙයි. එතෙක් ඉවසමු! (නි)