මොරටු මහ නගර සභා රැස්වීම වාර්තා කිරීමට ලංකාදීප මාධ්‍යවේදීනි රේඛා තරංගනී පොන්සේකා හා දිවයින පත්‍රයේ හෙන්රි ප්‍රියශාන්ත පෙරදින ගියහ.ලංකාදීප මාධ්‍යවේදීනිය කළු පැහැදිග සායක් ද සුදු බ්ලව්සයක්ද ඇද සිටියාය.දිවයින මාධ්‍යවේදීයා කලිසමක් හා කමිසයක් ඇද සිටියේය. මාධ්‍යවේදීනියගේ සාය දෙපතුල දක්වා දිගය.අත් නොකැපු බ්ලවිසය උඩුකය මුළුමනින්ම වැසී ගොස් තිබිණි.උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා වෙනත් කරුණු යටතේ ප්‍රශ්නයක් මතු කළේය. මේ සභාව උත්තරීතරයි,අද මේ සභාව වාර්තාකිරීමට පැමිණි මාධ්‍යවේදීන් සභාවට නොගැලපෙන ආකාරයෙන් ඇඳුම් ඇඳ පැමිණ සිටිනවා යැයි කීවේය.සභාපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඊට එහිදී පිළිතුරක් දුන්නේ ද නැත. මාධ්‍යවේදීන්ගේ ඇඳුම් හි අඩුපාඩුවක් ඇතැයි කීවේ ද නැත. නගරාධිපති ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන විමැසු විට පැවසුවේ සභාවට සුදුසුම ඇඳුම සාරිය බවයි. කලිසම ද වරදක් නැතැයි කී ඔහු එහෙත් එය නිර්දේශ නොකරන බව අවධාරණ කළේය.සාය හා බ්ලව්සයෙන් සිරුර හරි හැටි වැසේ නම්, කිටිකිටියේ ඇඳුමක් නොවේ නම්, එහි ද වරදක් නැතැයි ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා රජිනත් සාය අදිනවා (දී)
අපි නොදන්න චෙස් (ස)
මොරටු ස්ටයිල් එක නෙමෙයිනේ (ස)
ඒ සභාපති තුමා කියපුන් කතාව මමත් පිලි ගන්නවා (දී)
මොකද්ද ඒ ඇදුමේ තියෙන වරද (දී)
අපි නොදන්න .............. !(ස)
තැනකට යනකොට ඒ තැනට ගැලපෙන ඇදුමක් ඇදගෙන යන්න (දී)
අපි නොදන්නා සදාචාරේ.....මේවට හිනා යනවා (ස)
අනේ අනේ අනේ මොකද්ද මේ වෙන්නේ(දී)
මමනම් කියන්නේ ඒ කතාවහරි සාරිය අදින්න රස්සාවටත් හොදයිනේ (දී)
සායෙ ෆොටෝ එකක් නොදා අදහස් දෑක්වීමට අපහසුයි (ස)
ගැහැණුන්ගේ ඇදුම් දිහා බලන්නේ මොකටද ? (ස)
සායට වඩා කලිසම හොදයි (දී)
පළාත්සභා, නගරසභා උත්තරීතර වුණොත්, ඇත්තටම උත්තරීතර ඒවාට කියන්නේ මොකක්ද? මට පෙනෙන්නේ මේ මනුස්සයාගේ ඇඳුමෙන් ඇඟ වැහිලා වැඩියි වගේ, නගරසභාවේ අය බලාපොරොත්තු වුණාට වඩා. කාන්තාවන්ගේ ඇඳුම් ගැන දක්වන උනන්දුවෙන් පෙනෙන්නේ එම පුද්ගලයන්ගේ මනසයි. මින් පසුව නාන ඇඳුමක් අන්දවා නිරූපිකාවක් යැවීම සුදුසුයි. (නි)
නිසි තැනට නිසි ඇදුම (දී)
අයියෝ රේකා
මොරටුවේ හොයලා බැලුවොත් කොයිතරම් නම් අඩුපාඩු තියෙනවද? (නි)
අපි මේක අහන්න ඕනා මධුගෙන් ..(ස)
මොකද? ගැහැණු දැක්කහම හිත කොන්ට්‍රෝල් නැතුව යනවාවද්ද? (නි)
විකාර ඇතිනම් මේවා තමයි (දී)
ඇඳුමෙන් කෙනෙක් මනින්න පුලුවන්ද? තමන්ගේ නොහැකියාව වහගන්න කියන කතා. (නි)
මොකද්ද ඒ ඇදුමේ තියෙන වරද කිඅන්නකෝ බලන්න (දී)
මොනවත් නොපෙනුන එකේ වරද තමයි (ස)
එතකොට නයා කවුද (දී)
ඇදුම් ඕනි නෑ කියලද කියන්නේ (ස)
කලිසම කියන්නේ බොහොම වැදගත් ඇඳුමක් (දී)
සාය මේ තරම් ලොකු ප්‍රශ්නයක් උනාද (දී)
සාය නිකන් අඩු කොළ වගේ ලු (දී)
අයියෝ සායක් නිසා වෙච්ච දේ (දී)
බොරු වැඩ (දී)
නිකමුන් පොරවල් කරන්න යනවාට හොඳ පාඩම. (නි)
කවුරු හරි ලොක්කෙක්ලොක්කෙක් ගේ දුවෙක් ඔතනට කොට කලිසමක් ඇදගෙන ආවානම් මඩම් කියලා පිලි ගන්නේ නැද්ද (දී)
මට හිතෙන්නෙ ඉතා සංවර ලෙස ඇඳුම් ඇඳීම නිසා මේ අවුල වෙලා තියෙන්නේ.මේකේ තියෙන හැටියට මේ ඇඳුමෙ තියෙන වරදක් ගැන හිතා ගන්න බෑ. (ස)
මේ අය කරන්නෙම මේ වගේ කිසිම වැදගැම්මකට නැති වැඩ. මෙච්චර ප්‍රශ්න තියෙන එකේ මේකද ප්‍රශ්නේ? (ස)
මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ...... කොහොම එහෙනම් එන්න කියන්නේ (ස)
ටිකක් කොටට ඇන්දනම් ඉවරයිනේ (ස)
විකාර කියලා ජාතියක් අහලා තියෙනවාද (දී)
මම ඒ වැඩේට විරුද්දයි සාය එපානම් නිසි ඇදුමක් යෝජානාකර ස්ථිර කර ගන්න (දී)
මේක මොරටුවේ ස්ටයිල් එකට ගැලපෙන්නෙ නැතුව ඇති... (ස)
මොන විකාර වැඩද මේ (දී)
අන්දාට පස්සේ ගලවන්නද, ඒ නිසා නිසි ඇදුමක් යෝජනා කරන්න (දී)
කොට සායක් ඇඳන් ගියානම් ඉවරනේ (ස)
හොස විලිසංගය තියෙන ඇදුමක් නේ සාය (දී)
ගැලපෙන්නේ මොන ඇදුමක්ද කියලා එයාලා කිව්වේ නැද්ද ? (ස)