මොරවක පරදුපල්ලේ තේවත්තක පස් දෙනකුට අකුණක් වැදී හතර දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
තේ දළු නෙළා අවසානයේ වත්තේ ගිමන් හරිමින් සිටිය දී අකුණ වදින්නට ඇතැයි ද, එම පිරිසෙන් කෙනකු ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නට ඇතැයි ද පොලිසිය කියයි.
මිය ගිය දෙදෙනෙකු කාන්තාවන් බව ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජංගම දුරකථන මේතරම් භයානකද, හතර දෙනෙක් මැරෙන්න තරම් සැර අකුණක් ඇදගන්න? මගේ හිතේ මේ අය හිටිය තැන තනි ගහක් තිබෙන තැනක් වගේ අකුණු ඇදෙන ස්ථානයක් වෙන්න ඇති. (නි)
ජංගම දුරකථන වලට අකුණු ඇදෙනවා කියලා තවම හරියටම ඔප්පු කරලා නැහැ නේද? විශේෂයෙන්ම දැන් පාවිච්චි කරන ජී.එස්.එම්.තාක්ෂණයේ දුරකථන වලට. ඉස්සර පාවිච්චි කළ ඇනලොග් ඒවාට නම් සමහරවිට එන්න පුළුවන්. කොහොම වුණත් පරිස්සම ආරක්ෂාවට හොඳයි! (නි)
මම දන්නා තරමින් අකුණු සන්නායක උස ගොඩනැගිලි, විදුලි කණුවල තියා පොදු මහජනතාව ගැවසෙන තැන්වලවත් සවිකර නැහැ (නි)