කැලණියේ හරක් මස් කඩයක්, මත්පැන් අලෙවි සලක් විවෘත කිරීමට තමත් අවසර නොදෙන පසුබිමක තමාට හොරෙන් හෝටලයකට මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍රයක් දී ඇතැයි ද, එම බලපත දී ඇත්තේ ප්‍රදේශයේ ස්වාමීන්වහන්සේලාගේ විරෝධය නොතකා යැයි ද, එවන් දේ සිදුවෙනවා නම් තමන්ට ආණ්ඩුවෙන් යෑමට සිදු වන්නේයැයි ද මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා පැවසීය.
‘මම තමයි කැලණියේ හරක් මස් නැවැත්තුවේ. එක්තරා හෝටලයක් හැදුවා කැලණියේ නාහේනේ. ඒක විවෘත කරන උත්සවයට ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා මට කතා කළා. මං ගියා. ඉන් පස්සේ මං ප්ලේන්ටියක්වත් බීලා මගේ සම්බන්ධයක් නෑ. මෙයාලා මත්පැන් බලපත්‍රයක් ඉල්ල ඉල්ල හිටියා. අවට සියලු හාමුදුරුවරුන් මේකට විරුද්ධ වුණා. පන්සල්වලට මීටර පන්සීයටත් අඩුයි. මං කිව්වා මේක කරන්න එපා කියලා. ඒත් ලයිසන් දීලා.
මගේ ආසනේ මෙහෙම අසෝබන විදියට සුරාසල් විවෘත වෙනවා නම් මං මේ කැලණිය ආසනයේ සිටීමේ ප්‍රයෝජනයක් නැහැනේ මේ ආණ්ඩුවත් එක්ක. මං කියනවා ස්වාමීන්වහන්සේලාට යන්න වටලන්න, මාත් එනවා. මේ ආසනයේ සංවිධායක මර්වින් සිල්වා. නැතුව වෙන කවුරුවත් නෙමෙයි.
ඩලස් ඇමැතිතුමා තමයි මාත් එක්ක ගියේ මේක විවෘත කරන්න. මං එතුමාගෙන් ගෞරවනීය ඉල්ලීමක් කරනවා මේ බලපත්‍රය කැන්සල් කරන්න. මේකම ඇති මට ආණ්ඩුවෙන් යන්න. මං මේක නායක තුමාට ලිඛිතව දන්නනවා. මේක උඩම මං යනවා. ඉන්න බැහැනේ. අපි වැඩ කරනවා. අපි වියදම් කරනවා. අපි දුක් විඳිනවා. වහාම මේවා නවත්වන්න ඕන. නවත්වන්නේ නැත්නම් මං තප්පරයක් ඉන්නේ නෑ මේකේ. මට කිසි තනතුරක් ඕන නෑ.
මා දන්නා පරිදි සුරාබදු කොමසාරිස් හෝ සහකාර කොමසාරිස් අනුමත කර නෑ. කොමසාරිස් ජනරාල් කෙලින් වැඩ කරන කෙනෙක්.
මේවගේ වැඩ වෙනවා නම් නීත්‍යනුකූල නොවන අන්දමින්, සදාචාර සම්පන්න නොවන අයුරින් මං කොහොමද රෙද්දක් ඇඳන් ඉන්නේ? රෙද්ද ගලෝලා ඉන්න බෑ මේක සිල්වත් උගත් සමාජයක් නිසා. එහෙම නැත්නම් තියෙන්නේ මට මෙතනින් නික්ම යන්න. අර සිද්ධාර්ත කුමාරයා ගිහි ගෙය හැර ගියා වගේ. සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙය හැර ගියේ සතර පෙරනිමිති දැකලානේ. දැන් මට ඒ වගේ සතර පෙරනිමිති පෙනීගෙන එන්නේ. මේක තව පෙරනිමිත්තක් වුණා. මුන් දෙනවා සුරා සැල්. ඉතින් මට මේ ආණ්ඩුවේ ඉන්න බැහැ එහෙමනම්. මං කොහොමද ඉන්නේ. මං හොඳ සිංහල බෞද්ධයෙක් නේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙයියෝ, යන්න නම් එපා! (නි)
ඔබතුමා ගියොත් මම තවත් ජීවත්වෙන්නේ නැහැ.මෙහෙම උත්තමයෙක් නැතිවුණොත් මොනවටද අපි තවත් ඉන්නේ? (නි)
මෙතුමාගේ හිත රිදවන එක බොහොම පවු! (නි)
පැදුරටත් නොකියා යන්න නම් එපා ඔන්න (නි)
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මම නම් කියන්නේ යන්න දෙමු කියලා (නි)
ඔබතුමා යන්න නම් එපා. ඕවා දුන්න හින්දා නෙමෙයි, ගහලා එලෙවුවත් යන්න එපා. ඔබේ දරුවෙක්වත් ගම්පහින් ඡන්දෙ ඉල්ලලා දිනවන්න ඕනෑ. අපි ඡන්දෙ දෙන්නම්. අපිට ඔබතුමා වැනි දුටුගැමුණු පරම්පරාවේ අයවලුන් තවත් ඕනෑ. (නි)
ඒ පාර කාටද එන්න හදන්නේ....? අපිව රවට්ටන්නවද්ද මේ සූදානම.....? (නි)
මෙතුමා ආණ්ඩුවෙන් ගියොත් මහා විනාශයක් වෙන්නේ. රට රැකගන්න මේ ආණ්ඩුව ඕනෑ. ආණ්ඩුව රැකගන්න මෙතුමා ඕනෑ. ඒ නිසා වහාම කැලණිය ආසනයේ මෙතුමාට හොරෙන් සුරාසල් විවෘතකිරීම වහාම නවත්වන්න ඕනෑ!! (නි)
එහෙනම් ඔබතුමාත් යනවා? හ්ම් හ්ම්.... මොනවා කරන්නද? (නි)
කමෝන්,මර්වින් සිල්වා ඇමතිතුමා,කමෝන්! අන්න එහෙමයි කතා කරන්න ඕනෑ.නිහඬව සිටියා නම් ඒකටත් ඔබතුමාට බනියි (නි)
මට නම් සිහිය නැහැ වෙන්නේ මොකක්ද කියලා බලනකල් (නි)
මෙතුමා ගැන මට ආඩම්බරයි (නි)
කොහේද මේ යන්න හදන්නේ? (නි)
මෙතුමා වෙන පැත්තකට පනින්නවද්ද මන්දා හදන්නේ? (නි)
අරක්කු බිවුවට, හරක් මස් කෑවාට වඩා විපත් වන්නේ මත්කුඩු වලින්. මේක ගැන ඔබතුමා මොකක්ද ගන්න පියවර? (නි)
මෙතුමා මෙහෙම කිවුවේ අවංකව නම් ඇත්තටම නියම මනුස්සයෙක් (නි)
යනවා යනවා කියන අය යන්නේ නැහැ, යන්නේ නැහැ කියන කට්ටිය අනිත් තප්පරෙන්ම යනවා. (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මෙතුමාගේ සමහර කියුම් කෙරුම් ආවට ගියාට කියන කරන දේ වුණාට, සැබවින්ම මෙතුමාගේ බොහෝ හොඳ දේවල් තියෙනවා. මෙයත් ඊට උදාහරණයක්. තව ටිකක් හිතලා බලලා වැඩකළා නම් අද වඩාත් මහජන ප්‍රසාදය ලබන ඇමති කෙනෙක් වෙන්න තිබුනා. (නි)
අන්න මිනිස්සු! ඔබට අපි ඉන්නවා ඇමතිතුමනි (නි)
මම නම් කියන්නේ මේක විහිළුවට වගේ කියපු කතාවක් වෙන්න ඇති (නි)
මම නම් හිතාගන්නවත් බැහැ ඇත්තටම (නි)
ඇමතිතුමා අපි හිතුවාටත් වැඩිය හොඳයිනේ! (නි)
මේක බලලා මට නිකන් මොකක්ද වුණා (නි)
ඔබතුමාගේ මේ විරෝධයට අපගේ සහයෝගය! නමුත් අදහන්නත් බැහැ මේ මර්වින් සිල්වාමද කියලා. (නි)
මහත්තයෝ, ඔහොම කිවුවේ හොඳට හිතලා බලලාද? (නි)
සෑහෙන කාලයකට පස්සේ හොඳ කතාවක් ඇහුවා! (නි)
අපි ඕනෑම සහයෝගයක් දෙනවා (නි)
ඔබතුමාට ජයෙන් ජයම වේවා! (නි)
අනේ ප්‍රවේශමෙන් ඇමතිතුමනි! (නි)
ඇමතිකමක් දෙන්නේ ලංකාවටම සේවය කරන්න නේද? ඇයි කැලණිය ගැන විතරක් වදවෙන්නේ? (නි)
කතාව නම් මොනවා වුණත් මසුරන්. කොන්ද පණ තියාගෙන කතා කළා. දිගටම ඔහොම ඉන්නවා නම් හොඳයි (නි)
වෙන පක්ෂයකට නම් යන්න එපා මගේ දෙවියෝ..... ! (නි)
කතා කරනකොට මොනවා කිවුවත් වැඩ කරනකොට කෙළින් වැඩ කරන්නේ මර්වින් සිල්වා විතරමයි. (නි)
ඇමතිතුමාට ජයවේවා! (නි)
ඇමතිතුමා, මීටත් වඩා ජරා වැඩ සිදුවෙනවා. ඔබතුමාවත් හොයලා බලලා කතාකරන්න. අපි ඔබ සමඟයි (නි)
මෙන්න නියම මිනිස්සු! ජයවේවා! (නි)
අදනේ දන්නේ ඇමතිතුමා මෙච්චර නිර්භීත කෙනෙක් කියලා (නි)
ඇමතිතුමා ආණ්ඩුවෙන් යන්න ප්‍රබල හේතුවක් හොය හොයා හිටියද කියලා මේකෙන් මට හිතෙනවා. (නි)
කැළණියෙන් යනවා නම්, යන්න ඕනෑතරම් හේතු තියෙනවා. (නි)
මට තේරෙන්නේ නැහැ මර්වින් ඇමතිතුමාට මොනවා වෙලාද කියලා? පහුගිය අවුරුදු 10 කාලේ ඔබතුමා ඔය විදියට හැසිරුනා නම් අද මේ වෙනකොට ඔබතුමා ඉන්නේ බොහොම ඉදිරියෙන් (නි)
ඇත්තටම ඔබතුමා ආණ්ඩුවෙන් යනවද? (නි)
ඇමතිතුමා, සුරාසලක් නැති හෝටලයක් කොහොමද දුවන්නේ? පවුනේ ඒ අයත්. කීයක්හරි හොයා ගත්තාවේ. (නි)
මට නම් මේ ගැන සැකයි (නි)
ඔබතුමා සමඟ එදත් අපි හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. ජය ඔබට! (නි)
අනේ! ඔබතුමා කොහේවත් යන්න එපා (නි)
මට නම් මුකුත්ම හිතාගන්න බැහැ (නි)
අනේ ඔබතුමා යයි ආණ්ඩුවෙන්! (නි)
අනේ යන්න නම් එපා (නි)
කෙළින් කතාකරන්න, කෙළින් වැඩ කරන්න. ඔබට ජය! (නි)
මර්වින් මහත්තයෝ පිස්සු කෙලිනේ නැතුව ඉන්න. පහු ගිය කාලේ දුන්නු ආතල් හොඳටම ඇති. විකාර නොකර ජිවත් වෙන්න. දන්නවනේ කට්ට්යගේ තරම. දෙවි පිහිටයි (නදී)
ඇමතිතුමා කැලණියේ කුඩු වික්කට කමක් නැද්ද ? මේවා දැකලා පස්ස පැත්තෙන් හිනා යනවා (නදී)
මෙතුමා අද හෙටම ආණ්ඩුවෙන් පනිනවා. ඒක අනිවාර්යෙන් වෙන දෙයක්. (නදී)
පහුගිය කාලේ දැඟලුවේ කොහොමද. තමන්ට කැපිල්ලක් එනකොට තමයි ජාතිය ආගම මතක් වෙන්නේ. (නදී)
ඡන්දෙ ලඟයි නේද දැන් ඉතින් බල්ටි කරනම් ගහන කාලයත් ලංවෙලා. මේ ගොල්ල කරනම් ගහල පනින කොට ගන්නේ කවුද කියල බලමු. හැබැයි මහජනයා වන අපි හොඳට බලන් ඉන්නවා ඡන්දෙ දවසට (නදී)
මෙතුමාට මෙහෙම හැරයන්න සතර පෙර නිමිති වලටත් වඩා දෙයක් පෙනිලාද දන්නේ නැහැ? සුරාමේරය වාගේම පාණාතිපාතාත් පංච ශීලයටම අයත් බව සළකන්න (නි)
කවුරු වුණත් කර ඇත්තේ වැරදි වැඩක්. ලෙඩේ අදින්න දිගටම. මෙවන් වැඩ ගැන ඉහළ වගකිවයුත්තන් දැනගත යුතු මෙන්ම ඒවාට විරුද්ධ විය යුතුයි (නි)
මට හිතන්න බැහැ, අදහගන්න බැහැ, හිතන්නවත් ඉඩ නැහැ... (නි)
ඔබට දෙවියන්ගේම පිහිටයි ඇමතිතුමනි! (නි)
ඇමතිතුමාට යම් සැකයක් මතුවෙලාද කොහෙද? සමාවෙන්න ඇමතිතුමනි මෙසේ කිව්වට (නි)
දේශපාලනය කරද්දී මේ වගේ අභියෝග භාරගන්න ඕනෑ (නි)
කළ හොඳ පස්සෙන් එළවනවාද මන්දා! (නි)
රිස්වාන්, නියම කතාව. ඒක තමයි ඇත්ත. (නි)
බන්දුල පෙරේරා, ඔන්න ඔයාගේ මල්ලෙන් මීයෝ පනින්න හදනවා. (නි)
කොහොම වුණත් තේරුම්ගත් එක ලොකු දෙයක් ජීවිත චක්‍රය ගැන (නි)
බලමුකෝ ඉස්සරහට! (නි)
අනේ! ඔන්න ඔහේ ඉක්මනටම ඔය පොල්ලක්හරි මොකක්හරි අරගෙන ගිහින් ඔය මත්පැන් බෝතල් ටික කුඩුකරලා දාන්න. (නි)
කැලණියේ පැත්තේ තිබෙන පාසලකට දරුවෙක් දාගන්න යන්නකෝ. එතකොට තේරෙයි ගොඩක් දේවල් (නි)
දළුගම කරවල මුදලාලි කෙනෙකුගෙන් කට්ටියක් ඇවිත් ලක්ස ගානක කප්පන් ඉල්ලලා තිබෙනවා. මුදලාලි දෙන්න අකමැති වෙලා තිබෙනවා. පසුවදාම කුණු කරවල විකුනනවා කියල වෙළද සැලට සීල් තියල තිබෙනවා. ඉන් පස්සේ මුදලාලි ඉල්ලපු කප්පන් මුදල කප්පන් කරුවන්ට ගෙවල තිබෙනවා. ඉන් පස්සේ ....... කෙනෙක් ගිහින් දැන් හොද කරවල තියෙන්නේ කියල විවෘත කරලා තිබෙනවා. (නදී)
මම බැලුව මම හිනයක්වත් දකිනවද කියලා. කුනිත්තගෙන බැලුවා. ඒත් ඇත්තක්. (නදී)
කැලණියේ කුඩු ගංජා විකුනුවට,ගණිකා මඩම් පැවත්තුවට කමක් නැද්ද අපේ හාමුදුරුවනේ. (නදී)
මේවා නම් කැත වැඩ හොඳේ (නි)
යනවා කියලා කීදෙනෙක් නම් කිව්වද? එක්කෙනෙක්වත් ඉල්ලා අස්වුණේ නැහැ. (නි)
මම නම් කියන්නේ මේක හොඳ අදහසක් (නි)
අන්න එහෙම තමා ඉන්න ඕනෑ. කෙලින් කතා කරන්න ඕනෑ (නි)
මර්වින් මහත්තයා යයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
මෙතුමා කවදත් නිර්භීතව කතාකළා (නි)
කොහොම වුණත් හොරෙන් බලපත්‍ර දීලා නම් කළේ කැත වැඩක් (නි)
අනේ පවු! මොන හිතකින් මේවා මෙහෙම කියනවා ඇද්ද? (නි)
මෙතුමා හීනෙන් බයවෙලාවද්ද මේ? (නි)
අම්මෝ! මෙතුමා කියන දේවල්! (නි)
අනේ පුලුවන් නම් කොහාටහරි යන්න (නි)
ඔබතුමා නම් අපේ රටට ආශ්චර්යයක්! (නි)
මේ වගේ සිල්වත් ඇමතිවරු ඉන්න රටක, ජනතාව කන්න නැතත් කොපමණ වාසනාවන්තද? ගරු ඇමතිතුමා මහණ වෙන්නවත් යනවා නම් කතාව සාධාරණයි. ආණ්ඩුවෙන් ඉවත්වෙන්න මීට වඩා සාධාරන හේතුවක් සොයාගත්තා නම් වඩා සුදුසුයි. (නි)
පිටිගල, රිස්වාන්ගේ කතාව කොහොමද ඇත්ත වුනේ. මිනිස්සු නොමග යවන්නේ නැතිව ඉන්න.යනවා කියන අය ඕනෑතරම් යනවා.එක තමා ඇත්ත.(අ)
ගිලෙන නැවේ ඉන්න මියෝ නැව ගිලෙන්න කලින් මාරුවෙනවාලු. (අ)
ජනාධිපතිවරනෙට අලුත් අපේක්ෂකයෙක් වත්ද ? (අ)
බන්දුල මහ්තයෝ ඔන්න ඔය මහත්යව අලලා මල්ලට දාගන්ඩ. හරිම වැඩේ පරදින බව දැනෙන කොට බල්ලෝ ,බලල්ලලු, මීයෝ ගැරඩි සේරම පනිනවා. මම හිතන්නේ නෑ විහිලු කාරයින්වන්ව කවුරුවත් ගනීවිද කියලා. රනිල් මහත්තයෝ ගන්ඩ නම් එපා. බුද්දීමත්ව කටුතු කරන්ඩ ඔනෑ. (අ)
හොද දේවලුත් ඇගේ තියනවා . (අ)
............. හිටපු කෙනාට ඇහැට ඇඟිල්ලෙන් අන්න වගෙයි . (අ)
ඇට්ටි හැලෙන්න මර්වින් ඇමතිතුමාට සප් එකනේ ,.... ඒන් නිසා මාත් ..ඇමතිතුමෝ ඔබත් සමගයි..(අ)
වෙන පැත්තකට පනිනවා එහෙම නෙමෙයි හොඳේ (නි)
අන්න හරි ඇමතිතුමනි, දැන්වත් වැඩේට බහින්න (නි)
ඇමතිතුමාට මේ මොනවා වෙලාද? (නි)
ඇමතිතුමාට ජයෙන් ජයම වේවා! (නි)
බාර් එක අයිතිකාරයා බලපත්‍රය තමුන්මයි දුන්නේ කියයිද දන්නේ නැහැ අන්තිමට. (නි)
අපිට එයා ගැන අමතකවේගෙන යනකොට ආයෙමත් මොනවාමහරි වෙලා මතක්වෙනවා (නි)
අනේ ඇමතිතුමනි, අස්වෙන්න නම් එපා. (නි)
දැන් කොහේද යන්න හදන්නේ? (නි)
මේවාට ජයවේවා කියන අය ගැන කණගාටුයි (නි)
ඔබතුමා නියම මහත්මයෙක්. (නි)
ඔබ ඉවත් වුණොත් යන්නේ කොහාටද? දැන්මම කිවුවොත් හොඳයි (නි)
ඔබතුමා ගියොත් සෙවණැල්ල වගේ ඔන්න මමත් පිටිපස්සෙන් ඇති. බොරු නෙමෙයි. (නි)
ඔබතුමා කාලෙකට පස්සෙ හොඳ ප්‍රකාශයක් කළා.මේක බෞද්ධ රටක් නේද? අනේ සාදු! (නි)
අපිටත් වාරයක් එයිනේ ඇමතිතුමනි.... (නි)
දැන් එතකොට ලංකාවේ හැමෝටම එක හා සමාන අයිතිවාසිකම් නැද්ද? සුද්දාගේ කාලේවත් මෙහෙම තිබුනේ නැහැනේ? තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ පේනවා නේද? (නි)
ආයෙත් කරලියට ඇවිල්ලා වගෙයි (නි)
අනේ මේ, ඔයා හිතන්නේ අපි රැවටෙයි කියලද? (නි)
ඇයි මේ අදහස් දාන අයට තේරෙන්නේ නැද්ද මෙතුමාට තරහා ගිහිල්ලා තියෙන්නේ මොකටද කියලා. පොඩි කැපිල්ලක් එනවා වගෙයි නේද කර්මානුරූපව. මට නම් හිනායනවා මේවට. (නි)
යන කෙනා කිය කියා ඉන්නේ නැහැනේ! (නි)
ඔබයි අපගේ බලාපොරොත්තුව! (නි)
මට නම් හිතෙන්නේ මෙතුමාට යමක් වැටහිලා වගෙයි (නි)
බලමුකෝ වෙන දේ! (නි)
මෙතුමා යන යන පැත්ත දිනනවා. රටේ මැතිවරණ ජය තීරණය වෙන්න මෙතුමත් වැදගත් පුරුකක්. (නි)
දුකහිතෙන කාරනය තමයි තාමත් මේවා පිළිගන්න අය අපේ රටේ ඉන්න එක. (නි)
අනේ යන්න නම් එපා! (නි)
අනේ වස්තුවේ ගිහි ගෙයින් යන්න නම් එපා (නදී)
යනවා නම් යන තැනක කොතනක හෝ අපිව අරන් යන්න රත්තරන් (නදී)
ඔබතුමා ගිය දවසට මම මා විසින්ම ගස් බැඳ ගන්නෙමි.(නදී)
අපේ ඇමති තුමාට ලැබෙන්න ඕන කුට්ටිය හොටෙල් කාරයා දීලා නෑ වගේ. එ්ක වෙන ඇමති තුමෙක්කට දීලා වගෙයි එ්කයි ඇමති තුමාට තරහා ගිහිල්ලා තියෙන්නේ. ලැබුනා නම් ඔය සද්දේ නෑ අපිට දුක දැන් ඇමති තුමාට කුඩම්මාගේ සැලකිලි තමයි ලැබෙන්නේ. ගණන් ගන්නේ නෑ කවුරුත් (නදී)
මේ කොමෙන්ට් කරන අය විහිළු කෙරුවාට ගණන් ගන්න එපා ඇමති තුමා. විහිළු නෙමේ බැරිවෙලාවත් හිත රිදිලා එතුමා ගියොත් ? අන්න එදාට හැමෝටම තේරෙයි. (නදී)
බොරු පුරාජේරු ගැහුවට මෙයාට යන්න බැහැ. ගියොත් මෙයාටත් වෙන්නේ අර හමුදාවේ හිටපු කෙනාට වෙච්ච දේම තමයි (නදී)
මට නම් ඔය දේශපාලකයන්ගේ සුරංගනා කතා කොහොමටවත් විශ්වාසයක් නැහැ. පක්ෂ හෝ විපක්ෂ වේවා ඔක්කොම එකයි. දවල් මිගෙල් රෑට දනියෙල් තියරිය තමයි අද මුළු රටේම වැඩ කරන්නේ. (නදී)
මේක දැක්කම මට මතක් උනා මෙතුමා ජනාධිපතිගේ කකුල් දෙක ළඟ බිම වාඩි වෙලා ඉන්න පරණ පින්තුරයක්. (නදී)
ඇමතිතුමා, නර ලොව හොල්මන් රඟ දැක්මක් එහෙම නෙවෙයි නේද? (නදී)
ඔබතුමාගේ අස්වීම් සහතිකයත් බාර නොගත්තොත්? මේ ලඟදි මහ කොමසාරිස්වරයකුට වුණා වගේ. (නදී)
අරෙහේ යන්න කිට්ටු වෙලා වගේ තමයි අපිටත් පෙන්නේ. (නදී)
බුදු සරණයි දෙවි පිහිටයි (නදී)
දේශපාලනය කියන්නෙ යහපත් සමාජ සේවයකි. නමුත් දේශපාළුවෝ නමැති පිරිසක් ඒ උතුම් සමාජ කටයුත්ත නාරා වළක් බවට පත්කර ඇත. ඒ නිසා මේ ස්ථාන මාරු කතාව ගැන කළබල විය යුතු නෑත. ඒ වගේ උදවිය පනින්න පෙර හොදට හිතා බලනවා. (නදී)
ඔබතුමාට හොරෙන් දාන්න බැහැ කියන්නේ,ඔබතුමාට කියල අවසර අරන් දාන්න පුළුවන් කියලද?(අ)
ඇමති ඉස්සර බාර් කාරයින්ට, කුඩු කාරයින්ට , කප්පන් කාරයින්ට සහයෝගය දෙන්ඩ ඇති. පුතත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඔබ තුමා නැතුව ආණ්ඩුව ගෙනියන්ඩ පුලුවන් වෙයිද ? (නදී)
මිනිසා යනු බුද්ධියෙන් යුතු කෙනෙකි. හොඳ නරක, යුක්‌තිය-අයුක්‌තිය, සාධාරණය අසාධාරණය කළ යුත්ත-නොකළයුත්ත සම්බන්ධයෙන් සිතා බැලීමට ශක්‌තියක් ඇති තැනැත්තෙකි. (නදී)
අරමුණ මොකක් වුනත් මේකට විරුද්ධවිම ලොකු දෙයක්. ඔබට ජය වේවා. (නදී)
අද පෝය දවසේ මෙහෙම ලියන්නේ හිතේ වෛරයකින්නම් නෙවෙයි. අවරුදු හය සම්පුර්ණ වේගෙන එනකොට මන්ත්‍රීවරුන්ට මතක් වෙනවා ඊළඟ තුරුම්පුව. මෙතුමා හොඳටම දන්නවා නාම යෝජනා නොලැබෙන බව. ඊට කලින් ගෞරවාන්විතව යන විදියක් තමයි කරපු පව් සුරාවෙන් හෝදලා දාන එක. විපරීත කාලේන කජ්ජෙන පුහුලන් කියන්නේ මේ වගේ කෙරුම් වලට. (නදී)
මේ රටේ ජනාධිපති කරන්න ඕනේ මර්වින්ව (නදී)
ඔයාලට වැරදිලා, මෙයා නොකිය කියන්නේ "මට පගාව දෙන්නේ නැතුව මේකේ මොකුත් කරන්ඩ බෑ" කියලා. අපි නොදන්නා චීස්, නරි කවද්ද තණ කොළ කෑවේ (නදී)
මත්කුඩු ගැන ඔබතුමා මොකක්ද ගන්න පියවර? ඒක තමයි අපගේ බලාපොරොත්තුව (නධී)
ආණ්ඩුවෙන් නෙමෙයි යන්නම යනවා නම් ලොකු උදව්වක් (නදී)
නියමයි මර්වින් පිරිමියෙක් වගේ ඉන්න.(අ)
අර හොර ජයලලිතාට වදින තමිල්නාඩු මිනිස්සු වගේ කොටසක් කැළණියෙත් ඉන්නවා රටේ කරුමෙට. (අ)
බන්දුල පෙරේරා ඉන්නේ ලංකාවේ කොයි ඉස්පිරිතාලෙද? තාම සනීප නෑ වගෙයි. පවු!. යන්නේ නෑ කියා කියා ඉඳලා ගිය අයත් යනවා යනවා කියා කියා එල්ලිලා ඉන්න අයත් ඕන තරම් ඉන්නවා. ඔයාට සනීප වුණාම තේරෙයි. එතකල් බොරුවට තප්පුලන්නේ නැතුව බෙහෙත් ටික වෙලාවට ගන්න.(අ)
නැව ගිලෙද්දී ඉස්සල්ලම පනින්නේ මීයෝලු! (අ)
අනේ යහලුවනේ ..!සුරාසල් බලපත් දීපුවාම කොහොමද එයාගේ ගෝල බාලයෝ ඉස්කාගාර පවත්වාගෙන, ඔය අරහෙන් මෙහෙන් කප්පන් කුට්ටියක් නෙලාගෙන.. පෝය 4 සිල් ගන්න කැලණිය විහාරෙට යන්නේ..! වැට මායිමේ පොල්ගස් මීනි මර මරා , මේ අහිංසකයින් මිනී මරුවන් කරන ..හරිම අපල සමාජයක් මේ දැන් බිහි වෙලා තියෙන්නේ ..! අපි ගොඩාක් බුද්ධිමත්ව වැඩ කලේ නැතිනම් ..අපේ ගේ මිදුලේ පොල්ගහත් අපිට වෙඩි තියයි .. ?ඔන්න මම නොකීවා කියන්න එපා.. අපිට දැන් අමතක වෙන සිංහලයෝ හෙම නැහැ ..ලංකාවේ ..?(අ)
මට නම් වාවන්නේ නැහැ මේක.(අ)
එතකොට සමාජ ශාලා, කුඩු හොඳයිද ? (නදී)
කෙළින් වැඩ කරන්නේ ඔබතුමා විතරමයි. ඔබට ජය (නදී)
මේ සුරංගනා කතා විශ්වාස කරන මිනිස්සු තවමත් ලංකාවේ ඉන්නවද (නදී)
කොහේ යන්නද මේ ඊයේ පෙරේදත් එක්කෙනෙක් මහා සද්දයක් දැම්මා මතකද අපි යනවා අපට යන්න වෙනවා කියල කෝ ගියාද ? බලමු මෙයා මොකටද එන්නේ කියලා (නදී)
මර්වින් මහත්තයට මල පැනලා ඉන්නේ මේ ලැයිසොම ඩලස් මහත්තය දීපු නිසා. මර්වින්ගේ ආසනයේ එයට උඩින් ඩලස් ගියාට, අයින් වෙනවා නම් ආණ්ඩුවෙන් මිට වඩා දේවල් තිබ්බා (නදී)
වින්සන්ට් මහත්තයගේ කතාව හරි (නදී)
මෙයා නොදැනුවත්ව තව ගෙදර මොනවා වෙනවා ඇත්ද? (නදී)
පිටිගල මහත්තයෝ, මම හමුදාවක හිටි හොඳ හයේ හතරේ කොල්ලෙක්. ලෙඩ වාට්ටුවක් නෙමෙයි ඉස්පිරිතාල වල ඉන්න. (නි)
ඇත්ත. හොරවැඩ හොඳ නැහැ (නි)
බන්දුල පෙරේරා, තමුන් හමුදාවක හිටි හයේ හතරේ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබගේ මොළය තියෙන්නේ තිබිය යුතු තැන නොවෙයි. එතනයි ප්‍රශ්නය තියෙන්නේ. (නි)
අනේ ඇමතිතුමනි, ඕකත් මහා ලොකු වැඩක්ද? (නි)
අනේ පිටිගල මහත්තයෝ, මගේ මොළය තියෙන තැන ඔබතුමා ප්‍රශ්නයක් කරගන්න එපා. නියම තැන ඒක නියම විදියට තියෙනවා. ඔබතුමා ඔබතුමාගේ එක තියෙන තැන බලාගන්න.ඒකනම් උඩින් ඇත්තේ ඔලුවෙන් හිටගත්තොත් තමයි. (නි)
යන්න දගලන්නේ ආණ්ඩුව පෙරලෙයි කියල බයද? (නදී)