තෙසතියක් තිස්සේ පැවැති විරෝධතා හා පොලිස් කැරැල්ලකින් පසුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂිඩ් අද (7) ඉල්ලා අස්විය.
එරට රූපවාහිනිය අල්ලා ගත් මාලේ පොලීසිය විපක්ෂ නාලිකාවක් ද විකාශනය කිරීම ඇරැඹීය. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එරට පළමු ජනාධිපති ලෙස සැලකෙන නෂීඩ් රාජ්‍ය රූපවාහිනියෙන් ඉල්ලා අස්වීමේ නිවේදනය කළේය.
‘වත්මන් තත්ත්වය යටතේ ඉල්ලා අස්වීම රටට යහපත් වනු ඇත. අයෝමය හස්තයකින් රට පාලනය කිරීම මට අවශ්‍ය නැත. මම ඉල්ලා අස්වෙමි‘ යනුවෙන් ඔහු රූපවාහිනියෙන් නිවේදනය කළේය.
ඔහු ඉල්ලා අස්වීමේ නිවේදනය කළේ මාලේ පොලීසියේ කොටසක් රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් සමග එක්වී පසුගිය තෙසතියේ විරෝධතා පැවැත්වීමත් සමගය.
ජනපති කාර්යාලය එය හැඳින්වූයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙසය.
වීදි බැස කැරැලි ගැසූ උද්ඝෝෂකයන් හා යුද හමුදා මූලස්ථානය අසල රැස්ව කලබල කළ පොලීසිය පලවා හැරීමට කඳුළු ගෑස් හා රබර් උණ්ඩ පාවිච්චි කළ බව හමුදා ප්‍රකාශක කර්නල් අබ්දුල් රහීම් ලතීෆ් ප්‍රංශ පුවත් සේවයට කීවේය.
පෙරදින මැදියම් රැයේ සිට විටින් විට හටගත් ගැටුම් අද (07) උදේවන තුරු පැවැති බව ද ඔහු සඳහන් කළේය.
ඉල්ලා අස්වන්නයැයි ජනපතිට බල කිරීම වේගවත් වූයේ විෂමාචාර හා විපක්ෂයට හිතවත්වී යැයි එරට අපරාධ අධිකරණ අගවිනිසුරු අබ්දුල්ලා මොහොමඩ් අත්අඩංගුවට ගන්නැයි ජනපති විසින් නියෝග කරනු ලැබීමෙන් අනතුරුවය.
මාලදිවයිනේ ජනපති වෙබ් අඩවිය මාලේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ සාමය හා රටේ ස්ථාවරභාවය රකින ලෙස හා සාමකාමීව සිටින ලෙසයි.
මාලදිවයිනේ දේශපාලන අර්බුදය විසඳා ගැනීමට උදව් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ දේශපාලන තටයුතු අංශයේ සහකාර මහලේකම් ජනරාල් ඔස්කා ෆර්නැන්ඩස් ටරන්කෝ ලබන බ්‍රහස්පතින්දා මාලේ අගනුවරට පැමිණිමට නියමිතය.
ඔහු එනුයේ මාලේ විදේශ ඇමැති අහමඩ් නසීම්ගේ ඇරැයුමෙනි. ඉල්ලා අස්වූ ජනපති නෂීඩ් දේශපාලන සිරකරුවෙක් විය. 2008 දී පැවැත්වූ ප්‍රථම ප්‍රජාතාන්ත්‍රික ජනපතිවරණයේදී ඔහු ජනපති පදවියට පත්වූයේ දීර්ඝ කාලයක් පැවැති මයුම් අබ්දුල් ගයුම්ගේ ඒකාධිපති පාලනය අවසන් කරමිනි.
සංචාරක ව්‍යාපාරයෙන් හා ධීවර කර්මාන්තයෙන් යැපෙන මාලදිවයින දූපත් 1198 කින් සමන්විතය. තරුණ විරැකියාව, මත්කුඩු ප්‍රශ්නය, ඉස්ලාම් මූලධර්මවාදය, සංචාරක අවපාතය හා ජගත් ආර්ථික පසුබෑම වැනි කරුණු නෂීඩ් පාලනයට එරෙහිව අතෘප්තිය පැතිරවීමට හේතුවූ බව දේශපාලන විචාරකයෝ කියති.
නෂීඩ් හැමවිටම ගයුම්ගේ දේශපාලන විවේචකයා හා විරුද්ධවාදියා විය.
රටින් පිටුවහල්වී සිටියදී ඔහු මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පිහිටුවා ගත්තේය. ජනපතිවරණයේ දී ඔහු සියයට 54 ඡන්දය දිනා සිය රට පැමිණියේ වීරයකු ලෙසයි. ඔහුගේ ජයග්‍රහණයෙන් උද්දාම වූ මාලදිවයින් වැසියෝ එදා වීදි බැස නටමින් ගයමින් සතුට පළ කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට ගිජු නායකයන්ට මේක හොඳ පාඩමක්..
දැන් වත් අපේ ජෙනරල්තුමාව නිදහස් කරන්න.නැතිනම් ආණ්ඩුවට දෙවියන්ගෙම පිහිටයි.
අපි දන්න විදියට මොහොමඩ් නෂීඩ් කියන්නේ හොද පාලකයෙක්. නරක පාලකයෝ කැරලි වලින් ඉවත් කරන එක රටකට හොදයි. ඒත් හොද පාලකයින් එහෙම ඉවත් කරන එක් නරක ප්රතිඵල මිනිසුන්ට දැනෙනකොට රටට වෙන්න ඕන අයහපත වෙලා ඉවරයි.
කෙලින් කථා කරන නායකයින්ට මෙහෙම වෙනවා
ජානක අපිත් ආසයි ඔයා කියන ඈත්ත දෑන ගන්න. කියන්න බලන්න
අපි මාලේ ජනාධිපතිවරයාගේ පාලන ස්වරුපය දන්නේ නෑ නමුත් ජනතා පරමාධිපත්‍යයට ගරු කිරිම වෙනුවෙන් ඔහුට අපි ගරු කරනවා ලෝකය දැන් වෙනස් විය යුතුයි ජනතාවට යමක් කළ හැකි බව ලංකාවේ දේශපාලඥයෝ පස්ලෙ යන මිනිස්සුන්ටත් දේශපාලඥයොන්ටත් මෙය හොද රතු එලියකි
අපේ නායක වරන්ට මෙහෙම කරන්න බැරිද?
මෙය අපේ රටේ දේශපාලකයන්ට හා නායකයන්ට හොඳ ආදර්ශයක්.
සමන්, අපි ඉන්නේ මාලේ. නියම තත්ත්වෙ දන්නෙ අපි.
මේවගේ නායකයෝ ලොවටම ආදර්ශයක්.. බලයට පෙරේත නොවී මහජන කැමැත්තට හිස නමූ ඔබට අපේ සුභපැතුම්..
යහපත් දේශපාලකයන්ගේ විශිෂ්ට තීරණ කාටත් ආදර්ශයක් වේවා..
මාලදිවයින් ජනතාවට, පොලිසියේ අයට අපේ ආචාරය. මේක අපේ රටේ නිදාගෙන සිටින ජනතාවට හොද පිළිතුරක්
මේ කියන විදියට ජනාධිපතිතුමා අයින් වෙලා කාටද ජනාධිපතිකම ගන්න කියන්නෙ?
ගොඩක් හොද නායකයෙක්..
බල තන්හාවෙන් තොර රටට ජ්‍නතාවට ආදරේ කරන යහපත් දේශපාලකයෙක්..
හැම රටකටම ආදර්ශවත් නායකයෙක්
අපේ අයත් රටට මෙහෙම ආදර්ශයක් වුණොත් ලංකාවෙ යුද්ධ නැහැ, දුප්පත් කම් නැහැ, හැමෝටම හොදට ජීවත්වෙන්න පුලුවන්.
ප්‍රධානීන්ට මෙය හොද ආදර්ශයක්
අන්න නියම ජනතාවට ආදරේ පාලකයො. බලයට තන්හාවෙ ඉන්නෙ නැතිව නිහතමානීව අයින් වෙලා..