ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයට දකුණතින් පා ද`ග පන්දු යවන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මාලිංග බණ්ඩාර ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී හෙට (29) පැවැත්වේ. ශ්‍රී ලංකා ‘ඒ’ පිල මෙම තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 68 ක පරාජයක් ලැබීය. එහිදී ශ්‍රී ලංකා පිලේ පා ද`ග පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කළ සීකුගේ ප්‍රසන්න (74/1) දැඩි ප්‍රහාරයට ලක්විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (28) පෙරවරුවේ පැවැති පුහුණු සැසියේදී මාලිංග බණ්ඩාර පන්දු යැවීය. මෙම පුහුණු සැසියට ක්‍රීඩකයන් හත් දෙනකු පමණක් සහභාගි වී සිටි අතර වේග පන්දු යවන නුවන් ප්‍රදීප් පන්දු කීපයක් පමණක් යවා ආබාධයකට ලක්වීමෙන් පන්දු යැවීමෙන් ඉවත්ව සිටියේය. ටෙස්ට් ක්‍රීඩක 32 හැවිරිදි මාලිංග බණ්ඩාර එක්දින ජාත්‍යන්තර තරග 31 කදී කඩුලූ 36 ක් දවා ගැනීමට සමත්ව සිටින අතර ටෙස්ට් තරග 8 කදී කඩුලූ 16 ක් දවාගෙන තිබේ. දෙවැනි තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තේරීම සදහා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික දොන් අරුණසිරි මහතා හෙට (29) දඹුල්ලට පැමිණීමට නියමිතය. පළමු තරගය පැවැති තණතීරුවේම හෙට තරගය ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පළමු තරගයේ පරාජයෙන් පසු ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් ක`ඵවිතාරණ මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හො`දින් ක්‍රීඩා නොකිරීම හේතුවෙන් පරාජයට පත්වූ බවයි. ”අපි හො`දින් ක්‍රීඩා කළේ නෑ, දෙවැනි තරගයේදී බොහෝ විට කණ්ඩායමේ වෙනසක් වෙයි” යැයි ක`ඵවිතාරණ මහතා වැඩි දුරටත් පැවසීය. (ඡායාරූපය: ශාන්ත රත්නායක)
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාලිංග බණ්ඩාර දෙවැනි එක්දින තරගයට කැදවයි