(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මෝල්ගසකින් ගසා ඝාතනය කර ගමන් බෑගයක බහා සපුගස්කන්ද ප්‍රදේශයේ කුණු ගොඩකට ගෙනැවිත් දැමීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන අඹුසැමියන් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (09) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සමිට්පුර, මට්ටක්කුලිය පදිංචි මොහොමඩ් සිත්ති රොෂාන් (36) සහ සෙක්කු රාජා ගනේෂ් ආනන්ද රාජා (36) නමැති අඹුසැමි යුවළ ය.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් මරණකාරියට අයත් රත්‍රන් භාන්ඩ සහ මුදල් ද නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බව සපුගස්කන්ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. එසේම, මරණකාරියගේ දේහය රැගෙන ගිය ත්‍රීරෝද රථය ද, සැකකරුවන් විසින් උකස්කරනු ලැබ තිබූ මරණකාරියට අයත් රත්‍රන් භාණ්ඩවල උණුකරනලද රත්‍රන් ගුලියක් ද අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරණු වාර්තා කර ඇත.
මෙමසිද්ධියෙන් ඝාතනයට ලක්වූයේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි හතලිස් තු-න් හැවිරිදි ෆාතිමා මුන්ටාස් නැමැත්තියය. ඇගේ සිරුර ඉකුත් 04 වැනිදා සපුගස්කන්ද මාබිම පාරේ කුණු කසල ගොඩක තිබූ ගමන් බෑගයක් තුළ තිබී සොයා ගනු ලැබීය.
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි
අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මාලිගාවත්ත ෆාතිමා ඝාතනයට අනුබල දුන් යුවළ රිමාන්ඩ්