IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මිලිනා සුමතිපාල කළුරිය කරයි

නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ මව වූ සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය (81) අද (26) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ආරංචි පවසයි.

ප්‍රකට සමාජ සේවිකාවක්, චිත්‍රපට නිෂ්පාදිකාවක් ආදී විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය නාමයක් දිනා සිටි ඇය 2001 වසරේ සිට 2005 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයද දැරුවාය.

පසුගිය වසරේ ඇගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අපදාන ග්‍රන්ථ දෙකක් ද නිකුත් කැරුණු අතර කොළඹ 10 පුංචි බොරැල්ල කැම්බල් පෙදෙස මිලිනා සුමතිපාල මාවත ලෙසද නම් කැරිණි. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ යූ.ඩබ්ලිව්.සුමතිපාල ඇගේ ආදරණීය සැමියා වූ අතර ඇය දරුවන් සත් දෙනකුගේ මවක ද වූවාය. අනෝජා, ශානිකා, ජගත්, සන්ධ්‍යා, රමණි, තිලංග සහ අනුෂා ඔවුන්ගේ දූ දරුවෝය.

ශ්‍රී ලංකා සිනමා වංශ කථාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙසින් සැලකෙන ‘ගඟ අද්දර‘ චිත්‍රපටය නිෂ්පාදනය කළේද මිලිනා සුමතිපාල මහත්මියයි. එම චිත්‍රපටයෙන් ලද ආදායම ඒ වන විට දිවියෙන් සමුගෙන සිටි ඇගේ සැමියා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග අංශයේ වාට්ටුවක් සෑදීමට යෙදවූවාය. ඊට අමතරව ඇය දුවට මවක මිස, උප්පලවණ්ණා, පත්තිනි ආදී චිත්‍රපට නිෂ්පාදනය කරමින් මෙරට සිනමා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දුන්නාය.

ලක්බිම පුවත්පත ද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන ලබාදීමට සුමති ටෙලි සම්මාන උළෙල ද අඛණ්ඩව පවත්වාගෙන යාමට සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය ලෙස ඇය මූලික වූවාය.



අදහස් (0)

මිලිනා සුමතිපාල කළුරිය කරයි

සෑම් Tuesday, 27 December 2016 07:51 AM

මිය ගිය කෙනෙකුට අපහාසයක් වෙන දෙයක් කීම මගේ අරමුණ නොවුනත් රේස් ඔට්ටු වලින් ලැබුණු මුදලින් මොන පින්කම් කළත් පින් ලැබෙන්නේ නැති බව පමණක් කිව යුතුයි (බ)

:       0       0

සෞම්‍යා Tuesday, 27 December 2016 07:57 AM

නිවන් සැප ලැබේවා!!! (බ)

:       0       0

තිළිණ Tuesday, 27 December 2016 09:12 AM

කණගාටුදායක ආරංචියක් (නි)

:       0       0

නිමල් රජපක්ෂ Monday, 26 December 2016 03:46 PM

සාතිශය සංවේගය පළකර සිටිමු! (නි)

:       0       0

විමලරත්න Monday, 26 December 2016 03:51 PM

රටට වටිනා ජීවිතයක් අහිමිවුණා (නි)

:       0       0

ඇන්ජලෝ Monday, 26 December 2016 04:12 PM

සැමට උදවුකළ නිහඬ චරිතයකි ඇය! (නි)

:       0       0

හිමාල් Monday, 26 December 2016 04:28 PM

අමාමහ නිවනින් සැනසේවා! (නි)

:       0       0

තිලක නවරත්න Monday, 26 December 2016 04:47 PM

මා අසා ඇති පරිදි ශ්‍රී දළදා වහන්සේ වැඩහිඳින රන්මුවා කරඬුව මේ දානපති උපාසිකාව විසින් සිය ධනයෙන් පූජා කරන ලද්දකි. කොළඹ හෘද රෝහල් නව ගොඩනැගිල්ලද එතුමියගේම ධනයකි. ඉතා නිහඬ නමුත් ඉතා පුළුල් සේවාවක් ඉටු කළාය. ඉතා නිහතමානී සත්ගුණවත් මිලිනා සුමතිපාල මැතිණියන් අමාමහ නිවනින් සැනසෙනු නොඅනුමානය (නි)

:       0       0

යොහාන් Monday, 26 December 2016 04:47 PM

ඇයට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ධම්ම Monday, 26 December 2016 04:54 PM

සෝමා එදිරිසිංහගෙන් පසුව තවත් වටිනා කාන්තා රත්නයක් ජාතියට අහිමිවූ වගයි! එතුමියට නිවන් සැප ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

ගුණසිරි Monday, 26 December 2016 06:11 PM

පෙර කළ පිනෙන් මෙලොව සුවසේ වෙසෙමින්, ක්ෂේත්‍ර ගණනාවක අඩුතැන් පිරවූ ඔබට නිවන් සුව හැර කුමක් පතන්නද? සුවසේ සසරින් එතෙරවනු මැනවි! (නි)

:       0       0

කණිෂ්ක Monday, 26 December 2016 09:11 PM

ඉතාමත් කණගාටුදායක පුවතක්. එතුමියට නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

නීෂාද් Tuesday, 27 December 2016 03:32 AM

බොහොම නිහඬව සමාජයට සේවය කළ බොහොම උදාර කාන්තාවක්. ඇයට නිවන් සුව පතමි. (ම)

:       0       0

ප්‍රියංග Tuesday, 27 December 2016 04:04 AM

සමාජයට සේවය කළ රේස් බයි රේස් සල්ලි වලින් සමාදානයේ සැතපේවා (බ)

:       0       0

කිත්සිරි Tuesday, 27 December 2016 06:33 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 28 December 2016 03:08 AM

සමහර අයගේ අදහස් දැක්කම මට දැඩි පිළිකුලක් දැනෙනවා. හරියට සාන්තුවරයෝ වගේ. කූඹියෙක් හරි පාගන්නේ නැතුව උඩින් ඇවිදිනවා වගේ කතාව. කිසිම අකුසලක් නොදැනුවත්වම කරලා නැහැ වගෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 10 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 113 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 122 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 179 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 73 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 146 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26056 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 301 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site