මාලබේ දකුණු ආසියා තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) සමත්වූ ප්‍රථම වෛද්‍ය කණ්ඩායමේ සිසුන් 30 දෙනා ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.
එම සිසුහු ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීමට යති. උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසනුයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම සිසුන්ට සාධාරණය ලැබෙනු ඇති බවයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගෙන ඇතැයි කී ඇමැතිවරයා එහි 700ක් පමණ සිසුන් ඉගෙන ගන්නා බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේ ඉන්දියාවේ බංගලිදේශ් ගිහින් ගන්න උපාධි වලට වඩා දැනුමක් මේ සිසුන්ට තියනවා. තනිකරම මෙතන තියෙන්නේ කුහක කම (හේ)
වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරන්නෙ ඇයි? සාධාරන හේතු ඉදිරිපත් කරන්න. ඔවුන්ට සාධාරන හේතු නැහැ. එතන සුදුසුකම් නොලත් සිසුන් නැහැ. විශ්වවිද්‍යාලය සතුව පහසුකම් තියෙනවා. ඔවුන් පරික්ෂන වලින් සමත් නම්, ඇයි මේ? (ර)
මේ ළමයින්ටත් පිටරට ඉගෙනගෙන එන ළමයින් වගේ මෙහෙ විභාග කරලා පාස් වෙන අය ගන්න. (ර)
මහත්වරුනි, කනගාටුව පල කිරීමට ඉක්මන් නොවන්න. තවම ප්‍රශ්නය මෙතනින් ඉවර නැහැ. මොවුන්ගේ මානව හිමිකම් කඩවී ඇති බව පැහැදිලි නේද? ගරු උසාවියේ තීන්දුව දෙස බලා සිටිමු. (බ)
රොහාන් දයාදර පැරිසියේ ඉදන් දන්නා දේවල්. හරියට නිකන් මේ විදුහලේ විදුහල්පති වගේ කතා කරන්නේ. ඔයා වෛද්‍ය සභාවේ ලියා පදිංචිවෙලා තියෙනවද.බයි කියන්න එපා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගෙන ඇත්නම් මෙයාලට වෛද්‍ය සභාව අනුමැතිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ලැබේය. අනික විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගෙන තියනව කිය්යනේ එකේ ප්‍රමිතියක් තියෙනවා. (බ)
මම හිතන්නේ මෙතැනදී වෛද්‍ය සභාව මෙම සිසුන්ගේ අපො ස උසස් පෙළ සහ ඔවුන් දැනට ලබා තියෙන දැනුම සොයා බලලා ඊට පස්සේ සුදුස්සන්ට පමණක් ලියා පදිංචිය ලබා දිය යුතුයි. එවිට වෘත්තියේ තත්වය හෑල්ලු වීමක් හෝ මාලබේ සිසුන්ට අසාධාරනයක් හෝ ඇතිවෙන්නේ නැහැ. (බ)
අපේ ළමයි වෛද්‍ය උපාධිය ගන්න බංගලිදේශෙ වගේ රටවලටත් යනව. එහේ තත්වය මේ වෛද්‍ය සභාව දන්නව ද දන්නෙ නෑ. සමහර විට සාක්කුවට ගතමනාව ලැබෙනව ඇති. මම බංගලිදේශේ ඉන්දියාවෙ විශ්ව විද්‍යයාලවල තත්වය අත්දැකීමෙන්ම දන්නවා (බ)
මමත් ලාල් - අංගොඩ ගේ කතාවට එකයි... බන්දුල මෙතන ගොඩක් හේතු තියෙන්න පුළුවන්, ඇත්තටම ප්‍රමිතිය පිළිබද ගැටළු. - එසේනම් කළ යුත්තේ එම ආයතනය නිවැරදි ප්‍රමිතියට පත්කර ගැනීමයි. වෛද්‍යවරුන් ගේ ඇති මහන්තත්වය සහ ඔවුන් ට ඇති තම පාලනය නැතිවෙයි කියන බිය - රජයේ වෛද්‍යවරු සෑමවිටම වැඩ වර්ජන කරන අතර මෙම අලුත් පිරිස් නිසා ඔවුන් ගේ එම වැඩ වර්ජන බිද වැටේවි යන බිය (බ)
බංග්ලාදේශය, නේපාලය වැනි රටවල ගිහින් උපාධිය අරන් අපේ රෝහල් වල වැඩකරන දොස්තරලා පිළිගන තියනවා. ඉතින් ඇයි මාලඹේ විද්‍යාලයට නියමිත ප්‍රමිතිය හදුන්වල දෙන්නේ නැතිව ඒ දරුවන්ට අසාධාරණයක් කරන්නේ. විදේශ විනිමය අපේ රටේම ඉතිරි වෙනවා නේද. (හේ)
සයිටම් එතරම් බාලයිද.? (ර)
කිසිදු හේතුවක් මත අසරණ රෝගීන් අල්ලාගෙන කරන වැඩවර්ජන නොකරන පොරොන්දුව පිට ඔවුන්ව සේවයට අනුයුක්ත කළ යුතුමයි . එවිට ඔය වෙද සංගමයේ ඒකාධිකාරය බිද වැටෙනවා නියතයි .එයින් සෙත සැලසෙන්නේ අසරණ රෝගීන්ටයි .වෛද්‍යවරුන් නිර්මාණය කරනුයේ රජය විසින් නම් රජයට තීරණ ගැනීමට නොහැකි ඇයි. (හේ)
වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක් වූනාට කමක් නෑ. ඒත් අසරණ රෝගීන්ගේ ජීවිත හෑල්ලු වෙන එක දුකයි.(හේ)
හැබැයි අඩු සුදුසුකම් වලින් වෙන රටකට ගිහිල්ලා වෛද්‍ය උපාධිය ගෙන ආවම ප්‍රශ්න පත්‍රයක් දීලා සමත් වුනොත් බඳවාගන්නවා. එතකොට උසස්පෙළ ,සාමාන්‍ය පෙළ බලනවාද? (බ)
මගේ අම්මෝ! ඔය කඩෙන් පිටවෙන දොස්තරලාගෙන් නම් අපිට බෙහෙත් එපා. (නි)
මම අහන්න කැමතියි මේ රටේ එක මහත්තයෙක් හරි නෝනා කෙනෙක් හරි තමන්ගේ ළමයා, අම්මා තාත්තා ලෙඩවුණොත් ඔය දොස්තරලා 30 දෙනාගෙන් කෙනෙක්ගෙන් බෙහෙත් බොන්න දෙන්න කැමතිද කියලා (නි)
ඔවුන්ට අනුමැතිය දුන්නොත් නිදහස් අධ්‍යාපනෙත් ඉවරයි ලෙඩ්ඩුන්ගෙ ජීවිතෙත් ඉවරයි (බ)
වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය තීරණය වෙන්නෙ වෛද්‍ය සභාවෙ අනුමැතිය මත. ඇයි සයිටම් පිළිනොගත්තෙ කියලා නිවේදනයක් දැම්මා කාලෙකට කලින්. හොඳට කල්පනා කරලා බැලුවොත් තේරේවි මේක අයිස් කුට්ටියෙ මුදුන විතරයි. ලොකු ප්‍රශ්නෙ තියෙන්නෙ යට ගැහිලා. ප්‍රශ්නෙ වෙන්නෙ රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගන්න පුලුවන් ප්‍රමාණය සීමා සහිත එකනෙ. කරන්න ඕනෑ පුලුවන් විදිහට අපිට තියෙන ඒ සම්පත රැකගන්න එක. මොනවා හෝ හේතුවක් මත මේ සම්පූර්ණ ක්‍රියාවලියම යන පැත්ත එච්චර හොඳ නැහැ. වෙන රටවල් වල වගේ, සුදුසුකම් තියෙද්දිත්, තමන්ට සල්ලි නැති නිසා දරුවට විශ්ව විද්‍යාලයට යන්න බැරිවුණ දවසට ගොඩාක් රිදෙයි. (නි)
මාලබේට කඩේ යන දේශපාලඥයෝ කවූරුත් මාලබේ දොස්තරලාගෙන් බෙහෙත් ගන්න යන්නේ නැහැ. උණක් කැස්සක් හැදුනත් මහජනයාගේ සල්ලි වලින් පිටරට බඩගාන එකයි කරන්නේ. ඔය දොස්තර්ලගෙන් බෙහෙත් ගන්න වෙන්නේ අපේ අහිංසක මිනිසුන්ට තමයි. (නි)
යක්ෂයාගේ උපාධි කඩය.(හේ)
මෙතන තියෙන්නේ ලොකු දේශපාලන සිදුවීමක්.මේ විදුහල නිකම්ම නිකම් උපාධි කඩයක් පමණයි. එනිසා තමයි වෛද්‍ය සභාව අනුමැතිය නොදෙන්නේ. ඉතාම දක්ෂ ලෙස සමත්වුණා කිහිපදෙනෙක් සිටිනා අතර දේශපාලුවන් කිහිපදෙනෙකුගේ උසස්පෙළට ගෘහ විද්‍යාව සමත් අඹුවන් කිහිපදෙනෙකුත් ඉගෙන ගන්නවා. මොනවා වුනත් මේ අයගෙන් බෙහෙත් ගන්න අයට නම් දෙවියන්ගේම පිහිටයි..(බ)
සාධාරණය ඉටුවිය යුත්තේ රජයේ විශ්වවිද්‍යාල වලින් එලියට එන සිසුන්ට. ඒ 3 අරන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවෙන්න බැරි සිසුන් කීයක් ඉන්නවද? එහෙම තියෙද්දී සල්ලි තියෙන උදවිය එස් 3න් දොස්තරලා වෙනවා. එකම පන්තියේ සිසුන් දෙදෙනෙකුට මේ ඉරණම විදින්න වුනොත් මොකක්ද රටේ තියෙන සාධාරණය. රටේ අධ්‍යාපනය නාමිකව විතරයි නිදහස්. අනෙක් කාරණය පිටරටවල උපාධිකඩවලින් අරගන්න උපාධිවලට ශ්‍රී ලංකාවේ බලපත්‍රය නිකුත් කරන එකත් වැළක්විය යුතුයි. රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත්කරගනීම වැඩිකරනවානම් රටට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණය බිහිකරගන්න පුළුවන් අපිට. පිටරටවලට අපේ සල්ලි පොම්ප කරන්නේ නැතිවම.(හේ)
හොරුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.(හේ)
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එම සිසුන්ට සාධාරණය ලැබෙනු ඇති (බ)
උගතුන්ට සලකන්න නොදන්න මේ රට අතහැරලා දියුණු රටකට යන එකයි ළමයින්ට කරන්න තියෙන්නේ (බ)
හොද වැඩක්. උපාධි කඩ අපිට එපා. (ර)
වෛද්‍ය සභාවේ උගත් මහත්වරුන්ට පින්සිදුවෙවා. ශ්‍රේෂ්ඨධිකරණයට පුළුවනි වයිද්‍ය සභාවට කියන්න. අවශ්‍ය ප්‍රමිතියට ඇතිනම් අනුමැතිය දෙන්න කියලා කියන්න. එහෙම නැතිව " අනුමැතිය දෙන්න"කියලා කියන්න ශ්‍රේෂ්ඨධිකරණයට බලයක් නැහැ. ඒ අය එහෙම කියන්නෙත් නැහැ. (ර)
බලපෑම් වලට යටවී ගත් තලිබාන් පන්නයේ දුෂ්ඨ කුහක තීරණයක්, මහැදුරු කාලෝ ඇතුළු වෛද්‍ය සභා තීරක මඩුල්ලේ..! මෙම සිසුන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සමතුන්. ජීව විද්‍යා අංශයෙන් යැයි සිතමි. සිය ජීවිතයෙන් අවු 5 කටත් වඩා කැපකර මුදලින් රු.කෝටි 30 ක් 40 ක් පමණ විදේශ විනිමය රට තුල රඳවා ගැනීමට උර දුන් මෙම සිසුන් නීති විරෝධී අධ්‍යාපනයක් ලද්දහුද..?ගෞරවනීය වූ අධිකරණය සාධාරණය ඉටු කරාවි ඔවුනට. (හේ)
සාධාරණයක් ඉටුවේවා කියල අපිත් ප්‍රර්ථනා කරමු (බ)
වෛද්‍ය සභාවෙන් ප්‍රතික්ෂේප වෙන්න හේතුවක් ඇතිනේ, වෛද්‍ය සභාව කියන්නේ සෞඛ්‍ය පිළිබඳව රටේ තියෙන උත්තරීතර ස්ථානය නේ.(හේ)
චානක, සාධාරණය ඉටුවන්න ඕන මේ හොර උපාධි කඩයටද ,එහෙම නැතිනම් රටේ ජනතාවටද..?(හේ)
ශ්රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය නැහැ කියල නීති හදන එකයි තියෙන්නේ... (ර)
මේ කියන මාලබේ වෛද්‍ය විද්‍යාලයේ අඩුපාඩු තියෙනවා නම් කලයුත්තේ රජය , ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ වෛද්‍ය සංගම් එකතුවෙලා ඒ අඩුපාඩු සම්පුර්ණ කර ගැනීමට එම ආයතනයට උදව් කිරීම නේද ? එහෙම නැතිව මේ කරන වැඩ වලින් සිදුවෙන්නේ මේකේ ඉගෙන ගන්න දරුවන්ට කරන ලොකු අසාධාරණයක් නේද ? ඉක්මනින්ම ආණ්ඩුවේ ලොකු අයටත් අනිකුත් අදාළ ආයතනවලටත් මේ තත්වය තේරුම් අරගෙන රට ගැන හිතල මේ ප්‍රශ්නය විසඳගන්න ඥානය පහළවේවා කියල ප්‍රර්ථනා කරනවා.! (ර)
අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ රුපියල් මිලියන 12 වියදම් කරලා රටේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නේ නැති වෛද්‍ය විද්‍යාලයකින් සමත්වූ සිසුන් ගැන දුක්වන්න. කවුරුවත් හිතන්නේ නැහැ ඇයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ වෛද්‍ය විද්‍යාලය පිළිගන්නේ නැත්තේ ඇයි කියලා. (ර)
වෛද්‍ය සභාව චෝදනා කරන ආකාරයේ, අ.පො.ස.(උ.පෙල) අසමත් හෝ, වානිජ හෝ කලා විෂය ධාරා හැදෑරූ සිසුන් මොවුන් අතර ඉන්නවා දැයි බලන්න. සත්‍ය තත්වය හෙලිකරන්න.(ර)
වෛද්‍ය සභාව චෝදනා කරන ආකාරයේ, අ.පො.ස්.(උ.පෙල) අසමත් හෝ, වානිජ හෝ කලා විෂය ධාරා හැදෑරූ සිසුන් මොවුන් අතර ඉන්නවා දැයි බලන්න. සත්‍ය තත්වය හෙලිකරන්න.(හේ)
දැන් මේ ළමයින්ට කාගේ පිහිටක්ද.? (ර)