මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රට පුරා විරෝධයක් ගොඩ නැගෙමින් තිබෙන බවත් එබැවින් මෙම කාරණය සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (7) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘විශේෂයෙන්ම වෛද්‍යවරු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පාරට බැහැලා ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ලෝකේ කොතැනකවත් ලාබ ලබන මෙවැනි වෛද්‍ය විද්‍යාල නෑ. මෙතැනින් බිහිකරන වෛද්‍යවරු ගැන විශ්වාසයක් තිබේද කියන ගැටලුව කාටත් තිබෙනවා‘ යැයි ද වර්ණසිංහ මහතා කීවේය.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තිබුණට, වෛද්‍ය උපාධියක් ගන්න ආසාව තිබුනට හිතුමනාපෙට වෛද්‍ය උපාධි දෙන්න බැහැ. රෝගිනුයි අමාරුවේ වැටෙන්නේ. ඉතින් වෙන රටකට ගිහින් ගන්න පුළුවන්නේ. ඒ අරන් ආවත් මෙහෙ තවත් විභාගයක් පාස්වෙන්න ඕනෑ සේවය කරන්න. මෙහෙම හොර පාරෙන් දොස්තරලා වෙන්න බැහැ (නි)
හොර උපාධි කඩ ගණනාවක්ම ලංකාවේ තියෙනවා. ඒවත් වහන්න කටයුතු කළයුතුයි. හොඳම විකල්පය විවෘත විශ්ව විද්‍යාල ක්‍රමය දියුණු කිරීමයි (නි)
ශෂී, ඔබ හරි. මට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි ඔය කියන වෛද්‍යවරු ඇයි අනිත් අයගේ උපාධිය දෙන කාලය තීරණය කරන්නේ?? අනික ඩිප්ලෝමා දෙන රජයේ ආයතන උපාධි ආයතන කරනවට ඇයි මේ දොස්තර සංගමය විරුද්ධ? මොකද්ද හේතුව? මොකක්ද තියන අයිතිය? ඒවා රජයේ ඒවනේ. (නි)
වෛද්‍ය සභාව ඔච්චර කියද්දී ඕකට යන්න එපා ඕක වංචාවක් කියලා සල්ලි ටික සක්විති නෙවිල්ට පූජා කරලා දැන් කියනවා ඒ පව ජනතාවට ගෙවන්න කියලා. (බ)
ඒ ලෙවල් තුන් වතාවක්ම ලියන්න දීලා තවත් මොන රජයේ විභාගද කාගෙවත් ඉගනීමට බාධෘ කළයුතු නැත. නමුත් ඔවුන්ට අවදානම් රස්සාවක් දී මහජනතාව අමාරුවේ දැමීමට ඉඩදිය යුතු නැත (බ)
හරකුන් හරකුන්සේ තවලම අදින තුරු තවලම නම් යනු ඇත. සක්විති කෙනෙක් ළඟ සල්ලි දාන්න එපා කියද්දී පෙරේත කමට සල්ලි දාලා හොට බිම ඇනුනම මහජනතාවට ගෙවන්න කියන එක වැරදියි (බ)
අැයි මෙය රජයට පවරාගන්නේ නැත්තේ? (නි)
රෙක්ස්, මෙහෙම ගියොත් එහෙම ඉල්ලන්න වෙන කාලයක් එනවා. (නි)
මේ එක එක්කෙනාට තම තමන්ගේ න්‍යාය පත්‍රවල හැටියට ඝෝෂා දැම්මාට රටේ මිනිසුන්ට ඕක ගැන කිසිම ගාණක් නැහැ. අපි බෙහෙත් ගන්න ගියාම දොස්තගේ සහතිකය බලන්න ඉල්ලන්නේ නැහැනේ. (නි)
සුජීව, ඔයා කියන්නේ කවුරුහරි විභාග ෆේල්වෙලා හොරට සා/පෙළ පන්තියෙ ඉඳලා අහුවුණාම, හා කමක් නැහැ එහෙනම් ඔයා විභාගෙ අනිත් ළමයි එක්කම ලියලා බලන්න කියනවා වගේ දෙයක්නේ. (නි)
මෙයට සරල විසඳුමක් තියනවා. අවසන් වසර රජයේ සරසවියේ විභාගය අනිවාර්ය කරන්න (නි)
ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරෙයක් බිහිවෙනවා කියන්නේ ඉතාම භයානක දෙයක්. විද්‍යා උපාධිය එක විභාගයකින් මනින්න බැහැ. වෙන රටවල තියෙන පුද්ගලික විශ්ව විද්‍යාලත් එක්ක මේක සංසන්දනය කරන්න එපා. මම වෙන රටවල විශ්ව විද්‍යාල ගැන දන්නවා. සයිටම් එකේ උපාධිය ඒවාට සමකරන්න බැහැ. එහි ප්‍රමිතිය ඉතාම අඩුයි. මේක රටේ ජනතාවගේ ජීවිතත් එක්ක තියෙන ප්‍රශ්නයක්. (නි)
බලයට එන්න පෙර මහජනයාට හා තරුණයන්ට කිවුවා නම් තමන්ට බලය දුන්නොත් සයිටම් වහනවා කියලා, එහෙනම් කාටවත් විරුද්ධ වෙන්න බැහැ (නි)
ලෝකේ හැම රටකම වගේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියනවා. මෝඩ දේශපාලුවෝ හින්දා තමයි රට දියුණු වෙන්නේ නැත්තේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන්නේ ලෝකේ අනිත් රටවලට සාමාන්‍ය දෙයක්. අපේ රටට බිල්ලෙක්. අපේ රටේ අධ්‍යාපනය දියුණු කරන්න බැහැ දේශපාලුවොයි ඉගෙනගන්න ඕනෑ නැහැ කියලා හිතන අයයි ඉන්නකම්. (නි)
රජයේ වෛද්‍ය විද්‍යාල වලට සමාන විභාග/පරීක්ෂණ මඟින් නියාමනය නොකරන්නේ ඇයි? ඒත් සයිටම් එක කැමති නැහැනෙ. මොකද කොහොමද ඒ විභාග පාස්වෙන්නේ? (නි)
සයිටම් ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් අපි බලාපොරොත්තු වෙමු (නි)
මොන වෛද්‍ය විද්‍යාලය ඉගෙන ගත්තත් කමක් නැහැ, හැබැයි රෝගීන් මරන්නේ නැහැ කියල විශ්වාසයක් , සහතිකයක් තියෙන්න ඕනෑ. හැමදේකම ප්‍රමිතියක් තියෙන්න ඕනෑ. එ්කයි මෙතන තියන ගැටලුව. මුදල් තිබුණ පලියට මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා.(බ)
විකුම් ගාණක් අරන් වගේ නෙවිල් කියපුවම දාන්නේ. මෙය ජනසතු කළ යුතුයි (බ)
සමීර, සහතික ඇත්ත. තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්රවලට මුල් තැන දෙන මෙවැනි දේශපාලුවන් ඉන්න තාක් කල් අපේ රට නම් ඉදිරියට යන්නේ නැහැ. සයිටම් එකේ අධ්‍යාපනය පහළයි කියනවා නම් ඇයි රජයේ වෛද්‍ය විද්‍යාලවලට සමාන විභාග / පරීක්ෂණ මගින් නියාමනය නොකරන්නේ? වෛද්‍ය කවුන්සලය කළ යුත්තේ එය නොවේද? (බ)
කට තිබුණු පලියට කතා කරන්නේ නැතුව ටිකක් හොයල බැලුව නම් හොඳයි. මේ රට අස්ථාවර කරන්න මොකක් හරි එල්ලෙන්න ඉන්නකන් මේ රට දියුණු කරන්න බැහැ. (බ)
වෙන රටවල තියෙන්නේ ලාබ අරමුණු කර නොගත් ආයතන විසින් පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල.(හේ)
බල්ලන්ව උසි ගන්වනවා වගේ, උසිගන්වනකොට පාරට බැහැලා උඩු බුරන්න කට්ටියෙන් නම් අඩුවක් නැතිව ඇති. හැබැයි බල්ලෝ උඩු බිරුවට, තවලම නම් නොනවත්වාම ගමන් කරනවා කියලා තමයි අපට නම් පෙනෙන්නේ.(හේ)
මහජන මුදලින් ඉගෙනගෙන අපිව මරාගෙන කන දොස්තරලට වඩා හොඳයි තමන්ගෙ මුදලින් ඉගෙන ගෙන අපිව මරා දමන වුන් (බ)
නර්ස්ලාට ඩිග්රි එකක් දෙනවට ලංකාවේ දොස්තරලා විරුද්ධ ඇයි? සම සෞඛ්‍ය උපාධියේ කාලය අඩු කරන්න කියලා ස්ට්‍රයික් කළේ ඇයි? ඒ අය පැරා මෙඩික්ලා හැටියට සුදුසුකම් ලැබුවහම හැමෝටම හොඳයිනේ? (බ)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රට පුරා විරෝධයක් ගොඩ නැගෙමින් තිබෙන බවත් මේක තිබෙන්නේ තත්වය විතෘති කිරීමක්. ඇත්ත නම් මෙයට විරුද්ධ රජයේ වෛද්‍ය සමිති සහ ජනතාවගෙන් ඔවුන්ට විරෝධයක් එල්ල වීමයි (බ)