ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් මාලබේ හල්බරාවේ ඉදිකිරීමට නියමිත විද්‍යාගාර ගොඩනැගිල්ලට විරෝධය පළ කරමින් සිටි පිරිසකට කරුණු පැහැදිලි කිරීමට තලාහේන බෝධිරුක්ඛාරාමයට අද (3) පැමිණි නිලධාරීන්ට ප්‍රදේශවාසීහු විරෝධය පළ කළහ.
ඒ හේතුවෙන් සාකච්ඡා අතරමග නතර කැරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ අය පරිසරය ගැන හෝ සිදුවියහැකි හානි ගැන අවංක හැඟීමකින් මේ උද්ඝෝෂණය කළා නම් ඔවුන් කළයුතුව තිබුනේ පැමිණ සිටි පිරිස කරන පැහැදිලි කිරීම අහලා, ඒ අයටම තමන්ගේ තියන ගැටළු ඉදිරිපත් කරන එක. මේ විදියට ඇත්ත තත්වය හොයා නොබලා කවුරුහරි කී දෙයක් අහලා ලෝකෙ පෙරළෙනවෝ කියලා දිව්ව හාවා වගේ දුවන එක නොවේ. (නි)
මෙහෙම උද්ඝෝෂණ කළොත් රටේ පොදු වැසිකිළියක්වත් හදන්න බැරිවෙයි ජනපතිතුමනි අගමැතිතුමනි මේ ගැන ඔබේ අවධානය යොමුකර බය ජනතාවට වෙනත් තැනකින් ඉඩම් දෙන්න සංවර්ධන ව්‍යාපෘති නවතන්න එපා (බ)
මේක හදන්න ඕන ඉන්දියාවෙ එක්ස් රේ ගහන්න සීටී ස්කෑන් කරන්න පිළිකා ප්‍රතිකාර වැනි විකිරණ වැඩට ඉන්දියාවෙන් මිනිස්සු ගමු. හල්බරාවෙ ඔබට සතුටුයිද දැන් (බ)
අජන්තා ඔයාල වගේ නොදැනුවත් අයට සත්‍ය තේරුම් කරලා දැනුවත් කරන්න තමයි නිලධාරීන් ගමට ඇවිල්ලා තියෙන්නේ උද්ඝෝෂණ නවත්වලා මොහොතක් සවන් දුන්නා නම් සත්‍ය තේරුම් ගන්න තිබුනානේද ආවේගශීලී වුණාම සත්‍ය පේන්නේ නෑ (බ)
අජන්තා ඔයා පරමාණු බෝම්බෙ ගැන හා මෙම ආයතනයෙන් රටට කරන සේවය මුලින් දැනගන්න ලංකාවෙ පරමාණු බෝම්බ හදන්නෙ කලුගල් කඩන්නද (බ)
පුදුමාකාර බුද්ධිමත් ජන්දදායකයින් රැලක් තමා ලංකාවේ ඉන්නේ (බ)
දිමුත් ඔයාට පෙනෙන්නේ මතුපිට සිදුවන දෙය පමණයි. දැන් බලන්න වෛද්‍ය වර්ජනය. දැන් තේරෙනවද සම්බන්ධය? (නි)
කරත්තෙ ඉන්න හරකා හිතනව ඇති 'අනේ මගේ ෆොටෝ එකත් වැටෙනවා පත්තරේ, ඒක බලන අය මාවත් උද්ඝෝෂණයට ආ මිනිහෙක් කියලා හිතයිද දන්නේ නැහැ, විලි ලැජ්ජාවේ බැහැ අප්පා යන්න' කියලා. (නි)
මේක හදනවට මමත් විරුද්ධයි. මෙතන හදන පරමාණු බෝම්බයක් පිපුරුනොත් වගකීම බාරගන්නේ කව්ද? අපේ ගෙවල් ළඟ හදන්න කොහොමත් ඉඩදෙන්න බැහැ (නි)
ආණ්ඩුවේ කරන කියන වැඩ ගැන මහජනතාවගේ විශ්වාසය බිඳවැටිලා. එ්ක ඇත්ත. නමුත් මේ වැඩේ නම් මෝඩ වැඩක්. මොකට ඕවා හදනවද? රටක් දියුණු වෙනවා කියන්නේ තේරුමක් නැති වැඩක්. ඔය තියන දෙයක් කාලා කියන දෙයක් අහගෙන මෙච්චර කල් හිටියා වගේ ඉමු (නි)
රාජා, ඔයා කොහෙද යන්නේ මල්ලේ පොල් වගේනේ. (නි)
තිලක්, නොදන්නා දේවල් කියන්න එපා. පිළිකා රෝහලේ විකිරණ කසල කොහෙද හැමතැනම තියෙන්නේ? එහි අපජලය පවා කටුවාවල, වේරහැර හරහා පොළව යට නළ මාර්ගයක් ඔස්සේ ගැඹුරු මුහුදට මුදා හරින්නේ. (නි)
විකිරණ පරීක්ෂණ අපිට එපා කියන අනුවණයෝ විකිරණ වලින් පිළිකා නිර්ණය කරන පෙට් ස්කෑන් ගන්න සල්ලි සම්මාදම් කරනවා. මොනවා දැනගෙනද මේ කරත්තෙක බැඳගෙන යන අය එන්නේ. (නි)
අනේ මේ වගේ කකුල් දෙකේ හරක් ඉන්නා රටක්. (බ)
මේ හැමදෙයක් පිටුපසම ඉන්නේ මාලබේ වෛද්‍ය පීඨයට විරුද්ධ නායකයින්. මෙවැනි අය සිටිනතුරු රට දියුණු කරන්න බැහැ. පුද්ගලික පීඨයන්හි ඇති වරද කුමක්ද? බොහෝ දියුණු රටවල ඕනෑතරම් පුද්ගලක විශ්ව විද්‍යාල තියෙනවා. (නි)
උද්ඝෝෂණයට මිනිස්සු නැති නිසා හරක් ගෙනවිත් වගේ (නි)
ඉන්දියාවෙ න්‍යෂ්ඨික බලාගාර අනතුරක් වුණොත් විකිරණ වලින් අපිට බේරෙන්න තොරෙතුරු ගන්න තියන එකම ආයතනය මේ පරමාණු ආයතනය. ජපානෙ පුුකුෂිමා බලාගාර අනතුර වෙලාවෙ ඔවුන්ගේ මැදිහත්වීම අපිට මතකයි. මේවගේ රජයේ ආයතනයකට විරුද්ධව රට ආපස්සට ගෙනියන්න එපා (නි)
අපේ රටේ විවිධ ආයතන විකිරණ භාවිතා කරනවා. පිළිකා රෝහල උදාහරණයක්. මේ තැන්වලින් විකිරණ එළියට දානවාද නැද්ද යන එක බලන්න ඉන්නේ පරමාණුක බලශක්ති අධිකාරිය. එහෙම ආයතනයක් ගමට එනවට විරුද්ධ වෙන එක ගමේ මිනිසුන්ගේ මෝඩකමක් (නි)
මේකේ වැරැද්ද ආණ්ඩුවේ. කරන කියන වැඩ ගැන මහජනතාවගේ විශ්වාසය බිඳවැටිලා. ඒ නිසා පළමුවෙන්ම ආණ්ඩුව ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්න ඕනෑ. හරි දෙයක් කළත් මිනිස්සු එ්ක පිළිගන්න සූදානම් නැහැ. (නි)
අපි දන්න විදිහට මේ ගොඩනැගිල්ල හදන්නෙ මාලබේ තාක්ෂණික උද්‍යානයක් විදිහට, මෙගා පොලිස් අමාත්‍යංශය නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක. මෙතැන කාර්මික තාක්ෂණ ආයතනය, ප්‍රමිති ආයතනය වගේ ආයතන තියනවා. මහජනතාවට සේවය සපයන මෙවැනි විද්‍යාත්මක ආයතන පොදු ස්ථානයකට ගේන එක හොඳයි. උද්ඝෝෂණ වැඩක් නැහැ (නි)
අර ගුවන් තොටුපළක් හදන්න කවුද ගමක කට්ටියක් විරුද්ධ වුණ වෙලාවේ අනේ අපට දෙන්න කිය කියා වෙනත් අය ඉල්ලුම් කළා මතකද? මේකත් ඔය උතුරේ හරි වෙන කොහේහරි මොළේ තියෙන මිනිස්සු ඉන්න පැත්තක හදන්න. (නි)
මේ කාරණයේ දෙපැත්තක් තියෙනවා. පිළික රෝහල උදාහරණයක් ලෙස ගන්න. විකිරණශීලී කසල හැමතැනම. අද ඒවාට උත්තර බඳින්න කවුරුත් නැහැ. මේක පිහිටුවන්න කලින් නිසි අන්තර්ජාතික ප්‍රමිතියකට නිර්මාණය කරන බවට ප්‍රදේශවාසීන් සමඟ ගිවිසුමකට එළඹෙන්න. එය කඩකළොත් උසාවි යා හැකි විදිහට (නි)
කුමාර්, වෙනස හොයාගන්න පුළුවන් කකුල් ගණන් කළොත් පමණයි. නැත්නම් වැඩවලින් නම් වැඩක්ම නැහැ. අඬු කඩාගෙන රෝහලට ගියාම ඔය විකිරණ ගැන කතා නැහැ. එක්ස් රේ විසි සැරයක් හරි ගන්න දෙනවා. (නි)
මේ උද්ඝෝෂණය පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා අපි දන්නවා. අහිංසක ජනතාව එයත් එක්ක එකතුවීම ගැන හරිම දුකයි (නි)
මෙහෙම බැලුවහම විකිරණ තාක්ෂණය භාවිතා කරන එක්ස් රේ එකක් ගන්නත් ඉන්දියාවට යන්න වෙයි. අනේ හල්බරාව ජනතාව ඔය තරමටම මෝඩ විදිහට කඩේ යන්නෙ කාටද? (නි)
විකිරණ විද්‍යාගාර එපා කියන්නේ එයින් රටට ලැබෙන සේවය දැනගෙනද? සල්ලි එකතුකරලා ගත්ත පෙට් ස්කෑන් යන්ත්‍රයේ තියෙන්නෙත් විකිරණ තාක්ෂණය (නි)