මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදුහල ආරම්භ කිරීමට එරෙහි පිරිස ඉතා සුළු බවත්, විශේෂඥ වෛද්‍යවරුන් පවා ඊට එරෙහි නොවූ බවත් එහෙයින් එහි උපාධි පිරිනැමීමට අනුමැතිය දී ඇති බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා උඩුනුවරදී පැවසීය. එම පෞද්ගලික විශ්වවිද්‍යාලයය නීත්‍යනුකුල කැර එහි උපාධිය පිළිගන්නා ආකාරයට සියලූ දේ කැර ඇතැයි ද ඊට එරෙහිව හඬ නගන වෛද්‍ය සංගමය, සුළු පිරිසකගේ සංගමයක් යැයි ද රට පිළිගත් වෛද්‍යවරුන් එහි නැතැයි ද ඇමැති දිසානායක කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික විශ්ව විද්‍යාල අවොත් නිදහස් අධ්‍යාපනය විනාශ වෙන්නේ කොහොමද කියන එක හරිම පැහැදිලියි. අද විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට ප්‍රමාණවත් වැටුපක් නැ. එවිට සිදුවන්නේ ඔවුන් රජයේ විශ්ව විද්‍යාල අතහැර පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන එකයි. මේක මම උපකල්පනය කරන දෙයක් නෙවෙයි. දැනටමත් සිදුවෙමින් පවතින මම පුද්ගලිකවම අත්දැක තියන යථාර්තයක්. මෙහෙම ගියොත් තව ටික කාලෙකින් රජයේ විශ්ව විද්‍යාල කියල ඉතුරු වෙන්නේ නිකන්ම නිකන් ගොඩනැගිලි ටිකක් විතරයි. දක්ෂ ආචාර්යවරු ටික ඔක්කොම පුද්ගලික විශ්ව විද්‍යාලවල ඉඳීවි . දුප්පත් මිනිහගේ දක්ෂ ළමයි රජයේ විශ්ව විද්‍යාල වල ආචාර්යවරු නැතුව නිකන් ඉන්නකොට සල්ලි තියන මිනිහගේ ළමයි කිසිම සුදුසුකමක් නැතුව දක්ෂ ආචාර්යවරුන්ගෙන් ඉගෙන ගනීවි . අන්තිමට නාමිකව නිදහස් අධ්‍යාපනයක් ඉතුරු වෙයි. නමුත් දුප්පත් මිනිහෙකුගේ ළමයෙකුට කවදාවත් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කළමනාකරුවෙක් වෙන එක නම් හීනයක්ම වේවි.
සමන්, පුද්ගලික බස් තියෙන එක හොදයි.සීටීබී විතරක් තිබුණා නම් හිතා ගන්න බෑ මොනවා වෙයිද කියලා
මෙම වෘත්තියට අධ්‍යාපන සුදුසුකම් ඇති අය වැඩිවෙද්දි සීමිත රැකියා ප්‍රමාණයකට ඇති ඉල්ලුම වැඩි වෙනවා.මෙයින් වෙන්නේ රටේ ඉහළ වරප්‍රසාද සහිත පිරිසකට පමණක් වෛද්‍ය වෘත්තියට ඇතුළත් වීමට හැකි වීමයි
ඉස්සර තමයි පිටරට ඉගෙන ගෙන මෙහේ වැඩ කරපු දොස්තරලා හිටියේ.දැන් ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉන්න දොස්තර මුදලාලිලා
sltk2004 2012-06-25 09:23:43 ධම්මික, ඔබ කියන විදිහට මාලඹේ උපාධිය හොඳ එකක් නොවේ නම් එය ලබා ගත් අයට පිළි ගැනීමක් නැති නිසා එම උපාධිය කරන්න එන අය එන්න එන්න අඩු වී, කලකින් එම මාලඹේ ආයතනය වසා දමන්නට සිදුවනු ඇත. නමුත් අපේ අනිකුත් රාජ්‍ය වෛද්‍ය උපාධි හොඳ නිසා ඒවාට ලෝකයේ තියෙන පිලි ගැනීම අඩු නොවනු ඇත. එහෙම නම් අපි මේ කලබල වෙන්නේ මොකටද ?..
සල්ලි දීලා හරි බෙහෙත් ගන්න පුලුවන් හොද වෛද්‍යවරු ඇති තරම් ඉන්නවා ලංකාවේ
නිලන්ත නිවැරදියි
''නිදහස් මතය''ට ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි වෙච්ච එක මාර විදිහට දැනෙනවා වගේ..එත් ඉතින් හැමෝටම ඩොක්ටර්ස්ලා වෙන්න බැනේ..හිත හදා ගන්න...
මේක මීට පෙර කරන්න තිබුණ දෙයක්
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සමහරුන්ගේ හිතවත් අය රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා ඇතිනේ . ඒ කට්ටියගෙන් පොඩ්ඩක් අහල බලන්න, ඔච්චරටම සිසුන්ට ආදරේ නම් මේ ටින ප්‍රශ්න විසදලා අපිට ඉක්මනට එළියට යන්න දෙන්නේ නැත්තේ මොකද කියලා.
පෞද්ගලික අංශයට ඉඩ දීම පරිස්සමින් කල යුතුයි.පෞද්ගලික බස් පේනවනේ......
@නිලන්ත සහ @නිදහස් මතය, ඔබලාගේ කතාව හරියටම හරි. ලංකාවේ දොස්තරලා හදන්නේ රජයේ මුදල් ( ඇත්තටම මහජන මුදල් ) වලින් ඉගෙනගෙන, වරප්ප්‍රසාද ලබන පැලැන්තියක් වෙන්න. දුප්පත් අපිට කොකා පෙන්නලා බොරු බයක් ඇතිකරලා තමන් සහ තමන්ගේ දරුවන් විතරක් දොස්තරලා විදිහට වැජබෙන්න. පුද්ගලික වෛද්‍ය උපාධි ගත්තු අයට රජයේ රෝහල් වල පුහුණුව නොදෙන්න තමයි මේ විරුද්ධ වෙන්නේ.
sltk2004 2012-06-25 09:23:43 ධම්මික, ඔබ කියන විදිහට මාලඹේ උපාධිය හොඳ එකක් නොවේ නම් එය ලබා ගත් අයට පිළි ගැනීමක් නැති නිසා එම උපාධිය කරන්න එන අය එන්න එන්න අඩු වී, කලකින් එම මාලඹේ ආයතනය වසා දමන්නට සිදුවනු ඇත. නමුත් අපේ අනිකුත් රාජ්‍ය වෛද්‍ය උපාධි හොඳ නිසා ඒවාට ලෝකයේ තියෙන පිලි ගැනීම අඩු නොවනු ඇත. එහෙම නම් අපි මේ කලබල වෙන්නේ මොකටද ?..
ගොඩක් විශය භාර ඇමතිතුමන්ලාට ඒ විශය ගැන දැනුමක් නෑ.... දැනුමක් නැති නිසා වෙන මොනවා කරන්න ද? නිවැරදි දෙයක් කරන්න තරම් තිරණයක් ගන්න හැකියාවක් නෑ .... ජන්දේ දිලා ඇමතිවරු කළානම් ඒ උන්නාන්සේලා කරන දෙවල් දරාගන්න කොහෙම හරි......
දිය වන්නා ඔය පැත්තෙත් මැතිදුන්ලා ඉන්නවා ඔය පනතට විරුද්ද, හැබැයි එයාලගේ ළමයිනුත් පිට රට වෙද විදුහල් වල ඉගන ගන්නේ,
නිදහස් අධ්‍යාපනය තුලින ඉගෙන ගත් එක වෛද්‍ය වරයෙක් වත් නොමිලේ ප්‍රතිකාර කරනවාද? පොඩ්ඩ බැරි වෙනකොට වර්ජනය නොකර ඉන්නවා ද?
දොස්තරලගේ ගෑස් බස්සන්න කියලා සාමාන්‍ය පෙළත් අසමත් අයට උපාධි දුන්නම රෝගී අපට දෙයියන්ගේම පිහිටයි
රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවුණු වෛද්‍යවරු කී දෙනෙක්ගේ වරදින් රෝගීන් කි දෙනෙක් මිය ගොස් ඇද්ද? එතකොට ඒවා?
සහන් .. කොහොමත් ඕක ආවත් නාවත් දුප්පතාට තමයි බලපාන්නෙ..
පෞද්ගලික රෝහල් තියෙනවානම්..ජනතාවගෙ මුදලින් උපාධිය ගත්ත අයඉ ඒවායෙ වැඩ කරනවානම් එහෙම අය වෛද්‍ය වෘතිය ව්‍යාපාරයක් කරගන්නවානම් පෞද්ගලික විශ්ව විද්‍යාල තිබුණ කියල කුමක් සිදුවෙනවාද?
මේක හොද වැඩක්... නමුත් උපාධියට ප්‍රමිතියක් සහ රජයේ වෛද්‍ය විද්‍යාල නොවැසෙන විදියට නීති සකස් කරන්න ඕන......
ධම්මික, ඔබ කියන විදිහට මාලඹේ උපාධිය හොඳ එකක් නොවේ නම් එය ලබා ගත් අයට පිළි ගැනීමක් නැති නිසා එම උපාධිය කරන්න එන අය එන්න එන්න අඩු වී, කලකින් එම මාලඹේ ආයතනය වසා දමන්නට සිදුවනු ඇත. නමුත් අපේ අනිකුත් රාජ්‍ය වෛද්‍ය උපාධි හොඳ නිසා ඒවාට ලෝකයේ තියෙන පිලි ගැනීම අඩු නොවනු ඇත. එහෙම නම් අපි මේ කලබල වෙන්නේ මොකටද ?
ඔයා හරියට හරි මෙම උපාධිය දිය යුතුමයි
උසස් පෙළ කියන්නේ රටේ ඉන්න දක්ෂම, යම් ක්ෂේත්‍රයකට සුදුසුම පුද්ගලයන් තෝරන විභාගයක්. යම් කෙනෙක් පොහොසත් උනත් දුප්පත් උනත් ඕකෙන් මනින්නේ ඒ කෙනාගේ හැකියාවයි. අමතර වෛද්‍ය උපාධි දෙන්න අවශ්‍යම නම් උසස් පෙළ විභාගයෙන් රජයේ වෛද්‍ය විද්‍යාලවලට තෝරාගන්න ලමයි ප්‍රමාණය වැඩි කරන්න බැරි අයි? හැකියාව නැති කෙනෙක්ට සල්ලි විතරක් තිබ්බ පලියට දොස්තරකම දුන්නාම, කවදා හරි වැරැද්ද වෙන්නේ අසරණ ලෙඩාටම තමයි. කෙනෙක්ට දෙන උපාධියක් විතරයිනේ.. කියල දැන් ඔහේ නොසලකා ඉඳල, රටට දීර්ඝ කාලීන විපතක් සිද්ද වෙන එක දැනෙන කොට අපේ මිනිස්සු පරක්කු වැඩියි. ඕක ඉතින් අපේ රටේ සෑම විටම පුනරාවර්තනය වෙන ඉතිහාසයයි..
පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන ප්‍රතිචාර දක්වන හුඟ දෙනෙක් කරුණු හරියට දන්නේ නැහැ. අපි ඉන්න තැනින් ඉහළට යන්න නම් අපි දැන් ඉන්නේ කොතනද කියල මුලින්ම දන්නගන්න ඕන. නැත්නම් අපිට වෙන්නේ ලිදේ ඉන්න මැඩියන් වගේ ජීවත්වෙන්න.
ලංකාවේ විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය මේ වන විට දරුණු ලෙස පිරිහී තිබේ. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1400 අතරට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් පත් වී නැත. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන සිම්බාබ්වේ , උගන්ඩා , ඉතියෝපියා වැනි රටවල විශ්ව විද්‍යාල වලට වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටිති. මෙය කටුක සත්‍යකි. (බලන්න 2011 ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේණි ගතකිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අප්‍රිකානු රට වලටත් වඩා පහතට වැටී ඇති අයුරු) World University Ranking Makerere University Uganda 1,177 University of Khartoum Sudan 1,216 Kwame Nkrumah University Ghana 1,338 Addis Ababa University Ethiopia 1,367 University of Nairobi Kenya. 1,367 University of Colombo 1,447 University of Peradeniya 1,909 University of Moratuwa 2,794 University of Sri Jayewardenepura 3,078 University of Kelaniya 4,434 (World University Ranking 2011 http://www.arwu.org/ ) පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම මගින් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහෙනු ඇති බවට සමහරු මත පළ කරති. නමුත් දැනටමත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික ගුණාත්මකභාවය පිරිහී ඇත.
එස් බී මහත්තයා හරි දැඩි අධ්‍යාපන අමාත්‍යවරයෙක්.
දම්මික, මාලබේ උපාධියේ ගුණාත්මක භාවය ගැන එම ආයතනය බලා ගත්තාවේ, අපේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල උපාධි ගැන අපි බලා ගනිමු. මාලබේ උපාධිය ගුණාත්මක නැති උනහම අනෙකුත් රාජ්‍ය වෛද්‍ය උපාධිත් ගුණාත්මක බැවින් අඩුවෙනවා කියන එකනම් මට තේරුම් ගන්න අපහසුයි. අනිත් කරුණ නම්, කතාව යන හැටියට අහිංසක දුප්පත් ජනතාවගේ දක්ෂ දරුවන් එන්නේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවලටනේ. මාලබේ යන්නේ සල්ලි තියෙන අයගේ අදක්ෂ ළමය නේ. එහෙමනම් මොකද මේ පොදු සාමාන්‍ය ජනතාව මාලබේ උපාධිය ගැන කලබල කරන්නේ ? තව දෙයක් තියෙනවා, ලොකු ගණන් ගෙවල විදේශීය උපාධි ලබාගෙන, ඔබ කියන විදිහට රජයේ සේවයට එන්න තරඟ විභාග වලට පෙනීහිටියි කියල හිතනවා ද ? පුළුවන් කම තියෙන්නෝ අති විශාල මුදල් දේවල විදේශීය උපාධි කරන්නේ ලංකාවේ රාජ්‍ය සේවයට ඇතුල් වෙන්න ද ? හැබයි ඔබ කියන එකකට නම් මම එකඟ වෙනවා. පෞද්ගලික අංශයේ වැඩි පඩි ලැබුනොත් රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරු ඒවාට යන්න පුළුවන්. එක නවත්වන විදිහට එම දෙනාට සැලකීම රජය සතු වගකීමක්.
හොදම දේ තමයි මොනවා දෙනවා කියලා කිවුවත් හොදට විභාගේ පාස් ළමයි ඕකට නොගිහින් ඉන්න එක.එතකොට නමක් හදා ගන්න අමාරුයිනේ
උසස්පෙළින් නියම මොළකාරය තෝරන්න බැරිය, කියනවනම් කලයුත්තේ නියම මොළකාරයින් තොරණ ක්‍රමයක් හදන එක නැතුව සල්ලි තියන පිරිස වගකීමක් තියන රැකියා වලට දල ලෙඩුන් අමාරුවේ දන්නේ නෙතුව .
මේකෙන් බිහි වන දොස්තරු වෙන්කරලා හඳුනාගන්න විදිහක් හැදුවොත් ලෙඩ්ඩුන්ගේ යහපතට කරන පිනක් එස් බී මහත්තයෝ .
ඕකෙන් දෙන උපාධිය එම්.බී .බී.එස් (එස්.බී ) කියල දැම්මනම් එම දොස්තරලගෙන් අපට බෙහෙත් නොගෙන ඉන්න පුළුවන් .
මම දන්නා තරමින් මීට දශක ගණනාවකට කලින් අපේ විශ්වවිද්‍යාල එකක් හෝ කිහිපයක් පලවෙනි 100 අතර තිබුන. නමුත් අද ලෝකය හා සසදද්දී අපේ රටේ උගතුන් අඩුයි. රට ආපස්සට ගිහිල්ලා. රජයට බැරිනම් උසස් පෙළ සමත් සියලු දෙනාට උසස් අධ්‍යාපනය සදහා පහසුකම් සලසන්න, පුද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළ යුතුයි. රටේ උගතුන් වැඩි වෙනවා කියන්නේ රටේ සංවර්දනයට විශාල වාසියක්. දැන්වත් නැති ප්‍රමිතියක් ගැන කියමින් අපිවම රවටාගන්නේ නැතිව, අනාගත දරුවන් සියලු දෙනාට (සුළු පිරිසකට නොවේ) උසස් අධ්‍යාපනය සඳහා අවස්තාව ලබාදිය යුතුයි.
තියෙන රජයේ වෛද්‍ය විද්‍යාලවල, ලමයින්ට ඉගෙනීමට අවශ්‍ය මූලික සම්පත්වත් සපයා නොදී අලුතින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හදන්න අමුතුම කැක්කුමක් ඇයි? ඕකෙන් වෙන්නේ කුඩු මුදලාලිලගෙයි, දේශපාලුවන්ගෙයි, සල්ලිකාරයන්ගෙයි මොට්ට ලමයි ටික හෙට අනිද්දා දොස්තරලා වෙලා අහිංසක ලෙඩ්ඩු ටික මරන එකයි. එතකොට තමයි දැන් නිශ්ශබ්දව අන්ධයො, බිහිරො වගේ ඉන්න රටේ බුද්ධිමතුන්ටත්, වෙන්න යන්නේ මොකක්ද කියල නොදැන ඔහේ ඉන්න අසරණ මිනිස්සුනත් දවල් තරු පේන්න ගන්නේ. අපේ රටේ ඉන්න හුගක් මන්දබුද්ධිකයෝ හිතන් ඉන්නේ හරියට හාල්, පොල් වගේ ප්‍රමාණයෙන් වැඩි උනාම වෛද්‍ය සේවයත් ගුණාත්මක හා සුලබ බවෙන් වැඩි වෙයි කියල. වඩා වැදගත් ප්‍රමාණයද තත්වයද කියලවත් තේරෙන්නේ නෑ.
පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට සල්ලි ගෙවල යන කෙනෙක් ගියාම දුප්පත් දරුවන්ට රජයේ විශ්ව විද්‍යාල වල තව ඉඩ කඩ ඇරෙනවා නේ.
”මාලඹේ උපාධිය දෙනවාමයි"....... අම්මගේ අප්පගේ බූදගේ වගේනේ.අනේ මන්දා
රුවන් 2012-06-25 19:42:21 "මට කියන්නේ තියෙන්නේ මෙච්චරයි. උසස් පෙළ විෂයන් තුනම අසමත් වූ පමණින් ළමයෙක් මෝඩයෙක්, නූගතෙක් යැයි හංවඩු ගසන්නේ ඇයි?" ඔහු නුඋගතෙක් නොවුනත් , වෛද්‍ය විද්‍යාලයට යවිමනම් නුවනට හුරුනොවේ ...!
මට කියන්නේ තියෙන්නේ මෙච්චරයි. උසස් පෙළ විෂයන් තුනම අසමත් වූ පමණින් ළමයෙක් මෝඩයෙක්, නූගතෙක් යැයි හංවඩු ගසන්නේ ඇයි?
කරන කලට පවු මිහිරිය මී සේ
දැන් දොස්තරලගෙන් බෙහෙත් ගන්නත් බයයිනේ
මහින්ද චින්තනයේ කොහේවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල හදන බවක් සදහන් වෙලා නෑ නේද
මේක කරන්නම ඕනි වැඩක්
ලක්විදුට සහ sltk , නිසි ප්‍රමිතියක් නොමැතිනම් වෛයිද උපාදියක් පිරිනමන්නේ කෙසේද?. ඉල්ලුම සහ සැපයුම යනු එකකි, නමුත් උපාධියක ගුණාත්මක බහාවය තව එකකි. රටට අවශ්‍ය දේ තීරණය කලයුතුවනුයේ තනි පුගලයකු හෝ කිහිපදෙනෙකු නොවේ. බාල උපාධි පල රහිතය. එය අහිංසක ජනතාවගේ මුදල් වංචා කිරීමක්ද වනු ඇත. හොදම උදාහරණය ලංකාවේ සියලුම රජයේ උපාධිදාරී තරග විබාග වලින් ඉහලම ලකුණු ගෙන සමත්වනුයේ ලංකාවේ අභ්‍යන්තර අධ්‍යාපනය ලද උපාධිදාරීන් මිස විදේශීය අධ්‍යාපනය හෝ පවුගලික විශ්ව විදයාලවල අධ්‍යාපනය ලැබුවන් නොවේ. සිදුවිය යුතුවනුයේ රටට අවශ්‍ය ප්‍රමාණයට වෛයිදවරු නොමැතිනම් ඒ සදහා විද්යා විෂයධරවෙන් අධ්‍යාපනය ලැබීමට පහසුකම් වැඩි කිරීම සහ නිසි ප්‍රමිතියෙන් යුතු පවුගලික විශ්ව විද්යාල 1 ක් 2 ක් පමණක් රට තුල ඇතිකිරීමය. නමුත් එහිදී රජයේ වෛයද විද්‍යාලවල දක්ෂ ආචාර්යවරු මෙම පවුගලික වෛයිද විදයලවලට වැඩි වැටුපට යාම තුලින් දක්ෂ රජයේ වෛයිද විද්‍යාලවල සිසුන්ට කරනුයේ බලවත් අසාධාරණයකි. පවුගලික වෛයිද විද්‍යාල නිසි ප්‍රමිතිගත වුවහොත් පමණක් මෙම ගැටලුව යම් පමණකට විසදා ගත හැක.
සන් 2012-06-25 11:09:01 "නිදහස් අධ්‍යාපනය තුලින ඉගෙන ගත් එක වෛද්‍ය වරයෙක් වත් නොමිලේ ප්‍රතිකාර කරනවාද? පොඩ්ඩ බැරි වෙනකොට වර්ජනය නොකර ඉන්නවා ද?" එසේ නොමිලේ ප්‍රතිකාර කරනය ඉන්න බව ඔබ නොදෙනීම කාගේ වරද්ද ?
ලක්ෂ 300 කට තව මොනවා නොකියයිද ???
මාලඹේ උපාධි කඩේ ඔයාලගේ කාගේ හරි දරුවෙක් ඉන්නවද ?????
ලංකාවේ බහුතරයකට වැරදුන තැන තමයි "උපාදිය දෙනවට" විරුද්ද වීම.. නමුත් මෙතන කරන්නේ වෛද්‍ය උපාදිය දීමට වඩා එය අඩු ප්‍රමිතියකින් විකිණීම නේද? අනික රජයේ කැම්පස් එකකින් දෙන ඉතා අසීරු පුහුණුවෙන් පස්සේ අපේ දොස්තර මහත්තුරු ඇත්තටම දක්ෂයි.. එත් හොර උපාදියෙන් පස්සේ එන දොස්තරලා තුවාලයකට බෙහෙත් දාන්නවත් දන්නේ නැති වෙයි.. අනික කවදාවත් අහිංසක දෙමවුපියන්ගේ ළමයින්ට මේවට යන්න බෑ..
දැන් සති ගානක් තිස්සේ ලංකාවේ විශ්ව විද්‍යාල ඔක්කොම වහල. ඒ ප්‍රශ්නේ විසදගන්න බැරි උසස්පෙළ ප්‍රතිපල හරියට දෙන්න බැරිව මාලබේ ගැන කතාකරනවා. මේක හොඳයි කියල අදහස් දක්වපු කාටවත් පුලුවන්ද ඔය මලබෙට තමන්ගේ ළමයෙක් යවන්න. ලංකාවේ දුප්පත් මිනිහගේ ළමයි ඉගෙනගන්න විශ්ව විද්‍යාල ටික විනාස කරලා දැම්මම හරි. එතකොට පුළුවන්නේ ගමට වෙලා කුඹුරක් කොටගෙන ඉන්න
දැන් සති ගානක් තිස්සේ ලංකාවේ විශ්ව විද්‍යාල ඔක්කොම වහල. ඒ ප්‍රශ්නේ විසදගන්න බැරි උසස් පෙළ ප්‍රතිපල හරියට දෙන්න බැරි අය දැන් මාලබේ ගැන කතාකරනවා. මේක හොඳයි කියල ප්‍රතිචාර කරන කාටවත් පුලුවන්ද ඔය මාලඹේට තමන්ගේ ළමයෙක් යවන්න. ලංකාවේ දුප්පත් මිනිහගේ ළමයි ඉගෙනගන්න විශ්ව විද්‍යාල ටික විනාස කරලා දැම්මම හරි. එතකොට පුළුවන්නේ ගමට වෙලා කුඹුරක් කොටගෙන ඉන්න. ඔය මාලබේ ඉන්නව උසස් පෙළට S 2 වත් නැති අය. එහෙම අය වෛදයවරු උනොත් අහිංසක ලෙඩ්ඩුන්ට දෙයියන්ගේම පිහිට තමයි. මට හිතාගන්න බැරි මේ තමන්ගේ කෙනෙක් මාලඹේට යවනවා තියා අමතර පන්තියකටවත් යවාගන්න බැරි අය මොකටද ඕකට කඩේ යන්නේ කියල...
හොද දෙයක් කොන්ද කෙලින් තියාගෙන මෙම උපාධිය දිය යුතුමයි
ලෝකෙ අනිත් රටවල විශ්ව විද්‍යාල පිළිබඳ කිසිදු අවබෝධයක් නැති ලිං ගෙම්බො වගෙ පිරිසක් මාලඹේට විරුද්ධ උනාට, ඔවුන්ට දිය යුතු හොඳම පිලිතුර,මෙහි උපාධියේ තත්වය හා ගුණාත්මක බව ආරක්ෂා වන පරිදි අවශ්‍ය කටයුතු සැලසීමයි.
අැමතිතුමාගේ සමහර වැඩ කොහොම වුණත් මේ වැඩසටහන කාලෝචිතයි. අපේ උපරිම සහාය...
ඔහොම යන්.අනේ අපි නම් මුකුත් කියන්නේ නෑ
හොර දොස්තරලට හොඳ වැඩේ...
අනෙක් හැම උපාධියක්ම සල්ලි වලට ගන්න පුලුවන්නම් වෛද්‍ය උපාධිය විතරක් නොදෙන්න හේතුවක් නැහැනේ....වෛද්‍ය උපාධිය සල්ලි වලට දෙන්න එපා කියන අය, අනෙක් සල්ලි වලට දෙන හැම උපාධියක්ම නවත්තන්න කිව්වොත් තමා හරි.
ඔය විශ්ව විද්‍යාලේ පාඩුව ඔය කෑගහන අයට නෙමේ. එයාල කියන්නෙ එයාල ඒක කලින් තේරුම් ගත්ත නිසා. එයාල රටේ උගත්ම අය.ඊර්ෂ‍්‍යාව පැත්තකින් තියල පොඩ්ඩක් කල්පනා කරන්න. විශ්ව විද්‍යාලේ යන්න බැරි උන අය තමන්ගෙ ළමයින්වත් විශ්ව විද්‍යාලේට යවන්න ඕන නේද?
ඔය විදියට ගියොත් සියලුම දෙනා දොස්තරලා වෙනවා .කවුද ලෙඩ්ඩු
සුළු පිරිසකගේ සංගමයක් වෙන්නේ කොහොමද? GMOA එක කියන්නේ ලංකාවේ ඉන්න 15000 ක් වෛද්‍යවරු ඉන්න සංගමයක්.. මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට කැමති අය ඉන්නේ අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩුවෙන් කියලා අපි දන්නවා..බොරු කතා වලට අපි අහු වෙන්නේ නෑ..
ඇත්තෙන්ම හොද වැඩක් ,,,,,,,, සදා ජය වේවා
"සල්ලි වලට උපාධි විකුනනවාමයි"
ඔන්න මහත්තයෝ ඔබතුම කරන හොඳ වැඩක් සදා අමරණීයයි සැලෙන්න එපා (ජේ .ආර් ටත් බැරි උනා)
අන්නහරී! අපි ඒකනේ "එක කකුලෙන්'ම ඉන්නේ!
බැරිද ඉස්කෝලෙටම තව පංතියක් දාලා M.B.B.S. උපාධිය ඉස්කෝලෙන්ම දෙන්න. පුද්ගලික වෙද විදුහලට එස්.බී. ඇමතිතුමාට සහය දෙන අය ඒකටත් සහය දෙයි. කරනවනම් ඔන්න ඇමතිතුමෝ නම පවතින වැඩක්. එතකොට අපට කැම්පස් යන්නේ නැතිවම දොස්තර උපාධිය ගන්න පුලුවන්. බුදු සරණයි අපිටයි අපේ අධ්‍යාපනයටයි දෙකටම.
බැරිද ඉස්කෝලෙටම තව පංතියක් දාලා එම්.බී.බී.එස්. උපාධිය ඉස්කෝලෙන්ම දෙන්න. පුද්ගලික වෙද විදුහලට ඇමතිතුමාට සහය දෙන අය ඒකටත් සහය දෙයි. කරනවනම් ඔන්න ඇමතිතුමෝ නම පවතින වැඩක්. එතකොට අපට විශ්ව විද්‍යාලේ යන්නේ නැතිවම දොස්තර උපාධිය ගන්න පුලුවන්. බුදු සරණයි අපිටයි අපේ අධ්‍යාපනයටයි දෙකටම.
ඔන්න දෙන්නෙක් ලස්සනට කඩේ යනවා
දෙවි පිහිටයි
සුමන බණ්ඩාර දෙවි පිහිටයි
හොද දෙයක් කොන්ද කෙලින් තියාගෙන මෙම උපාධිය දිය යුතුමයි sb ඇමති තුමාට ජය වේවා .
නිකන් දෙන උපාධිවය වැඩිය සල්ලි ගෙවලා ගන්න උපාධිය වටිනවා
වර්ජන කරන දොස්තරලා ඉන්න රටකට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අත්‍යාවශ්‍යයි
රජයේ වෛද්‍යවරු පෞද්ගලික අංශයේ පුහුණුවීම් කරන්න පටන් ගත්ත දවස තමයි විනාශයේ මුල. ජනතාව දෙවිවරු ලෙස පිළිගත් වෛද්‍ය වෘත්තියේ ගෞරවය කෙළෙසුනා. එහෙම නොවුනා නම් වෛද්‍ය සංගමය කියන දේ ජනතාව එක හඬින් පිළිගන්නවා.ප්‍රමිතියෙන් තොර වෛද්‍යවරු හදන්න කිසි කෙනෙකුට හයියක් ලැබෙන්නේ නෑ. දැන්වත් මේ ගැන හිතන්න.
ලංකාවේ කව්රුත් නොදන්නා දේ තමයි, ලංකාවේ දොස්තරලා නිකම්ම එම්.බී.බී.එස්. උපාධිය කරලා පත්වීම් ගත්තත්, ලෝකේ අනික් රටවල එහෙම වැඩ කරන්න දෙන්නේ නැ හරියට විශේෂ පුහුණුවක් ලබනකං. ලංකාවේ දොස්තරලා හදන්නේ විශේෂ වරප්‍රසාද ලබන සුපිරි පැලැන්තියක් වෙන්න. අද අපරාදයක් කරපු දොස්තර කෙනෙක් අත්අඩංගුවට ගන්න බැ නීතිපතිගෙන් අවසරයක් නැතිව. මිනිස්සු නොදන්නවා උනාට කොච්චරනම් අපරාද කරනවද එයාලා. බෙහෙත් සමාගම්වල සල්ලි වලට යටවෙලා අපේ අහිංසක මිනිස්සුන් හරහා ඔවුන්ගේ බෙහෙත් අත්හදා බලන බව ගොඩක් දෙනා දන්නේ නෑ. මේ වසරේදී පමණක් දොස්තරලා 6 කට වැඩි දෙනෙකු මිනීමැරුම් වලට වැරදිකරුවන් උනා. නමුත් ඒවා මාධ්‍ය තුලින් ප්‍රචාරය වීම වැලැක්වීම තුලින්ම ඔවුන් කොතරම් බලවත් දැයි වැටහෙනු ඇත. එයට අමතරව ස්ත්‍රී දූෂණ චෝදනා බොහොමයක් දොස්තරලාහට එල්ල වී ඇත.
චින්තක ... ඔයා හරියට හරි. ඔය කරන්න යන්නේ ගමේ දුප්පත් ළමයට දොස්තර කෙනෙක් වෙන එක නවත්තන්න යන එක. .... අපිට දක්ෂ දොස්තර කෙනක් බිහිකරන්න නිවැරදී ක්‍රම වේදයක් තියෙද්දී තව මොනවටද පෞද්ගලික ඒවා.
දුප්පතාට තමයි හෙණ වදින්නේ
හොද වැඩක්. ඉගෙන ගැනීමට සැමටම අයිතියක් තිබේ. එය ටික දෙනෙකුට සීමා කළ යුතු නැත. තමන්ගේ මුදල් වියදම් කර ඉගෙන ගැනීමේ ඇති වරද කුමක්ද?
හොද දෙයක් කරනකොට වපර ඇහින් බලන්න පුරුදු වෙන්න එපා. එහෙනම් පිට රටින් අරන් එන වෛද්‍ය උපාධියත් තහනම් කරන්න ඕනා. පුද්ගලික වෙද විදුහලක් දැම්ම කියල, ලංකාවේ රජයේ වෙද විදුහල් වැහෙන්නේ නැහැ, ඇමතිතුමන්ලත් ඉන්නවා ඕකට විරුද්ද. මගේ කවුරුවත් පෞද්ගලික වෙද විදුහලක ඉගනගන්න යවන්න නැහැ, ඒ තරම් මුදලකුත් නැහැ. ඒත් පුළුවන් අය ඉගෙන ගෙන රටට සේවයක් කරනවට මම කැමතියි. කොළඹ දිස්ත්‍රික්කයෙන් උපරිම ලකුණු අරන් වෙද විදුහල් වලට යන්න බැරි අයට වඩා අඩුවෙන් වෙන දිස්ත්‍රික්ක වලින් ලකුණු අරන් වෙද විදුහල් වලට යන ළමයි මේ රටේ ඉන්නවා,
උපාධියක් පිරිනැමීමේදී ඒ සදහා පිළිගත් ප්‍රමිතියක් ඇත. රුසියාව, ඉන්දියාව ආදී රටවල වෛද්‍යය උපාධිදාරීන් ලෝකයේ කිසිදු පිළිගත් රටක් වෛද්‍යවරයකු ලෙස සේවයට ඍජුවම බදවා නොගනුයේ මේ නිසාය. අනෙකුත් උපාධිදාරීන් මෙන් නොව වෛද්‍යය උපාධිය සදහා පිළිගත් ප්‍රමිතිය ඉතා වැදගත් වනුයේ එය මනුෂ්‍ය ජිවිතයක් පමණක් නොව රක්ෂණ වන්දි වලදීද එය ඉතාවැදගත් බැවිනි. අනෙකුත් උපාධිදාරීන් උපාධියෙන් පසු ඍජුවම තම උපාධියට සරිලන රැකියාවක් නොලබන අතර ඔවුන් වෘත්තිය පුහුණුව තුලින් නිසි රැකියාවට පැමිණෙනු ඇත. නමුත් වෛද්‍යවරයා ඍජුවම පුහුණුවෙන් පසු එම රැකියාවට පත්වන බැවින් ලෝකයේ පිළිගත් කිසිදු රටක් නිසි ප්‍රමිතියකින් තොර වෛද්‍යවරයකුට රෝගීන්හට බෙහෙත් කිරීමට නොදෙනු ඇත. මෙවැනි පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යයයි කියන්නන් සහ එවැනි උපාධිධාරින්ට ලංකාව හැර වෙනත් රටකට හෝස් වෛද්‍යවරයකු ලෙස සේවය කරන මෙන් අභියෝග කරමි. එවිට වෛද්‍යවරයකුගේ කාර්යභාරය කවරක්දැයි නිසියාකාරව වටහා ගනු ඇත. ඔවුන්ව අඩුම තරමින් ඖෂදවේදියකු ලෙස ඍජු රැකියාවක් නොලබනු ඇත. ලංකාවේ වටිනාකම පවතිනුයේ නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය සේවය නිසාය, මෙය නැති කිරීම යනු ලංකාවද අප්‍රිකානු රටක බවට පත්වීමකි. නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සැමගේ යුතුකම මෙන්ම කාර්යභාරයක්ද වේ. මෙහිදී කනගාටුම දේ නම් ගමෙන් පැමිණි ගැමියන්ගේ දරුවන්ම ඔවුන්ගේ මිනිසුන්ට වින කිරීමට පෙරමුණ ගැනීමය. ලෝකයේ මුදලට වඩා වටිනා දෑ බොහෝය.
ඔය උපාධීය කොහොම හරි දෙන්න ඕනි
මොලේ තියෙන්නේ කොහේද බලන්න..
දොස්තරලගේ ගෑස් බස්සන නියම වැඩේ .
රටට මරු වැඩක් වෙන්න යන්නේ
සල්ලි වලට උපාධි දීලා මෝඩ දොස්තරලා ඇති වුණාම ලෙඩ්ඩුන්ට වෙන්නේ මොකක්ද?
දන්නා කෙනෙක් පුළුවන්නම් කියන්න. මාලබේ දෙන උපාධිය අපේ අනිත් වෛද්‍ය විද්‍යාලවල දෙන උපාධියම ද ?
උසස් අධ්‍යාපනය විනාශ වෙන්ඩ ඇවිල්ලා, ව්ශ්වවිද්‍යාල සේරම වහලා, උසස්පෙළ ප්‍රථිපල හරියට දෙන්ඩ බැරිව තවම දගලනවා ,අනේ කාලේ වනේ වාසේ.
ලෙඩ්ඩුන්ට දෙයන්ගේම පිහිටයි
මේකට කත් අදින අයටම තමයි සුදුසුකම් නැති බොරු දොස්තරලගෙන් බෙහෙත් ගන්න වෙන්නේ. දොස්තරලට තියන ඉරිසියාවට ඕන දෙයක් කොරයි.
උපාධි දෙන එක නෙවී මෙතන ගැටලුව. ඒවායේ ප්‍රමිතියි ගැටලුව. මේවත් අන්තිමට අර ආචර්ය උපාධි වගේ වෙයි. අනික හිතන්න එපා මේවායින් එන දොස්තරල ඔයාලට පිනට බෙහෙත් කරයි කියලා. උපාධියට ගිය වියදම වගේ දෙගුන තෙගුනයක් හම්බ කරන්න බලාගෙනයි එයාල එන්නෙ.
ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකළ යුතුයි. අද මේ වෛද්‍යවරුන් වෙලා ඉන්න අය මේක හොඳින්ම දන්නවා. ඕන කෙනෙක්ට උපාධියක් ගන්න පුළුවන්, නමුත් ප්‍රායෝගික දැනුමක් නැත්නම් ඒ උපාධියෙන් වැඩක් නෑ. ඔන්න ඔතන තමයි වෙනස තියෙන්නෙ. මේ අය පිටරට ගිහින් වෛද්‍ය උපාධි කරල එන අයත් එක්ක පුදුම ඉරිසියාවක් තියන්නේ. එම නිසා තමයි කිසි කෙනෙකුට පාස් වෙන්න බැරි විභාගයක් තියල ඒ අයව අසමත් කරල, ප්‍රයෝගික පුහුණුව ගන්න ඉඩ දෙන්නේ නැත්තේ. මේ අයගේ තර්කයේ හැටියට ලංකාවේ විතරයි බෙහෙත් කරන්න දන්න දොස්තරලා ඉන්නේ. එහෙමනම් මොකද ලංකාවේ ඉන්න සල්ලිකාරයෝ පිටරට යන්නේ ඒ අයගේ ලෙඩ වලට බෙහෙත් කරන්න? (අපි ගරු කරන ඉතාම හොඳ වෛද්‍යවරු ඉන්නවා. ඒ අය ගැන නෙමෙයි මම කියන්නේ ). එතකොට ලංකාවේ විශ්වවිද්‍යාල තමයි ලෝකේ තියෙන හොඳම විශ්වවිද්‍යාල ?. මේ ඔක්කොම බොරු. අපේ එක විශ්වවිද්‍යාලයක්වත් ලෝකේ පලවෙනි විශ්වවිද්‍යාල 500 අතරේ නැහැ. මම දේශපාලනය ගැන කතා කරන්න කැමති නැහැ. නමුත් අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මීට වඩා ගැඹුරින් මේ ගැන හිතන්න ඕන. පෞද්ගලික විශ්වවිද්‍යාල අපේ රටට අවශ්‍යයයි. මම එහෙම කියන්න හේතු ගණනාවක් තියෙනවා. මීට අවුරුදු 10 කට කලින් අපේ රටේ උසස් පෙළ සමත් නමුත් කඩයිම් ලකුණු අඩු නිසා විශ්වවිද්‍යාලයකට ඇතුළුවෙන්න බැරිඋනු අයට මොනවා හරි ඩිප්ලෝමාවක් කරල රස්සාවක් කරනවා ඇරෙන්න උපාධියක් කරන්න අවස්තා තිබුනේ හරි අඩුවෙන්. (විවෘත විශ්වවිද්‍යාල හැර). සල්ලි තිබුන අය තමන්ගේ ළමයි පිට රට යවල උගන්න ගත්ත. නමුත් අද ඒක වෙනස් වෙලා, පහල මධ්‍යම පන්තියේ අයටත් උපාධියක් ගන්න අවස්තාව විවෘත වෙලා. උපාධි කඩ කියල මේවා හැල්ලුවට ලක්කරන අය එක්කෝ මේ දේවල් දන්නේ නැහැ, නැත්නම් පටු වාසි ගන්න ඇත්ත හංගනවා. අනිත් ඒක මේ පිටරට විශ්වවිද්‍යාල ඒ අයගේ රෑන්ක් එක ගැන හරිම සැලකිලිමත්, ඒ නිසා ඒ අයගේ තත්ත්වයට හානිවෙන විධියට උපාධි දෙන්නේ නැහැ. එහෙම උනොත් ඒ උපාධියට තියෙන පිළිගැනීමත්, විශ්වවිද්‍යාලයට තියෙන පිළිගැනීමත් දෙකම නැතිවෙනවා. මම හිතන්නේ දේශපාලන පක්ෂ එකතුවෙලා මේකට සහය දෙන්න ඕන.
ඔයාලට ඕනනම් නඩු දාන්න..බලමු තීන්දුව මොකක්ද කියලා...
කව්රු කලත් හොද වැඩක් !!! ජයවේවා !!!