කහවත්ත කොටකෙතන ද්විත්ව මිනි මැරුමක මවත් දුවත් මහ පිහියකින් කැපු විගසින් මිය යන්නට ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධරයෝ දෙදෙනෙක්ම කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරාද තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ සාක්කි දෙමින් කීහ.
යුඩී ප්‍රේමවතී(63) හා පුෂ්ප කුමාරිගේ(32) ඝාතන සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී උත්පලා අටිගල මහත්මිය ද රත්නපුර අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර කුමාර දිසානායක මහතාද සාක්කි දෙමින් පැවසුයේ හිස් කබලට සිදු වු බරපතල තුවාල වලින් දෙදෙනාම මිය යන්නට ඇති බවයි.
2012 ජුලි 19 මැදියම් රැයේදී ඔවුන් පදිංචි ගෙය ගිනි තබන්නට කලින් ඔවුන් දෙදෙනාම මිය යන්නට ඇතැයි ඔවුන් කියති. නාමල් චමින්ද සිල්වා ,සිසිර ප්‍රියංකර හෙවත් මිථිල හා ලොකුගම් හේවගේ තුෂාර චෝදනා ලබා සිටිති.
සැප්තැම්බර් 12 වැනිදා තෙක් නඩු විභාගය කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මිනිසුන්ට වෙලා තියෙන්නේ? රටේ මිනීමැරුම් ඉවරයක් නැහැ (නි)
මේ අයව ආයුධ පෙන්වන්න එක්කගෙන ගියේ නැත්තේ ඇයි? (නි)
මේකත් තංගල්ලේ නඩුවේ තීන්දුව වගේ වේයැයි ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. (ස)
මේක තංගල්ලේ නඩුව වගේ නොවේවා කියා පතනවා. (නි)