අධ්‍යාපන අමාත්‍යංශ උපදෙස් නොමැතිව අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ දැරියන්ගෙන් අතිශය පෞද්ගලික තොරතුරු ඉල්ලා ඇත. එම තොරතුරු නොසපයන සිසුවියන්ට ගැටළු ඇති විය හැකි බව මව්පියෝ කියති.
නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවිර දිසානායක මහතා පැවසුයේ දරුවනගේ අතශයින්ම පෞද්ගලික තොරතුරු ලබාගැනිම චක‍්‍රලේඛ මගින් නිර්දෙශ කැර නොමැති බවයි.
‘මෙවැනි ප‍්‍රශ්න පිළිබදව ක‍්‍රියා කළ යුත්තේ සිසුවියකගේ හෝ සිසුවෙකුගේ ගැටළුවකදි පමණයි. එය ලිඛිතව ලබා නොග යුතුයි. අතිශයින්ම පෞද්ගලික තොරතුරු පවුලට පමණක් සිමා විය යුතුයි .‘
ශිෂ්‍යාවන්ගෙන් ගෙන් අසා ඇති ඇතැම් ප්‍රශ්න ඔවුන්ගේ මානසිකත්වයට ද හානිදායක වන බව මව්පියෝ පවසති. පහත සඳහන් ප්‍රශ්න ඔවුන් නිදසුන් ලෙස දක්වති.
ඔබ නිවසේදී වඩාත්ම ආදරේ කරන්නේ කාටද?ඊට හේතු
ඔබට නිවස තුළ අප්‍රියජනක අකමැති කෙනෙක් සිටි නම් ඔහුගේ /ඇයගේ නම
එසේ අකමැති වීමට හේතු?
ඔබ නිවසේදී /මගතොටේදී/පාසලේදී/අමතර පංතියකදී මුහුණ දුන් අමතක නොවන සිද්ධියක් තිබේ නම් ඒ පිළිබඳ විස්තර
ඔබට නිවසේදී /මගතොටේදී/පාසලේදී අමතර පන්තියකදී යම් පීඩාකාරී සිදු වීම් වන්නේද ?එසේ නම් ඒ පිළිබඳ විස්තර
ඔබේ පියා ඔබ ඇතුළු පවුලේ අය අතහැර ගොසින්ද?
ඔහු වෙනත් විවාහයක් කරගෙනද?
ඔබගේ මව වෙනත් විවාහයක් කරගෙනද?
එම ශිෂ්‍ය රහස්‍ය වාර්තාවේ සදහන් ප‍්‍රශ්න සදහා පිළිතුරු ලබා දීම අනිවාර්ය කර තිබේග ප‍්‍රශ්න 44 අසා ඇති අතර එහි සදහන් ප‍්‍රශ්න දහයක් පමණ අතිශයින්ම පෞද්ගලික කරුණු වන බවත් එම ගැටළු ශිෂ්‍යාවන්ගේ නමින් ලිඛිතව සදහන් කර දිම ඉතාමත් ගැටළු සහගත බවත් මෙම වැඩපිළිවෙළට විරෝධය දක්වන මව්පියෝ කියති.
අම්පාර බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි එච්. එම්. ආර්. කොකිලා ප‍්‍රියන්ති මහත්මිය මෙසේ කීවාය.
‘මේ වන විට අප සියලුම ළමයිනට මේ පත‍්‍රිකාව ලබා දුන්නා.එය ලබා දුන්නේ ශිෂ්‍ය උපදේශන ඒකකයේ දත්ත රැස්කර තබා ගැනිම වැදගත් කියලා තිරණය කළ හින්දා අපි පැහැදිලිව කියා තියෙනවා .මේ දත්ත පිටතට නොදෙන බව ඒ වගේම ඒ ප‍්‍රශ්න වලට කැමති නම් පමණක් උත්තර දෙන්න පුළුවන්.ඒ පිළිබදව ගැටළුවක් නෑ .මේ ගැටළුව පිළිබද නැවත වරක් අපි කතා කර පියවරක් ගන්න සුදානම්. ගැටළු සහගත ප්‍රශ්න ඇත්නම් ඉවත් කරන්න මම කටයුතු කරනවා.නැවතත් ඒ ශිෂ්‍ය රහස්‍ය වාර්තා අපි ලබාගෙන නව වාර්තාවක් සකස් කර ලබා දෙන්න කටයුතු කරනවා.‘
අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුනිල් ගුණතිලක මහතා මෙසේ කියයි.
‘මේ පිළිබදව සොයා බලනවා.ශිෂ්‍ය උපදේශන ඒකකය මගින් පාසල් සිසුන්ගේ තොරතුරු තබා ගැනිම වරදක් කියලා මම හිතන්නේ නෑ .නමුත් දැනට මතුවෙලා තියෙන ප‍්‍රශ්නය තමයි මේ රහස්‍ය වාර්තාවේ තිබෙන ඇතැම් ප‍්‍රශ්න අතිශයින්ම පෞද්ගලිකයි කියලා දෙමාපියන් කියනවා. ඒ ගැන සොයා බලා එය නිවැරදි කර මේ කටයුත්ත කළාට කමක් නෑ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් සධාචාර නෑ.(හේ)
දරුවනුත් දෙමාපියනුත් ප්‍රවේශමෙන් කටයුතු කිරීමයි නුවණට හුරු (නි)
මම නම් හිතන්නේ යහපත් දෙයක් හැටියට. තමන්ට ඇති පීඩනය දරාගෙන ඉන්න බැරි, වෙනත් කෙනෙකුට ඒක පවසන්න බැරි දරුවන්ට ඔවුන්ගේ අදහස් එළිදක්වන්න පීඩනය මුදාහරින්න මේක සුදුසු ක්‍රියාවලියක්. මේක හරියට ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් පාසල් ළමුන් අපචාර වලට ගොදුරු වීම විෂමාචාර වලට හුරුවීම සහ ජීවිතවලින් පලායාමට උත්සාහ කිරීම් අවම කරන්න පුළුවන් (නි)
මේ වගේ ප්‍රශ්න දෙමාපියන්ව ගෙන්වා අහනවා ඇරෙන්න දරුවන්ගෙන් අහන්න හොද නෑ නේද?(හේ)
සමහර අයගේ අදහස් බැලුවාම පෙනෙනවා එයාලගේ අනවබෝධය.ඒ අයට අනුකම්පා කරනවා ඇරෙන්නේ කරන්න වෙන දෙයක් නැහැ.පුද්ගලයෙකුගේ පෞරුෂය සදහා ආරය හා පරිසරය බලපාන බව මුලික ඉගැන්වීමක්.ආරය වෙනස් කළ නොහැකි වුවත් පරිසර සාධක වෙනස් කිරීම මඟින් කෙනෙකුගේ තත්වය ඉහළ දැමීමේ හැකියාව තිබෙනවා .මේ සඳහා අදාල ගැටලුවට පත් අය ප්‍රශ්නකරණයට ලක් කර තොරතුරු ලබාගත යුතුයි (නි)
රු 2500/= කින් මුළු පවුලටම ජීවත්වෙන්න පුළුවන් කාලේ මේවා මොනවද? (නි)
අපිට එදා ඉගැන්නුවේ ගුරු දෙවිවරු. මේ වගේ ප්‍රශ්න නම් අපෙන් එදා ඇසුවේ නැහැ. රටට ජාතියට අසල්වැසියන්ට බරක් නොවන්නට දරුවන් ඉගැන්වීමට මෙවැනි තොරතුරු අවශ්‍ය යැයි පවසන්නේ කෙසේද? (නි)
අපේ උප්පැන්න සහතික වල අහලා තිබෙනවා දෙමාපියන් විවාහකද? ඔව් හෝ නැහැ කියලා උත්තර දෙන්න ඕනෑ. (නි)
සමන්ති කියනවා වගේ මේවා දරුවන්ගෙන් නොඇසිය යුතු,පෞද්ගලිකව සොයා බලා රැස්කළ යුතු කරුණු. මොකටද මේ තොරතුරු? ඕවා බලලාම තමයි අපේ පාසල් වල ළමයින්ට සළකන්නේ. මොකටද ඒ හරිය නම්. (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
මේවා ළමයින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න නොවේ. ළමයින්ගේ මානසික ගැටළුවක් ඇත්නම් ළමයාට ගැටළුවක් නොවන සේ සොයාගැනීම උපදේශන කරන්නන්ගේ වගකීමක් (නි)
මේවා මහා අමන ප්‍රශ්ණනේ මේවා හදපු අය ළදරු පාසල් යවන්න වෙයි වගේ ...(අ)
දැන් දැන් ළමා අපචාර වැඩිවෙලා. මව්වරුන් විදේශගත වූ සහ ආරක්ෂාවට වෙනත් නෑදයන් ළඟ නැවැත්තු දරුවන්, මව් පියන් දෙවන විවාහ කරගත් දරුවන් ගැන හොඳ ආරංචි නෙවෙයි ලැබෙන්නේ. ඇතැම්විට දරුවන්ගේ පුද්ගලික තොරතුරු දැනගැනීම ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්වයක් මග හරවා ගැනීමට හේතු විය හැකියි,නමුත් ඒ තොරතුරු ලබා ගැනීමේදී ළමයාව හෝ පවුලේ උදවිය අපහසුතාවයට පත් නොකර ගුරුවරුන් දැනුවත් වීම වැදගත්. (හේ)
මෙම විදුහල්පතිනියට දරුවන් ඉන්නවා නම් එම දරුවන්ගෙන් විදුහල්පතිනියට අනියම් සම්බන්ධතාවයක් තියනවාද? නැද්ද? එසේ තිබෙන්නේ නම් ඔබ ගන්නා පියවර කුමක්ද? වැනි ප්‍රශ්ණ අසා පුරවා ගන්නවාට කැමැතිදැයි අසන්න. (අ)
මේක එක එක අය බලන විදිහ අනුව එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්. නමුත් මේ පාසලේ ඇතිවී තිබෙන විවිධ ගැටළු, ශිෂ්‍යාවාන්ගේ විනය ගැටළු සහ පාසල තුළ හඳුනාගත් සුවිශේෂී ගැටලු හේතුවෙන් මෙවැනි තොරතුරු ගොණුවක් පාසල තුළ පවත්වාගෙන යාමට පාසලේ පරිපාලනය තීරණය කළා වන්නට ඇත. පාසලක පරිපාලනය හා කළමනාකරණය පිළිබඳ මූලික අවබෝධයක්වත් නැති පිරිසක් මෙම පියවර පිළිබඳව කරුනු දැක්වීම එතරම් ඥානාන්විත නැත. (නදී)
පවුල් පසුබිම තුළ පීඩාකාරී තත්වයන්ට මුහුණදෙන ළමුන් පාසැල තුල හැසිරෙන්නේ අමුතුම ආකාරයට. ඔවුන්ට හැකියාවක් නැහැ ඉගෙනුම් කටයුතු වලට තම අවධානය යොමු කිරීමට. ආවේගශීලී , නැත්නම් උදාසීනයි. පියා හෝ මව වෙනත් විවාහයක් කරගෙන ඇත්නම් හෝ එවැනි ගැටළු පවුල තුල පවතීනම් එ්කෙන් වඩාත් පීඩාවට පත්වන්නේ ලමයා. ළමයට එ්ක රහසක් නොවෙයි. ඕක කොලේක ලිව්වා කියල වෙන හානියක් නැහැ. ඒ තොරතුරු රැස් කර ගැනීම ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. එහෙම නම් අපේ ශරීරයේ සමහර ලෙඩ රෝග වලට ප්‍රතිකාර ගන්නත් වෙන්නේ නැහැ. ඇයි දොස්තරට මෙව්වා පෙන්නන්ඩ වෙනවනේ . මොකක් හරි දෙයක් කරන්න ගියාම එ්කේ ඇද කුද විතරක් හොයන එක අපේ රටේ තියන නරක සිරිතක්. දැන් ඔය වැඩේ නැවතුනොත් විකල්ප ඉදිරිපත් කරන්න නම් කව්රුවත් නැහැ. (නදී)
ඔය කියන එක පෝම් එකක් වත් උවමනා නැහැ පන්ති බාර ගුරුතුමිය දැරියන්ට හිතවත්ව කතා කරනවා නම්. (නදී)
ඔක්කොම අනාගෙන (නදී)
මේවා රහස් ලෙස තබාගෙන හරිහැටි පාවිච්චි කරනවා නම් ඉතා හොඳයි. කිසි වරදක් නෑ. බොහෝ විට දෙවැනි පියාගෙන් පළමු විවාහයේ දරුවන් කෙලෙසීමට භාජනය වෙනවා. තත්වය දැනසිටියොත් ළමා උපදේශකයන්ට පුළුවන් වෙනවා දරුවන් දැනුවත් කර තබමින් වැරදි නොවන්නට වග බලාගන්න.(නදී)
මේ සමහර ප්‍රශ්න නිවෙස්වල ගැටළු ඇති අයට මොන විදිහට මනසට බලපාවිද ? මෙවෙනි දේ අහන්නේ ගොසිප් හොයන්නද ? ළමයි සමහරවිට පාසැල් එන්න අකමැති වෙන්නත් ඉඩ තියෙන්න පුළුවන් (නදී)
මේ සමහර ප්‍රශ්න නිවෙස්වල ගැටළු ඇති අයට මොන විදිහට මනසට බලපාවිද ? ? ළමයි සමහරවිට පසෙල් එන්න අකමැති වෙන්නත් ඉඩ තියෙන්න පුළුවන් (අ)
ලංකාවේ රජයේ සේවකයන්ට කරන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද? (නදී)
මේ වගේ ප්‍රශ්නයක්දී මේ දරුවන්ගේ වගකීම පාසලේදී බාරගන්නා විදුහල් පති තුමිය ඇතුළු ඔය කියන ශිෂ්‍ය උපදේශන කණ්ඩායම නිර්දය ලෙසට විවේචනය කරන්න තරම් කලබල නොවුණත් විශේෂයෙන් විදුහලෙපති තුමිය වැනි ළමා මනස පිළිබද හසල අත්දැකීම් ඇති නිලදාරීන්ගේ නොසැලිකිලි බව හෝ දැනුමේ තරම මේ සිද්දියෙන් සමාජය වෙත හොදින් පෙන්වා දෙනු පෙනේ .වැරැද්ද කොතනින් හෝ නිවැරිදි වේ යන විස්වාසය සහ ඔව්නට අනුකම්පා කිරීම හැර වෙන යමක් සදහන් කරනු යනු නිකරුනේ ලේ රත් කර පුළුස්ස ගැනීමකි . (අ)
කෝකිලා කොයි ඉස්කෝලෙටද ගියේ ? ඇත්තටම ඉස්කෝලේ ගියා ද ? (අ)
මේක අලුත් ම මොනෝ විකාරයක්.අපිත් පාසල්වල ඉගෙනගන්තානේ. අපේ කාලයේ ඔවැනි දත්ත ගුරුවරුන්ට අවශ්‍ය වුනේ නෑ.ගුරුවරු දෙවියන් වගේ. ඉගෙන්නුව.යුතුකම් කළා. අපි පාඩම් කළා. ඉහලට ආවා. දැන් විකාර.නිලධාරීන්ටයි ගුරුවරුන්ටයි වැඩ නෑ එ්කයි. (අ)