ඉතිහාසයේ වසරක් තුලදී මෙරටට පැමිණි වැඩිම චීන සංචාරකයින් ප්‍රමාණය වාර්ථා කරමින් දිවයිනට පැමිණි 100,000 වන චීන සංචාරක යුවල කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී අද උදෑසන උත්සවාකාරයෙන් පිළි ගනු ලැබීය.
චීනයේ ෂැංහායි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 846 දරණ ගුවන යානයෙන් මෙරටට පැමිණි චෙන් හූයි හුවා (30) මහත්මිය සහ යන්ග් හා (33) මහතා මෙම වාසනාවන්ත සංචාරක යුවල විය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති භාෂ්වර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීහු ඔවුන් වෙනුවෙන් විශේෂ තිලිණ පිරිනැමුහ.
වෘත්තියෙන් ව්‍යාපාරිකයින් වන මෙම යුවල සුවඳ විළවුන් ආයතනයක් පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකාව පිළිබඳ දක්නට ලැබු වෙළඳ ප්‍රචාරණ දැන්වීමක් නරඹා මෙරටට පැමිණි බව ඔවුහු කටුනායකදී කීහ.
2005 වර්ෂයේදී මෙරටට පැමිණ ඇති චීන සංචාරකයින්ගේ ප්‍රමාණය 9668 කි. එ් වන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන ප්‍රධාන රටවල් 10 ට ඇතුලත්ව නොතිබු චීනය අද වන විට මෙරටට සංචාරකයින් සපයන තුන්වන රට බවට වසරක් ඇතුලත පත්ව ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා සංචරණය චීනයේ ආරම්භ කළ දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙල මගින් ශ්‍රී ලංකාව සුන්දර, නිදහස් හා සාමකාමී සංචාරක ගමනාන්තයක් බව චීනයේ පොදු ජනතාවට දැනගැනීමට හැකි වු බවත් එනිසා වසරක් ඉක්ම යාමටත් පෙර චීන සංචාරකයෝ ලක්ෂයක් මෙරටට ආකර්ශණය කර ගැනීමට හැකි වී ඇති බවද කීය.
එලෙසම 100,000 වන වන සංචාරකයාගේ පැමිණීම සමරමින් චීනයේ කුන්මිං නගරය ආශ්‍රීතව දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් සිදුකිරීමට නියමිතය.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ප්‍රවණතාවයක් (නි)
කිසිම දෙයක් කලාට හොදක් නොකියන පිරිස් ඉන්නවා.(හේ)
මට කියන්න දෙයක් ඉතිරි කරලා නැහැනේ.අමිල කියන දේ හරියටම හරි.(හේ)
චීන ජාතිකයෝ ලංකාවට එන්නේ හරියට අපි අවරුද්දකට 2-3 සැරයක් කතරගම යනවා වගේ.(හේ)
සුවඳ විලවුන් ආයතනයක හිමිකරුවෝ නම් වල්ලාපට්ට අරගෙන යන්න ආපු ජෝඩුවක්ද දන්නෙත් නැ ...(අ)
මගේ ඉන්දියන් යාලුවෙක් චීනයේ දින 7 ක පුහුණුවට ගිහින් ඇවිත් මට කියනවා චීන්නු හිතන් ඉන්නේ ලංකාව දැන් එයාලගේ යටත් විජිතයක් කියලලු.ඔබලාගේ රටේ මිනිස්සු මේවට විරුද්ධ වෙන්නේ නැද්ද කියල මගෙන් අහනවා.රටේ බත් කන හරක් ඉන්නවා කියල කියන්න බැරි කමට අහගෙන හිටිය.(අ)
දන්නේ නැති දේවල් කතාකරන්න එපා.අපේ රටේ ඉහලම කට්ටිත් චීන සම්භවයට නෑකම් කියනවා.අපි චීනයට සදා කල් ණයගැතියි.අපේ රටෙන් බාගයක් චීනයට ලියලා දුන්නත් පවු නැහැ.චීනය දිනේවා.චීන ජාතිකයින් තව තවත් අපේ රටට පැමිණේවා.චීන තාක්ෂණයත් අරගෙන අපේ රටට ඇවිත් අපේ ගැහැනුන්ව කසාද බන්දලා අපේම අයවාගේ ජීවත්වෙන්න.(අ)
තිලක් ඩුබායි ඔයාට හමුවුණු ඉන්දියානුවා එහෙම කිව්වත් මේ රටේ විශාල ආයෝජනයක් කරන ඉන්දියානුවෙක් අපිට කිව්වේ අතීතයේ සිට මේ රට ඉන්දියන් ප්‍රාන්තයක් කියලයි.එය නිවැරදි කරන්න අපිට ගොඩක් අපහසු වුනා.ඉන්දියානුවෝ තමන්ගේ ප්‍රබලම තරගකරුවා ගැන චීනේ ගැන හොදක් කියයිද?ඔච්චරටම මෝඩ වෙන්න එපා. (අ)
ඉස්සර යුරෝපයට වැඩියෙන්ම අවේ ජපන්නු , අමෙරිකනුවන් දැන් චීන්නු වාර්තා බිදලා (අ)
සුබ පැතුම්! (නි)
සඳුනි, බන්දුල පෙරේරා, පිස්සු වැටීගෙන එනවද? කිසිම තේරුමක් නැති අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ වගේ මිනිස්සු ගැන දුකක් අනුකම්පාවක් ඇතිවෙනවා. මේ වගේ පුද්ගලයෝ ඉන්නාතුරු රටට හොඳක් සිද්ධවෙන්නේ නැතිඑක ගැනත් ගොඩක් ලොකු කළකිරීමක් ඇතිවෙනවා. (නි)
මම දුටු දෙයක් තමයි චීන සංචාරකයන් ඔවුන්ගේ වත්පොහොසත්කම අනුව ඔවුන් සංචාරය කරන රට වෙනස් වෙනවා කියන එක. හේතුව තමයි ඔවුන්ගේ වත්පොහොසත්කමේ වෙනස.චීන ජාතිකයන් ඕස්ට්‍රේලියාවේ සැහෙන ඉඩකඩම් මිලටගෙන තියෙනවා.ඔවුන් තමයි ඕස්ට්‍රේලියාවේ නිවාස මිල අනවශ්‍ය විදියට ඉහළ දමන්නේ. ඉඩකඩම් වටිනා ගානටත් වැඩිය ගෙවලා වෙන්දේසි වලදී මිලදී ගන්නවා.සාමාන්‍ය කෙනෙකුට නිවසක් මිලදී ගන්න ගියාම බොහෝ අපහසුතාවයන්ට පත්වෙනවා. (නි)
ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ චීන ජාතිකයෝ දුප්පත් කියල . (හේ)
එතකොට අර සංචාරකයින් විදිහට හා හම්බන්තොට වරාය, බලාගාර , අධිවේගී මාර්ග වල වැඩකරන කට්ටිය හා හොරෙන් ආ වීසා නැති අය? (නි)
චීනයෙන් ප්‍රවේශම්වන්න.ඔන්න ඔය ටික තමයි කියන්න තියෙන්නේ. චීන්නු දැන් ඕස්ට්‍රේලියාවේ රැකියා වෙළඳ පල තමන්ගේ අතට අරන් ඉවරයි. සමහර රැකියා වලට ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව නෙවෙයි චීන භාෂාව දන්නා උදවිය. ඕනෑම තැනක් තමන්ට ඕන හැටියට හරවා ගන්න දන්නා ජාතියක් . (අ)
මම දන්න විදියට චීන්නු හරිම කපටියි. (නි)
පසුගියදා මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත්කළා චීනය ඇමරිකාව අභිබවා ලෝක ආර්ථිකයේ හිනිපෙත්තටම නැඟුනු බව.මේ ඉලක්කයට ළඟාවේවි යැයි අනුමාන කර තිබුනේ 2019 වර්ෂයයි. නමුත් අවුරුදු පහකට ප්‍රථම ඔවුන් ඉලක්කය පසු කළා. (නි)
ලෝකයේ ඉහළපෙලේ රටවල් සමඟ සහයෝගයෙන් ඉන්න එක හොඳයි, (හේ)
මට නිලන්ත ලියපු දේට මෙහෙම හිතුනා. ඔයා කියපු කතාව ඇත්ත. මොකද ඒකෙන්ම පේනවා ඔවුන්ගේ එකමුතු කම. අපේ සිංහලයෝ පිටරටකදී විතරක් නෙමෙයි ලංකාවේදීත් වැඩිපුර කතාකරන්නේ සුද්දගේ භාෂාවෙන්. ඉතින් රටින් පිටගියම සිංහල බැහැ කියල බොහොම ආඩම්බරයෙන් කියන අයත් ඉන්නවා. අපිට අපේ භාෂාව වත් හරියට කතාකරන්නේ නැති අයත් එක්ක එකතුවෙලා රටක් දියුණු කරන්න පුළුවන් වෙයිද? ඒ අතින් චීන එයාලගේ භාෂාවත් ආරක්ෂාකරගෙන ව්‍යාපාරත් දියුණුකරගෙන ඉදිරියට යනවා. අපේ එකමුතුකම නැති එකටත් , සිංහල බැරි සිංහලයෝ ගැනත් අපි ලජ්ජවිය යුතුයි (නදී)
අපේ රට වගේ රටවල් වලට නොරොච්චෝලේ වගේ දේවල් විකුණලා, ලංකාවේ ඉඩම් ටිකත් අයිති කරගෙන වෙන්ට ඕනා ඔය කියන ලෝක ආර්ථිකයේ ඉහලටම ගියේ. මේඩ් ඉන් චයිනා කියල පොතක් තිබ්බා ඔයාල පොඩ්ඩක් ඒක හොයාගෙන කියවන්න චිනාගේ හැටි දැනගන්න. ඔය ආව සංචාරක චීන්නු සැහෙන්න කොටසක් ගම් වල හිටං ඔරලෝසු, ෆෝන් (ඒවත් චීන කොපි තමයි) විකුනනවා මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ලංකාවේ මෙච්චර මිනිස්සු ඉන්දැද්දී චීනා ලංකාවේ වැඩ. මේ චීන අතපෙවීම් සුබවාදීව දකිනවා නම් එක්කෝ ඒ මිනිහගේ මෝඩකම. සුද්දෝ ලංකාව කෑවා කියන අයට චීනා මේ රට කන එක නොපෙනීම පුදුමයක්. ඉඟුරු දීල මිරිස් ගත්තා කියල ප්‍රස්තාවපිරුලක් ජන සමාජේ තියෙනවා කියලත් මතක තබා ගන්න. (නදී)
මෙයාල අපේ රටට එන්නේ සංචාරයට වඩා ව්‍යාපාර කටයුතු වලට (නදී)
රුමේෂ් ගේ බුද්ධියට අනුකම්පා කරනවාට වඩා මොනවා කරමුද.?චීනේ විතරක් නෙමෙයි ඇමරිකාව ..ඉන්දියාව යුරෝපය ..සහ අරාබි රටවල් වලටත් යටි අරමුණු රැසක් තියෙනවා.එහෙම කියලා ඒ රටවල අත්හැරලා බැහැ.නිදසුනක් ලෙස අපිට ඉන්දියාවත් එක්ක තියෙන්නේ වාණිජ වශයෙන් ඉතා අවාසි පරතරයක්.හැබැයි ඇමරිකාව සහ යුරෝපයේ වෙළද පරතරය ඉතා වාසි සහගතයි එහෙම කියලා ඉන්දියාව අතහරින්න හෝ යුරෝපය හමුවේ දනින් වැටෙන ප්‍රතිපත්තියක් තියා ගන්න බැහැ.(අ)
දෙන්නා හොඳටම බයවෙලා වගේ (නදී)
අපේ මිනිස්සු දකින්නේ වැරදි විතරි . චීන එළවලු රොටියක් කෑවත් , ඒ සල්ලි කාටද හම්බවෙන්නේ , අපේ රටේ දුපත් මිනිහකුට . හෝටලේ ඉස්සරා දොරින් ඈතුල්වෙලා අනිත් දොරෙඉන් එලියට ගියත් අපේ මිනිස්සු සල්ලි නොගෙන ඉන්නවද ? (අ)
වසර දෙක තුනක සිට තමයි මේ ගොල්ලෝ සංචාරය කරන්නේ. යුරෝපීයයන් සමග සංසන්දනය කරන්න බැහැ. (නදී)
මේ එක චීන සංචාරකයේක් කීයක් විතර වියදම් කරනවාද කියල දැනගන්න කැමතියි (නදී)
සුවඳ විලවුන් ව්‍යාපාර කරනවා නම් ලංකාවේ වල්ලපට්ට ටික පරිස්සන් කරගන්න වෙයි වගේ (නදී)
ගුවන්තොටුපොළේ කාක්කනේ, බීච් බෝයි මදුරුවනේ, පේමන්ට් වෙළඳ ත්‍රස්තවාදිනේ, ස්ත්‍රී දුෂක මාර පුත්‍රයිනේ, අනෙකුත් කෂ්ට කයිරාටික ගල් ආදනේ කෝටි ගණන් වියදම් කරලා හදා දුන්න සංචාරක වෙළඳපොල විනාශ නොකර බලා ගනිල්ලා. (නදී)
මේ ගණන් බලලා තියෙන්නේ ලංකාවේ ව්‍යාපෘතිවල සේවය කරන්න එන චීන ජාතිකයොත් එක්ක වෙන්න් ඇති ආදී වේගී මාර්ග ව්‍යාපෘතිවල විශාල චීන ජාතිකයෝ පිරිසක් සේවයේ යෙදෙනවා. (අ)
මේක දැන් චීනගේ රටනේ. ඉතින් උන් ඔච්චර එන එක පුදුමයක් නෙවේ (නදී)
ගුවන් ගමන් සේවා තව වැඩි කල යුතුයි. කොළඹ නගරයේ කොටසක් චීන ව්‍යාපරිකයින්ට බදු දී චීන ටවුන් එකක් පටන් ගනිමු. චීනු දිගට හරහට ඒවි. ඒත් බටහිර යුරෝපය අමතක කරන්ඩ එපා. ජර්මනිය, ප්‍රංසය, එංගලන්තෙය් සංචාරකයින් රටට මුදල් වැඩිපුර ගේනවා (නදී)
ලංකාවට ආ පමණින් රටට විනිමය ගෙන එන සංචාරකයන් වෙන්නේ නැහැ. (අ)
කෝ අනේ ඔය එනවයි කියන ය කොහෙද ඉන්නේ හොටෙල් වල බාගයක් හිස් පසු ගිය මස පහේම 50% කාමර ප්‍රතිසතය තියාගන්නෙත් බැංකුවල ක්‍රෙඩිට් කාර්ඩ් ප්‍රෙමොෂන් වලින් එන අපේ රටවැසියන්ගේ පැමිණීමෙන් (අ)
චීන සංචාරක ලක්ෂ පති යුවල සුවඳ විලවුන් නිෂ්පාදනයේ යෙදෙන නිසා ගුල්ලෝ ගගහ දිරා පත්වෙන රාජ සන්තක කරපු වල්ලා පට්ටා ටිකක් තෑග්ගට දුන්නාම් අපේ රට ගැන චීනයේ තවත් ප්‍රසිද්ධ වෙයි ! (අ)
අපේ ලංකාවෙන් බෝට්ටුවෙන් හොරෙන් ඔස්ට්‍රේලියාවට ගිය 100,000 වන පුද්ගලයාටත් අන්න සම්මානයක් ලැස්ති කරලලු (අ)
අපේ ගුවන් තොටුපලේහි විවිධ සේවා සපයන කාර්ය මණ්ඩලවල අවධානය, සිය රාජකාරිය ගැන නොවන බව මෙම පොටෝ වලින් හොඳට පෙනෙනවා.මෙවන් වටා පිටාවන් ගුවන් තොටුපලකට ඔබින්නේ නැත . (අ)
ඔය කියන චීන සංචාරකයන් සමහර අය අපේ ගම් පැතිවල ගෙයක් ගානේ ඇවිදිමින් සුවද විලවුන් ,ඔරලෝසු වගේ දේවල් විකුනනවා. (නදී)
නිකන් බබ්බු රවටන්න එපා. චීන්නු කියන්නේ දෙන්නේ මොනවද කියන එක නොවෙයි ගන්නේ මොනවද කියා හොයන ජාතියක් (නදී)
කවුරු මොන විදියේ අදහස් දරුවත් නවතම දත්ත වාර්තා අනුව ලෝක ආර්ථික බලවතා චීනය. සංචාරක ක්ෂේත්‍රය පමණක් නෙමෙයි ව්‍යාපාරික ක්ෂේත්‍රයේත් අපට හොද අවස්තාවක් චීනය තුල තියෙනවා. පෞද්ගලික ව්‍යාපාර ආයතනයක සේවය කරන මම ඒ වෙනුවෙන් චීනයට ගිහින් තියෙන නිසා ඒ බව පැහැදිලිව දන්නවා. මැණික් වගේ ක්ෂේතයන්හි චීනය තුල කෙරෙන ව්‍යාපාර වලට හොද අනාගතයක් තියෙනවා. උත්සාහවන්ත තරුණ අයට මේක හොදම අවස්තාවක්. අමතක නොකළයුතු දෙයක් නම් අපේ අයගේ මුදල් ඇදගැනීමේ ක්‍රම එහි ඕනෑතරම් තිබෙන බව. බුද්ධිමත් නොවී ඒවාට අසු වුනොත් සොරිම තමයි. (නදී)
මේ එන සංචාරකයෝ පරාටා 2 ක් කාලා ප්ලේන්ටියක් බීලා බස් එකේ යන්නේ (අ)
පිස්සු තමා චීන නූල්ඩස් කක අගුවක හරි නිදියි.සල්ලි වියදම් කරන විදිහ මම හොඳට දන්නවා. (අ)
ලංකාවෙනුත් තායිලන්තයට,සිංගප්පුරුවට කොච්චර සංචාරකයින් යනවාද? (හේ)
කීදෙනෙක් අපහු ගියාද කියල කව්රුත් දන්නේ නැහැනේ. චීන ජාතිකයෝ පස්ස පැත්තෙනුත් හිනා වෙනවා ඇති අපේ මේ විගඩම් වලට. (අ)
සඳුනි ට ස්තුතියි. අපේ සමහර අය හිතන්නේ සියලුම චීන්නු දුප්පත් අය කියල. චිනේ කෝටිපතියන් දැන් ගොඩක් අය ලෝකේ වටේ සංචාරයේ යනව. (අ)
අනේ සඳුනි, මුන් හෝටලේ ඉස්සරහ දොරෙන් ඇතුල්වෙලා බීච් එකට ගිහින් එළවලු රොටී කන ජාතියේ අය. ලක්ෂ 5ක් ආවත් රටට වැඩක් නෑ. අනික සංචාරක වීසා වලින් ඇවිත් ජොබ් කරන අයත් මේකට එකතු කරලා තියෙන්නේ. අපි නොදන්නා චීන්නු. (අ)
හරියටම හරි සදුනි....සදුනිගේ අදහසට මමත් එකගයි ..එන චීන ජාතිකයින් තේ එකක් බීලා කොත්තු රොටියක් කෑවත් ඒ සල්ලි චිනෙට බව අමතක කරන්න එපා ... කන්නාඩි දාගෙන බලන අයට පෙන්නේ...(හේ)
බොහෝ අදහස් බැලුවම මිනිසුන් මෙතරම් දුෂ්ඨද කියල හිතෙනවා.(හේ)