නකල්ස් රක්ෂිතය ආශ්‍රිත දුර්ලභ වන සතුන් දඩයම් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රිරෝමනි නියාගම මහත්මිය නියෝග කළාය.
එස්.එම්.සිරාජ්, කොඩිතුවක්කු ආරච්චිගේ නලින්ද වීරතුංග, කොඩිතුවක්කු ආරච්චිගේ රවීන්ද්‍ර වීරතුංග, චන්ද්‍රසේකර් විජයකාන්ත්, ගලබඩ ලියනගේ රුෂීන් සංජීව සමරනායක සහ එම්.නන්දකුමාර් යන අය එසේ රිමාන්ඩු කරනු ලැබූහ.
රන්දෙනිගල වනජීවි නිලධාරින් විසින් සැකකරුවන් තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුයේ පන්විල පොලිසිය සමග වනඡිවී අඩවි වන නිලධාරින් කළ මෙහෙයුමකිනි.
ෆේස්බුක් ඔස්සේ මෙම සතුන් දඩයම් කළ ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමග සැකකරුවන් හඳුනාගැනීමට හැකිවිය.
ඡායාරූප - චමිල් රූපසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වනජීවී එක වහලා ෆේස්බුක් එකෙන් පැමිණිලි ලියාගන්නා ක්‍රමයක් සකස් කළයුතුයි. එමඟින් වනජීවී එක නඩත්තු කරන මුදල් ඉතිරි කරගත හැකියි. (නි)
මස් වෙළදාම තහනම් කරන්න බැරි හේතුව රට පාලනය කරන්නේ ඒ වගේම කට්ටිය නිසා (හේ)
එතකොට මේ අවි වලට බලපත්‍ර තියනවද? (හේ)
ඇයි මේ මස් වෙළඳාම තහනම් කරන්න බැරි කිසිම රජයකට? (නි)
මෙතන අදහස් දාන සමහර අය හරක් කුකුළන් මැරීම ගැනත් කතා කරනවා. නමුත් මතක තියාගන්න මේ අය මරලා තියෙන්නේ මස් පිණිස ඇතිකරන සත්තු නොවෙයි. වඳවීයන නීති මඟින් ආරක්ෂා කරලා තියෙන සතුන්. (නි)
රොහාන්, එක සැකකරුවෙක් කියලා තියෙනවා ඔහු සමග හිටපු කෙනෙක් තමා මේ ඡායාරූප එෆ්බී එකට දාලා තියෙන්නේ කියලා. මම හිතනවා වනජීවී නිලධාරීන් පවා දැනුවත් වෙන්න ඇත්තේ ඉන්පසුවයි. (නි)
වනජීවී නිලධාරීන්ව කවුරුහරි දැනුවත් කරනවා නම් මෙවන් අකටයුතුකම් ගැන, ඔවුන්ගේ සේවය වඩා ඵලදායීව ලබාගත හැකියි (නි)
සත්තු කියන ගණයට වැටෙන්නේ හරක් පමණයි. (නි)
මොවුන්ට ඇප දෙන්න එපා (නි)
එතකොට මාළු, හාල්මැස්සෝ, ඉස්සෝ? (නි)
ශාන්ත, වනජීවී එක කරන මෙහෙවර අවතක්සේරු කරන්න නරකයි (නි)
ෆේස්බුක්එකෙන් අල්ල දෙනකම වනඡිවී නිලධාරීන් මොකද දන්න නැහැ කළේ දැන් නිකම් වීරයෝ වෙන්න හදන්නේ.(බ)
මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව අපැහැදිලි සාක්ෂි හේතුවෙන් ඔවුන්ගේ නීතිවේදීන්ට ඔප්පුකළ හැකියි නේද? ෆොටෝෂොප්/ වෙනත් මෘදුකාංග භාවිතා වී ඇති බව ඔවුන්ට පැහැදිලිවම ඔප්පු කළ හැකි බව මගේ අදහසයි (නි)
මොවුන්ට දියහැකි උපරිම දඬුවම ලබාදෙන්න (නි)
දර්ශන, මේවා නීත්‍යානුකූල නිසයි විකුණන්නේ. මේවයින් ලොකු සතෙකු මරන්න බැහැ. මා ළඟත් තිබෙනවා. ඒ සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න. තමන්ගේ වගාවන් විනාශ කරනකොට ඔයා කියන අනුකම්පාව කොහෙද කියාවත් හොයන්න බැහැ. ගහක මලක් එනකොටම වඳුරන් කඩාගෙන කනවා. ගෙඩියක් හැදෙන්නේ නැහැ. එකම පිහිට වායු රයිපලය. (නි)
ෆේස්බුක් පින්තූර වල මීට වැඩිය අවි ආයුධ තිබුණා. අඩුමගානේ තුවක්කු තුනක්වත් තිබිය යුතුයි, අනිවාර්යයෙන්ම. ඒවාද මොවුන් ලවා සොයාගන්න (නි)
කිරන්, එතකොට මිනිස් මළපහ අනුභව කරන ඌරා, මස් වැද්දන් විසින් ඝාතනය කර ඔබටම අනුභව කිරීමට සැළැස්වීම ඉතාමත් යහපත් ක්‍රියාවක් ලෙස ඔබ කල්පනා කරනවද? හරකාට පව් වුණාට ඌරු මසේ රස වැඩිහින්දාද මන්දා සමහරක්ට ඌරව මතකත් නැහැ. (නි)
දර්ශන, මෙයාලා අවසර අරගෙන මේවා විකුණන්නේ බලපත්‍ර තිබෙන අයට පමණයි (නි)
හරක් මරණ මස් වැද්දන් අත්තඩංගුවට ගනු (බ)
මොවුන් හට දඩුවම් පැමිණවීම ඉතා හොඳයි - නාරාහේන්පිට එක්තරා ස්ථානයක වායු පිස්තෝල සහ වායු රය්ෆල් පුවත් පත් දැන්වීම් මගින්ම ප්‍රසිද්ධ කර අලවි කරනවා , මේවා ලංකාවේ විකිණීම නිත්‍යානුකූලද ? (බ)
වැද්දා දින 4 හිරේ මදිනේ මොකද සැහැල්ලු දඩුවම් (බ)