(රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ සභාපති හා උප සභාපතිවරයා තේරීම සඳහා අද (28) පැවැති ජන්ද විමසීමේදී සභාවේ දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති විය.
එක්සත් ජාතික පක්ෂයෙන් සභාවට තේරි පත්වි ඇති මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිම හේතුවෙන් ඇය ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් විසින් සඟවා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පලනි දිගමිබරමි මහතාගේ ආධාරකරුවන්ගෙන් එල්ල වු චෝදනාවක් සමඟ මෙම ගැටුම්කාරී තත්ත්වය උද්ගත විය.
ඡන්දය පැවැත්වෙන ස්ථානයට හා පොලීසියට ගල් මුල් ප්රහාරද එල්ල වීමෙන් තත්ත්වය පාලන කිරීම සඳහා කැරලි මර්ධන ඒකකය කැඳවීමට පොලීසියට සිදු විය.
මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා ප්‍රධානත්වයෙන් උදෑසන 10.30 මස්කෙළිය අම්බාල් ශාලාවේදී මෙම ඡන්ද විමසීම පැවැත්වු අතර එහිදී ලංකා කමිකරු කොංග්‍රසයේ හා ස්වාධීන කණ්ඩායමක සහයෝගය මත සභිකයන් අටදෙනෙකුගෙන් සමන්විත මස්කෙළිය ප්‍රාදේශිය සභවේ සභාපතිනිය ලෙස ලංකා කමිකරු කොංග්‍රසයේ සෙමිබගවල්ල මහත්මියගේ නම යෝජනා කෙරිණි.
අනතුරුව සභාපති ධුරය සඳහා වෙනත් කිසිවකුගේ නම් ඉදිරිපත් නොවීමෙන් සෙමිබගවල්ල මහත්මිය සභාපතිනිය ලෙස තේරිපත් වුවාය. උප සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෙරියසාමි ප්රදිපන් මහතා පත් විය.
එම පත් කිරීම් සිදු කිරීමත් සමඟ ඇතිවු ගැටුම්කාරී තත්ත්වය මුල් කරගනිමින් සභාව දැඩි උණුසම් මුහුණුවරක් ගත්තේය.
මේ වන විට ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.
ඡායාරූප - ගාමිණී බණ්ඩාර
ඡායාරූප - රංජිත් රාජපක්ෂ
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මස්කෙළියේ මන්ත්‍රීවරියක් සඟවාගෙන යැයි ගැටුමක්
hira Wednesday, 28 March 2018 06:46 AM
ජනතාවට සේවය කොරන්න මේ අය විදින දුකක්.
Hafeel Wednesday, 28 March 2018 07:12 AM
කලින් පැවතී මනාප ඡන්ද ක්‍රමයෙන් ආධාරකරුවන් අතර ගැටුම්. හැබැයි දැන් පවතින ඡන්ද ක්‍රමයෙන් මන්ත්‍රීවරු අතර ගැටුම්. කෙසේවෙතත් පවතින ක්‍රමය හොඳයි කියන්නොන මන්ත්‍රීවරු අතර ගැටුම් නිසා.
lalithsjm Wednesday, 28 March 2018 07:28 AM
අපි මොනාද කරන්නේ හැමදාම වැඩ කරනවා අඹු දරුවෝ බලා ගන්නවා එත් මේ උත්තමයන් රටට කරන සේවය අපිට හිතා ගන්නවත් පුලුවන්ද ?
Aslam Wednesday, 28 March 2018 09:28 AM
තමාට පෙර රට යන පදනම මත සේවය කරන්නම්...