නැගෙනහිර මහ ඇමැති අහමඩ් නසීර් නාවික හමුදාවේ උසස් නිලධරයකුට ත්‍රිකුණාමලය සාම්පූර් මහ විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්ව සිටියදී බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ගත යුතු බව මුස්ලිම් කොංග්රස් නායක රාවුෆ් හකීම් මහතා ත්‍රීකුණාමලයේ කින්නියාවේ පැවති රැස්වීමක දී පැවසීය.
“මහ ඇමැති අහමඩ් නසීර් ඔහුගේ ඉවසීම පාලනය කරගත යුතුව තිබුණා. මා කියන්නේ ඔහු ප්රසිද්ධීයේ සමාව ඉල්ලා සිටිය යුතු බවයි. මෙවැනි ක්‍රියා වලින් ජාතිවාදීන්ට හා අවස්ථාවාදීන්ට අවස්ථාව සලසා දිය යුතු නැහැ. පරාජිත දේශපාලන බලවේග වලට යළි නගී සිටීමට ඉඩ නොතැබිය යුතුයි. මුස්ලිම් ජනතාව ඉවසන්න ඕනෑ. ඉවසීම ඇත්නම් දිගු ගමනක් යා හැකී.” යැයි ද හකීම් මහතා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ඒ කියන්නේ දිගු ගමනක් යන්න හිතාගෙනද ඉන්නේ? ඒ වචන ටික ගැන ටිකක් ගැඹුරින් හිතලා බලන්න වෙනව. (නි)
ස්තුතිය හකීම් මහතාණනි! ඔබගේ කතාව කොළඹදී නොව ත්‍රිකුණාමලයේ, කින්නියාවෙදීම කළ නිසා අගයමි. මහ ඇමතිතුමත් සමාව ඉල්ලා කණගාටුව පළකළානේ. වැරදි,අඩුපාඩු සිදු නොවන්නේ කා අතින්ද..? මෙය මෙතනින් එහාට ගෙනයායුතු නැහැ. තවත් ජාතිවාදී අමිහිරි අත්දැකීම් ලංකාවට අවශ්‍ය නැහැ (නි)
දිගු ගමන අපිටනම් තේරෙනවා මහත්තයෝ අපේ මෝඩයන්ට නොතේරුනාට , ඔයාලගේ පැත්තෙන් ඉවසන්නේ තව ටිකක් ගොඩ වැඩි කරගන්නකම් විතරයි ඊට පස්සේ සංහිඳියාව හොයන අපට පනින්න වෙන්නේ මුහුදට තමයි ඔන්න ඕක තමයි ඉවසන්න කියන්නේ (අ)
මේ අවස්ථාවේදී එතුමා මෙහෙම පියවරක් ගත්ත එකත් ලොකු දෙයක්.(ම)
ඔය දිගු ගමනේ අවසානය තවත් පකිස්ථානයකින් ඉවර වේවි! (බ)
හකීම් මහත්තයෝ ඔබට අපේ ප්‍රණාමය. ඔබ නියම මහත්මයෙක් (බ)
වැරද්දක් කලාම් මොනවද ආයේ කොන්දේසි. හකීම් මහත්මය හරි වැරැද්ද කලානම් සාධාරණව සමව ගන්නම වෙනවා. එක හමුදාවක ගෞරවය.(කෞ)
ඔය කිව්වට ඕවා වෙයිද? රණවිරුවන්ට දණින් වැඳ වැටී, මහ ඇමතිගෙන් සමාව ගන්න වෙයිද දන්නෙත් නැහැ (නි)
හකීම් මහත්තයා මෙහිදී නිවැරදියි. සමහරවිට මේ වගේ දේ කුමන්ත්‍රණ විදිහට ඉස්සරහදී නැගෙනහිරත්, උතුරේත් වෙන්න පුළුවන්. හොට බිම ඇනගෙන ඉන්න, හිරේට යන්න නියමවෙලා ඉන්න පරාජිත ජාතිවාදී කල්ලි තම පැවැත්ම උදෙසා ඕනෑ දෙයක් කරන්න පුළුවන්. බුද්ධිමත් ජනතාව ප්‍රවේශමෙන්! වගකීම් සහිත සැබෑ ජනමාධ්‍යය සීරුවෙන් (නි)
බොහොම හරි, ඒකෙන් ප්රශ්නය විසඳෙනවා. . දේශපානඥයින් රජයේ නිලධාරීන්ට මහජනයා ඉදිරියේ තිත්ත කුණුහරුපෙන් බනින අවස්ථා ඕන තරම් තිබෙනවා. ඔවුන්ගේ මහන්තත්තකම පෙන්වන්නයි එහෙම කරන්නේ. නමුත් නිලධාරීන් කරබාගෙන ඉන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා. මෙතෙන්දි හමුදා නිලධාරියෙකුට බැන වැදුන නිසා හොට පැටලුනා මිසක් නැත්නම් ඔය ඔක්කොම දේශපාලුවෝ එකයි. (බ)
මෙතුමා බොරදියේ මාලු බානවා, හරිම හිනා මටනම් (රේ)
ඔබ හරි ,,ශ්‍රී ලාංකිකයෝ හැටියට කවුරුත් හිතට ගත යුතුයි ,,ඔබ ඔය කතාව ත්රීකුනාමලයේදී කරපු එක ගැන ආඩම්බරයි.සමහරු කොළඹට එකක් පිටට එකක්?????(රේ)
මෙම නියෝගය සියළු මන්ත්‍රීවරුන්ට ඇසේවා! (නි)
වරද කල කෙනා සමාව ගත්තාට කමක් නැත. (ර)
සිංහල දේශපාළුවන්ගෙ හැටියට හකිම් මහත්තයො ඔබතුමා ගැන ආඩම්බරයි (බ)
මොකද පියවරක් ගන්නේ නැත්තේ? (ර)
මොන දිගු ගමනක්ද ඒ ගමන ලංකාවෙ හැමජාතියක්ම එකට එකතුවෙලා මිසක් වෙනගමනක් ගැන කතා එපා. ඔය ජාතිවාදී පක්ශ ලේබලය ගලවාදමා පොදු හැඟීමක් ඇති ඕනෑම පක්ශයකට එකතුව ඔයගමන යාහැකිනෙ. ඔය මහත්වරු වගේ අය ඉන්නකම් ලංකාවෙන් ජාතිවාදය තුරන්කරන්න බෑ. (බ)