IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහ බැංකු පනතට ආණ්ඩුවෙන්ම විරෝධය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල වැඩි කෙරෙන  ශ්‍රී ලංකා මහා බැංකු සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්  ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් එම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණැයිද  දැනගන්නට ඇත.

මහ බැංකු සංශෝධන පනත්  කෙටුම්පත  මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (2) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදහස් දක්වා ඇති  බොහෝ මන්ත්‍රීවරුන්  ප්‍රශ්න කර ඇත්තේ මෙවැනි පනතක් හදිසියේ ගෙන ඒමට ඇති අවශ්‍යතාව කුමක්ද යන්නයි.

දැනට ඇති බලතල යටතේ  නිලධාරීන්ගේ වැටුප් අසීමිත ලෙස වැඩි කරගෙන අන්තනෝමතිකව කටයුතු කරන අවස්ථාවක ශ්‍රී ලංකා මහා බැංකුවට තවත් බලතල දීමෙන්  ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බවද  ඔවුන් ප්‍රකාශ කර ඇත.

මේ තත්වය යටතේ  මෙම සංශෝධන ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී  ඇත.



අදහස් (3)

මහ බැංකු පනතට ආණ්ඩුවෙන්ම විරෝධය

saman Tuesday, 02 April 2024 08:47 AM

ඔව් බොරුවට කෑ ගහලා චන්දෙ දෙන වෙලාවට ඇත උස්සනවා .කොන්ද පන නැති කාලකන්නි හැත්ත

:       0       4

අරවින්ද මොනරවිල Tuesday, 02 April 2024 09:25 AM

රනිල් රාජපක්ෂට උවමනා තමන්ව කවදාවත් ජනාධිපති නොකෙරුව සහ නොකරන මිනිස්සුන්ගෙන් පලිගන්නා රට විනාශ මුඛයට ඇදලා දාන්න, තමන්ගේ ස්වාමිවරුන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා බටහිර ආණ්ඩුවල උවමනාවන් ඉටු කරන්න. ඒක නොතේරෙන එවුන් තවම ඔය ගුබ්බෑයමේ ඉන්නවා.

:       2       3

sumedha Tuesday, 02 April 2024 04:49 PM

ඔය ඔක්කොම හොර පනත් තව මාස කිහිපයකින් කුණු ගොඩට දානවා. ඕවා ගෙනාපු, ඕවට අත් උස්සන නරි බල්ලන්ට ඒවා පාරාවළල්ලක් වෙලා ඇවිත් උන්ව කෙලින්ම හිර කඳවුරකට අරගෙන යනවා.

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 48 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 85 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 138 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 156 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 152 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38361 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25284 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site