IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහ බැංකුවේ ගෞරවය රකින බව නව අධිපති කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමයත් විශ්වාසනීයත්වයත්  පවත්වාගැනීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් එය තමාගේ ප‍්‍රධාන වගකීම ලෙස සලකන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අද (4) පැවැසීය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නිල කාමරයේදී වැඩ බාර ගැනීමෙන් අනතුරුව බැංකු සේවකයන් අමතමින් නව අධිපති  එසේ කීය.

‘ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෞරවය ආරක්ෂා කරගනිමින් එහි කීර්තිනාමය හා විශ්වාසනීයත්වය පවත්වා ගැනීම  මහ බැංකු අධිපතිවරයකුගේ ප‍්‍රධාන වගකීමයි. එම ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුවේ සියලූ දෙනාගේ සහයෝගය අවශ්‍යයි. අවංක වැඩ කරන්නැයි ද මගේ රාජකාරි කටයුතුවලට බාධා කරන කිසිවකුට බිය නොවන්නැයි ද ජනාධිපති මට උපදෙස් දුන්නා. ජනාධිපති උපදෙස් අනුවත් රටට පලදායී ලෙසත් කටයුතු කිරීම මගේ අරමුණයි. මා අගමැති ද මුණ ගැසුණා. ඔහු මට රටේ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු පැවැසුවා‘

‘ශ්‍රී ලංකා මහ බැංකුව රටේ ප‍්‍රධාන ආයතනයක්. මම ඔබට පොරොන්දු වෙනවා මම මගේ උපරිමයෙන් කටයුතු කරන බවට. මේ ආයතනයේ විශ්වාසනීයත්වය පවත්වා ගැනීමට මට තනියෙන් කරන්න බැහැ. එයට ඔබ සියලූ දෙනාගේ උපකාරය අවශ්‍ය වෙනවා‘

‘මේ රටේ සුවිශේෂී පුද්ගලයන් මේ ආයතනයේ වැඩ කළා. මට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුණා. මා මෙහි සේවය කළා. අද මේ ආයතනයේ උසස්ම තනතුරට පත්වීමට මට අවස්ථාව ලැබුණා.

‘මා සෑමවිටම මගේ වෘත්තීය ජීවිතය පටන් ගත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බව කියන්නේ ඉතාම ගෞරවයෙන්. මා නිරන්තරයෙන් පවසන දෙයක්. මේ තනතුරට පත්වීමට මා ලද භාග්‍යයක්. ඒ පිළිබඳ මා අද සතුටු වෙනවා‘

‘සියලූ දෙනා මා කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමට මා පොරොන්දු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට සුවිශේෂී කාර්යභාර්යක් පැවැරී තිබෙනවා. ඒවා ඉටු නොකරන්න බැරි වුණොත් රටේ කිසි දෙයක් කරන්න බැහැ. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සාර්ව ආර්ථික මූලධර්ම ඉටු කළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස අපට පැවැරී තිබෙන වගකීම් ඉටු කරන්න බැරි වුණොත් මේ රටේ කිසිදු දෙයක් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපට සුවිශේෂී වගකීමක් පැවැරී තිබෙනවා‘

‘මා දක්ෂ වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඔබත් දක්ෂ විය යුතුයි. මෙහි සිටින සියලූ දෙනා දක්ෂයෝ. මා කී‍්‍රඩා කිරීමෙන් උගත් දෙය එයයි. රටේ සිටිනි දක්ෂතම පුද්ගලයන් සිටිනවා. අප සියලූ දෙනාට දක්ෂ වුණාට වැඩක් වෙන්නේ නැහැ. අප සියලූ දෙනාගේ අරමුණු එකක් විය යුතුයි. අප සියලූ සහයෝගයෙන් එකමුතුව කටයුතු කළ යුතුයි. අප සියලූ දෙනා මනුෂ්‍යයන්. එසේ වුවද අපට සහයෝගයෙන් එක අරමුණක් වෙනුවෙන් කටයුතු කළ හැකියි‘

‘අප කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් ඉලක්ක හා අරමුණු තබා ගත යුතුයි. මේ රටේ අනෙකුත් සියලූ දේ සිදුවීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් අප ඊට පදනම තැබිය යුතුයි. අප සියලූ දෙනා වෘත්තීය, තාක්ෂණික හා අවංක හා සම්පූර්ණ විය යුතුයි. ඔබට යම් පරස්පරයක් තිබේ නම් එය මා වෙත දන්වන්න. ශ්‍රී ලංකා මහ බැංකුව තුළ විවෘතභාවය, සාකච්ඡුා, මතවාද තිබිය යුතුයි. ඒවා සාකච්ඡා කළ යුතුයි. අවසානයේ හොඳම තීරණයට එළැඹිය යුතුයි. ඒ නිසා මට උපකාරි වෙන්න‘

‘ඒ වගේම රටේ දේශපාලනයත් ආර්ථිකයත් සමබරව එක අරමුණක කළ ගමන් කළ යුතුයි. නිදහසින් පසු සෑම අවස්ථාවකදීම වගේ අපේ රටේ ආර්ථිකය දේශපාලනය නිසා විනාශ වුණා. මා කිසිදු පක්ෂයකට හෝ ආණ්ඩුවකට චෝදනා කරන්නේ නැහැ. එහෙත් දේශපාලනය නිසා රටේ ආර්ථිකය පහතට වැටුණා. හොඳ ආර්ථිකයක් තිබේ නම් හොඳ දේශපාලන තත්ත්වයක් ගොඩනැගෙනවා. එය අපි දේශපාලකයන්ට එය තේරුම් කළ යුතුයි. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතුයි. මූල්‍ය ප‍්‍රතිපත්තියේ වැදගත් කරුණු තිබෙනවා. එම කරුණු කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. ආණ්ඩුව විවේචනය කිරීම අපේ කාර්යයක් නෙමෙයි. අපි ස්වාධීනව, වෘත්තීයභාවය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුව නිසි ලෙස කරුණු පහදමින් කටයුතු කළ යුතුයි. මට ඒ සඳහා ඔබ සියලූ දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා‘

 

 



අදහස් (0)

මහ බැංකුවේ ගෞරවය රකින බව නව අධිපති කියයි

ධම්ම Tuesday, 05 July 2016 01:58 AM

ජනාධිපතිතුමාගේ උපදේශය නම් හොඳයි. ඒ වුණාට ප්‍රශ්නයක් වුණාම එතුමා පත්තරය බලනතුරු අපිට ඉන්න වෙයිද කියන එකයි අපිට ඇති ප්‍රශ්නය වෙන්නේ (නි)

:       0       0

නිෂාඩ් Tuesday, 05 July 2016 02:22 AM

අපි බලමුකෝ කොහොමද වැඩ වෙන්නේ කියලා (නි)

:       0       0

සුදේශ් Tuesday, 05 July 2016 02:52 AM

හැමෝම එන්නේ ඔහොම කියලා තමයි. (නි)

:       0       0

සුදේශ් Tuesday, 05 July 2016 03:07 AM

රජිත්, මහ බැංකුව කියන්නේ රටටකට අත්‍යාවශ්‍ය ආයතනයක් නොවෙයි. මහ බැංකු නැති රටවල් ගොඩක් ලෝකේ තියෙනවා. ඒවා සංවර්ධිත රටවල්. පොඩ්ඩක් හොයලා බලන්න. (නි)

:       0       0

නිශාර්ඩ් Tuesday, 05 July 2016 03:26 AM

මට හරි ආසයි රට සංවර්ධනය වෙලා ආර්ථික වශයෙන් යහපත් තත්වයකට පත්වෙනවානම්. ඒ හරහා අපේ දරුවන් සහ අනාගත පරම්පරාවට බොහොම සතුටින් සහ සාමයෙන් නිරෝගිමත් ජිවිත ගත කරන්ට සුදුසු පරිසරයක් නිර්මාණය විය යුතුයි. (බ)

:       0       0

චතුරි Monday, 04 July 2016 02:20 PM

දේශපාලනය නිසා රට විනාශ වුණා කියන්න අමාරුයි. (හේ)

:       0       0

විපුල Tuesday, 05 July 2016 07:21 AM

මෙරටට සේවය කරන මිනිස්සු අවශ්‍ය තැන් වල නැහැ (නි)

:       0       0

චන්දන Monday, 04 July 2016 02:55 PM

ජනපතිට ස්තූතියි නිවැරදි කෙනාව තෝරාගත්තාට (බ)

:       0       0

උපාලි Monday, 04 July 2016 02:56 PM

විශිෂ්ට කතාවක්. ඒ අනුවම කටයුතු කරන්න ඔබට ශක්තිය ලැබේවා යි ඉත සිතින් පතමි. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ උපදේශය, ඒ කිව්වේ ඔබේ රාජකාරි කටයුතුවලට බාධා කරන කිසිවකුට බිය නොවන්න යන උපදේශය රැක්කොත් ඔබතුමාගේ කතාව යතාර්ථයක් වනු නිසැකයි. (බ)

:       0       0

නිරේෂ් Tuesday, 05 July 2016 07:36 AM

ඔබතුමාට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

වින්සන්ට් Monday, 04 July 2016 05:15 PM

උපාලි මහතා කියනවා වගේම මමත් මේ දක්වා අසාඇති විශිෂ්ට කතාවක්. අපිට හොඳ ජනාධිපතිවරයෙක් වගේම මහා බැංකු අධිපතිවරයෙක්ද සිටීම රටේ ඉදිරි ගමනට යහපතකි. මෙතුමාගේ වටිනා ප්‍රකාශය රටක් හැටියට පොදුවේ කාටත් ඉතා වැදගත්ය. (නි)

:       0       0

රජිත් Monday, 04 July 2016 08:48 PM

මහා බැංකුව කියන්නේ කළුගලක හාරන ළිඳක් වගේ. මොන ජගතා හෑරුවත් වතුර නම් මේ කපේ එන්නෙ නැහැ (නි)

:       0       0

යසපාල Tuesday, 05 July 2016 12:00 AM

ඔබට ජයවේවා! (නි)

:       0       0

මාලක Tuesday, 05 July 2016 12:41 AM

රටට නිවැරදි, ඔබින හා ඵලදායි සේවයක් කිරීමට ධෛර්ය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 125 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 370 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 223 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 531 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 391 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1160 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site