IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම කල් යයි

(සුජිත් හේවාජුලිගේ )

කාරක සභාවේ නිර්දේශය පිළිගනිමින් වැටුප් වැඩි කිරීම කල් දමන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද  (21) දැනුම්දී ඇත.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප්  සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ මුදල් පිළිබඳ  කාරක සභාවේ නිර්දේශ සියල්ල  පිළිගන්නා බවද එම ප්‍රධානීන් දන්වා ඇත.

වැටුප් සමාලෝචනය කිරීමට කාරක සභාව නිර්දේශ කළ කමිටුව  ජනාධිපතිවරයා විසින්  ළඟදීම පත් කෙරෙන හෙයින්  එතෙක් මහ  බැංකුවේ වැටුප් වැඩිවීම ලබන මාසයේ සිට  කල් දැමෙන බව  මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා ගන්නා තුරු එම වැටුප් වැඩි කිරීම කල්  දමන්නැයි  රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඊයේ (20)නිර්දේශ කළේය.

එසේම වැටුප් සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙසත්  එම කමිටුවේ වාර්තාව සති හතරකදී ඉදිරිපත් කරන ලෙසත්   කාරක සභාව වැඩිදුරටත්  නිර්දේශ කළේය.

කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  පාර්ලිමේන්තුවට ඊයේ (20) වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම නිර්දේශ ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිලධාරීන්ට සියයට හැත්තෑවකින් වැටුප් වැඩි කිරීම   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පාර්ශ්වයන්හි දැඩි විවේචනයට ලක්විය.



 

 



අදහස් (1)

මහ බැංකුවේ වැටුප් වැඩිකිරීම කල් යයි

nanda Friday, 22 March 2024 07:39 AM

රට බංකොලොත් කරපු උන් ඔක්කොම ගොඩ.මේ පව් මිනිස්සුන්ට විඳින්න දීලා මුන් හොඳට බෙදාගෙන කන්න හදන්නේ .ලැජ්ජාවක් කියලා දෙයක් නැතුව ඇති

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 99 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 136 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 202 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 185 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 204 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 143 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38510 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25352 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site