IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය

(සුජිත් හේවාජුලිගේ)

මහ මැතිවරණයට කලින් ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වීමට රජයේ ප්‍රධානීන්ගේ වැඩි අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.

සාකච්ඡාවට ගණනාවකදීමඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමට බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකින් මන්ත්‍රීවරුන් කොටසක් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණයට මේ මොහොතේදී මුහුණ දීම වඩාත් සුදුසු බව එම සාකච්ඡාවලදී වැඩි දෙනා අදහස් පළ කර ඇති බව අමාත්‍යවරයෙක් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ප්‍රථම රැලිය සංවිධානය කරනු ලැබුවේ ඒ අරමුණින් බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවලින් පසු පැවැත්වෙන මැතිවරණය කුමක්දැයි නිශ්චිතවම ප්‍රකාශ කිරීමට රජය බලාපොරොත්තු  වෙයි.



අදහස් (10)

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය

ranjith Sunday, 17 March 2024 01:08 PM

ඔය 225 එහාට මෙහාට කරගත්තා කියලා තුන්වේල කන්න නැති මිනිස්සු එයාලා අනුගමනය කරන්නේ නැත.

:       4       46

අප්පුහාමි Sunday, 17 March 2024 02:07 PM

මේ වසරේ අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න ඕනෑ. එහෙම තියෙද්දී සදාකාලිකවම දේශපාලනයෙන් වැළලී යාමට නියමිත අය එකෙක් දෙන්නෙක්වත් පාර්ලිමේන්තුවට ගේන්න මහමැතිවරණය ඉල්ලීම කරනවා කියලා කියන්න පුළුවන්. කොහොම වුණත් එකම වසරේ මැතිවරණ දෙකක් පැවැත්වීමට කටයුතු කළොත් රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමටත් අන්ත ආකාරයට දුකට පත්වෙනවා. එනිසා මේ වසරේ අනිවාර්යයෙන් කරන්න තියෙන ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම තමයි හොඳම විසදුම වෙන්නේ... එහෙම නැතුව පුද්ගලික වාසි තකා කටයුතු නොකරන්න කියලා කියන්න ඕනෑ..

:       0       33

Bamunuarachchi Sunday, 17 March 2024 04:00 PM

ජනාධිපති වරණයට කලින් මහ මැතිවරණ පැවැත් වීමෙන් නියම ජනතා කැමැත්ත බලාගන්න පුළුවන්. නැතිනම් ජනාධිපතිගේ පක්ෂයට ජනතාව නැඹුරුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා.

:       30       10

SanathSunday, 17 March 2024 05:55 PM

බමුණා බයවෙලා. අනුර කුමාර ජනාධිපති වුණාම මහමැතිවරණයෙන් බයියෝ අතු ගෑවිලා යන හින්දා...

:       5       36

Bamunuarachchi Monday, 18 March 2024 09:14 AM

Sanath ඔබ මගේ අදහස අනුමත කලා නේද? ඔව් අනුර ආවොත් අපේ ID අරගෙන ජේවීපීට චන්දේ නොදුන්නොත් මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කියාවි. අපිට අවුරුදු 58 ම ජේවීපී වහකදුරු වගේ. අනාගතේටත් එහෙමයි ජෙප්පෝ රටට කල නස්පත්තිය ඇසින් දැක්කා. මේ සැරේ දෙන්නේ පරණ ටයර් නොවෙයි අලුත් ටයර්, සෑයවල් හදන්න.

:       5       1

Kazi Shajahan Sunday, 17 March 2024 04:49 PM

මොකක් තිබුණත් දැන් ඉන්න අය ගෙදර ගිහිල්ලා පස්සේ හිරේ යනවා. අපේ රටට කරපු අපරාධවලට...

:       4       28

SAM Sunday, 17 March 2024 06:17 PM

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පවතුවහොත් රටට වෙනසක් කිරීමට හැකිවේවි. මහා මැතිවරණය පවත් වුවහොත් වර්තමානයේ පවතින දූෂිත දේශපාලනය නැවත ක්‍රියාත්මක වේවි. දැනට පාර්ලිමේන්තුවේ සිටිනා අති බහුතරයක් වෙනස්වී ඇති බවක් මහජනතාවට පෙන්වීමට උත්සාහ කළද දශක ගණනාවක සිට දේශපාලනයේ යෙදුනු ඔවුන් සහ එම ක්‍රමවේදයන්ට එකඟ වෙමින් දේශපාලනය කළ ඔවුන්ගේ දූෂිත මනස ඔවුන්ට වෙනස් කළ නොහැකිය. සම්ප්‍රදායික දේශපාලනය නැවත පවත්වාගෙන යාම් නැවත සිදුවනු ඇත. වර්තමාන දේශපාලන සම්ප්‍රදායෙන් මිදිය යුතුව ඇත. එසේ නම් පැවැත්විය යුතුවන්නේ ජනාධිපතිවරණයකි. ඉන්පසු පත්වන කවුරුන් හෝ ජනාධිපතිවරයාට / ජනාධිපතිවරයාගෙන් දූෂිත නොවන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කිරීමට පුරවැසියන් ක්‍රියාකරනු ඇත. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජාතින් වශයෙන් සහ ආගමික වශයෙන් එක්සත්ව රටේ සමාජ දේශපාලනය වෙනස් වියයුතු බව කියා සිටින පළමු අවස්ථ‍ාව මෙය වනු ඇත.

:       1       23

sam Sunday, 17 March 2024 06:18 PM

රටේ පුරවැසියන් නොබෙදී එක්සත්ව නායකයින්ගෙන් ඉල්ලා සිටින පණිවිඩය බලලෝභී දේශපාලන මනසින් නොසිතා රටට වෙනසක්, යහපතක් වෙනුවෙන් තීරණ ගැනීම ඔවුන්ගේ යුතුකමකි. නිදහසින් පසුව අතීතයේ සිට වාර්තාමය දක්වා දශක7ක් වූ පත්වන්නාවූ පක්ෂයේ අවශ්‍ය තත්වයන් මත පාලනය වූ දේශපාලන ක්‍රමවේදය රට පසුපසට ගමන් කිරීමක් මිස ඉදිරියට යමක් සිදුව නැත...

:       0       16

රසික Sunday, 17 March 2024 07:09 PM

තියන ඡන්දෙ මොකද්ද කියලා තාමත් තීරණය කරන්නේ රජය. ඉතිං මොකටද අපිට ස්වාධීන මැතිවරණ කොමිසමක්...?

:       2       17

NAMAL Monday, 18 March 2024 11:34 AM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා !

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 418 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1722 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1075 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1813 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1264 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 920 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site