විධායක ජනපති ක්‍රමය අහෝසි නොකර ජනපතිවරණයක් පැවැත්වුවහොත් හය මාසයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ එකගත්වය මත පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව, පුද්ගලයාට වඩා වැදගත්වන්නේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය බවත් කොට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියෝ කියති.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම හා ලබන වසරේ මුල පැවැත්වීමට නියමිත බව කියන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයකු ගැන මේ දින වල වැඩි වශයෙන් කතාබහට ලක්වෙයි. කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ නම ද නිතර කියැවෙයි.
සෝභිත හිමියන්ගේ මෙහෙයවීමෙන් විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් හා සිවිල් සංවිධානය නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගියදා විශේෂ සමුළුවක් ද පැවැත්විණි.
විධායක ජනාධිපති ක්‍රමය හා පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් එසැණ මාදුළුවාවේ සෝභිත නාහිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරුමක් නැති වැඩක් කියලයි මම නම් කියන්නේ (නි)
මම නම් කියන්නේ අපේ වගේ බහුවාර්ගික රටකට මේ ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍යයි කියලා (නි)
ඔබ වහන්සේ දේශපාලන වශයෙන් පරිණත නම් ඔය වගේ බැරෑරුම් තීරණයක් ගත්තාට කමක් නැතැයි සිතමි (නි)
නියමයි.සියලු දෙනා එකතු වෙන්න ඕනෑ (නි)
අපේ හාමුදුරුවනේ, දැන් ජනාධිපතිවරණයක් තියලා ජනාධිපති වුණා කියමු. ව්‍යවස්ථාව වෙනස්කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දය ගන්නේ කොහොමද කියලත් පැහැදිලි කළොත් තමා හොඳ (නි)
මේ යන ක්‍රමයට අපිට රටක් ඉතිරිවේද? (නි)
විධායක ජනපති ක්‍රමය නොතිබුනා නම් සිද්ධවෙන දේ අපිට හිතාගන්න පුලුවන් (නි)
අවසර , ඔබ වහන්සේගේ අදහස් බොහොම අගෙයි.මම ලංකාවට එනවා ඡන්දය දෙන්න. (නි)
මගේ අදහස විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළහොත්, අපේ රට ලෙහෙසියෙන් බටහිර අධිරාජ්‍යවාදයට ගොදුරුවිය හැකි බවය (නි)
අනේ නායක හාමුදුරුවනේ, මේ කුඩා දිවයිනට විධායකයත්, ජනාධිපතිවරයෙකුත් කුමකටද? (නි)
හාමුදුරුවන් සැමදා කියන්නේ නියම සත්‍යයයි. මම සැමදාම ගරුකරන හාමුදුරුනමක් (නි)
දේශපාලකයා යනු කවුදැයි හඳුනා ගන්න මේ සිද්ධවෙන දේවල් ප්‍රමාණවත්. (නි)
ගරුතර ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ කතාව 100% ම ඇත්තයි. මේ ක්‍රමය අතුගා දමන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා කියා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමි. (නි)
ඔබ වහන්සේට හැර මේ රටේ කිසිම කෙනෙකුට මෙසේ එඩිතරව අදහස් ප්‍රකාශ කිරීමට ශක්තියක් ඇතැයි මම නොසිතමි. ඔබ වහන්සේගේ අපක්ෂපාතී භාවය අපට පැහැදිලියි. අප ඔබවහන්සේ සමඟ එකඟයි. (නි)
සෝභිත හිමියන්ගේ කතාව ඇත්ත (නි)
අනේ! මේ මොකද වෙන්නේ? (නි)
ඔබ වහන්සේ ප්‍රමුඛ මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලු දෑහිතකාමී ජනී ජනයාගේ හිතසුව තිබෙන්නේ ඔබවහන්සේලා අතේ පමණයි. එය දුකින් පෙළෙන ජනයා වෙත ප්‍රධානය කරන මෙන් ඉල්ලා සිටිමි. ලෝකයේ හොඳම මින්සුන් සිටින අපේ පුණ්‍ය භුමියෙන් කුඩ්ඩන්, කසිප්පුකරුවන්, ගංජාකරුවන්, ගණිකාවන්, වංචාකාරයින්, හොරුන්, මංකොල්ලකරුවන්, දුෂකයන්, මිනීමරුවන් අවසන් කර දෙනු මැනවි. ඔබවහන්සේට දිර්ඝායු! (නි)
අති විශිෂ්ටයි අපේ හාමුදුරුවනේ! (නි)
ජනපතිතුමාට ජයවෙවා! මහින්ද චින්තනය බැබළේවා! නිදහස් රටක්, යුදබිය නැති දේශයක් ඇතිකළ ජාතියේ පියාට මාගේ යුතුකමයි මේ. උතුමාණෙනි, මාද ඔබ සමඟයි. (නි)
ලංකාවේ ඡන්දදායකයින්ට මේක මහඟු අවස්ථාවක්. මේ අවස්ථාව පැහැර හැරියොත් නැවත නොලැබෙන්න පුළුවන් දිගු කලකට. හොඳින් බුද්ධිය මෙහෙයවන්න. (නි)
විධායක ක්‍රමය හොඳ පුද්ගලයෙකු අත තිබේ නම් හොඳයි. නමුත් හොඳ පුද්ගලයින් කියා කොටසක් දේශපාලනයේ සිටීදැයි යන්නත් සැකසහිත නිසා මේක භයානකයි. (නි)
මෙම උත්සාහය සාර්ථක වේවා කියා පතනවා. (නි)
විස්තර අපිට ලබාදුන්නාට බොහොම පින් ඔබට. (නි)
ඔබ වහන්සේගේ විශිෂ්ට පැහැදිලි කිරීමවත් තේරුම්ගන්න බැරි අය ඉන්න බව සමහර අදහස් වලින් පෙනෙනවා. ඔබවහන්සේ ප්‍රවේශමෙන්. (නි)
ඥානය පහළ වී රට සුරාකෑම නවත්වන්නට ඡන්දය දෙනු මැන ජනතාවනි (නි)
අපේ රටේ අවුරුදු 30 ක යුද්ධය නිමකර ගන්නට විධායක ජනාධිපති ක්‍රමය ගොඩක් වැදගත් වුණා. අපේ වගේ බහුවාර්ගික රටකට මේ ජනාධිපති ක්‍රමය අත්‍යවශ්‍යයි (නි)
සැමට සාධාරණව ජීවත්වීමට හැකි රටක් හදන්නට ඔබ වහන්සේට සියලු ශක්තිය ලැබේවා! (නි)
අදටත් ලංකාවට කොන්ද කෙළින් තියාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ විධායක ජනාධිපතිකම නිසා තමයි (නි)
ඔබ වහන්සේගේ අදහස හොඳයි, එසේ නම් පැරණි ඩොනමෝර් ක්‍රමයට යමු. සුළු පක්ෂ වලට පාර්ලිමේන්තුවට තේරීමට 121.5% ඡන්ද අවාසියි කියා වගන්තියක් ඇතුළත් කරමු. ඔබ වහන්සේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වෙනවා නම් පමණක් අපි සහයෝගය දෙනවා. (නි)
ආඩි හත්දෙනාගේ කැඳ හැලිය වැනි පාර්ලිමේන්තුවක් ඇති රටකට ජනාධිපතිවරයෙක් සිටිය යුතුය යනු මගේ අදහසයි. (නි)
විධායක ජනපති ක්‍රමය තිබිය යුතුයි.අවශ්‍ය වන්නේ එක පක්ෂයක් පමණි. එම පක්ෂය යටතේ තරඟකරුවන් කීපදෙනෙක් තරඟ කර සුදුස්සා තීරණය කළොත් මේ ගැටුම් සියල්ලම නිම වේවි (නි)
ලකී දොඩන්ගොඩ මහතා, ඔබ ඉතා නිවැරදියි. අද ලෝක දේශපාලනය අනුව අපේ රට ආරක්ෂා වී තිබෙන්නේ ජනාධිපති ක්‍රමය නිසයි. (නි)
ඕවා කෙරෙන වැඩ නෙමෙයි අපේ හාමුදුරුවනේ. (නි)
අනේ අම්මපා! අපේ ඇස් පනාපිටම මේ තරම් විනාශයක් පෙනී පෙනීත් සමහරු කියනවනේ විධායක ක්‍රමය හොඳයි කියලා? (නි)
ඇති කෙනා කෝටි ප්‍රකෝටි වෙනවා.නැති කෙනා කන්නත් නැතුව නැතිම වෙනවා (නි)
විධායක ජනාධිපති ක්‍රමයෙන් මේ රටට කර තිබෙන සේවය හොඳටම ප්‍රමාණවත්. (නි)
"වීරයින්" බිහිවිය යුතු කාලය මෙයයි (නි)
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වුණොත් මොකද කරන්නේ අපේ හාමුදුරුවනේ? (නි)
විධායකය නිසා තමයි තිස් වසරක යුද්ධය නිමකළේ. (නි).
මේ වැඩේ බරපතළකම ගැන මේක කරන්න යන අය හිතන්නෙ නැහැ (නි)
රාවණා රජ්ජුරුවෝත් අවුරුදු දහස් ගණනකට පසු අවදි වුණාලු නේද? ඒ වගේ ඔබවහන්සේත් දැන් ප්‍රමාද වැඩියි අපේ හාමුදුරුවනේ (නි)
නිර්මලා, විධායකයේ තිබෙන විනාශය ගැන කියන්නයි මට ඕනෑ වුණේ. (නි)
මේක එපා කියලා කෑගහලා වැඩක් නැහැ. විකල්ප යෝජනා ඉදිරිපත්කරලා මහජන කතිකාවට භාජනය කළ යුතුයි. පොදු අපේක්ෂකයකුට කලින් පොදු විපක්ෂයක් තිබිය යුතුයි. (නි)
සංශෝධිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයක් අපරටට ගැලපේ. එහෙත් ජනාධිපති පාලන කාලය වසර 5 ක් විය යුතුය. එකවර මුළු රටම එකම දිනයකදී ජනාධිපති වරනයටද, පාර්ලිමේන්තු මැතිවරණයටද , පලාත් සභා සහ ප්‍රාදේශීය සභා වලටද ඡන්දය ප්‍රකාශ කල යුතුය. (නදී)
විධායක ජනාධිපති ක්‍රමයක් නැතුව බහුවාර්ගික, බහුජාතික රටක් ගැට ගහන්න ක්‍රමයක් නැහැ. හාමුදුරුවනේ මෙහෙම කිව්වට සමාවෙන්න. මලඉලව් දේශපාලන ප්‍රශ්න කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ඊට වඩා හොදයි නේද අපේ ආගමික දියුණුව ඇතිකිරීම තුළින් ජනතාවගේ සිත්සතන් නිවීමට මහන්සිවිම. (නදී)
උදෙන්ම ඇස ගැටුන සුබ පුවතක්. ලංකා මාතාවට ජයවේවා. ඔබ වහන්සේට දහිරිය ශක්තිය ලැබේවා. (නදී)
හොද උත්සහයක් (නදී)
සමහර අදහස් දැක්කම ඉහේ උකුණෝ බිමට වැටෙනවා. ඉතින් දැන් මේ යන විදිහ හොඳද? (නදී)
ශ්‍රී ලංකාව වගේ බහුවාර්ගික රටකට විධායකයක් අවශ්‍යයි (නි)
බටහිර කුමන්ත්‍රණ වලින් ආරක්ෂාවීමට මෙතෙක් හැකීවී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. බුදුදහමේ ආරක්ෂාවටත් මෙය අදාලයි. වියයුත්තේ විදාය ජනාධිපති ක්‍රම ආරක්ෂා කර ගනිමින් එහි අඩුපාඩු විසඳා ගැනීමයි. (නි)
ඔබ වහන්සේගේ අදහස ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව පැහැදිලි විස්තරයක් දෙන්න. ඔබ වහන්සේ ඉදිරිපත් වෙනවද? වෙනකෙනෙක් ඉදිරිපත් කරනවද? වෙනකෙනෙක් නම් ජනාධිපති වූ පසු ඔහු එයට අකමැති වුවහොත් එයට ඔබවහන්සේ ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? ඔහු කැමතිවුණත් ව්‍යවස්ථාව වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 බලය ගන්නේ කොහොමද? (නි)
ඇයි මෙච්චර හදිස්සියේ දඟලන්නේ. ජාතින ගැටළුවට විසඳුමක් ලැබෙන කල් විධායක ජනපති ක්‍රමය අවශ්‍යයයයි. නැත්නම් නැවන යුද්ධයක් ඇති වෙිව්. (නදී)
රට ජාතිය රැක ගන්න පෙරට එන ඔබ වහන්සේලා සමග අපද පිටුපසින් සිටින්නෙමු. සිංහල රටේ ආගම් බේදයකින් තොරව සාමයෙන් ජීවත් වෙන්නට හැකි වාතාවරණයක් ඇති කරන්නට හැකි නායකයකු හදුන්වා දෙන්නේ නම් අපේ ඡන්දය ඔහුටය (නදී)
අපි විදායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න ඔබ වහන්සේට ජන්දය දෙන්නම්. හැබැයි ඊලග මැතිවරනෙත් අපි අගමැති පුටුවට තෝරන්නේ අපේ වර්තමාන ජනාදිපතිතුමා. කොහොම උනත් විදායක ක්‍රමය අහෝසි කරනවට කාගෙවත් විරෝදයක් නැහැ. (නදී)
පොදු අපේක්ෂක හැටියට හොඳම කෙනා තමා දැන් ඉන්නේ. දැන් ඔය කතාකරන අය එදා කොහෙද හිටියේ? (නි)
අපේ ජනාධිපතිතුමා නැත්නම් යුද්දෙන් අපි මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා. (නි)
විධායක ජනාධිපති ක්‍රමය නැතිකරල අන්තිමට අර තායිලන්තෙ වගේ නිතරම බලයෙන් පභවන අගමැති තනතුරක් ගෙනාවා කියල රටට හරියයීද? තවත් පඹ ගාලක් වෙයිද? (නදී)
විදායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා නම් සමානුපාතික ඡන්ද ක්‍රමයත් අහෝසි කළ යුතුයි (නදී)
ගරු ස්වාමින් වහන්සේ මුලික වෙලා මේ ගන්න යන ක්‍රියා මාර්ගයෙන් මේ රටේ අහිංසක ජනතාවට ලැබෙන සැනසීමම ඇති සව්මින්වහන්සේට මතු නිවන් ලබන්නට. මම පිට රටක ජිවත් උවත් මගේ මවු රට මට වටිනවා මම අනිවාර්යෙන්ම චන්දෙ දෙන්න මොන වියදම ගියත් ලංකාවට එනවා. මට තවමත් හිතා ගන්න බැහැ මේ තරම් විනාසයක් රටට කරලත් තවමත් සමහර අය මේ යන ක්‍රමය හොඳයි කියන්නේ මොකද කියලා. (නදී)
පැහැදිලි අදහස් ගොඩක් තිබෙනවා. (නි)
අපිට නම් මහ හෙණය වුණේ කොටි. උන් පරාජය කරන්න ජනාධිපති තනතුර තමයි වඩාත්ම ප්‍රයොජනවත් වුණේ.නැති කරන්න ඕනෑ සූරා කෑම විතරයි. (නි)
විධායක ජනාධිපති ක්‍රමය ඉවත්කරන එක හොඳයි. නමුත් එය ඉවත් කිරීමට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. (නි)
වර්තමාන රජයෙන් වන සේවාව මම අගය කරමි. ඒ නිසා විධායක ජනපති ක්‍රමය අපේ රටට අවශ්‍යයි (නි)
ඔබ වහන්සේගේ අදහසට මමද එකඟ වෙමි.අනවශ්‍ය විශාල ඇමති මණ්ඩලය රටේ දියුණුවට විශාල බාධකයකි. (නි)
අදටත් ලංකාවට කොන්ද කෙළින් තියාගෙන ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ විධායක ජනාධිපතිකම නිසා තමයි. (නි)
තිලක්-ඩුබායි, ඔයා දැන් වීරයෙක් කියලද හිතාගෙන ඉන්නේ? විධායක ක්‍රමය අපේ රටට ඕනෑම දෙයක්. කවුරු මොනවා කිවුවත් අපේ වත්මන් ජනාධිපතිතුමා හැරෙන්නට එයට සුදුස්සෙක් මේ රටේ තවම පහළවෙලා නැහැ. කොන්ත්‍රාත් ගත් කට්ටිය බොරුවට කටමැත දොඩවනවා. හරි වෙලාවට ඔය එක්කෙනෙක්වත් තරඟයට එන්නෙත් නැහැ. ආවට දිනන්නෙත් නැහැ. (නි)
මේ රටට විධායක ජනාධිපතිකම තව දුරටත් අවශ්‍ය නැහැ.යුද්ධය පටන්ගත්තේ සහ අවසන් වුණේ විධායක ජනාධිපතිලා ඉන්නකොටයි. (නි)
යහපාලනයක් නැති, සාධාරණත්වයක් නැති, බල්ලන් බළලුන් වගේ මිනිසුන් මරාදැමූ අරාජික යුග පහුකරලා නේද අපි අද ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ අපේ හාමුදුරුවනේ? අපි අහසින් එකපාරට පොළොවට පහළ වුණේ නැහැ.අද එහෙම කාලයක්වත් එහෙම රටකවත් නෙමෙයි අපි ඉන්නේ. සුළු සුළු අඩුපාඩු තිබුනට ඔය මහා හෙණය අපිට නම් ප්‍රශ්නයක් නෙමෙයි (නි)
මිනිසා යනු තේරුම් ගැනීමට අපහසු, සිතේ තිබෙන අදහස එළියට ප්‍රකාශ නොකරන අයකු බව බොදු සාහිත්‍යයේ සඳහන් වනවා නොවේද? (නි)
අදහස් දක්වන අයට රටේ තිබෙන නීතිරීති ගැන කිසිම අවබෝධයක් නැතුව අදහස් දක්වන එක ගැන කණගාටු වෙනවා. (නි)
ඊට වඩා හොඳ නැද්ද ලංකාවටම එක සංඝ සභාවක් හදලා එක නායක හාමුදුරුනමක් පත්කරලා විනාශවෙන බුද්ධ පුත්‍රයන් සහ බුද්ධාගම ආරක්ෂා කරගැනීමට වැඩපිළිවෙලක් හදන්න බලන එක? (නි)
මඩු භාශිනි ඔබ 1970 ට කලින් ඉපදුන කෙනෙක් නෙවෙයි නම් ඔබ දේශපාලනය පිලිබඳ විශාරදවරියක් වගේ කතා කරන්න එපා. පළමුව දේශපාලන විද්‍යාව ඉගෙන ගෙන ඉන්පසු කතා කරන්න. (අ)
බන්දුල පෙරේරා හරි දේ කිවුවා. අද තියෙන නිදහස යටතේ කට මත දොඩන ඔබ වහන්සේලා ඇතුළු පිරිස එදා අපේ මිනිසුන් මරද්දී කටක් ඇරලා කතා කෙරුවේ නැහැ. විධායකය එපා කියන කෙනාට වුණත් ඒ පුටුව එක දවසකට ලැබුනොත් කියන්නේ වෙන කතාවක්. ඒ නිසා අපිට විධායකයත් හොඳයි. මේ ජනාධිපතිතුමාත් හොඳයි.(අ)
නැතිව නැතිව මධුබාශිනි විධායක ක්‍රමයට පින් සිද්ධ වෙන්නනේ අපිට ලෝකේ ලොකුම ඇමති මණ්ඩලය ඉන්නේ,. තව හයියෙන් ඔයාගේ ප්‍රශස්ති ගීය ගයන්නකෝ !(අ)
මධුභාෂිනී /බන්දුල පෙරේරටනම් මොකද?කම්හලේ ජීවත් වෙන්න බල්ලට හෙන පිට හෙන 7ක් ගැහැව්වත් ගානක් නැහැනේ .(අ)
මදුභාශිනි හරියට කතා කරන්නේ රොබෙට් බ්‍රවුන්රිග් ගේ කාලේ ඉපදිලා තවම ජීවත් වෙන ආච්චි කෙනෙක් වගේ. ඔයා ඔක්කොම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා , සංශෝධන දේශපාලන ඉතිහාසය දැන ගෙනද ඔය ආවඩන්නේ. (අ)
මධුභාෂිනී .දින්නේ නැහැ කියල කියන්නේ ඡන්දයකින්ද?නැතිනම් ඡන්ද යුද්ධයකින්ද ? (අ)
රට බල්ලටම ගියා.තවත් යන්න දෙයක් ඉතිරි වෙලත් නැහැ.ඉතිරි කරලත් නැහැ.(අ)
අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේට අපි ඉතා ගෞරවයෙන් පවසන්නේ මේ විධායක පාලනය අවසන් විය යුතු බවයි. එහෙත් ඊට පසු මේ රටේ ස්වාධීනත්වය , නිත්‍ය, යහ පාලනය, විදේශ ප්‍රතිපත්තිය සඳහා ඔබ වහන්සේට සැලැස්මක් තිබිය යුතු නේද. එහෙම නැත්නම් ඉතින් කබලෙන් ලිපට වැටුන සමාන වෙයි නේ. (අ)
කටුකන බල්ලන්ට නම් විධායක ජනපති ක්‍රමය ගොඩක් හොඳා. නමුත් රටට ආදරය කරන කෙනාට විධායක ක්‍රමය හොඳ මදි.(අ)
ඔබ වහන්සේ ධර්මය ප්‍රචාරය කරන්න. වැරදිකරන අය හොඳ මඟට ගන්න උපදෙස් දෙන්න. විධායක ජනපති ක්‍රමය හොඳයි. ඔබ වහන්සේට විතරක් මේක හොද නැත්තෙ ඇයි? තනතුරු වෙනස් කරලා හරියන්නේ නැහැ. හරියට වැඩ කරන්නයි ඕනෑ. (නි)
තිලක් ඩුබායි කතිරේ ගහන්න යන කොට දෙකේ දෙකේ පොල්ලක් අරන් චන්ද පෙට්ටිය ගාව ඉදන් මේ පක්ෂෙට මේ අපේක්ෂකයාට කතිරේ ගහපන් කියල මෙතුවක් දාපු චන්ද වලදී කියල තියෙනවද? තිලක් ඩුබායි රට ඉන්නව නම් බිරිඳටවත් එහෙම අලකලංචියක් වෙලා තියෙනවද? මනාප වලට කට්ටිය මරාගන්නවා තමයි. ඒක පක්ෂ විපක්ෂ හැමෝටම පොදු දෙයක්. එහෙම නැතුව චන්ද පොලට ගිහින් බලපෑමක් නැතුව තමන්ගේ අපේක්ෂකයාට පක්ෂෙට චන්දෙ දාන්න තියෙන අවස්තාව මෙතුවක් නම් මේ රටේ ඡන්ද දායකයට අහිමි වෙලා නැහැ. (නදී)
ටිකිරි බණ්ඩා පිස්සු කියවනවා. අපිට නම් බල්ලන්ට ගිය රටක් පේන්නේ නැහැ. හැබැයි නරි බල්ලෝ ටිකක් රට ගිහිල්ල කියල නම් පේනවා කොමෙන්ට්ස් බැලුවම.(නදී)
ඔය මහා හෙනය අවශ්‍ය සමහර පත්තර කාරයොන්ට, බහු ජනතාවට නොවේ. (නදී)
ඉතින් දිනන්න පුළුවන් වෙයිද? (නි)
වංචාවට එරෙහිව ජනතාව අවදිවිය යුතු කාලයයි මේ. (නි)
බන්දුල පෙරේරා මෙතන පෙනී සිටින විවිධ ස්ත්‍රී පුරුෂ නාමයන් පිළිබඳව, අපේ අනෙකුත් හිතවතුන්ට අවබෝධයක් නැති එක ගැනයි මට කණගාටු (නි)
බන්දුල පෙරේරා , ඇයි 1971 දී සිදුවූ ඒවා පෙනෙන්නේ නැත්තේ? (නි)
මධූභාෂිණී, කොහොමද සමහර දේවල් ගැන හරියටම දන්නේ? කාටවත් පරාද කරන්න බැහැ වගේ මෝඩ කතා කියනකොට මිනිසුන් අහන ඊළඟ ප්‍රශ්නය කොහොමද ඡන්ද ප්‍රතිඵල කලින්ම දන්නේ කියලා. . (නි)
මධුභාෂිනී, මේ ලෝකයේ සදාකාලික දේශපාලන ව්‍යවස්ථාවත්, සදාකාලික දේශපාලන වීරයන්වත් නැහැ. කාලය බොහෝ දේවල් වෙනස් කරනවා. ඒ නිසා කට ඉස්සර කරගෙන මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
මධුභාෂිනී කතා කරන්නේ හරියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ එයා වගේනේ. මතක තියාගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ නීති සහ කාරනා මිසක් ඒක ගෙනියන්න හරියන්නේ අසවලා කියලා ලියවිලා නැහැ. ඔබේ පුද්ගලික කැමැත්ත අනෙක් හැමෝගෙම පුද්ගලික කැමැත්ත වියයුතුත් නැහැ. (නි)
තමන්ට කැමති දේශපාලන අදහස් ප්‍රකාශ කරන්න හැමෝටම අයිතිය තිබෙනවා. මධුභාෂිණී, ඔබට තිබෙන්නේ දේශපාලන මේනියාවක් මිසක් මතයක් නෙමෙයි. තිලක් ඩුබායි මොනවා කිව්වත් ඔබට මොකද? ඒ මනුස්සයා තමන්ගේ ස්වාධීන අදහස්නේ ලිව්වේ. (නි)
චමින්ද, මම ඉන්න රටේ ලෝකයේ හැම ජාතියම ඉන්නවා. ඒත් ඔය කියන විධායක ක්‍රමයවත් එකසිය ගානක ඇමති මණ්ඩලයවත් මෙහෙ නැහැ. (නි)
මහ හෙනේ මතක් වෙලා තියෙන්නේ අවරුදු 35 කට පස්සේ. මහින්ද මහත්තයා එනකම් මේ රටේ යහ පාලනය මහ හෙන නැතුව සාධාරණ සමාජයක තිබිල තියෙනවා. ඒක නැතිවෙලා තියෙන්නේ දැන් තමයි. ගියවර ජනාධිපතිවරනේදී පොන්සේකා මහත්තය වෙනුවෙන් පෙනී සිටියේත් ප්‍රජාතන්ත්‍ර වාදය යහ පාලනය වෙනුවෙන් වෙන්න ඇති. සිහි බුද්ධියක් ඇති කිසිම කෙනෙක් පොන්සේකගෙන් යහ පාලනය ප්‍රජාතන්ත්‍ර වාදය පතයිද? (නදී)
රටේ සියලුම ජාතීන්ගේ පිළිගැනීමක් ඇති ඔබ වහන්සේට සියලුම දේශපාලන පක්ෂ සහයෝගය ලැබේවී (නදී)
ලංකා තිලක් , රට ඇතුලේ ඉන්න බල්ලන්ගේ බිරිල්ලයි මෝඩ නරියන්ගේ හුවයි ගැන බලා ගත්තොත් නරකද ඉස්සෙල්ලම ? අපිට ඔය ඔක්කොම සද්ද අහගෙන ඉන්න පුළුවන් ඔහේගේ උම්බා සද්දේ ඇරෙන්න. (නදී)
මේ ලංකා තිලක් ඔහේගේ වචන වලින් කියනවා නම් රට ගිය නරි බල්ලන් ඉන්න රටක වගතුග කියන්නම්. මෙහෙ විධායක ජනාධිපති ක්‍රමය කියල දෙයක් නැහැ. නඩත්තු කරගන්න බැරි තරම ලොකු ඇමති මණ්ඩලයක් නැහැ. මැතිවරණ තියනවා කිසිම සද්දයක් , කලබැගෑනියක් නැහැ. තමන්ගේ අදාළ නිල කාලය අවසන් නම් නම්බු පිටින් දේශපාලකයෝ ගෙදර ගිහින් තමන්ගේ කලින්කල බඩ රස්සාවට බහිනවා.. ලෝක මුල්‍ය අර්බුධය කාලයේත් වැටුනේ නැති රටක් මේක. (නදී)
මේ බන්දුල ඔහේ කඩේ යන තැනටම අපි කඩේ යන්න ඕනද ? තමන්ගේ දේශපාලනය වෙනස් අදහස් දරන උදවියට බුරන්න යන කිසිම පක්ෂයකට මම නම් චන්දෙ දෙන්නේ නැහැ. දැන් බන්දුලට බයවෙලා අපි එයාට ඕන විදියට චන්දෙත් දීපල්ලකෝ !(නදී)
අනේ මේ බන්දුල, ඔයාගේ දේශපාලන රැස්වීම වෙන කොහේහරි තියාගන්න. මෙතන අදහස් ලියන සභාවක් මිසක් කාගේවත් ඡන්ද රැස්වීමක් නෙමෙයි. (නි)
සමහරු මෙතන ඒගොල්ලන් කියන අයට ඡන්දෙ දුන්නේ නැත්නම් බලාගෙනයි කියන්න වගේනේ අදහස් ලියන්නේ. (නි)
කවුද කමල් මහත්තයාට එහෙම කතාවක් කිව්වේ?ඔබතුමාට ඕනෑ කෙනෙකුට ඔබතුමා ගිහින් නිදහසේ ඡන්දය දාන්න. ඒකට බාධාවක් කාගෙන්වත් නැහැ. (නි)
කලකට පෙර විධායකය ඕනෑ නැහැ කියූ කට්ටිය දැන් අනේ හොඳයි කියනවා. (නි)
අනුන්ගේ දේශපාලන මතයක් ඉවසන්න බැරි නම් තමන්ට දේශපාලනය ගැන ඇත්තේ යම්කිසි පැහැදිලි දර්ශනයක් නොවේ. (නි)
ලංකා තිලක් ගේ පක්ෂ මුලස්ථානය තියෙන්නේ සත්තු වත්තේද ? ඔබ නිතරම අන්‍යන්ව අමතන්නේ සත්තුන්ගේ නම් වලින්. ඒකයි මම ඇහුවේ. (නදී)
නිලංග මහත්තය තොප්පිය දාගත්තට කරන්න දෙයක් නැහැ. ඔබ තුමා ඉන්න රටත් එක්ක මේ රට සංසන්ධනය කරන්න යන්න එපා. මේ රට අනුන්ගේ රටවල් හූරන් කාල මංකොල්ල කාල නැගී හිටපු රටක්වත් තෙල් සම්පත් උනන රටක්වත් නෙමෙයි. නැගී හිටින්න වෙර දරන සම්පත් අඩු ඒනිසා ලෝකයාගේ ආධාර මත යම් ප්‍රමාණයකට යැපෙන රටක්. එහෙම රටවල් වල දේශපාලනිකවත් සාමාජිකවත් යම් යම් ගැටළු තියෙනවා විසදන්න අපහසු. කොහොම උනත් මේ රටේ කවුරුවත් තමන්ගේ කාලෙන් පස්සේ බලයේ ඉදලත් නැහැ. ඉන්න ලැබෙන්නෙත් නැහැ..ජනතාවගේ කැමැත්ත අහිමි උණු දවසක කාටත් අකුලාගෙන යන්න වෙනවා.. එහෙම උනා මෙතුවක්,ඉදිරියටත් එහෙමම තමයි..හැබැයි ඉතින් ජනතාවගේ කැමැත්ත තියෙන එකාව බලෙන් ගෙදර අරින්නත් කාටවත් බැහැ.. එහෙම වෙලත් නැහැ මෙතුවක්..වෙන්නෙත් නැහැ. සෝභිත හාමදුරුවෝ ඔය ඉස්සරහට දාන අයිසින් කේක් එකේ මැද තියෙන්නේ මොනවද කියල කට්ටියට පැහැදිලිවේවි ඉදිරියේදී..(නදී)
ලංකා තිලක්ගේ වචන ටිකෙන්ම පක්ෂ ප්‍රතිපත්තිය හොඳට පේනවා. ඔයා කඩේ යන තැන උදවියත් ඡන්දෙ දුන්න අයට කතා කරන්නෙත් ඔය සත්තුන්ගේ නම් වලින්ම තමයි. (නදී)
අනේ බන්දුල, අපි ලංකාවේ ඉතිහාසයේ සිටි රාජ්‍ය පාලකයන් ගැන පොතපතින් කියවා හරි දන්නවා. අතීත යහපත් රාජ්‍ය පාලක ඉතිහාසය අකා මකා මෑත ඉතිහාසය විතරක් උලුප්පන්න හදන්න එපා. (නි)
බන්දුල , සමහරු රට ඇතුළේ කරන රටේ සම්පත් හූරාකෑම අනුන්ගේ රටවල් වලින් සම්පත් හූරාකෑමට වැඩිය නින්දිතයි. හෝටල් හදන්න වැව් ගොඩ කරනවා. ගස් කපනවා. රක්ෂිත වනන්තර නැති කරනවා. මොකද ඔබ මේවාට කතා නොකරන්නේ? (නි)
බන්දුල, මට ලෝකයේ කොතැනත් කරදරයක් නැතුව ජීවත්වෙන්න පුළුවන්. මම කතා කළේ මම ඉන්න රටේ තත්වය (නි)
බන්දුල පෙරේරා , සම්පත් හුරාකන එක ගැන මෙතන කියලා වැඩක් නැහැ. අනුන්ගේ රටවල සම්පත් හූරාකෑම ගැන කියන්න කලින් මෙහෙ වෙන්නේ මොනවද කියලා හොඳට ඇස් ඇරලා බලන්න (නි)
බන්දුල අදාළ කාලයෙන් පසු අකුලාගෙන යන එක ගැන නම් අපෙන් මොකුත් අහගන්න එපා. යම් යම් හේතු නිසා හරියට රාජකාරිය කරගන්නත් බැරි තත්වෙට ආවට පසුවත් ,බැරි මරගාතේ රෝද පුටුවෙන් හරි ඇවිල්ල පෙනී සිටින කට්ටිය දැකලම නැහැ වගේ. (නදී)
තමන් ගැන අධි තක්සේරුවෙන් හිතන එක කිසිම දේශපාලන පක්ෂයකට සුදුසු නැහැ. සමහරුන්ට වැඩ වරදින්නේ පමණට වඩා නරි වාදන් දොඩමින් තමන්ට ලැබෙන්න තිබෙන ඡන්ද ටිකත් නැති කරන වන්දි භට්ටයන් නිසා. (නදී)
බය වෙන්න දෙයක් නැහැ. පරිගණකයට මල් තියල වැඳලා භාරයක් වුනාම ඕනෑම මැතිවරණයක් දිනලා කැමති කෙනෙකුට බලයට එන්න පුළුවන්. (නදී)
විනාඩි කීපයක්ම මෙහි තිබෙන කොමෙන්ට් කියෙව්වා. සාදාරන ලෙස අදහස් ඉදිරිපත් කරමින් තර්කයක් ගොඩනගන්නේ බන්දුල පෙරේරා මහතා පමණක් බව පෙනී ගියා. මම එතුමාගේ අදහස් වලට එකගයි. විධායක බලය ජනාධිපති හෝ අගමැති කෙනෙකු ලෙස රටේ නායකයාට තිබිය යුතු බව විදේශ සහ ඩයස්පෝරාවේ බලපෑම් තියෙන අපේ රටට සුදුසුම බව මම තරයේ විශ්වාස කරනවා.(නදී)
සෝබිත හිමියනි, විධායක බලය ඉවත්කිරීමේ ඔබගේ අදහස ඉතා අගනේය. දේශපාලන උන්මත්තකයකු විසින් නිර්මාණය කරන ලද විධායක ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධී එකකි. එය එ්කාධිපති ක්‍රමයකි. නායකයා නිතරම තම අදහස් ක්‍රියාත්මක කරයි. වගකීමෙන් තොරයි. රටේ සියලු ව්‍යසනවලට හේතුවත් එ්කයි. බලයට එන කෙනා මේ බලය භුක්ති විඳිනවා මිස එය නෙතිකිරීමට කටයුතු නොකරයි. වර්තමානයේ අපිට එ් බව පෙනේ. එබෙවින් මේ කර්තව්‍යට සුදුසුම කෙනාද ඔබමද යන්න මගේ හැඟීමයි. ජනාධිපතිවරණයකට පෙර මම ලංකාවට එනවා. (නදී)
විධායක බලය කොතන තිබුනත් එය නුසුදුස්සෙක් අතට පත් වුන හොත් ලෝකයේ මොන බලවත් රටක් වුනත් නැත්තටම නැති වෙනවා. මෙතන සමහර අදහස් වල පේන්න තිබෙන්නේ විධායක බලය රටට බලපාන හැටි විමර්ශනය වෙනුවට තමන් කැමති කෙනා ඒ බලයට සුදුසු එකම තැනැත්තා යන දැඩි අදහසින් ආවේගශීලී වීම. (නදී)
ලංකා තිලක් නොහොත් බන්දුල පෙරේරා දේශපාලන පුවතක් පලවුනොත් මෙතන හැසිරෙන්නේ වලන් කඩේට වැදිච්ච ගොනා වගේ. මම දැන් සෑහෙන කාලයක සිට දැකල තිබෙනවා. කොහෙන් ගියත් නවතින්නේ පිටරට ඉන්න ලාංකිකයන් අදාළ නැති කාරනා වලට ඈද ගෙන . ඒ මිනිස්සුන්ට ලවක් දෙවක් නැතිව බැනගෙන . අපිත් ඉන්නේ ලංකාවේ . අපේ කවුරුවත් පිටරට නැහැ. පිටරටට ආවඩන්න යන්නෙත් නැහැ. . හැබැයි මෙතන පිටරට ඉන්න ලාංකිකයන්ට සත්තුන්ගේ නම් කියන නුගත් තත්වයට වැටෙන්න නම් කැමති නැහැ. (අ)
බන්දුල පෙරේරා "විධායකබලයට" වඩා හොද නැද්ද "ඒකාදිපතිබලය"?.අනේද කියන්නේ? (නදී)
විදායක බලය කියන්නේ රට යටත් කරගෙන පාලනය කිරීමද?මට පැහැදිලි නැහැනේ. (නදී)
විධායක ජනාධිපතික ක්‍රමය ගැටළුවක් වෙලා තියෙන්නේ කොලඹ හතේ ඉන්න කාල බිල තෙල් මන්ද මෝරලා රෑට නින්ද යන්නේ නැති ඔය ප්‍රභූ පැලැන්තියේ කොට්ටාශයකට පමණයි. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම ගැටළුවක් මහා හෙනයක් නැහැ. (නදී)
ඉස්සර මිනීමරු ප්‍රබාකරන් රටේ වටිනා කියන මර්මස්තාන වලට උඩින් හෝ ගොඩබිමින් මරාගෙන මැරෙන කළු කොටි එවලා විනාස කලා වගේ දැන් රටේ වටිනා කියන මර්මස්ඨාන සියල්ලම චීනෙට විකුනන් කනවා. ඉතිරි මර්මස්ථාන සියල්ලම තමන් සතු කර ගන්නවා. මම එ්කයි කියන්නේ අපිට තවත් නැති වෙන්න දෙයක් ඉතිරි කරලා නැහැ කියල. (නදී)
බන්දුල පෙරේරා මධුභාෂිනී කියන ගැහැණු නමටත් පන දෙන්න යනවනේ. පිස්සුද නැතිනම් හැටිද? (නදී)
විවිද නම් වලින් බන්දුල පෙරේරා විධායක බලය හොදයි කිව්වට 95% ක් දෙනා දන්නවා විධායක බලයෙන් රටට වෙලා තිබෙන විනාසය. ඇස් දෙකක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා විනාසයේ තරම. (නදී)
විධායක බලය කියන්නේ මොන තරම් විනාස කාරී දෙයක්ද කියල දන්නා නිසා තමයි ඇමෙරිකාවේ දෙවරකට වඩා ජනාදිපති වෙලා ඉන්න ව්‍යවස්ථාවෙන්ම ඉඩ නොදෙන්නේ. (නදී)
ලම්බෝහිනි,ෆෙරෙර්රි,පොර්චේ,ලන්ද්ච්රුසේර් 7-8 ක් බදු නැතිවම ගුවනින් සැපත් වෙන රටේ කොලඹ හතේ අයට කොහොමද ගැටළුවක් වෙන්නේ. (නදී)
"රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම ගැටළුවක් මහා හෙනයක් නැහැ". අපි දැක්කනේ පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණ මිනිසුන්ට "පට පට" ගාල වෙඩි තියල ප්‍රශ්නය විසදපු හැටි. (නදී)
මේ ප්‍රශ්න හරහා ඔබ වහන්සේ උත්සහ කරන්නේ දේශපාලනයේ අවලංගු කාසියක් බවට පත්ව ඇති ඔබගේ පෞද්ගලිකත්වයට වලංගු භාවයක් ලබා දෙන්නද? ජනාධිපති ක්‍රමය අහෝසි කළා කියල ඔය තත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. (නදී)
විදායක ජනපති ක්‍රමය නැතිකර මහින්ද මහත්තයම විදායක අගමැති කරමු. එතකොට අගමැතිට පාර්ලිමේන්තුවට වග කියන්න වෙනවා. තනි මතයට වැඩ කරන්න බැහැ. හැබැයි මට නම් මෙතෙක් මහින්ද මහත්තයට වැඩිය හොඳයි කියන්න නායකයෙක් නම් පෙනෙන්නේ නැහැ (නදී)
සෝභිත හාමදුරුවෝ මේ විධායක බලය නැති කරලා කාටද බලය දෙන්න හදන්නේ..පාර්ලිමේන්තුවටද? ඉන්න තරමක් හොරු ඉන්නේ එතනනේ.පාර්ලිමේන්තුවට වග කියන අගමැති කෙනෙක් ආව කියමුකෝ..78 වෙනකම් එහෙමනේ තිබුනේ..එතකොට 78 ට කලින් මේ රටට කිරි පැණි ඉතිරුවද? අගමැතිගේ බලයට පිටින් කවුරුවත් ගියාද? අගමැති තමන්ට අවශ්‍ය ආකාරයට බලය පාවිච්චි කලේ නැද්ද?මැතිවරණ වලදී ප්‍රචාරණය සදහා බලය පාවිච්චි කලේ නැද්ද? ඥාති සංග්‍රහ පවුල් ගස් තිබුනේ නැද්ද? සෝභිත හාමදුරුවෝ පෙන්නන ලස්සන අයිසින් කේක් ගෙඩිය මැද තියෙන්නේ රාජපක්ෂවරු ගෙදර යැවීමේ පුද්ගලික පරමාර්ථය මිස වෙන දෙයක් නෙමෙයි.. (ස)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ චේතනාව මේ දර්මද්වීපය බේරාගැනීම කියල මම හිතනවා. ඉදිරියටම වඩින්නේ නම් ඔබවහන්සේ සමග මේ රටේ සද්දනුසරි ධම්මනුසරි සියලු ප්‍රඥාවන්තයන් එක්වේවා! ඔබවහන්සේට බුද්ධ, ධම්ම, සඟ යන තිසරණයේ සරණ මෙන්ම තිස්තුන් කෝටියක් දෙවිදේවතාවන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා! මේ උතුම් ධර්මද්වීපය බැබලේවා (නදී)
රූපා , දැන් ඉන්න කෙනාට වඩා හොඳ,අවංකව රටට ආදරේ අය ලංකා දේශපාලනයේ ඉන්නවා. ඒ අයට ඉස්සරහට එන්න දෙන්නේ නැහැ තමන්ගේ වැරදි, හොරකම් වහගෙන මාධ්‍ය හරහා අනිත් අයට මඩ ගහනවා (නදී)
බන්දුල පෙරේරා දෙන්න පුතා අත්නොහැර තනි සටන. අපේ මුල්ම විධායකය පඩික්කන් පුරවන කට්ටියක් ගැන කතා කරද්දී ඔය කවුරුත් දෙකොන වසාගන හිටි හැටි අපිට මතකයි. (ස)
හැමෝම පිලිගන්නවා මේ විධායකයට සියල්ල යටවෙලා රටම ගිලගන්න බුවල්ලෙක් වගේ පිළිලයක් වගේ මේකෙන් රටම විනාශ වෙන බව. නමුත් ප්‍රශ්නය හාමුදුරුවෝ විතරයි අද මේකට විරුද්ධ වෙලා බය නැතුව කතා කරන්නේ. මේ රටේ මිනිහෙක් ගැහැණියෙක් කරන්න බැහැ කියපු ව්‍යවස්ථාව අද රටේම මිනිස්සු ගැහැණු බවට පත්කර ඇති මොහොතක ඔබවහන්සේ කරන මේ අරගලය තේරුම් ගන්නටවත් පුළුවන් පිරිමි ටිකක් පහළවේවා! කියා මම පතමි. දෙපා වලට විලංගු දමා යකඩ බෝලයක ගැට ගසා ඇති මිනිසුන් පිරිසක් ඒක ගලවල දමන එක පසෙක තබා නොයෙක් තර්ක විතර්ක කරනු දැකීම රටේම අවාසනාවකි. (ස)
ඩුබායි තිලක් කටුනායකින් ගොඩ බැහැලා අධිවේගෙන් ගෙදර ගිහින් අඹු දරුවෝ එක්ක සතුටින් නිවාඩුව ගත කරලා ආයෙත් ඩුබායි වලට ගිහින් එසැන පුවත් වලට ලියනවා ලංකාව මිනි කන්නන්ගේ දේශයක්, ලංකාවට යන්නත් බයයි කියලා. ඒ වගේ සත්ව කොට්ටාශයක් ලංකාවෙන් පිට ඉන්නවා. එ්කයි මම කිව්වේ රට බල්ලට නම් ගිහින් නැහැ, බල්ලෝ රට ගිහින් කියලා. පස්සේ හිතුනා ඒක බල්ලන්ට මම කරපු ලොකුම අපහාසයක් කියලා. බල්ලෝ කියන්නේ උපන් තැනට හැදුනු වැඩුණු තැනට ද්‍රෝහී නොවන කල ගුණ දත් සත්ව කොට්ටාශයක්. කොහොම උනත් විදේශ ගත මේ රටට ආදරය කරන පොළොවේ පය ගහල ජීවත්වෙන දහස් ගානක් ශ්‍රී ලාංකිකයින්ට ඒ කියමනෙන් සිත් රිදවීමක් උනානම් සමාව ඉල්ලනවා. මම අදහස් කලේ සමස්තය නෙමෙයි එක කොටසක් පමණයි. (නදී)
බන්දුල පෙරේරා රූපා නෙමෙයි මොන නමකින් කිව්වත් කියන්නේ එකම දෙයයි. (ස)
හලෝ තිලක්, මම ඔය කවුරුත් කියන නිසා කියනවා නොවෙයි. බන්දුල කියන්නේ මෙය නැති කිරීමෙන් ප්‍රශ්න විසදෙන්නේ නැතිබව. මම කියන්නේ හැමෝම කැමතිනම් විධායක ජනපති කියන පාර්ලිමේන්තුවටත් වඩා උඩින් ඉන්න මේ තනතුර නැති කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වන විධායක අගමැති කෙනෙක් පත් කරමු. එතකොට ඔහු පාර්ලිමේන්තුවේදී හෝ වැරදි දෙයක් කතා කලත් කතා නායක තුමාට පැමිණිලි කරන්න පුළුවන්. ඔහුට විරුද්ධව උසාවි යන්න පුළුවන්. ප්‍රශ්නේ මහින්ද මහත්තය ඉවත් කරලා කවුද ඊට වඩා හොඳ නායකයා. දැම්ම කියන්න බලන්න නම. (ස)
ඔහොම ගියොත් රටේ ජනතාවට අබ සරණි හාමුදුරුවනේ, (ස)
අනේ මන්දා හැම අදහසක්ම කියෙව්වා. ඒත් අර රට ගිය බල්ලෝ ගැන ලියපු කෙනා ගැන පුදුම කලකිරීමක් ඇති උනේ. රට ගිය බල්ලන් ගෙන් එන විදේශ විනිමය නිසා තමා රට මෙතුවක් රැදී තියෙන්නේ. කියල අමතක කරන්න එපා. මම හැමදාම කියන දෙයක් තමයි දේශපාලනේට මම කැමති නැහැ කියලා. එ් නිසයි අදහස් නොලිවේ (නදී)
මෙය ඉවත් කලහම රට නැවතත් පෙර තිබුන හොද තත්වයට එනවද? විකාර නොදොඩා දන්නා කෙනෙක් කියන්න බලන්න, ජේ .ආර් විසින් ඇතිකළ හැම දෙයම ඉවත් කල යුතුය , ( ජනපතිට අනිසි බලතල, පුද්ගලික බස් , පලාත් සබා, මනාප ක්‍රමය , විවෘත ආර්ථිකය ආදිය ) (නදී)
තිලක්- ඩුබායි, මට නම් මෙතන බන්දුල පෙරේරා වෙනත් නම් වලින් පෙනී සිට අදහස් දැක්වූ, අවස්ථා 6 ක් විතර දකින්නට ලැබුනා. බන්දුල පෙරේරා, ඔබ මොන වේශයෙන් අදහස් දැක්වුවත්, ඔබගේ ලියන විලාශය වෙනස් කර ලිවීමට ඔබට දැනුමක් තේරුමක් නැති බවත් හිතාගන්න. ඔබට වඩා මෙතන ලියන අනිකුත් අය, බුද්ධිමත් බවත් සිතා ගන්න. (නදී)
බන්දුල පෙරේරා,පිරිමියෙක් මෙන් අදහස් පල කරන්න. වරෙකට ස්ත්‍රියක මෙන්ද,තවත් විටක පුරුෂයෙකු මෙන්ද,ඊලග සැරේ මේ දෙකොටසටම අයත් නොවන, අයෙකු මෙන්,අදහස් පළකිරීමෙන් වලකින්න. (ස)
කරුණාජීව මහත්තයෝ, ඔයාට වැරදිලා.ඔයාගේ බුද්ධි මට්ටම සමාජ දැනුම ගොඩක් දුර්වලයි. අනුන්ගේ නම් වලින් ලියන අනුන්ගේ නම් වලින් තමන්ගේ අදහස් අනුමත කරවා ගන්න ගති මගේ ළඟ නැහැ. (නි)
මම නම් හිතන්නේ මෙතන පොඩි අනවබෝදයක් තියන බවයි. මහින්ද පාලනය තුල අපට ලැබුන දේ බොහෝය. සිදුවී ඇති රට සංවර්දනයද බොහෝය. මුදල් වැරදිද බොහෝය. වැඩ කරනවා නම් වැරදි ද වෙයි. වැඩ නොකරනවා නම් කිසිම විවේචනයක් ද නැත. විදායක ජනපති ක්‍රමය තුල රටට බොහෝ අනර්ථ සිදුවුයේ ජේ.ආර් සහ චන්ද්‍රිකා පාලනයෙන් පමණි. මහින්ද පාලනය බොහෝ පෙර වැරදි අඩු කලා. තව හදා ගත යුතු දේ එමටයි. ගෝලයෝ පිස්සු කෙළිති. එම වැරදි හදාගෙන යන්න අපි කල යුත්තේ නොදන්නා අයෙකුට බලය දීමද, නැත. විදායක ජනපති ක්‍රමය සහ මහින්ද වෙනස් කිරීම එකම දෙයක් නොවිය යුතුය. මේ එන පොට පටලවා ගත්තොත් අපිට වෙන්නේ ඉරාකයට සිදුවූ දෙයයි. (නදී)
බන්දුල පෙරේරා =රූපා =මධුභාෂිනීට වෙන වැඩ නැද්ද ? (නි)
බන්දුල පෙරේරා නමැති පුද්ගලයා කවුදැයි කියා,මෙතන අදහස් දක්වන අපි සියල්ලන්ම දනිමු.මම මෙතන අදහස් කියවනවා ඇරෙන්න,අදහස් පළකරන අයෙක් නොවෙමි.නමුත් අදහසක් පළකරන්නේ නම් එය කරන්නේ, ඔබ කියනා විකාර,මොළය හොඳ නැති අදහස් විවේචනය කිරීමට පමණි.ඒ මඟින්, මාගේ බුද්ධි මට්ටම ගැන,සමාජ දැනුම ගැන ඔබට තක්සේරුවකට ඒමට නොහැකි බවත්, ඔබ තේරුම් ගතහොත් හොඳයි. (නි)
කරුනාජිව මහත්තය යමක් දකින ආකාරය ගැන තේරුම් ගන්න මං ගැන දාල තියෙන අදහස් ටික ඇති. කව්රුන් හෝ මගේ අදහසක් අනුමත කලොත් එතුමා හිතන්නේ මම ඒ නමින් ලියනවා කියල. ඒ කියන්නේ විරුද්ධ අදහස් දරන්නේ මම විතරයි මේ රටේ. මම නම් දෙකක් භාවිත කරනවා. ඒකට හේතුවත් එසැන පුවත් වලින් බවලතියෝ ටිකක් කල අකර තැබ්බයක්. ඒ නම් දෙක එසැන පුවත් වල සැමදාම රැදිලා ඉන්න අය දන්නවා. දෙවැනි නම මාව එසැන පුවත්වල දිගටම රදවා ගත් නම. ඒ නම මරල දාන්න මම අකමැතියි. ඒ නිසා ඉදල හිටලා ඒ නමටත් පන දෙනවා. ඒ ඇරෙන්න මම මගේ අදහස් කෙලින් කියන අයෙක් මිසක් අනුන්ගේ නම් වලින් ලියන නපුංසකයෙක් නෙමෙයි. මේක සංවාද මණ්ඩපයක් පමණයි කරුනජිව මහත්තයෝ. අදහස් අනුමැතියට දාන තැනක් නෙමෙයි. (නදී)
විධායක ජනාධිපති ක්‍රමය ලංකාවට ගැලපෙන ලංකාව දියුණු කල හැකි හොදම ක්‍රමයයි. අවශ්‍යය වන්නේ මිනිසුන්ගේ බුද්ධිමත් ඡන්ද ලබාදීම පමණි. ජනප්‍රිය භාවය මත සහ මුදල් මත පමණක් යැපෙන චරිත බලයට පත් වූ විට සිදුවන්නේ මෙලෙස පරිහානියට පත් වීමයි. යහපත් අවංක පුද්ගලයෙක් විධායක බලතල ලබාගතහොත් මේ රටේ යහ පාලනය ස්ථාපිතවනු ඇත. මා දකින ලෙසට අවාසනාවට බලය ලැබෙන්නේ නිවැරදි දැක්මක් සහිත පුද්ගලයන්ට නොවේ. රටට යහපත් තීරණ ක්‍රියාත්මක කළහැකි හොදම ක්‍රමය මෙයයි (නදී)
ලංකාවට යහපතක්ම වේවා (දී)
විධායක ක්‍රමය හොඳයි කියන අයගෙන් අහන්න තිබෙන්නේ එක පුද්ගලයකු අත අසීමිතව බලය තිබීම නිසා සියලු දෙයම ඔහුගේ අනසකට යටත්ව තිබීම ඔහුගේ බලයට සියලු ආයතන යටවීම හොඳයි කියන එක විය යුතුයි. අද එහි ප්‍රතිපලය ලෙස ලක්ෂ දෙසීයක ජනතාවට බුක්ති විදීමට ඇති රටේම සම්පත් පවුල් කීපයක් බුක්ති විදින එක හොඳයි කියන එකද? ඒ කියන්නේ මේ රටේ ඉන්නේ එක් පුද්ගලයකුගේ බලයට යටවෙලා එහෙයි කියන හෙන්චයියලා පිරිසක් පමණක්ද? මෙන්න මේක තමයි මේ විධායක ක්‍රමය අද අපට අනිතිමට උරුම කර ඇති කරුමය. මේකම ප්‍රමාණවත් නොවෙයිද මේ ක්‍රමය ඉවත් කලයුතු බවට. (නදී)
විධායක ජනාධිපති ක්‍රමය 2015දී නැති කල යුතුයි (නදී)
ගාමිණී මහත්තයෝ ඔබ කියන කතාව තව විස්තර කරන්නකෝ.ඔය කියන පවුල් ටික ඒ සම්පත් බුක්ති විඳින ආකාරය පැහැදිලි කරලා අපි රට වටේම යමුකෝ. රනිල් මහත්තයත් එවිනේ. හත් දෙයියනේ විධායක ක්‍රමය තිබුනේ නැත්නම් ප්‍රභාකරන් මෙලහකට උතුරු නැගෙනහිර රජ වෙලා (ස)
ගාමිණී මහත්තය කියන්නකෝ අපිටත් පැහැදිලි කරලා ඔය කියන බුක්තිවිදින සම්පත් මොනවද කියල. චන්ද්‍ර මහත්තයා කියනවා වගේ මාත් එනවා රට වටේ යන්න ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්නම්. කට කතා මවන්න ඕන කෙනෙකුට පුළුවන්..සාක්ෂි සහිතව ඔප්පු කරන කෙනෙක් තමයි නැත්තේ,අපි ජිවත් වෙන්නෙත් මේ රටේ තමයි මහත්තයෝ..අපි භුක්ති විදින අපේ හැකියාවන්ගෙන් උපාය ගත්ත කිසිම දෙයක් වෙන කවුරුවත් භුක්ති විදින්නේ නම් නැහැ.පොදුවේ රජයෙන් මහජනයාට ලැබෙන කිසි දෙයක් අපෙන් උදුරාගෙන කවුරුවත් පාවිච්චි කරන්නෙත් නැහැ...අපි ගාමිණි මහත්තයලට අපේ වචනෙන් කියන්නේ දේශපාලන කුහකයෝ කියල..ඔය පපුවේ තියෙන්නේ ඉරිසියාව.. වෙන මොකුත් නෙමෙයි..විධායකය ඉවත් කලාට ඔය පපු වල තියෙන දුෂ්ට කම් කුහක කම් ඉරිසියාවල් ඉවත් කරන්න බැහැ. (ස)
රටක පැවතිය යුත්තේ ජනාධිදිපති සහ ඇමති මන්ඩලය පංසලට ඇවිත් මහා නාහිමිවරු හෝ සංඝයා වහන්සේලා බැහැ දැකීමයි. (නදී)