(තිසර සමල් සහ බී.ජී.චතුරංග)
අනුරාධපුර, මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී 15 හැවිරිදි සිසුවකු අනතුරට ලක් වූ මෝටර් රථය පැහැර ගත් රථයක් බවට තහවුරු වී ඇතැයි ඉපලෝගම පොලීසිය පවසයි.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණ අඹු-සැමි යුවළක් මෙම මෝටර් රථය පැහැර ගැනීම සිදු කර ඇති අතර, පැහැර ගැනීම සිදු කළ තරුණයා විසින් මෝටර් රථය රැගෙන පළා යමින් සිටියදී මෙම අනතුර සිදු ව ඇතැයි පොලිසිය කියයි. .
මෙම මෝටර් රථය මෙලෙස පැහැර ගැනීමට ලක්වූ බවට ඇන්ටනා කාර්මික ශිල්පියකු අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයට ඊයේ (16) පැමිණිල්ලක් සිදු කර ඇත.
අනුරාධපුරයේ පදිංචි මෙම මෝටර් රථයේ හිමිකරු පොලිසියට කළ පැමිණිල්ලට අනුව ඊයේ (16) පෙරවරුවේ ඇමතුමක් ලබා දුන් කාන්තාවක ඇන්ටනාවක් සවි කිරීමට ඇති බව පවසා පැමිණෙන ලෙසට ඇමතුමක් ලබා දී ඇත.
ඒ අනුව තමන් අනුරාධපුර, යාපනය හංදිය ප්‍රදේශයට පස්වරු 4.00 ත් 4.30 ත් අතර කාළයේ ගොස් එම කාන්තාවගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත් අවස්ථාවේ ඒ අසල ඇති අතුරු මාර්ගයකට පැමිණෙන ලෙස දැන් වූ බවත් ඒ අනුව අතුරු මාර්ගයට මෝටර් රථයෙන් ගමන් කළ අවස්ථාවේදී, තරුණ යුවළක් මෝටර් රථයට ගොඩවූ බවත් ඔහු පොලිසියට කියා ඇත.
එසේ ගොඩවූ තරුණිය තමාගේ ජංගම දුරකථනය හා තමන් සතුව තිබූ රුපියල් 3500 ක මුදලක් පැහැර ගත් බවත්, තරුණයා තමාගේ බෙල්ලට තියුණු ආයුධයක් තබා මුදල් ඉල්ලා සිටි බවත්, ඒ අවස්ථාවේ තමන් සතුව රුපියල් 55 000 ක මුදල් තිබූ නමුත් එය නොදීම කටයුතු කළ බව ද ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මුදල් පැහැර ගනීයැයි බිය වී මෝටර් රථයෙන් බැස, දිව ගොස් සහය ඉල්ලා කෑ ගැසූ බවත්, ඒ අවස්ථාවේදී තරුණයා මෝටර් රථය පැහැර ගෙන ගිය බවත්, ඒ සමඟ පැමිණි තරුණිය පළා ගිය බවත්, අනුරාධපුර කඩ 30 ප්‍රදේශයේ පදිංචි ඇන්ටනා කාර්මික ශිල්පියා අනුරාධපුර පොලීසියට කළ පැමිණිල්ලෙහි සඳහන්ව ඇත.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහඉලුප්පල්ලම අනතුරේ මෝටර් රථය පැහැරගත් එකක්
Gune Thursday, 18 May 2023 08:28 AM
ඔබ වංචාවක් කරන්න ඇති. 55 000 ක් තියාගෙන 3500 ක් දීම වැරදියි.