නිවාස ණය ඉහළ නැංවීම, සේවක උසස් වීම් ඇතුළු ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ඉල්ලා මහජන බැංකු සේවකයෝ කෑම පැයේදී කොළඹ මහජන බැංකු මූලස්ථානය ඉදිරිපිටදී අද (22) උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ලංකා බැංකු සේවක සංගමයේ මහජන බැංකු ශාඛාව මේ උද්ඝෝෂණය සංවිධානය කෙළේය.
විශාල මහජන බැංකු සේවකයින් පිරිසක් එක්ව සිටියහ. තම අයිතීන් පිළිබඳ ලියැවුණු විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විවිධ සටන්පාඨ කියමින් ඔවුන් උද්ඝෝෂණයේ යෙදී සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ බැංකුවට ඇවිත් ඉක්මනින් වැඩේ කරගන්න දගලන අය පුද්ගලික බැංකු වලට ගිහින් පැය ගණන් රස්තියාදු වෙනවා. ගනුදෙනුකරුට ලොකු ආදායමක් නැත්නම් පුද්ගලික බැංකු ගනුදෙනුකරුවන් දිහා බලන්නේ නෑ. ඒත් රජයේ බැංකු එහෙම නෑ. රජයේ බැංකු වලට බනින ගොඩක් අය ඒ බැංකුවලට කාලෙකින් ගොඩ නොවුන අය. පුද්ගලික බැංකුවකට යන සල්ලිකාරයෙක්ට බැංකු සේවකයෝ වැඳලා සලකන එක දැකල එයාල හිතනවා තමංටත් ඒ විදියට සලකයි කියලා. (නදී)
රමණි,නීලාට අවශ්‍ය උත්තරය දීලා තියෙනවා. (දී)
නීලා, ඒ වෙනුවෙන් එයාලා අතිකාල ගන්නවා. 7.30 ට යන කෙනා එම පැය බාගයටත් අති කාළ ගන්නවා. ලෙඩ උනාම අසනීප නිවාඩු නොගෙන ඉන්නේ වරප්‍රසාද නිවාඩු මුදල් කරන්න. සමහරු නම් වැඩ කරනවා. මමත් හොඳට ඔය බැංකුව ගැන දන්නවා.(නදී)
ඇමරිකාවේ බැංකුවල ලිපිකරුවන්ට ලැබෙන්නේ ඉතාම අඩු පඩියක්. නමුත් එයාල ටිප් ටොප් එකට වැඩ. මෙහෙ නැහැ රජයේ බැංකු (නදී)
කොපමන ලැබුනත් මදි නේද? ලද දෙයින් සතුටු වෙන්න. අනිත් රාජ්‍ය සහ පුද්ගලික අංශ වල කොපමන පඩි අඩුද? (ස)
ඉරෝෂ්, බැංකුවක් කියන්නේ සේවාවක්. ගනුදෙනු කරුවන්ට දෙන සේවාව ගුණාත්මක භාවයෙන් අඩු නම් වැඩක් නැහැ. ලඟදි පත්වීම ලබපු සමහර උදවිය ගනුදෙනු කරුවන් ඉදිරියේ කටේ කෑම ඔබා ගෙන සල්ලි ගණන් කරන එක අශෝබනයි කියලාවත් දන්නේ නැහැ. සමහරු කිවිසුමක් යනකොට නහය වසා ගන්න දන්නේ නැහැ. කොහොම බැංකු පත්වීම් ලැබුනද කියල දෙයියෝ තමයි දන්නේ. (නදී)
මහජන බැංකුවේ ඔය ගොල්ලන්ගේ කෙනෙක් වැඩ කරනවා නම් දැන ගන්න තිබුනා ඒ ගොල්ලෝ මැරෙන විදිය. මම දන්නවා ඒ ගැන හොදටම. උදේ 7.30 ට යනවා. ඔෆ් වෙන්නේ රෑ 7.00 ට. ආණ්ඩුවේ ක්ලාක් ලා ල තුන් හතර දෙනෙක් ගේ වැඩ කරනවා. නමුත් හුගක් අය හිතන් ඉන්නේ නිකන් ඉන්නේ කියල. තමන්ගේ කෙනෙක් හරි යාලුවෙක් හරි වැඩ කරනවා නම් අහල බලන්න. ළමයෙක් ගේ අසනීපයකට වත් නිවාඩු ගන්න බැහැ ඒ ගොල්ලන්ට. (නදී)
ශාන් මහත්තයෝ ඇයි ඔය තරම් බොරු කියන්නේ...? අපිට නම් වැඳලා සලකන්න ඕනේ නැහැ.අපිව රස්තියාදු නොකර ප්‍රියමනාපෙට කතාකරලා අපේ අවශ්‍යතාවය ඉටු කරලා දුන්න නම් ඒ ඇති.ඒ ටික නොකෙරෙන එකයි වරද. (ස)
පිටරටවල ඇති බැංකු වල සේවකයන්, ගනුදෙනුකරුවන්ට සලකන හැටි වීඩියෝ කර ගෙන ඇවිත්, රුපවාහිනි සේවාවන් වලට, අතින් වියදම් කරලා වීඩියෝ පටිය දෙන්න ඕනේ විකාශනය කරන්න කියලා.එතකොට මේ බැංකු දෙකේ අයට පෙනෙයි වෙනස කොහොමද කියලා. (දී)
නිවාස ණය ලක්ෂ 50 ක් දෙනවා. මදිද? අනිත් දේවලුත් එහෙමම තමා. කොච්චර දුන්නත් මදි. (නදී)
පුද්ගලික බැංකු වලට සේවකයන් පත් කරන්නේ සුදුසු කම් අනුව. විභාගයේදී ඉහල ලකුණ ගත්ත කෙනා සම්මුඛ පරීක්ෂණයේදී ඉහල කුසලතා පෙන් වූ කෙනාව හෝ විශේෂ දක්ෂතා ඇති කෙනාව තෝරා ගන්නවා. අරයගෙ මෙයාගේ ලිස්ට් වලට එහෙන් මෙහෙන් රිංගවා ගත්ත කට්ටිය ඒවායේ නැහැ. ඒ නිසා සේවාව ඉතා උසස්. (නදී)
ඔහොම කරලා ඡන්දෙ ලන් වෙනකොට ඡන්දෙ දෙන්නේ මෙයාලම තමා (නදී)
නයට ඉල්ලා අමනාප නොවන්න මෙයාලා? (නදී)
ගොඩක් අය පුද්ගලික බැංකු ගැන කතා කරනවා. නමුත් අපි හැමෝම නොදන්න්න දෙයක් තියනවා. අද ලංකාවට තෙල් ටික, රජයේ පඩි ගෙවන්නේ ලංකා බැංකුවේ අදායමින්. විදුලිබල මණ්ඩලය, ලංගම සම්පුරන්යෙන්ම වගේ දුවන්නේ මහජන බැංකුව නිසා. එ්ක නිසා අපි රජයේ බැංකු ගැන මෙහෙම කතා කරන එක සාධාරණද ? සේවකයින් මොනවා කලත්. (නදී)
මේ ගොල්ලෝ එක එක දේවල් ඉල්ලලා උද්ගෝෂණ කරනකොට ඉතිරිවෙලා ඉන්න ගනුදෙනුකරුවන් ටිකත් පුද්ගලික බැංකු කරා යාවි. මොකද ගනුදෙනුකරුවන්ට ඔය වැඩ වර්ජන වැඩක් නැහැ .ඔවුන්ට අවශ්‍ය හොඳ සේවාවක්. (නදී)
උඩ පැන ගෙන කෑ ගැහුවට සේවාව නම් ගන්නම දෙයක් නැහැ. දේශපාලන පත්වීම හරහා එනකොට කිසිම කුසලතාවයක් සුදුසු කමක් අරගෙන නෙවෙයි එන්නේ. ඉතින් ඇවිත් වැඩක් කරවාගන්න එන ගනුදෙනුකාරයන්ට රැස්පොට් දාන්න විතරයි දන්නේ. ඊට පස්සේ උසස් වීම් නැහැ කියල කෑගහනවා. තව හොඳ දේවල් ලියන්න පුළුවන්. මොකටද අපේ ලේ කෝප කර ගන්නේ. (නදී)
මේ අයට මෙහෙම හරි ලෝන්, උසස්වීම් ලැබෙනවා. අපිට මේ මොකුත් නැහැ (නි)
ලංකාවේ බැංකුවල සේවකයන්ට සළකනවා වැඩියි. එයාලා තව තව ඉල්ලන්නේ අනිත් රැකියාවල උගතුන්ටවත් නැති වරප්‍රසාද. මේක හරිම විෂමතාවයක්. කැනඩාව වගේ රටවල බැංකු සේවකයන්ට මෙහෙම අමුතු වරප්‍රසාද නැහැ. (නි)
කොච්චර දුන්නත් මදි. අලුත් සේවකයෝ පරණ සේවකයන්ගේ අහළින්වත් තියන්න බැහැ. පුදුම ලොකුකමක්. ගනුදෙනුකරුවන්ට හරියට ලොකුකම් පෙන්වනවා (නි)
විධුෂක, අපේ ජාතික ගුවන් සේවය වගේම තමයි මේ බැංකු දෙකත්.ඒකයි ජනතාව පුද්ගලික බැංකු කරා ඇදෙන්නේ. (නි)
ලංකා බැංකුවෙයි මහජන බැංකුවෙයි වැඩ කරන සේවකයෝ තම තමන්ගේ රාජකාරී ය හරියට ඉෂ්ට කරනවානම් මොකද ජනතාව පෞද්ගලික බැංකු කරා ඇදෙන්නේ? තමන්ගේ පඩි පත ගැනයි වෙනත් සහන ගැනයි විතරයි මේගොල්ලන්ගේ සටන. (නදී)
මේගොල්ලෝ එක එක දේවල් ඉල්ලලා උද්ගෝෂණ නම් කරනවා. බලන්න ඕනේ මේ ගොල්ලෝ හරියට වැඩ කරනවද කියලා. මම බෑන්ක් ස්ටේස්මන්ට්ස් එවන්න කියල ලියුම් දෙකක් ලිව්වා. හය පාරක් කෝල් කලා. දැනට දවස් දහයකට වැඩියි. අදත් කෝල් කලා තාම හම්බ උනේ නැහැ. මගේ දේවල් කර ගන්නත් බැරි උනා. මටත් මේ බැංකුව ඉස්සරහා ඉඳගෙන උද්ගෝෂණ කරන්න වෙලා තියෙන්නේ. මන් මේවා කාටද කියන්නේ? (නදී)