මිහින්තලය පුදබිම පූජා නගරයක් ලෙස සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී මිහින්තලය පුදබිමෙහි පවත්නා පුරාවිද්‍යාත්මක බව සහ ඉපැරණි බව රැකෙන පරිදි සිදුකළ යුතු යැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අද ( 08) අරලියගහ මන්දිරයේදී අනුරාධපුර පොසොන් උත්සවය සහ මිහින්තලය පූජා නගරය සංවර්ධනය පිළිබද සාකච්ජාවකට සහභාගීවෙමින් කියා සිටියේය. පුදබිම සංවර්ධනය කිරීම රජයේ අරමුණ බවත් උත්සව සමයේ විශාල පිරිසක් මිහින්තලා පූජා නගර ප්‍රදේශයට පැමිණෙන නිසා බැතිමතුන්ට ආරක්ෂාව සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පොලීසියට උපදෙස් දුන් බවත් ඇමැතිවරයා කීය.
උත්සව සමයේ අනුරාධපුරයේ වැව් ආශ්‍රිතව නාවික හමුදාව සමග පොලීසිය එක්වී ජීවිතාරක්ෂක කණ්ඩායම් යොදවන ලෙසද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබීය. සනීපාරක්ෂක සහ සෙසු පහසුම් සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම්ව සිදුකරන ලෙසද ඇමැතිවරයා කීය.
සාකච්ජාවට මිහින්තලා රාජ මහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි, අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල යන අමාත්‍යවරුන් සහ වැඩබලන පොලිස්පති, අනුරාධපුර දිසාපති, පුරාවිද්‍යා කොමසාරිස් ද එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේකට බුද්ධ ශාසන ඇමති සහ උතුරුමැද පළාත් සංවර්ධන ඇමති ඉන්නවා නේද? (නි)
පුජා නගර සංකල්පය හොඳ වැඩක්. ජේ. ආර් ජනාධිපතිතුමාගේ කාලයේත් ඕවා බිහිවුණා. අැමතිතුමා, දැන් පටන් ගන්න. ජයවේවා! (නි)