IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘මහින්ද රතුපස්වල වැරැද්ද පිළිගනී‘

‘රැහේ උන්ට සලකන හැටි දැන් පේනවා. එක්තරා රූපවාහිනී නාලිකාවක් හම්බන්තොට සිදුවීම පෙන්වන්නේ නැතිව තවම රතුපස්වල පෙන්වනවා. කවුද මේකට වගකියන්න ඕනෑ කියමින් ඒක පෙන්වනවා. මම ඒකට වගකියන්න ඕන නිසානේ පරාජය වුණේ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරන්දෙණිය කොස්වතුමානානා සුදර්ශනාරාමයේ දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.

‘මාධ්‍යකරුවන්ට වුණ වැඩේ කවුරුත් දන්නවා. හොඳට සලකනවා රැහේ කට්ටියට.‘ යැයි ද හිටපු ජනපති කීය. 



අදහස් (0)

‘මහින්ද රතුපස්වල වැරැද්ද පිළිගනී‘

රෝහිත Sunday, 18 December 2016 08:53 AM

මට ගණන් කරගන්නත් බෑ මේවා අහනකොට! හම්බන්තොට කීදෙනෙක් වෙඩිකාල මළාද ඇත්තට? රතුපස්වල පොඩි ගුටියක් කෑව විතරයි නේද! (බ)

:       0       0

පෙරුමාල් Monday, 19 December 2016 04:04 AM

ලැජ්ජ නැතිකම ජනාධිපති කමටත් වඩා ලොකුයි (බ)

:       0       0

ගුණසිරි Sunday, 18 December 2016 09:08 AM

යක්දෙහිගෙදර ඕවා නම් මතක් කරන්නවත් එපා , ඒ අපරාධ වලට නම් විශ්වයම කම්පා වෙනවා (බ)

:       0       0

සවින්ද Sunday, 18 December 2016 09:12 AM

ඔහොම යනකොට කරපු අනිත් දේවලුත් පාපොච්චාරණය කරන්න පටන් ගනීවි (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 19 December 2016 04:14 AM

මහින්ද දේපොළ අවභාවිතා කරලා නැහැ, ඔහු වටේ හිටපු ගෝලයෝ ටිකයි ඒවා කළේ, වැඩිපුර කන්න ඕන වුන නිසා මහින්ද පරද්දන්න කුමන්ත්‍රණ කළා. දැන් යහපාලනයට මුවාවෙලා ඒ ගොල්ලෝ හොදට බෙදාගෙන කනවා. ඒ අතර තුර මහින්ද හොරා - හොරා කියා කියා මිනිස්සු මුලා කරනවා කොහොමද මොලේ ?.මහින්ද දුෂණ කරලා තියෙනවනම් මේවෙනකොට හිරේ දාල ..එ්කයි ඇත්ත. (බ)

:       0       0

රොකී Sunday, 18 December 2016 09:17 AM

ඔවු ඔවු රූපා. මහින්ද මහත්තය හොඳ වැඩ ගොඩක් කෙරුව. ඒවා ඉතින් සමහරක් නම් එතුමාටම හොඳ දේ මිස රටට එච්චරම හොඳ දේවල් කියල හිතන්න අමාරුයි. කොටි ප්‍රශ්නේ ඉවර කෙරුව නම් තවත් ඔය කියන්නේ ආයෙත් චුට්ටක් ඉතුරු වෙලා තියනවා කියල! (බ)

:       0       0

චින්තක Monday, 19 December 2016 04:27 AM

එහෙමනම් බටලන්දේ වදකාගාරයේදී මිනීමරපු මහත්තයත් ,කරපු දේවල් පිළිගත්තානම් හොදා නේද?මහජන මුදල් කොල්ල කාල, ටයර් වල තරුණයෝ 60000ක් මරාදාපු ,රට කොටියට විකුණපු, සුදු වාහන වල මිනිසුන් උස්සපු අතීතය සියලු දෙනාට මතක් කරමි. (බ)

:       0       0

රොහාන් Sunday, 18 December 2016 10:14 AM

මිනි මැරුවත් එකයි මරන්න නියෝග දුන්නත් එකයි වරද්ද පිළිගත්තම අර මැරුණු ළමයින් නැවත එනවද මේවට දඩුවම් නැද්ද ඔබ රට බේරපු බව ඇත්ත වුනත් මේවා ගැන නම් ලජ්ජයි හොදේ (බ)

:       0       0

ටිරෝන් Sunday, 18 December 2016 10:16 AM

බලේ ඇතිකොට මොලේ නැහැ මොලේ ඇතිකොට බලේ නැහැ අපි දැක්ක ජනාධිපතිවරණ සමයේ මෙයා ඔය නම නොකියන නාලිකාවල් (අපේ මුදලින් නඩත්තු කරන )හැසිරුණු විදිහ වෙන කිසිකෙනෙකුට අවස්ථාවක් දුන්නාද දැන් ඔය පල දෙන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කොහෙද (බ)

:       0       0

ජෙරම් Sunday, 18 December 2016 10:26 AM

මගුලක් කතා කරනවා. (බ)

:       0       0

සිල්වා බර්ලින් Sunday, 18 December 2016 10:31 AM

දැන් වයස. 70 පැනල හින්ද ටික ටික මොළේ ක්‍රියාකාරිත්වය අඩු වෙනවා එමනිසා තමා මෙහෙම කතා කරන්නේ , රතුපස්වල මිනිස්සු හැදුවේ අධිරාජ්‍යවාදීන් සමග එකතුවෙලා රටේම බලය අල්ලගන්න , ඒගොල්ල කාලතුවක්කු. යුධ ටැංකි වැනි බර අායුධ එහෙමත් ඇනවුම් කරල තිබුනේ , (බ)

:       0       0

දේවින්ද Sunday, 18 December 2016 10:48 AM

වැරැදි කරන උන්ව නෙරපීම ජනතාව සතුයි.ජනතාව අවදියේන්..රාජපක්ෂ මහරජතුමාට වූ දෙය මෙයාලටත් වෙයි....පුශ්නය ඒක නෙවෙයි රතු පස්වල මිනිමැරුම් වගකීම භාරගත් කෙනා ඉනන ඕන කොතැනද කියන එකයි...(බ)

:       0       0

සලීත් Sunday, 18 December 2016 11:06 AM

දැන් රැවටෙන්නේ නැහැ මිනිස්සු (බ)

:       0       0

වින්සන්ට් Sunday, 18 December 2016 11:14 AM

මෙතුමාගේ රැහේ උන්ට සළකන්න, මෙතුමා ගන්න උත්සාහයත් කාටත් හොඳින් පෙනෙන්නට ඇත. අද දේශපාලන තත්ත්වයේ පවතින එකම ගැටළුවත් රැහේ උන්ට සළකන්නට වීම බව ජනතාවගේ පැත්තෙන් අපි දකින්නෙමු.(බ)

:       0       0

මයික් ලොස් ඇන්ජලිස් Monday, 19 December 2016 06:43 AM

සමහරු මේ කතාවෙන් වලිගය පාගාගෙන. ඕකේ එතුමා කියන්නේ උපහාසයට. අපේ අය එ්ක ඇත්තට අරගෙන (නි)

:       0       0

මහින්දපාල Sunday, 18 December 2016 11:37 AM

එතකොට ඔය සිද්ධියට කිසි සේත්ම කිසිම සම්බන්ධයක් නොමැතිව මිය ජීවිත 3නේ වගකීම කවුද බාරගන්නේ. ගම්පල තරුණයාගේ කිරිකැටි දරුවාට පියෙක් පිය රැකවරනය පීතෘ ආදරය.දහස්වාරයක් වැරදි පිළිගත්තත් ඇති පලය කිම විශ්‍රාමික මහරජාණෝ (බ)

:       0       0

රාමන් Sunday, 18 December 2016 06:41 PM

බලය තිබෙනකොට කට පියාගෙන ඉඳලා දැන් ගැලරිය පිනවනවා. (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 18 December 2016 05:02 AM

රැහේ එක වුනත් වැරදි නම් නෙරපා දමන්න ඕනේ. ඒකයි රැහේ නීතිය. (බ)

:       0       0

සත්‍යයා Sunday, 18 December 2016 11:07 PM

මේවට දොස් කියන්න ඕනෑ මහින්දට නොවෙයි, ඒ පරාජිතයාව කෙළින් කරන්න මුක්කු ගහන අඳුරේ අතපත ගාන අයට. බොරු කියනවා වගේම බොරු කියන්න වේදිකා හදාදෙන අයත් කරගන්නේ පාපයක්. (නි)

:       0       0

ශාන් සෞදි Sunday, 18 December 2016 05:20 AM

රෙද්දක් ඇඳගෙන අද කතා කරන්නේ ධම්මිකගේ මුදලට උන්ට ඕනේ විදහට ජීවත් වෙන්න රටේ අහිංසක ජනතාව බොන වතුර ටික විනාශවී ඒ ජනතාව එකට පිලියමක් ඉල්ලපුවම රණවිරුවන්ලවා ඒ අහිංසක ජනතාවට වෙඩි තබා ගැටලුව යට ගසා පසුව උද්ඝෝෂණ කළ හා විරුද්ධව කතා කරන අයට මරණ තර්ජන කර සියල්ල යට ගසා වැරදි කළ උන් රැක ගත්තා. (බ)

:       0       0

සහන් Sunday, 18 December 2016 05:20 AM

ඔහොම යනකොට කරපු අනිත් දේවලුත් පාපොච්චාරණය කරන්න පටන් ගනීවි (බ)

:       0       0

සහන් Sunday, 18 December 2016 05:21 AM

කතාව ඇත්ත මඤ්ඤං වෙලා ඉන්නේ (බ)

:       0       0

දොන් Sunday, 18 December 2016 05:27 AM

බලය නැති වුනාම හැමෝම අහිංසකයි. පව් කියලයි හිතෙන්නේ. හැබැයි මේ රට ඔබ තුමා ඛේදවාචකයකින් බේරුවා වගේම තවත් ඛේදවාචයකට රැගෙන යමින් තිබුනා. දන්නෝ දනිති. (බ)

:       0       0

යක්දෙහිගෙදර Sunday, 18 December 2016 05:36 AM

ඇයි එතකොට අපේ අගමැති තුමා පාර්ලිමේන්තුවේදීම පිලිගත්තේ යාපනේ විශ්වවිද්‍යාලෙ ගිනිතිබ්බා කියල, ඒ ගැන මොකෝ හිතෙන්නේ, (බ)

:       0       0

චන්දන - ඔස්ට්‍රේලියා Sunday, 18 December 2016 05:38 AM

ඕකට තමයි අපේ පරණ මිනිස්සු කිවුවේ ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියලා (බ)

:       0       0

තිලක් Sunday, 18 December 2016 11:58 PM

රූපා, මෙතුමා යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන් එක සත්‍යයයි. එතනින් ඉතිරිවන මුදල් නොයෙක් ආකාරයෙන් දූෂණ කරපු නිසා තමයි එයා පැරදිලා දැන් ඔය කියවමින් එක එක තැන යන්නේ (නි)

:       0       0

සෑම් Sunday, 18 December 2016 05:52 AM

මෙතුමා යුද්ධය ඉවර කරපු නායකයා කියන ගෞරවය රැකගෙන නම්බුකාර විදියට ඉන්නේ නැතිව විහිලු කතා කීමෙන් සියල්ලන්ගේම අවඥාවට ලක්වෙනවා (බ)

:       0       0

රූපා Sunday, 18 December 2016 06:01 AM

මහින්ද මහත්තය එක වැරැද්දක් පිළිගන්නේ හොඳ වැඩ රාශියක් කරලා. නායකයින් 6 කටත් බැරි වුණු කොටි තර්ජන නැති කළේ එතුමා. එතනින් ඉතුරු වෙන ජාතික ධනය දැන් කොහෙද යන්නේ. (බ)

:       0       0

චානක Monday, 19 December 2016 12:42 AM

මොහු රට බේරාගත්තා කියා හැම වෙලාවේම කඩේ යන පුද්ගලයන්ගෙන් මම අහන්නේ රටේ පාලකයා ලෙස පත්වෙනකොට දෙන දිවුරුම් ප්‍රකාශයෙන් කියන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව ලබා දෙනවා කියා නොවේද? එසේනම් රටට ජනතාවට එවන් උපද්‍රවයක් ආවිට ඔහු දිව්රා පොරොන්දු වූ යුතුකම ඉටුකිරීම රටේ පාලකයාගේ රාජකාරියේ කොටසක් නොවේද? ඔබ කියන්නේ යුද්ධය හමාර කළ පළියට රටේ ඕනෑම දේපොලක් පාලකයාට කැමති විදියට අවභාවිතා කරගනිමින් කැමති කාලයක් බලයේ හිටියාට කම් නැහැ කියාද? (නි)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 18 December 2016 06:17 AM

දැන් තේරෙනවනේ රටට වගේම ජනතාවටත් තමන්ගෙන් වැරැද්දක් වුනා කියල. නම්බුකාර විදියට ඔහොම්මම ගෙදරට වෙලා ඉන්න. පින් සිද්ධවෙයි. (බ)

:       0       0

චානිල් Monday, 19 December 2016 12:57 AM

මම නම් කියන්නේ ඒ අශීලාචාර දශකයේ සිදුකළ ක්‍රියාවන්ට සුදුසුම බන්ධනාගාරය කියලයි (නි)

:       0       0

රොමේෂ් Sunday, 18 December 2016 06:24 AM

ඔබතුමා රතුපස්වල මිනීමැරුම්වලට වගකියන්න ඕනෑ තමයි. එ්ක සේනාධිනායක වශයෙන් බාරගත යුතුයි. හමුදාවට අණදීමේ බලය තියෙන්නේ සේනාධිනායකට නිසා. හමුදාව ඔබේ අණට පිටින් ගොස් මේ දේ කෙරුවනම් ඔව්න්ට දඬුවම් දිය යුතුව තිබුනා. (බ)

:       0       0

සරත් Sunday, 18 December 2016 06:23 AM

යහපාලනය රැහේ උන්ට හොදට සලකනවා බඩ පුරාම (බ)

:       0       0

මරික්කාර් Sunday, 18 December 2016 06:32 AM

අඩියක් ගහගෙන වගේ අපේ හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා කතා කරන්නේ..හොදටම අසරණවෙලා ..පව් අනේ.. (බ)

:       0       0

දහම් Sunday, 18 December 2016 06:41 AM

සත්‍යය සහ යතාර්ථය දැක දැකත් සමහරු මේකට කොමෙන්ට් දාන්නේ වහ පාලනේට තියෙන තමන්ගේ ගැතිකම නිසා. මේ රට හැම අතින්ම විනාශය කරා ඇදගෙන යන හැටි පිළිගන්න කැමති නැති කෙනා අම්ම තාත්තවවත් පිළිගන්න එකක් නැහැ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 18 December 2016 06:43 AM

බොරදිය ධීවර අමාත්‍යාංශයක් දැම්මොත් එහි ඇමති කමට ඔබ සුදුසුයි කියා මට හිතෙනවා. (බ)

:       0       0

පද්මිණී Sunday, 18 December 2016 07:07 AM

පින් සිද්ද වෙයි හිටපු ජනාධිපති තුමෝ. ඔබට බොහොම වෙහෙස පාටයි. ගෙදරට වෙලා නිදහස් සුවයෙන් ඉන්නකෝ. මොනවයින් අඩුවක්ද? (බ)

:       0       0

මොහාන් Sunday, 18 December 2016 07:28 AM

රූපා, ඔබේ අදහස් පුදුම සහගත නේ. යුද්දයට ගත්ත ණය අපි තවත් ගෙවනවා. සමහර ණය අවුරුදු 20 කට පසුත් ගෙවන්න තියෙනවා. යුද්දේ නතර වුණා කියල ඉතුරු වන සල්ලි ඉතුරුවක් වෙන්නේ තව දශක එක හමාරක්වත් ගියාම . තවම අපි ගෙවන්නේ 2005-2006 කාලේ යුද්දෙට ගත්තු ණය (බ)

:       0       0

නෙහාරා Monday, 19 December 2016 03:03 AM

හැමදාම බැලුවොත් ඉන්නේ පන්සලක. එ්ත් ධනය,බලය ,තනතුරු මේ හැම දෙයක්ම තාවකාලික බව කවදානම් මේ මිනිස්සු තේරුම් ගනීද මන්දා. පන්සලකට වෙලා භාවනා කළා නම් ජීවිතයට මීටවඩා යමක් කරගන්න පුළුවන් (නි)

:       0       0

සුපුන් Monday, 19 December 2016 03:14 AM

ඉස්සර ජනාධිපති වෙලා ඉන්න කාලේ හැමදාම බොරුවට හරි සිල්ගන්නවා අපි දැක්කා. දැන් එහෙම දෙයක්වත් නැහැ. ඔය තණ්හාව දැන්වත් නවත්තලා තෙල් මල් අරගෙන ඇත්තටම සිල් සමාදන් වුණොත් නරකද. (නි)

:       0       0

සුදෙල්මි Sunday, 18 December 2016 08:09 AM

රතුපස්වල ජනතාව මරුම්කෑවේ බීමට පිරිසිදු ජලය බිදක් ඉල්ලලා හම්බන්තොට වුනේ නැව් දෙකක් ඔබෙගේ කීමට ඔබේ හෙන්චයියලා බ්ලැක් මේල් කරලා රට අපකිර්තිය පත්කරලා හම්බන්තොටට නැව් එන එක නවත්වන හදපු එක දෙකේ වෙනස අපිට තේරෙනවා (බ)

:       0       0

දහම් Sunday, 18 December 2016 08:15 AM

අනේ පද්මිණි, ඔයාට අමු කැවිලද. අර ආප්පයයි, බම්මන්නයි දෙන්න රට කන හැටි පෙනෙන්නේ නැද්ද. උන්ව නේද ගෙදර යවන්න ඕනේ වහාම. (බ)

:       0       0

දිමුත් Sunday, 18 December 2016 08:43 AM

නෑ හැබැයි ඔබතුමා ආණ්ඩුව ඒක බාරගත්තාට ඔය දැං ආණ්ඩුව වගේ ඒකට ගිය සුළු සෙබලාව පාවා දුන්‍නේ නැ... දැන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටම ජාතියම පාවා දෙන පක්ෂයනේ....(බ)

:       0       0

ශාන් Sunday, 18 December 2016 08:49 AM

මෙයා තමයි අපේ රටට මේ පුරුදු ඔක්කොම පුරුදු කළේ. (බ).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 351 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 867 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site