IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මහින්ද වෙනස ගැන කියයි

මම හදපු දේවල් මේ ආණ්ඩුව විකුණනවා යැයි හිටපු ජනපති මහින්ද  රාජපක්ෂ මහතා කිරිබත්ගොඩ නගරයේ දී අද (16) පැවසීය.

එදා සිදු වු  සියලු දේවල් ජනපති ලෙස තමා පිට  පැටවුණු නමුත්  අද සිදුවන දේවල් ජනාධිපතිවරයා හෝ අගමැති බාර ගන්නේ  නැතැයි ද එදාට වඩා සිදුව ඇති වෙනස එය යැයි දි ඔහු කීවේය.

 



අදහස් (0)

මහින්ද වෙනස ගැන කියයි

රාහුල Saturday, 17 December 2016 08:52 AM

මෙතන අදහස් දක්වන සමහරුන්ගේ පටු මානසිකත්වය සහ නොදන්නාබව මනාව පැහැදිලි වෙනවා.මේ වරාය හදලා තියෙන්නෙ ඉතාමත් කාර්යබහුල නැව් මාර්ගයක. නමුත් එම නැව් මෙම වරායට ගෙන්වාගැනීම සදහා මෙහි තුන්වන අදියරේ වැඩ නිමකර බහාලුම් හැසිරවිය හැකි තත්වයට පත්කළ යුතුය. මා නම් දකින්නේ මෙම වරාය යාපනයේ හෝ හම්බන්තොට පිහිටීම නොව එමඟින් අපගේ දේශීය ආර්ථිකයට ලබාගත හැකි දායකත්වයයි (නි)

:       0       0

දර්ශන Saturday, 17 December 2016 08:54 AM

චානක් ලොස් ඇන්ජලිස්ට අනුව යහපාලනේ අය බැංකු කොල්ලකෑම හොඳ දෙයක්. (නි)

:       0       0

කුමාර Saturday, 17 December 2016 09:03 AM

දැන් යහපාලනය යනු කුමක්දැයි හොඳට වැටහෙනවා. ඔබ රට දියුණු කළ එකට මාගේ ගෞරවය පිළිගන්න. (නි)

:       0       0

කුමාර Saturday, 17 December 2016 09:27 AM

කවුරු ආවත් හැමෝම එකයි (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Saturday, 17 December 2016 10:07 AM

අනේ මගේ කට! හත්මුතු පරම්පරාවක බූදලෙන් හැදුවා වගේ, ලැජ්ජා නැතුව කියවන කතා. තාමත් බලා ඉන්නේ, රජ පුටුවට එන්න වගෙයි. (නි)

:       0       0

සුනිල් Saturday, 17 December 2016 10:17 AM

ඔබතුමාගේ අගය දැන් කාට කාටත් දැනිලයි තියෙන්නේ (නි)

:       0       0

සමන් මිනුවන්ගොඩ Saturday, 17 December 2016 10:19 AM

ලංකාවේ මිනිසුනේ, ටිකක් හිතන්න. 70 දශකයේ වසර තිස්හයකින් දේශීය සම්පතින් දේශීය දැනුමෙන් ගොඩ නගන්න සිරිමාවෝ මැතිනිය සකස් කළ මහවැලි ව්‍යාපාර සැළැස්ම ජේ.ආර්. ජයවර්ධන මහත්තයා වසර හයකින් අවසන් කිරීම සඳහා විදේශ ණය අරගෙන එය කඩිනම් මහවැලි ව්‍යාපරය කළා. එය යම්තාක් දුරට අවසන් කළා. ඒ වාගේ නොනිමි යුද්ධයක් සමඟ රට ඊළඟ පරම්පරාවට බාර කළා. පසු බලයට පැමිණි පාලකයින් අනේ මේ ණය ගෙවන්න බැහැ කියලා ඒව විකුණුවා නම් අද අපට රටක් නැහැ නේද. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 17 December 2016 10:52 AM

ඇතිද අහගත්තා? (නි)

:       0       0

ගමගේ Saturday, 17 December 2016 10:57 AM

හෙජින්, ශ්‍රී ලන්කන් වංචාව ඇතුලු සියලු දේවලුත් ඔයගේ දේවල් කියලා භාරගන්නවාද ඔය සමඟම. (නි)

:       0       0

බන්දුල Saturday, 17 December 2016 12:33 PM

අජිත් පොළොන්නරුවට රේල් පාරක් තිබෙන බව දන්නේ නැතුවා වගෙයි (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 17 December 2016 12:36 PM

සරණ, රට විතරක් නොවෙයි ඔබ වගේ අයත් ප්‍රභාකරන්ට බිලිවෙන්න තිබුනා මහින්ද මහතා නාවා නම්. එහනම් එ් තැන් වල ගසුත් පැල වෙලා (නි)

:       0       0

ශාන්ත Saturday, 17 December 2016 12:40 PM

ඔබතුමලගේ කාලයේ ඇඹිලිපිටිය කඩදාසි කම්හලට වුණදේත් කියන්නකෝ

:       0       0

කැලුම් Saturday, 17 December 2016 12:42 PM

එතකොට චානක මහබැංකු හොරකම කළෙත් මහින්ද මහත්තයද? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 17 December 2016 12:43 PM

අර පාමංකඩට ටිකට් අරගෙන අලිමංකඩ යන්න හැදු අයගේ කතා අහලා ණය ණය කිය කියා ඉන්නවා මිසක් උතුරේ යුද්ධයට ඩොලර් බිලියන 200 ටත් වැඩිය යෙදෙව්වේ කොහෙන් ගත්ත සල්ලිද කියලා කව්රුත් කතා කරන්නේ නැත. (නි)

:       0       0

රෝහණ Saturday, 17 December 2016 04:06 PM

රාජිත, සුජීව, රොෂාන් ද සිල්වා හැරෙන්න අනිත් අයගේ අදහස් අනුමත කරමි. මේ තුන් දෙනා තවමත් ඉන්නේ වෙන ලෝකෙක. (නි)

:       0       0

ද සිල්වා Friday, 16 December 2016 06:36 PM

මාධ්‍යවේදියාට නාවික හමුදපති පහරදීම අනුමත කළනොහැක. නමුත් ඔබතුමාගේ කාලයේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කළ දේවල්, මර්වින් සිල්වා කළ දේවල්, මුතුහෙට්ටිගම කළ දේවල්, මාලක සිල්වා යුධ හමුදා බුද්ධි නිලධාරියට පහරදීම, සජින් වාස් එවකට එංගලන්තයේ ශ්‍රී ලංකාවේ තානාපති ධුරය දරපු දොස්තර ක්‍රිස් නොනිස්ට කළ පහරදීම, රතුපස්වල වෙඩි තබා උද්ඝෝෂණය කළ අය ඝාතනය කිරීම ඇතුළු සිද්ධි ඔබතුම භාර ගත්තද? " ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට" (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 17 December 2016 09:59 PM

ඔබතුමා කෙළින් තීරණ අරන් යුධය ජයගත් නිසා ස්තුතිවන්ත වෙමි. නමුත් ඉන්පසුව රට ලොකු ණය උගුලක හිර කරමින් මහා කැලයක ගුවන් තොටුපල හැදීම, හම්බන්තොට අනවශ්‍ය ආකාරයට කෝටි ගණන් වියදම් කරමින් ගුවන් පාලම්, අඩි 100 විතර පළල් මාර්ග තැනීම සහ ගෝලබාලයන්ට කිසිම හිරිකිතයක් නැතුව ජාතික ධනය මංකොල්ලකෑමට ඉඩ හැරිම හෙළා දකිමි. දැන් ඔබට ලැබුන පාර්ලිමේන්තු මන්ත්‍රීකම අනුව ඔබට පුළුවන් පාර්ලිමේන්තු ගොස් වාද විවාද වලට සහභාගිවෙලා ජනතවට සේවයක් කරන්න. නමුත් ඔබ පාර්ලිමේන්තු ඒමත් බොහෝදුරට පැහැරහැර ඇත (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 17 December 2016 11:22 PM

සහන, ඩොලර් බිලියන 200 වැඩි වියදමක් ගිය යුද්ධයක් කරන්න ඕගොල්ලන්ගේ කවුරුවත් සල්ලි දුන්නේ නැහැනේ. ඒවා ගත්තේ ණයට. වැඩේ හරියට කළ නිසයි අපි අද බය නැතුව පාරේ යන්නෙයි මේගොල්ලෝ ආණ්ඩු කරන්නෙයි. දේශපාලකයෝ නැතිවී ගිය ආකාරයට වැඩේ හරියට නොකළා නම් දැනටමත් මේගොල්ලන්ගෙන් කොටසක් නැතිවෙලා. වැරදි දේ වැරදි කියනවා වගේම හරිදේ හරි කියන්නත් ඉගෙනගන්න. (නි)

:       0       0

සුජීව Friday, 16 December 2016 06:54 PM

මහින්ද මහත්තයෝ, ඕවට හිත නරක් කරගන්න එපා. එහෙනම්, ඔබතුමාට ඡන්දය නොදුන්නාට අපි කොතරම් දුක්වනවාද? ටිකක් ඉන්න. ඊළඟ ඡන්දෙන් ඔබතුමා අපේ රටේ නායකයා බවට මුළු රටම ඡන්දෙ දී නැවතත් රට පෙරට ගමන් කරනවාමයි. (නි)

:       0       0

රාජිත Friday, 16 December 2016 07:10 PM

මේක තමා සිද්ධවෙන්නේ. ඉතින් මේ සත්‍යය තේරුම් ගන්න බැරි අය ඉන්න එක තමා කණගාටුව. (නි)

:       0       0

නිහාල් Friday, 16 December 2016 09:52 PM

එ්කට තමයි මහත්තයෝ කියන්නේ අහවලාගේ න්‍යාය කියලා. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 16 December 2016 11:56 PM

විකිණීම සහ බදුදීම එකිනෙකට වෙනස් දේවල් නේද? (නි)

:       0       0

සත්‍යයා Sunday, 18 December 2016 02:15 AM

සිංහෙලයේ රාජාවලිය සැකසෙන්නේ සිංහල බෞද්ධ රජවරු තුළිනි. ඔවුන් පන්සලටත් ගොස් එනගමන් කෝවිලට පල්ලියට හා මුස්ලිම් දේවස්ථාන වලට නොගියේ "සුළු ජාතික" ඡන්ද කියා දෙයකින් ඔවුන් රජකමට පත්නොවුණ නිසයි. දැන් ඔබ කැමති නම් පමණක් බොදු මඟ ඔස්සේ ගොස් දුකට හේතුව හඳුනා ගන්න. ශෝක නොකරන්න. වෛරයෙන් මිදෙන්න! (නි)

:       0       0

උපසේන Sunday, 18 December 2016 02:39 AM

වෙනස අපිට දැන්නම් හොඳටම ඇති මහත්තයෝ (නි)

:       0       0

සරත් කැලිෆොර්නියා Saturday, 17 December 2016 01:53 AM

වෙනස නම් තාම හොඳයි. (නි)

:       0       0

රානි Saturday, 17 December 2016 02:19 AM

අනේ මන්දා මහත්තයෝ ඔය කතා? (නි)

:       0       0

රාජසිංහ Saturday, 17 December 2016 02:27 AM

මහත්තයෝ, දශ ලක්ෂ ගණන් පාඩු විඳින සුදු අලි විකුණන්නේ නැතුව වෙන මොනවා කරන්නද. ඔබතුමාට පින්සිදුවෙන්න පසුගිය කාලයේ අර ලංකා, මේ ලංකා ඔක්කොම නඩත්තු කළේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් නොවේද? (නි)

:       0       0

ටිරෝන් Saturday, 17 December 2016 02:36 AM

තවමත් මම මම කියන්නේ මෙයාගේ සල්ලි වලින්ද මේවා හැදුවේ? තණ්හාය ජායති ශෝකෝ (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Saturday, 17 December 2016 02:43 AM

දේශපාලකයන්ට රටේ සිදුවෙන වැරදි පෙනෙන්නේ බලය සිඳුනාමයි. සිල්වා ලියලා තිබෙන ප්‍රශ්න ටික කොන්දක් තිබෙන කව්රුන් හෝ අහන්නකො ඔය නායකයාගෙන් පන්සලකට ආ වෙලාවක මොකක්ද එයා දෙන උත්තරය බලන්න (නි)

:       0       0

අජිත් Saturday, 17 December 2016 02:49 AM

වරාය විකුණපු සල්ලි වලින් පොළොන්නරුවට රේල් පාරක් හදමු (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Saturday, 17 December 2016 02:51 AM

පරාජය වූ ජනපති කියා හැඳින්වීම තමයි සුදුසුම.... ලෝකයේ අන් කිසිම ජනපතිවරයෙක් ධූර කාලය අවසන් වනතුරු පරාද වී නැත ... (නි)

:       0       0

පාලිත කේ. Saturday, 17 December 2016 02:59 AM

බලයේ ඉන්නකොට හොඳ නරක නොපෙනුණු අය. රටකට උහුලන්න බැරි ණය උගුලක හිරකරලා. හත්මුතු පරම්පරාවටම හම්බ කරගෙන. දැන්වත් අපිට කණක් ඇහිලා ඉන්න දෙන්න. (නි)

:       0       0

සරණ Saturday, 17 December 2016 03:00 AM

රට කාලා දැන් බොරුවට කෑ ගහන්න එපා. (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 17 December 2016 03:07 AM

සමහරු කියන දේවල් ඇත්තනේ. හැබැයි මට තේරෙන්නේ නැති එක දෙයක් තියෙනවා. කිසි දෙයක් මහින්ද කළේ නැහැ කියනවා. ඒ වුණාට ඇයි එහෙනම් යුද්ධය සම්බන්ධව මහින්දගේ නමට තළන්නේ. කළ කට්ටියගේ ඒවාට ඒවා කරන්න එපැයි. ඒ වගේ තමයි මෙතන සමහරුන්ගේ අදහස්. (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Saturday, 17 December 2016 03:16 AM

සුජීව, ඔලුව අතගාලා බලන්න. මට හිතෙන්නේ ඔයාට අං එනවා කියලයි (නි)

:       0       0

සහන Saturday, 17 December 2016 03:25 AM

හදන එක හරි තැනක හැදුවා නම් තමාගේ රටට වැඩ උහුලන්න බැරි තරමටම ණය ගත්තා නම් ඔහොම කරන්න වෙනවා හිටපු ජනාධිපතිතුමනි. ඔබතුමා හරියට වැඩේ කළා නම් මෙහෙම කරන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

ටිකිරි Saturday, 17 December 2016 03:46 AM

ඔබතුමාට අපි සදා ණයගැතියි (නි)

:       0       0

පෙරේරා Saturday, 17 December 2016 03:44 AM

වෙනසක් ඕනෑ කී පිරිසට වෙනස දුන්නා. දැන් එයාලට හොඳට බඩ කට පුරා හොඳට පිරෙන්න ලැබෙනවා (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 17 December 2016 03:46 AM

සුජීවගේ නොවෙයි කියන කෙනා අත ගාලා බැලුවා නම් තමා හොඳ. රට යන පැත්ත අපිට හොඳට පේනවා.. (නි)

:       0       0

තිළිණ Saturday, 17 December 2016 03:48 AM

ඔබතුමාගේ කාලෙත් අපි දැක්කනේ සෑහෙන වෙනසක්

:       0       0

සැමුවෙල් Sunday, 18 December 2016 06:14 AM

සමන්, රාහුල, බමුණු ඔබල හරි මෙතන ඉතිහාසය නොදන්නාවූ ඡන්ද දායකයින් පිරිසක් අවබෝධයෙන් තොරව ප්‍රකාශ කරනවා. මාගම්පුර වරාය තව අවුරුදු 5 ක් යන්නට පෙර ලෝකයේම වැඩිම අාදායම් ලබන තැනට පත් වෙනවා. අපේ රජයේ අයට ඕවා තේරෙන්නේ නැතිද. 20% ක් පමණක් අයිතිය රටට විශාල පාඩුවක්. හොඳම උදාහරණය 86 දී ලලිත් ඇතුලත්මුදලි වරාය ඇමති වෙලා ඉන්න කාලේ හදපු කොළඹ ජැටිය. අද තමයි එකෙන් වැඩිම ආදායම් ලබන්නේ. (බ)

:       0       0

සහන් Saturday, 17 December 2016 04:07 AM

මැරිලා ඉපදිලා වගේනේ කතාකරන්නේ (නි)

:       0       0

අසාද් Saturday, 17 December 2016 04:32 AM

රට තුළ සිදුවන සෑම සිදුවීමක් පිටුපසම යම් හස්තයක් ක්‍රියාත්මක වන බව බුද්ධිමත් ජනතාව දන්නවා. ඒ හස්තය මෙතුමාගේ නොවේවායි මම ප්‍රර්ථනා කරනවා (නි)

:       0       0

රොෂාන් ද සිල්වා Friday, 16 December 2016 02:42 PM

හිටපු ජනපතිතුමනි, ඔබ ගැන අවංකවම දුකයි. දැන් යහපාලනය යනු කුමක්දැයි හොඳට වැටහෙනවා. ඔබ රට දියුණු කළ එකට මාගේ ගෞරවය පිළිගන්න. නමුත් ඔබ හොදටම නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න. එවිට ඔබ සදාකල් ජනපති වේවි. (නි)

:       0       0

මංජු Saturday, 17 December 2016 04:58 AM

ඔබ හදපුවා තියාගත්තොත් රට විකුණන්න වෙන්නේ (නි)

:       0       0

බමුණු Sunday, 18 December 2016 06:36 AM

සත්‍යයා මේ කාලේ හැටියට වෛර කරන්නට අනිවාර්යයෙන්ම වෛර කරන්නට වෙනවා නැතිනම් අපි විනාස වෙනවා. (බ)

:       0       0

සුසිල් Friday, 16 December 2016 02:51 PM

මෙතුමාට තියෙන දුක වරාය විකුණන එක නොවෙයි, මෙතුමාගෙ නම වෙනස් කරයි කියලා වෙන්න ඇති. (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Saturday, 17 December 2016 05:28 AM

ප්‍රියාන්, ඔවුන් රටේ පාලනය භාරගත්තේ පැමිණෙන ඕනෑම දෙයක් ඉටුකිරීමටයි. එය ඔවුන්ගේ රාජකාරිය මෙන්ම වේතනයක්ද ලබනවා . (නි)

:       0       0

සහන සෞදි Saturday, 17 December 2016 05:34 AM

වෙනස හොඳ නැත්තේ අර කම්බා හොරු ටික තවම අල්ලලා රටට හිමිවියයුතු මුදල් ටික අරගෙන දඬුවම් දීලා නැති නිසයි. වැදගත් නායකයෝ බොරදියේ මාළු බාන්නේ නැහැ. බලයේ ඉන්නකොට හොඳ නරක නොපෙනුණු අය රටකට උහුලන්න බැරි ණය උගුලක හිරකරලා හත්මුතු පරම්පරාවටම හම්බ කරගෙන... දැන්වත් අපිට කණක් ඇහිලා ඉන්න දෙන්න. (නි)

:       0       0

රන්ජිත් Saturday, 17 December 2016 05:36 AM

සියල්ල පැහැදිලිය. අද සිංහලයාට කලවම් වී ඇත්තේ දේශද්‍රෝහීන්ගේ රුධිරයයි (නි)

:       0       0

ටිකිරි Saturday, 17 December 2016 06:13 AM

ඔබතුමා කළ දේවලුත් අපිට මතකයිනේ ඉතින් (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 17 December 2016 06:14 AM

බොරදිය ධීවර අමාත්‍යාංශයක් පිහිටවලා එහි ඇමතිතුමා ලෙස ඔබව පත්කරනවා නම් මමත් ඔබට ඡන්දෙ දෙනවා. (නි)

:       0       0

හේමන්ත Saturday, 17 December 2016 06:17 AM

අනේ යුද්ධය අායෙත් එන්න. එතකොට තේරෙයි වෙනස (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 16 December 2016 04:39 PM

වෙනස හොඳ නැත්තේ අර කම්බා හොරු ටික තවම අල්ලලා රටට හිමි වියයුතු මුදල් ටික අරගෙන දඬුවම් දීලා නැති නිසයි. වැදගත් නායකයෝ බොරදියේ මාළු බාන්නේ නැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 16 December 2016 04:40 PM

නැහැ නැහැ. ඔබතුමා නැවත බලයට අාවහම කරේ තියන් යන්න දෙමු (නි)

:       0       0

සේන Saturday, 17 December 2016 06:44 AM

ඔබතුමා හැදුවාට ණය ගෙවන්න ඕනෑ අපිනේ සර් (නි)

:       0       0

චානක් ලොස් ඇන්ජලිස් Friday, 16 December 2016 04:49 PM

මොනවා .....මම හදපු දේවල් ? මැදමූලනෙන් ගෙනාපු සල්ලි වලින්ද ඒවා හැදුවේ? (නි)

:       0       0

රොමේෂ් Saturday, 17 December 2016 06:53 AM

මහින්දගේ රනිල්ගේ ප්‍රතිපත්ති කියලා වෙනසක් නැහැ. දෙකම එකයි. චීනෙන් ණය අරන් හදනවා. ඒවා පෙන්න පෙන්න ඡන්ද ගන්නවා. දිනුවට පස්සේ හිමින් සීරුවේ විකුණනවා. විකුණද්දී විකුණනවා කියන්නේ නැහැ.ඒ ඒ කාලෙට අනුව කළමනාකරණය ප්‍රතිව්‍යුහගත කරනවා, 99 අවුරුදු බදු වගේ මොකක්හරි එකක් කියලා තමයි දෙන්නේ. (නි)

:       0       0

සිරිල් Friday, 16 December 2016 04:58 PM

ඔබතුම ලෝකේ ලොකුම දේවල් හම්බන්තොට හදන්නේ නැතුව අවශ්‍යතා හඳුනාගත් සංවර්ධනයක් කළා නම් අපි ගොඩක් දියුණු රටකුත් වෙලා. ඔබතුමාත් තවමත් ජනපති. (නි)

:       0       0

විශාන් Sunday, 18 December 2016 07:58 AM

වෙනස කිසිවක් නොව බල තණ්හාවය (බ)

:       0       0

ශාන් Saturday, 17 December 2016 07:18 AM

රෙදි ඇඳගෙනද දන්නේ නැහැ කතා කරන්නේ. (නි)

:       0       0

ශානක Saturday, 17 December 2016 07:21 AM

යහපාලන ආණ්ඩුව ගත් ණය ගැන මෙතන අදහස් දාන බුද්ධිමතුන්ට ආරංචි නැද්ද? (නි)

:       0       0

චන්දන Friday, 16 December 2016 05:50 PM

සියල්ල ඔබ පිට පැටවූයේ ඔබ සහ පවුලේ අයගේ වැරදි ආදර්ශ තිබුණු නිසා නේද. (නි)

:       0       0

පද්මිණි Saturday, 17 December 2016 07:24 AM

දියුණු රටවල් ආදර්ශයට අරන් දේශපාලනයෙන් අයින් වෙන්න. එහෙම නොකර තවත් බලය ගන්න සැරසෙන්නේ පවුලේ සේරම එක සීරුවට කරපු දේපොළ මංකොල්ල වලින් බේරෙන්න බව කාටත් තේරෙනවා. ඔබේ කාලයේ නීතිය නවලා නොවෙයි නීතියට ඇණගසල වළ දමා තිබුනේ. (නි)

:       0       0

දර්ශන Friday, 16 December 2016 05:51 PM

දෙගුණයක් ණය අරන් මම තේරුමක් නැතුව හදපු දේවල් මේ ආණ්ඩුව විකුණනවා කියලා කිව්වා නම් වඩා හොඳයි (නි)

:       0       0

රාහුල් Saturday, 17 December 2016 07:40 AM

අපිට නම් දැන් වෙනසේ සැප දැනිලා තියෙන්නේ (නි)

:       0       0

හුසේන් මොහමඩ් Saturday, 17 December 2016 07:40 AM

අපි හිතපු තරම් යහපාලනය දුරදර්ශී නොවුණාට, ඔබතුමාගේ කාලෙට වඩා ජනතාව පීඩනයකින් තොරව ජීවත්වෙනවා. ඔබතුමා මුලින්ම ඔය රජ මානසිකත්වය අයින් කරගන්න. (නි)

:       0       0

විජේ Saturday, 17 December 2016 07:54 AM

චානක් ලොස් ඇන්ජලිස්, කරුණාකරලා නැව් මාර්ග සිතියම බලන්න. සියලුම පෙරදිග හා අපරදිග නැව් මාර්ග යන්නේ හම්බන්තොට ළඟින්. ඒ නිසා සියලුම නැව් වලට සේවාවන් ලබාගැනීමට හොඳම තැන හම්බන්තොට (නි)

:       0       0

බන්දුල Sunday, 18 December 2016 08:52 AM

වෙන රටවල මෙවැනි විශාල ව්‍යාපෘති කරන්න පෙර ශක්‍යතා අධ්‍යයන කරලා බලනවා මතු වාසි අවාසි මොනවද කියල . මෙම ව්‍යාපාර වලින් සොයා බලා ඇත්තේ සාක්කුවට යන වාසි පමණි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 350 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 270 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 861 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site