(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක )
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(13) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 08 අංශය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරුවේ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබූ ඔහු ප‍්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මහින්දගේ රියැදුරු රිමාන්ඩ්
ajith Tuesday, 13 June 2017 01:12 PM
මේ හැමදේකටම අවසානයේ මහජන මුදල් වියදම් වෙන එක විතරයි වෙන්නේ. වෙන කිසිදෙයක් වෙන එකක් නෑ 2020 වෙනකම් .
Lal Tuesday, 13 June 2017 01:39 PM
රණවිරුවෝ අත්අඩංගුවට ගන්නවෝ.
lalith Tuesday, 13 June 2017 01:48 PM
මුල්‍ය අපරාධ කොට්ඨාසයත් හරියට වැසිකිලියක් වගේ. කට්ටිය ඇතුලට යනවා එලියට එනවා.
sarath Tuesday, 13 June 2017 11:24 PM
ඇත්ත කතාව ලලිත්. මුල්‍ය අපරාධ කොට්ටාශේ ලඟින් යද්දී සද්දෙයි ගඳයි දෙකම දැනෙනවා.
uddika Wednesday, 14 June 2017 02:38 AM
ගල් කොරිය කරන්න අවසර පත් ඇතිනේ. අත්අඩංගුවට ගත හේතුවත් පල කරනවානම් හොදයි. නැතිනම් මේ පුවතින් වැඩක් නැහැනේ.
කොබාWednesday, 14 June 2017 03:10 AM
අඩු ගණනේ ආටිකල් ඒක කියවලාවත් කමෙන්ට් දානව නම් හොඳයි. ඔතැන සිංහලෙන්ම ලියල තියෙනවා නේ අත්අඩංගුවට ගත් හේතුව "රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන" යාම කියල.
RuwaniWednesday, 14 June 2017 05:20 AM
මෙය තවත් මාධ්‍ය සංදර්ශනයක් පමණකි...
amali Wednesday, 14 June 2017 03:38 AM
කොබා දන්නේ නැති නිසා අහන්නේ මහා බැංකුව රජයේ නෙවේද
කොබාWednesday, 14 June 2017 05:55 AM
මට දැනගන්න වුවමනායි මේකේ තේරුම? ඇත්තටම අමාලි මහත්මිය මේකෙන් මොකක්ද අදහස් කරන්නේ, අඩුපාඩුවක් පෙන්වන්න ඇඟිල්ල දික් කරපුවහම අඩුපාඩුව දිහා නොව ඇඟිල්ල දිහා බලනවා වගේ නොවෙයිද? අඩු ගානේ මහබැංකු සිදුවීම සම්බන්ධයෙන් කතිකාවතක් යනවා, පරීක්‍ෂණ කෙරෙනවා, දිනපතා මිනිසුන් පුවත් මගින් ඒ ගැන දැනුවත් වෙනවා නොවේද? මේ සිදුවීම බලන්න, එය මතු වුනේ කාලයකට පසු. ආණ්ඩුව පෙරළුනාටත් පසු කාලයක් ගතවෙලයි. මහා දවාලේ කල සොරකමක්, ඉතින් මහා බැංකු සිදුවීම බැලුවම ඒක සුවිශාලයි. ඒ නිසා මේ පොඩි සොරකම නොසලකා හැරිය යුතුයි කියලා හිතනවද?
feros Wednesday, 14 June 2017 05:27 AM
හමුදාවට සලකපු හැටි හිතාගන්න පුළුවන් කපිතාන් කෙනෙක් රියදුරු හැටියට හිටිය කිව්වහම....
Nandalal DE SILVA - France Wednesday, 14 June 2017 12:50 PM
ඔන්න ඉතින් අරයයි, එයාගේ පවුලේ අයයි උගුර රතු වෙනකම් මොරදේවි මෙහෙම : "යහපාලන රජය අපේ සගයෝ අත් අඩංගුවට ගන්නවෝ " කියල !!! කොහොම වුණත්, විවිධ වැරදිවලට සම්බන්ධ යයි කියා අත් අඩංගුවට ගන්නා කවුරුවත් තවම වැරදි කරුවන්වී දඬුවම් නොලැබීම එයට ප්‍රධානම හේතුවයි.... ඔය ඩ්‍රයිවර් හෙට අනිද්දා ඇප ලබාගෙන පරණ ජොබ් එකටම යාවි, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ රජයට "කොකා" පෙන්නමින් !!! එච්චරයි වෙන්නේ...