හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ රහස් පොලිසියෙන් අද (15) අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි.
කොළඹ, කින්සි පාරේ ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද රහස් පොලිසියට කැඳවා තිබිණි.
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ රහස් පොලිසියෙන් අද (15) අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි.
කොළඹ, කින්සි පාරේ ඉදිකළ නිවසක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අද රහස් පොලිසියට කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියයි පළිගන්නවා කියලා (නි)
අනේ මෙතුමාට මෙහෙම වෙන්න බැහැනේ. මෙතුමා පරම්පරාවෙන්ම හොඳ ධනවතෙක්නේ. (නි)
මේ මිනිසුන්ට ඡන්දේ දීලා සාමාන්‍ය ජනයා එදා වේලත් නැතිව දුකසේ ජීවත්වෙලා තියෙන්නේ බැලින්නම් රටේ සල්ලි සේරම මේ බහිරවයෝ ගිල්ල නිසානේ (නි)
මෙතුමාට එයාගේ පරම්පරාවෙන් ලැබුණු දේවල්ද කියලා කවුද දන්නේ? (නි)
අර අලි පැටියව පන්සලක මිදුලේ දාලා ගිහින් තිබුනා වගේ සල්ලිත් පාරේ තිබිලා හම්බවෙන්න ඇති! (නි)
අද ඇතුළට යන අය හෙට නිදහස් වෙලා ගෙදර යන නිසා බය වෙන්න එපා (නි)
කවදාහරි මෙහෙම අහුවෙයි කියල හිතන්න නැතුව ඇති. (නි)
මාතර සුනිල් ඕක කිව්වේ දැනට වසර 2 කටත් කලින්.ඒ කාලේ. මේගොල්ලන්ගේ ඉහට උඩින් මැස්සෙකුටවත් පියාඹන්න බැහැ. (බ)
අයියෝ! මෙන්න පළිගන්නවෝ (නි)
කවදාහරි මෙහෙම අහුවෙයි කියලා නෙමෙයි, කවදාවත් ආණ්ඩුව පෙරළෙයි කියලත් හිතුවේ නැහැ. ඒකයි කට්ටිය බය නැතුව සෙල්ලම් දැම්මේ (නි)
අත්අඩංගුවට ගන්න හැමෝම විපක්ෂයේ අය. ඔවුන් විතරද මෙවැනි දේවල් කළේ? (නි)
පරම්පරාවෙ ධනවත්කම නීතියට අදාළ නැහැ. පරම්පරාවෙන් ලැබුනා නම් එය නීතිය ඉදිරියේ පෙන්විය හැකිවිය යුතුයිනේ. (නි)
නීතිය ක්‍රියාත්මකවීම ගැන සතුටුවෙනවා (නි)
අනේ අහිංසකයා! අමාරුවෙන් හදපු පුංචි පැල්පත... (නි)
පරම්පරාවට සල්ලි තිබුනා කිව්වට සමහරුන්ට ඇත්තටම මොකුත් ලැබිලා නැති අයත් ඉන්නවා. ඒ නිසා ඇත්තටම පරම්පරාවෙන් ලැබුනද සහ ලැබුනා නම් ඒ දේවල් මේ කියන තරම් වටිනවද සොයා බැලිය යුතුයි (නි)
ඒ සල්ලි එයාට කවුරුහරි දෙන්න ඇති
චෝදනා කළ පමණින් කෙනෙකු වරදකරුවෙකු නොවේ. එනිසා ඔහුට අපහාස කිරීමෙන් වළකිමු. (නි)
තමන් නිවැරදි නම් බයවෙන්න දෙයක් නැහැ (නි)
මේවයේ ප්‍රතිඵල තමා අපිට වැට් වලින් ලැබෙන්නේ (නි)
මැණික් මල්ලත් නිකන් දෙන රටේ මේවා මොන කතාද (නි)
සහෝදරයාට කීවානම් ඉක්මනින් ගෙදර (බ)
නාවලපිටිය, ගම්පොල, ගිනිගත්හේන පැත්තේ අයගෙන් ඇහුවොත් කියයි මේගොල්ලන්ගේ තරම. (බ)
දවසක් මෙය නුවර පැත්තේ පාසලකට ඇවිත් කිව්වා පිට්ටනිය හදනවා කියලා. බලන් ගියාම මෙය ගෙවල්නේ හදලා තියෙන්නේ, (හේ)
ඔන්න ඔය දේ වෙයි කියලා හිතුනා.(හේ)
අයියෝ සල්ලි! (නි)
ඒකාබද්ධයේ වචන වලින් තවත් "දේශපාලන දඩයමක්". ඔහොම යනකොට ඇත්තටම වෙන්න පුළුවන් දේශපාලන දඩයමකට කියන්නේ මොකක්ද? (නි)
වැරදි කළා නම් දඬුවම් විඳින්න (නි)
දිට්ට ධම්ම වේදනීය, කළ පව් මේ අාත්මයේම පළදෙනවා කියන්නේ ඕක තමා. දැන් ඉතින් කියමු පළිගන්නවා කියලා. (නි)
ආපසු හැරෙන්න දැන් ප්‍රමාද වැඩියි (නි)
ඔබතුමාට ඔය ප්‍රශ්න වලින් ගැළවෙන්න කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි (නි)
පළිගන්නවෝ, රණවිරුවෝ දඩයම් කරනවෝ කිය කියා ඉන්නෙ නැතුව, නිවස හදන්න සල්ලි හොයාගත් විදිය කියලා නිදහස් වුණා නම් හරිනේ මහත්තයෝ (නි)
මහන්සියෙන් හම්බකරපු සල්ලිනේ. ලැබුන විදිය කියලා නිදහස් වෙන්න මහත්තයෝ (නි)
ඇත්තටම මෙතුමන්ලාට මෙච්චර සල්ලි කොහෙන්ද දන්නේ නැහැ ලැබෙන්නේ (නි)
අලි පැටව් නිකන් පන්සල් ළඟත් දාලා යන රටේ සල්ලි කොහෙන් ලැබෙන්න බැරිද? (නි)
දුප්පතා දුක් විඳි ප්‍රමාණයට සමානයි දුප්පතුන්ගේ මුදල් වලින් බලපුළුවන්කාරයො සැප විඳි ප්‍රමාණය (නි)
මම දන්නේ නැහැ අැයි මෙතුමාටත් අර සංහිඳියාවට එක්වෙන්න බැරි. එහෙම වුණා නම් ඔය ප්‍රශ්න මොකුත් අද නැහැනේ. (නි)
දේශප්‍රේමියෝනේ. සල්ලි නැතුවද? (නි)
කියන්නකෝ බේරෙන්න මොකක්හරි උත්තරයක් (නි)
හොරු? කෝ හොරු? මේ අත්අඩංගුවට ගත්තේ සැකකරුවෙක් පමණි (නි)
ඔබතුමා ඔය සල්ලි ලැබුනේ කොහොමද කියලා කිවුවා නම් නිකම්ම ඔය කරදර වලින් බේරෙන්න පුළුවන්නේ. (නි)
බොහොම පොඩි දෙයයි ඕවායෙන් බේරෙන්න කරන්න තියෙන්නේ (නි)
කළ කර්ම පළදෙනවනේ. හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙනවා. (නි)
සල්ලි ලැබෙන හැටි දැනගන්න හොඳම කෙනා අපි දන්නවා (නි)
එහෙනම් අද රිමාන්ඩ් කරයි.(හේ)
අර බැංකුවක මිලියන 400 ක් තියෙන මාර්ෂල් ගැන හොයන්න කව්රුත් නැතිදෝ (බ)
ඇමති කමක් ගත්තනම් මේ ඔක්කොම ඉවරවෙලා. දැන් වත් පනිමු! තව ඕනේ තරම් ඉන්නේ. (බ)
අයියෝ ඔය නඩු වලට කතා කරලා හම්බ කරගත්ත සල්ලිනෙ. ඇයි මේ අහිංසකයගෙන් පළිගන්නේ? (බ)
මහත්තයෝ, දේශපාලනයට එනකොට තිබුන දේපල සහ අද තියෙන දේ ගැන තමන්ම නිකමට හිතලා බලන්නකෝ (නි)
අපි කියන්න ඕනෑ නැහැ මෙයාලා ගැන ආයේ අමුතුවෙන්. (නි)
නීතිය ක්‍රියාත්මකවීම ගැන සතුටුවෙනවා (නි)
මෙහෙම වෙයි කියලා කවදාවත්ම හිතන්න නැතුව ඇති නේද? (නි)