(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර වංචාව අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් මහබැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍ර පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස් සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නම්කරණු ලැබීය.
මෙම පුද්ගලයන්ගෙන් සිද්ධියට අදාළව කට උත්තර ලබාගත යුතුබව කියමින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය දැනට විදෙශ ගතව සිටින සංගප්පූරු ජාතික, අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 15 ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙම සිද්ධියට අදාළව රහස් පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියම කළාය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිටපු අධිපතිවරයායි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මහේන්ද්‍රන් - අර්ජුන් - කසුන් සැකකරුවෝ වෙති
ase Friday, 02 February 2018 09:09 AM
මෙච්චර දවස් අපි දැක්කේ , අපිට පෙන්නුවේ, තේ කෝප්පේ සුනාමියක්ද?
පිටිගල මිලානෝ Friday, 02 February 2018 09:19 AM
චූදිතයා විදෙස් පුරවැසියෙක් නම් නඩුව අවසාන වන තෙක් තබා ගත යුත්තේ රිමාන්ඩ් බන්ධනාගාරේ නේද?
BamunuarachchiFriday, 02 February 2018 10:52 AM
නැහැ නැහැ එයාව ලංකාවට ගෙන්නපු කෙනාගේ ගෙදර
sirimal Friday, 02 February 2018 09:31 AM
ඔය කොමිෂන් පත්කරන්නේ සේරම යට ගහන්න කියලා කිව්ව කට්ටිය දැන් කියන්න යන්නේ මොනවද කියලයි මම මේ බලාගෙන ඉන්නේ?
indikaFriday, 02 February 2018 10:57 AM
බලාගෙන ඉන්න. ඡන්දෙන් පස්සේ නඩු කල් යන්නේ අවුරුදු ගණන් වලින්. අනිත් එක කෝ රවී..? එයා වැරදි කාරයෙක් නෙවේද?
bamunuarachchiFriday, 02 February 2018 11:00 AM
තවම වැඩේ අවසන් වුණේ නැහැනේ හලෝ. සිංහලයාගේ ලෙඩේ ඕකනේ හලෝ. මහේන්ද්‍රන් පැනලා ගියොත් වැඩේ ඔක්කොම හබක් නේද? හැබැයි කව්රුහරි කියනවා නම් එයාට කිසි කරදරයක් වෙන්නේ නැහැ කියලා එයා නඩුවට පෙනී සිටීවි...
HafeelFriday, 02 February 2018 11:05 AM
නඩු විභාගය අවසන් වනතුරුත්, තීන්දුව ප්‍රකාශවන තුරුත්, රටට වූ අලාභය ආපසු ලබන තුරුත් අපිට ඉවසගෙන ඉන්න වෙන්නේ... ඒ අතරතුර ආණ්ඩු වෙනස් වෙන්නත් පුළුවන්. ජනාධිපති අවුරුදු 3ක් ඉඳලා දැන් තමයි ඡන්දයක් එනතුරු සද්දෙ දාන්න පටන් ගත්තේ... ඒ නිසා ඉක්මන් වෙන්න එපා..
SamFriday, 02 February 2018 11:07 AM
බලාගෙන ඉන්නකෝ, මහ මොලකාරයෝ සහ උපයපු මුදල් තවම නිදැල්ලේ. හිර කරගෙන ඉන්නේ මතුපිටට පෙනෙන මුදල් පමණයි. රට තුල ඇති වූ උද්දමනය, පොලි අනුපාත ඉහළ යාම නිසා ජනතාවට ඇති වූ අලාභය කව්ද පියවන්නේ? ඒ මදිවට රටේ කීර්ති නාමයට ඇති වූ හානිය. තව පොතක් ලියන්න තරම් කාරණා තියෙනවා.
Perera Friday, 02 February 2018 09:54 AM
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ නේද?
Hahaa Friday, 02 February 2018 10:05 AM
ඡන්දෙට පස්සේ නිදහස් කෙරුවද?
indika Friday, 02 February 2018 10:10 AM
එතකොට මොකද වෙන්නේ?
lalithsjm Friday, 02 February 2018 11:03 AM
එතකොට අර කෝටි ගණන් දීලා ගෙවල් ගත්තා. පස්සේ මතක නැහැ කියන කට්ටියට මොකද වෙන්නේ?
Bandula Kendaragama Friday, 02 February 2018 12:06 PM
මේක හොඳ පුවතක්. දුප්පත් මිනිසුන් වෙනුවෙන් සිදුකළ මේ මුදල් සොරකම් වලට උපරිම දඬුවම් ලබාදිය යුතුයි.
rocky Friday, 02 February 2018 02:07 PM
ඔයගොල්ලෝ කියන්නේ පරණ ආණ්ඩුවේ ලොක්කෝ කවුරුවක්වත් සත පහක්වත් හොරකම් කෙරුවේ නැහැ කියලද? රටේ ආර්ථික පරිහානියට ඒගොල්ලෝ වගකිව යුතු නැද්ද? ඒ ගොල්ලෝ ඔක්කොම නිදහස් කරලා මහා බැංකු හුටපටේට විතරද ඉක්මනට දඬුවම් කරන්න කියන්නේ? ඒවාට අපි සුදානම් නැහැ. වැරදි කරපු හැම අපරාධකාරයෙකුටම දඬුවම් දිය යුතුයි.
BamunuarachchiSaturday, 03 February 2018 01:37 AM
මෝඩ කතා නොකියා කෙලින්ම කියන්න මහින්දගේ කාලෙ වුන ආර්ථික පරිහානිය මොකක්ද? කාගෙවත් සටන්පාඨ මෙතන කියන්න එපා.
neville de Alwis (attorney at law)Saturday, 03 February 2018 04:46 AM
මේ මහා බැංකු හොරකම ලංකාවේ මජනතාවට හා රටට පාඩු සිදුවී අැති භයානකම සාපරාධී හොරකම වේ. සාමූහික ලෙස ඒකරාශි වී සැලසුම් සහගතව කටයුතු කර රජය සතු මහජන මුදල් අවභාවිත කොට අයථා ලෙස ලාභ ඉපැයීම පොදු දේපල පනත යටතේ මෙන්ම අපරාධ නීතිය යටතේ ද ඇප නොලැබෙන බරපතල ගණයේ වැරදි ලෙස සැලකිය හැකිය.
BamunuarachchiSaturday, 03 February 2018 04:20 PM
ඒ කාලේ මොනවාද අපිට අඩු උනේ කන්න නැති උනාද තෙල් නැති උනාද? පොලී අනුපාතය කීයද ඩොලරය කීයද?
jeewa Friday, 02 February 2018 03:36 PM
අනේ හැබැටම මෙහෙමත් නාටක?
indika Saturday, 03 February 2018 04:37 AM
එතකොට රවී, රනිල්, සුජීව කෝ මේ අය? මාරයි එ්ක... කොහොමද එහෙම වෙන්නේ?
prakaash Saturday, 03 February 2018 04:41 AM
කොන්දක් ඇති කෙනෙක්ද? රනිල්ට ඕනෑ විදියට වැඩ කරන්න දීලා පින් පඩියක් අරගෙන විදේශ වලින් ලැබෙන ඩොලර් අට්ටි ගහගෙන රට බේරා ගත් මිනිසුන්ගෙන් පළි ගන්නවා. මේ හොරකම සිරිසේනට නතර කරන්න පුළුවන්කම තිබුණා. රවිත් රනිල් සමග එකතු වී මේ දේ කළා. එනිසා මොවුන් සියල්ලටම දඬුවම් දිය යුතුයි. ඡන්ද කඩා ගැනීමට බොරු නාඩගම් නැටීමෙන් කම් නැත. ජනතාව යහපාලනය යැයි කියාගන්නා මේ දූෂිත වසලයින්ව පලවා හැරිය යුතුය.