(යොහාන් භාසුර)
මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර සුදුහුම්පල සිට තැන්නෙකුඹුර හන්දිය දක්වා කිලෝමීටර් 5.56 ක උමං මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යංශය සැළසුම් කර තිබේ.
කොරියානු රජයේ ණය යෝජනා ක්‍රමයකින් මෙම උමං මාර්ගය ඉදිරිකිරීමට සැළසුම් කර ඇති බව කී මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ මේ වන විට එම උමං මාර්ග ව්‍යාපෘතියේ සක්‍යතා වාර්ථාව සකස් කර අවසන්ව පරිසර අධ්‍යන වාර්ථාව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අධ්‍යනය කරමින් ඇති බවත්ය.
එම ව්‍යාපෘතියේ අධ්‍යන කටයුතු ලබන දෙසැම්බර් මස අවසන් වීමට නියමිත බවත් එහි ඉදිකිරීම් ලබන වසරේ (2022) ආරම්භ කර 2025 වසරේදී නිම කිරීමට නියමිත බවත් මහාමාර්ග අමාත්‍යංශයේ නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහනුවරට කිලෝමීටර් පහක උමං මාර්ගයක්
පැඑකුම් Tuesday, 19 October 2021 02:36 PM
උමං මාර්ගයකට වඩා ඉතා අඩු වියදමකින් සැහැල්ලු දුම්රිය (LRT) මාර්ගයක් දාන්න පුලුවනි ඊට ඇති බාධා කවරේදැයි දන්න කෙනෙක් කියන්න.
අජිත්Tuesday, 19 October 2021 02:54 PM
ඉතාම හොද අදහසක් ඉදිරිපත් කරලා තියනවා, හැබැයි සැහැල්ලු දුම්රිය මාර්ගයේ කාර්, වෑන්, බස්, ලොරි, කන්ටේනර්, කරත්ත, බයිසිකල් යනකොට ආයෙත් මාර්ග තදබදය ඇතිවෙන නිසා සාර්ථක වෙන එකක් නැහැ.
අප්පුහාමි Wednesday, 20 October 2021 06:47 AM
අජිත් මහත්තයෝ සැහැල්ලු දුම්රිය යෙදෙව්වොත් අනෙක් වාහන නගරයට පැමිනීම නතර කරන්න ඕනි .එවිට දැනටමත් විෂ වායුව නිසා අපවිත්‍ර නගරය සුලුවෙන් හෝ පිරිසිදු වියහැකිය විදුලි දුම්රිය නම් වඩා සුදුසුයී අපේ ලොකු තැන දුම්රිය මාර්ග සෑදීම ගැන අවබෝධය අඩුනිසා අකමැති වේවි.
aseTuesday, 19 October 2021 04:15 PM
මහනුවර මලිගාව ඉදිරිපිට මාර්ගය සැහැල්ලු වාහන වලට විවෘත කලහොත් ඔය තදබදය විසාල වසයෙන් අඩු කළ හැකිය.
SLTuesday, 19 October 2021 08:22 PM
නුවර ඇවිත් ක්වීන්ස් හතරමං හන්දි දෙකේ ගමනාගමනය සමීක්ෂණයක් කරලමද කියන්නෙ.
විජයලත් Tuesday, 26 October 2021 02:13 PM
හොඳ අදහසක්,ලක්තැන ලොප් නොකරන්න,කොමිස් ලබාගැනීම් අවම කරන්න වග බලාගත යුතුය .හැමදේම සැලකිල්ලට භාජනය කරන්න ගියොත්? මාර්ග තදබදය අවම කරගන්න මාළිගාව මාර්ගය විවෘර්ත කරන්න(අමනොඥ්ඥ දේශපාලුවෙක්ගේ තීන්දුවක් )
Nalaka Tuesday, 19 October 2021 03:22 PM
හොඳට ගහන්න පුළුවන් ව්‍යපෘති වලට ආයෝජනය කරනවා.
Prabha Tuesday, 19 October 2021 04:05 PM
ඔය මුකුත් නෑ මාලිගාව ලග පාර සැහැල්ලු වාහනවලට පමණක් විවෘත කරා නම්
ravin Tuesday, 19 October 2021 05:08 PM
ක්‍රමවේදය තීරණය කරනු ලබන්නේ හැමබවෙන කොමිස් මුදල අනුවයි.
chandima Tuesday, 19 October 2021 05:36 PM
ආයෙත් මිනිස්සු එවන ඩොලර් ටිකෙන් කුට්ටියක් ගසාකන්න හොඳ ගේමකට ලෑස්ති වෙන්න වගේ යන්නේ.?
පැරකුම් Tuesday, 19 October 2021 07:53 PM
මේ තවත් ජාතික අපරාධයක්. අනාගත පරපුර කොරියාවට ණය කරල පාලකයො සාක්කු පුරවගන්න වැඩ සූදානම් කර අවසන් බව පෙනේ. කවුද මේවට අනුමැතිය දුන්නෙ? මීට බෙහවින් අඩු මුදලකට විකල්ප අධිවේගී මාර්ගයක් හදන්න බැරි ඇයි?
RaveendraWednesday, 20 October 2021 06:30 AM
"මීට බෙහවින් අඩු මුදලකට විකල්ප අධිවේගී මාර්ගයක් හදන්න බැරි ඇයි?" මෙම ප්‍රදේශය අවට බුමියේ අධික කදු බැවුම් සහිතවීම "අධිවේගී මාර්ගය" සුදුසුද යන්න ගැටළුවක් නොවේද ? වීශේෂයෙන් තැන්නේකුබුරේ සිට මහනුවර නගරය අතර තිබෙන අධික නැග්ම එයට බාධාවක් වියහැකි බව "අනුමාන" කල හැකිය.
asanka Wednesday, 20 October 2021 12:17 AM
මේක පසුගිය ආණ්ඩුව කාලේ සැලසුම් කර යම් බලපෑමක් නිසා නවත්වන ලද දෙයක්. මෙය හොඳ අදහසක් නමුත් අධික වර්ශාපතනයක් ඇති මහනුවර ප්‍රදේශයේ උමං මාර්ගයයක් තැනීමෙන් ගිලා බැසීම් වැනි අනිසි ප්‍රතිපල ඇතිවිය හැක.
Shan Wednesday, 20 October 2021 06:51 AM
මොන ආණ්ඩුව ආවත් කොමිස් ගහනවා. එල් ආර් ටී කෝච්චිය යන්න කාලසටහනකට අනුව නමුත් උමන් මාර්ගය හැදුවොත් වාහන නොනවත්වා යන්න පුළුවන්.
Bamunuarachchi Sunday, 24 October 2021 02:41 PM
මේවා නිස්කාරන වියදම්... මේවා රට මේ වෙලාවේ අවශ්‍ය දේවල් නොවෙයි. කොමිස්වලට මගපාදා ගැනීමක්...