IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහපොළ වැඩියෙන් ඉල්ලති

මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉල්ලමින් මොරටුව විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රුක්ෂාන් අතුකෝරාල, උප සභාපති මධුක අබේසිංහ, සංස්කාරක දසුන් විජේසේකර සහ ප්‍රභාත් වික්‍රමසිංහ කොළඹ වෝඩ් පෙදෙසදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ට භාර දුන්හ.

RDS_1350large



අදහස් (0)

මහපොළ වැඩියෙන් ඉල්ලති

විරාජ් Tuesday, 23 September 2014 07:23 AM

ඔන්න අපි නම් නැහැ (දී)

:       0       0

කසුන් Wednesday, 24 September 2014 06:59 AM

මිනිස්සුන්ගෙ අමාරුකමක්වත් නොඅදුරන මේ වගේ මිනිස්සු .... (දී)

:       0       0

චාමර Monday, 22 September 2014 06:20 PM

සාරංග වෙත, ඉහතින් දක්වා ඇති ඔබගේ ප්‍රතිචාරය දුටුවිට මට මෙවෙනි දෙයක් සිතුනි. පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමති වරුන් ඔවුන්ගේ මාසික වැටුපෙන් ප්‍රාඩෝ, මොන්ටෙරෝ වර්ගයේ වාහන වලින් යන විට ඔබට මොහොතක් සිතුනද ඔවුන්ට ලැබෙන වැටුපෙන් එවනි වර්ගයේ වාහන සහ තට්ටු ගණන් තිබෙන ගෙවල් මිලදී ගැනීමට හැකිද නොහැකිද බව? මෙහි සිටින සිසුන් සතර දෙනාටම ඇතැම් විට මහපොළ ශිෂ්‍යදාරය නැති වෙන්නටද පුළුවන. ඔවුන් මෙවැනි ක්‍රියා මාර්ගයකට පෙලඹෙන්නට ඇත්තේ සරසවි අද්‍යාපනය ලබන දුප්පත් සිසුන් වෙනුවෙන් විය හැක. ඔබ දන්නවද ? මහපොලින් ලැබෙන රුපියල් 2500න් පමණක් තම අධ්‍යාපන කටයුතු හදාරන සිසුන් සිටින බව? රුපියල් 30ක් වැනි සුළු මුදලක් ලබාදී ආපන ශාලාවෙන් කෑම පිගානක් වත් ලබා ගැනීමට නොහැකි සිසුන් සිටින වග? වෙනත් අයකු විසින් අනුභව කරන ලද ඉඳුල් පිගානකට රුපියල් 10ක් ලබා දී කෑම වේලක් අනුභව කරන සිසුන් සිටින බව? මේ මෙරට බුද්දීමත්ම පරපුරේ ශෝක ජනක තත්වයයි. රටේ අනාගතේ බාරගන්න සිටින මෙවෙනි පරපුරක් පිළිබද ශෝක ජනක සිද්දියයි. රටේ උද්දමනය ඉහල ගොස් ඇත. එයට සරිලන ලෙස මහපොළ ශිෂ්‍යදාරය වැඩි වී නොමැත. ඔබ තුමාගේ මාසික වැටුප මීට වසර 10කට පෙර ලැබුන මුදලම නම් ඔබ තුමාට දැන් එම මුදලින් ජිවත් විය හැකිද? එමෙන්ම පාරවල් වල උද්ගෝෂණ නොකර සාමකාමිව මෙවැනි දෙයක් කිරීම පිලිබදව අපි සතුටු විය යුතු නොවේද? යම් දෙයක් දෙස පටු ආකල්පයෙන් නොසිතා පුළුල් ආකල්පයෙන් සිතීම ඔබේ ජිවිතයට අවශ්‍යම දෙයක් බව ඔබේ ප්‍රතිචාරය දුටුවිට මට සිතේ. (නදී)

:       0       0

කොඩිකාර Monday, 22 September 2014 06:51 PM

මේවා බැලුවහම අපිටත් මහපොළ ඉල්ලන්න හිතෙනවා (නි)

:       0       0

නුවන් Monday, 22 September 2014 07:09 PM

සාරංග, ඔහොම ණු කතා කියන්න එපා. විශ්ව විද්‍යාලයට ගියත් නොගියත් තරුණයන් හොඳට අඳින්න පළදින්න කැමතියි. අනෙක ඔයා දන්නවද මහපොළ ශිෂ්‍යාධාර ලැබෙන්නේ ආර්ථික අපහසුතා තියෙන ළමයින්ට විතරයි කියලා. මේ දරුවන් මේ ඉල්ලීම සාමකාමීව කළා. සමහරවිට මේ දරුවන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයට නෙමෙයි වෙන්න පුළුවන්. අගය කළ යුතු දෙය අගය කරන්න පුරුදු වෙමු. ලංකාවේ ජාතික ලෙඩේනේ ඔය හැම දෙයකම ඇද දකින එක. (නි)

:       0       0

තරිඳු දීපික Tuesday, 23 September 2014 08:16 AM

1981 වසරේදී ශිෂ්‍යත්ව 422 කින් මහපොළ ඇරඹියේ "දිළිඳු කම දුරලීම තුළ අධ්‍යාපනයෙන් පිරිපුන් සමාජයක් ගොඩනගමු" යන තේමාව පෙරදැරිවයි. තුන් තිස් වසරකට පසු එය කොතෙක් දුරට යථාර්තයක් වීදැයි විමසා බැලීම වටී. සංඛ්‍යාලේකන මගින් මහපොළ ශිෂ්‍යත්වලාභීන් දෙලක්ෂයකට අසන්න සංඛ්‍යාවක් හා රුපියල් මිලියන නවසීයක පමණ වියදමක් දක්වා සිටින නමුදු පෙර කී මහපොළ දැක්මේ අභිමතාර්ථ කොතෙක් දුරට සාර්ථක වී දැයි යන්න ප්‍රශ්නාර්තයකි. න්‍යෂ්ටික පවුල් ඒකකයකට රුපියල් 2500කින් මසක් ජීවත් විය හැකිය යන අතිශයින් (අ)තාර්කික ඔප්පු කිරීමෙන් බැහැරව බැලූ කල, 2005 වසරේදී අවසාන වරට ඉහල නැංවූ මහපොළ වර්තමානයේදී කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අගයක් බව ඔබට වැටහිය යුතුමය. ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් ශිෂ්‍ය ගැටළු හඳුනාගෙන සාමකාමී අයුරින් ක්‍රියාත්මක වීමේදී, වගකිව යුත්තන් ගැටළු මගහැර යාම මෙහිදීද සිදුවනු දුටිමු. විසඳුම් වෙනුවට විහිලු නොසපයා මේ වාරයේදී වත් මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා අවම වශයෙන් රුපියල් 5000 දක්වා වැඩි කෙරෙනු අැතැයි බලා සිටිමු. (ස)

:       0       0

සිල්වා Tuesday, 23 September 2014 08:35 AM

මෙවැනි කටුක පරිසර අත්දැකිම් තියන පුත්ගලයන් මෙවැනි දේකට ගරහන්නේ නැහැ. ජීවිතය ගොඩ ගන්න නම් මහන්සිය කැපවීම අවශයයි. අද පවතින ආර්ථික දුස්කරතා මත මෙවැනි මුදලක් හෝ මත යැපීම දරුවන්ට සහනයක්. නිදහස් අධ්‍යාපනය වචනයට සිමා නොකර රටේ අනාගතය වන මේ බුද්දිමත් දරුවන්ගේ ඉල්ලීම ගැන සැලකිලිමත් වීම බලදාරින්ගේ වගකීමක්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 September 2014 01:08 AM

ඔහොම එන්නකෝ මල්ලිලා. පාරවල් හරස් කරගෙන මිනිස්සුන්ගේ එදිනෙදා කටයුතු කඩාකප්පල් කරලා අපේ ලේ පුච්චන්නේ නැතුව. .අපිත් පුළුවන් සහයෝගයක් දෙනවා. සියල්ල දෝතට ලැබිල ඉගෙන ගන්න එකාට වඩා මහන්සියෙන් දුකෙන් අමාරුවෙන් එදාවේල නොකා අගහිගකම් මැද ඉගෙන ගන්න එකා තමයි සාර්ථක මිනිහෙක් වෙන්නේ කවද හරි. හැම දේම රජයෙන් ලබන්න බලන් ඉන්නේ නැතුව තමන්ගේ දැනුම යොදවල තමන්ට හැකි විදියට ගතමනාව හොයාගන්න උත්සහ කරන්න කනිෂ්ක මහත්තය දෙන වැදගත් අවවාදය හිතට අරගෙන. (නදී)

:       0       0

සමන් වසන්ත Tuesday, 23 September 2014 08:58 AM

චාමර හා ජානකගේ අදහස් ගොඩක් වටිනවා. සාරංග වගේ හැමෝටම නිහතමානී වෙන්නත් පුලුවන් නම් වඩා හොඳයි. කොහොම උනත් බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ ජිවිත ඇත්තටම ගෙවෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ ඔවුන් කරන්නේ පාරවල් වල උද්ඝෝෂණය කරන එක පමණක් කියලා. ඇත්තටම ගොඩක් ශිෂ්‍යන් අධ්‍යාපන කටයුතු කරගන්නේ බොහෝ අගහිග මැද. ගොඩක් දුෂ්කර පැතිවලින් එන ශිෂ්‍යන්ට මහපොළ මහමෙරක් තරම් වටිනවා. සමහර සිසුන් ගෙවන්නේ මොන වගේ ජිවිතයක්ද කියලා පෙන්නන්න මම එක උදාහරණයක් දෙන්නම්. මම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නකොට මගේ හොඳ යාලුවෙකුගේ පියා මිය ගියා. ඒ වෙනකොට ඔහු පේරාදෙණිය ඉංජිනේරු පිඨයේ ඉගෙන ගනිමින් සිටියේ. ඔහුට මහපොළ ලැබුනත් පියා නොමැති නිසා වෙන අදායම් මාර්ගයක් තිබුනේ නෑ. රු.2500කින් ජිවත් වීම ගොඩක් අමාරු උනා. පසුව මාස කිහිපයක් යනකම් අමාරුකම් මැද උනත් මගේ මහපොළ මම මිත්‍රයට දුන්නා. වසරක් පමණ යනවිට ඔහු උපකාර පන්ති කරමින් ඉගෙනීමට අවශ්‍ය මුදල සපයා ගත්තා. ඉන් පසුව මට මහපොළ දෙන්න අවශ්‍ය උනේ නැහැ. අද ඔහු දිවයිනේ ප්‍රධාන නගරයක උපකාරක පන්ති පවත්වනවා මෙන්ම විදුලි බල මණ්ඩලයේ ඉහල ඉංජිනේරුවරයෙක්. ඉතින් මහපොළ කියන්නේ ගොඩක් වටින දෙයක්. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙක් විදියට මේ ක්‍රියාව මම ගොඩක් අගයනවා. (නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 22 September 2014 11:47 AM

අහිංසක ළමයින්ට ලබාදෙන එක හොඳයි මේ කොහෙවත් යන අැමතියන්ට ලබා දෙනවට වඩා (නදී)

:       0       0

තරංග Tuesday, 23 September 2014 02:59 AM

සරසවි දරුවන් කිසිම දිනක එක්වර පාරට බහින්නේ නැහැ. ඉල්ලීම් හොඳින් ඉල්ලා සිටියට කවදාද දුන්නේ. නොදෙන නිසා තමයි අවසන් පියවර හැටියට පාරට බහින්නේ. ඒ බැව් රටේ අනෙක් අය දන්නේ නැහැ (නදී)

:       0       0

සාරංග Tuesday, 23 September 2014 03:04 AM

චාමර බොහොම වැදගත් පණිවිඩයක්. මම හිතනවා මගේ අදහසින් මට බැනලා හරි හොඳ අදහස් ඒම ගැන සතුටුයි. ඇත්තටම අපේ කට්ටිය දන්නේ නැහැ මේ මහපොළ ගැන (නදී)

:       0       0

ජගත් Tuesday, 23 September 2014 03:19 AM

නළුවන්ට සහ නිළියන්ට ඡන්දය දෙන සමාජයක උගත් පරපුරක් රැක ගන්න බොහෝ දෙනාගේ සයෝගය ලැබ ගන්න අමාරුනේ. (නදී)

:       0       0

සාරංග Monday, 22 September 2014 12:37 PM

ගහල ඉන්න සුට් එකත් මහපොළින් ගත්තු ඒවා වෙන්න ඇති (නදී)

:       0       0

ඡානක Tuesday, 23 September 2014 04:53 AM

සාරංගලා අතරේ චාමරලා නුවන්ලා වගේ අය ඉන්න බව දැනගන්නත් සතුටුයි. කැම්පස් එකේ අලුතෙන් හදන ගොඩනැගිලිවල කැම්පස් ළමයි දවසට රුපියල් 800 පඩියට කොන්ක්‍රීට් අනන බව ලංකාවේ ඉන්න සාරංගල වගේ මිනිස්සු දන්නේ නැහැ. දවසට රුපියල් 750 පඩියට කැම්පස් ළමයි පාරවල්ගානේ පත්තර විකුණන බව දන්නෙත් නැහැ. යාචකයන්ගෙන් පවා මිනිස්සු ඉස්සරහ බැනුම් අහ අහා මේවා කරන්නේ ඔවුන්ගේ තියෙන දුප්පත් අසරණකමට. මේ දේවල් මමත් කැම්පස් ඉන්න කාලේ කරලා තියෙන නිසා කියන්නේ. එහෙම හොයන සල්ලි වලින් කොටසක් ගෙදර ඉන්න අහිංසක දෙමාපියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ වියදමටත් යවන ළමයිනුත් ඉන්නවා. සමහර ළමයි විභාගේ ඉවර වෙලා ලැබෙන මාසෙක නිවාඩුවට ගෙදර නොගිහින් මේ වගේ රස්සාවල් කරලා ඊලග සෙමෙස්ටර් (මාස 6) ට ඕන කරන වියදම හොයාගන්නවා. දවසෙම මේ විදිහට දුක් විඳලා හවසට කන්න වෙන්නේ කැන්ටිමේ ලුණු, මිරිස් නැති වතුරයි පොල් කුඩුයි එක්ක පොඩි බත් පිඟානක්. මෙහෙම ජීවත් වෙන ගමන් තමයි තමන්ගේත් අනාගතේ කැම්පස් එන නංගිලා මල්ලිලාගේත් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කෑ ගහන්නේ. මේක තමයි කැම්පස් ළමයින්ගේ ජීවිතේ තියෙන තිත්ත ඇත්ත. මේවා දන්නේ නැති සුරංගනා ලෝක වල ජීවත්වෙන මිනිස්සු පොලවේ පය ගහල ජීවත්වෙන, හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින රටේ බුද්ධිමත්ම තරුණ පිරිසට මඩ ගහන්නේ නැතුව අසාධාරණය අවනීතිය තමන්ගේ ලගටත් ඇවිත් තුවක්කුව ඔලුවට තියනකම් මෙච්චර කාලයක් හිටිය වගේ නිදාගෙන ඉන්න කියල කරුණාවෙන් ඉල්ලනවා. ඔයාල වගේ මිනිස්සු නිසා තමයි අධ්‍යාපන සුදුසුකම් තියෙන හැබැයි දේශපාලන සුදුසුකම් නැති උගත් බුද්ධිමත් මිනිස්සු මේ රට දාල යන්නෙත්. (නදී)

:       0       0

චාමික කැලුම් Tuesday, 23 September 2014 05:39 AM

චාමර හා ජානකගේ අදහස් වගේම සාරංග ගේ නිහතමානී කමටත් ගරු කරමි. (නදී)

:       0       0

කනිෂ්ක Monday, 22 September 2014 02:42 PM

කරන ඉල්ලීමක් මේ විදියට අනවශ්‍ය කලබගෑනි වලින් තොරව කරන එක බොහොම හොඳයි. අනෙක මම මේ දරුවන්ට කියන්නේ, සරසවියේ ඉගෙන ගන්න ගමන් කුමක් හෝ අමතර ආදායමක් එන අර්ධ කාලින සුළු රැකියාවක් හරි කරන්න වෑයම් කරන එක තමන්ගේ අනාගතයට හොඳයි. අනාගතයේදී රැකියාවලට පළපුරුද්දක් එනවා. දෙමව්පියන්ට බරක් වෙන්න අවශ්‍යත් නැහැ . තමන් බුද්ධිමත් තරුණ වැඩිහිටියන් නම් ඇයි කාගෙන්වත් ලැබෙනකන් බලන් ඉන්නේ. (නදී)

:       0       0

සේනාරත්න Tuesday, 23 September 2014 06:24 AM

ලෝකයේ කිසිම විශ්ව විද්‍යාලයක් නැතුව ඇති මෙහෙ වගේ සල්ලි නොගෙන නොමිලේ උගන්වන. එසේම සියලු සිසුන්ට නේවාසිකාගාර දීමට සැළසුම් කරන. (නි)

:       0       0

අනාන්ද Monday, 22 September 2014 03:14 PM

හොඳ දෙයක්. (අ)

:       0       0

මිහිල් Monday, 22 September 2014 04:17 PM

කාටත් හොඳ ආදර්ශයක් (නදී)

:       0       0

ඉසුරු Tuesday, 23 September 2014 07:08 AM

නිදහස් අධ්‍යාපනය මදි වෙලාද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 309 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 159 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 380 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1274 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 361 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 163 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site