වයස අවුරුදු හයක දරුවකුගේ ගෙළ මිරිකා මැරී යැයි කොලොන්නාවේ විසිනව හැවිරිදි මවක සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටි.
අවුරුදු හතේ දරුවකු සිද්ධිය දැක ඇතැයි පොලීසිය කියයි.
වයස අවුරුදු හයක දරුවකුගේ ගෙළ මිරිකා මැරී යැයි කොලොන්නාවේ විසිනව හැවිරිදි මවක සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටි.
අවුරුදු හතේ දරුවකු සිද්ධිය දැක ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මවක් මෙතරම් යක්ෂාවේශ වීමට හේතුව කුමක්ද? සමහරවිට සැමියා අතහැර ගිය පවුලක් නම් සැමියා කෙරෙහි ඇති වෛරය ඔහුගෙන් උපන් දරුවන් වෙතත් පැතිරෙන අවස්ථාවක් ඇතිවෙන්න ඇති. දරිද්‍රතාවය නිසා, කෑමට යමක් ඉල්ලා නොනවත්වා හඩන නිසා මෙහෙම කළා වෙන්න බැරිද? ලංකාවේ අපරාධ වැඩිවීමට අධික බඩුමිලත් හේතුවක්. නමුත් මාසිකව මහා ධනයක් උපයන දේශපාලකයන් සිටින රටක මේ ගැන සොයන්නට කිසිවෙක් නැතිවීම සමාජ ඛේදවාචකයක්. ඉදිරියට තව තවත් අපරාධ වැඩිවන බව පෙනේ. (නි)
රාජුන් මහත්තයෝ, දෙයක් විකුණනකොට සාධාරණව විකුණන්න බලන්න.කළු කඩ වෙළදාමට ආයුෂ නැහැ. (නි)
හැබෑවටම මේ අම්මෙක්ද? නැත්නම් යක්ෂණියක්ද? (නි)
ආසියාවේ ආශ්චර්යය නැති තැනක් නැහැනේ! (නි)
මේ කාන්තාවගේ මානසික තත්ත්වය පරීක්ෂා කළොත් හොඳ නැද්ද? (නි)
අප මේ සිදුවීම අදහගන්න බැරුව අනේ අපොයි කියනවා..රාජුන්ල සත්‍යල එ්කත් විකුණලා එ්කෙනුත් ගානක් කපන්න හදනවා. මෙහෙමත් මිනිස්සු. එක පාරට මේ ලෝකෙට පහල වෙච්ච එව්වෝ වගේ. නිතිය වල් වැදුණු අරාජික යුග අපි නම් අපේ ජිවිත කාල වල හොදින් අත් විදලා තියෙනවා. අපි ඒ වෙනස දන්නවා. මැරිලා නොඉපදුනු එහෙම නැත්නම් ඕපපාතික නොවන මිනිස්සු ඒ වෙනස හොදින් අදුනනවා. මරණ හැටි මැරෙන හැටි ඒ යුග වල හිටපු මේ රටේ මිනිස්සු හොදින් දැකල තියෙනවා. සුළු සුළු අඩුපාඩු තිබුනත් අද තියෙන්නේ එහෙම යුගයක්වත් එහෙම රටක්වත් නෙමෙයි. දෙන්නම හිතන් ඉන්නේ මේ රටේ ඔක්කොම මොන්ටිසොරි ළමයි කියල වෙන්න ඇති. නැත්නම් දෙන්නම මොන්ටිසෝරි යන දෙන්නෙක් වෙන්න ඇති. දන්නේ නැත්නම් එහෙම යුග ගැන තමන්ගේ දෙමව්පියන්ගෙන් අහල දැන ගන්න ලැජ්ජා නොවී.(නදී)
අනේ මෙහමත් අම්මල අම්ම කියන මව් පදවියටත් නිග්‍රහ කරන මේ වගේ ගැහැනුන් (අ)
සමාජයේ වරදින් මෙහෙම වෙනවා කියලා මේ වගේ දේවල් සාධාරණීකරණය කරන්න පුලුවන්ද? එතකොට දුප්පත්කම ඇතුළු ඕනෑම දුකක් දරාගෙන දරුවන් ආදරයෙන් බලාගන්න මව්වරුන් ඉන්නෙත් ඔය කියන සමාජය ඇතුළෙම නෙමෙයිද? ඒ අයට ඒ කටයුත්ත සඳහා වෙනම පහසුකම් ලැබිලා නැහැ. (නි)
දරුවෙකු නොසළකා හරින්න, ජීවිතය නැතිකරන්න දුප්පත්කම හේතුවක් නෙමෙයි. පොහොසත් තැන් වල අම්මලා ඉන්නවා දරුවන් අමතක කර තව කෙනෙක් එක්ක පලායන. තමන්ට පෙර පිනට ලැබුන මව් පදවිය කරදරයක් කියලා හිතන කාන්තාවන්ට සැවැත් නුවර වගේ කෝටි ගණන් මාර්ගඵල ලැබූ මිනිස්සු ඉන්න සමාජයක ජීවත් වුණත් මේ වගේ අපරාධ කරන එකෙන් වළකින්න බැහැ. (නි)
මේ ලෝකය දැන් දරුණුවෙලා. මෙයට කුමක් හෝ හේතුවක් ඇති.අම්මා කෙනෙක් නෙමෙයි කිසිම මනුස්සයෙක් කරන්නේ නැති වැඩක්.මේ අම්මා ගැනයි මියගිය දරුවා ගැනයි මට බොහොම කණගාටුයි .... (නි)
පසුගිය දවසක තාත්තා කෙනෙක් දරුවා ගලේ ගහලා මැරුවා. මේ සතියේ අම්මා කෙනෙක් දරුවාගේ ගෙල මිරිකා මරාදැම්මා. තව ඉදිරියට අපිට මොනවා අහන්න ලැබේවිද දන්නේ නැහැ. අපේ රටට මොන කාලයක්ද මේ උදාවෙලා තියෙන්නේ? (නි)
රාජුන් වගේ හිතන්න වැඩි දෙනෙකුට බැරි, ඒ අයත් ඔය ප්‍රවාහයේ කොටස්කරුවන් බවට පත්ව ඇති නිසයි. සමාජයේ වරදින් මිනිස්කම අමතක කළ අයට විරුද්ධව අපේ ඇතැම් පාඨකයින් අදහස් ප්‍රකාශ කරනවා. අපිට මීට වඩා මානුෂිකව හිතන්න බැරිද? (නි)
අද අපේ අම්මලාට මෙහෙම හිතෙන්නේ මොකද කියලත් සොයන්න වේවි. (නි)
මෙයාව මවක් කියලා හඳුන්වන්න එපා. (නි)
මේ වගේ පුවත් මේ දවස්වල ගොඩක් අහන්න ලැබෙනවා. මම හිතන්නේ මේ ගැන මීට වැඩිය පර්යේෂණ මට්ටමින් හොයලා බලන්න ඕනෑ. අපේ රටේ ඉන්න සමාජ විද්‍යාඥයින්ට මේ ගැන හොයන්න වගකීමක් තියනවා. සමාජීය වශයෙන් හා පවුල් ඒකක වශයෙන් ඉතාමත්ම පහළ මට්ටමකයි අද අපි ඉන්නේ. (නි)
පුදුමාකාර අම්මෙක්නේ? (නි)
අපි මේ සිදුවීම අදහාගන්න බැරුව ඉන්නවා.රාජුන් විකාර කියවනවා. (නි)
ඇත්තටම පුදුම අම්මා කෙනෙක්නෙ? මේ නම් අම්මා කෙනෙක් වෙන්න බැහැ (නි)
මෙහෙමත් ගැහැණු! (නි)
යක්ෂණියක් වුවත් මේත් අම්මා කෙනෙක්. මට පදමානවක ජාතකය මතක් වුණා. (නි)
කෙනෙකුගේ ජීවත්වීමේ අයිතිය පිලිබඳ වටහා දෙන එන්ජීඕ එහෙම නැද්ද.. බැරිනම් එහෙමවත් කරලා බලන්න.(අ)
දැන් කළු කෝට් කට්ටිය මානසික අවපීඩන නිදහසට කාරනාව ඉදිරිපත් කරලා ඇප අරන් දේවි. ඊළඟට මෙයා දුවලා ඇවිත් අර සාක්කි කාර අනිත් පොඩි දරුවාගේත් බෙල්ල මිරිකාවී. (නදී)
මේ වගේ අයට මවක් කියන එක හරිම වැරදියි. මවකට මෙතරම් දරුණු දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. මේ නම් යක්ෂණියක්. (ස)
කොහොමත් ඔය පැත්ත කුඩු වලට ප්‍රසිද්ධ නිසා, අම්ම කුඩු ගහලවත් ඉන්න ඇති මෙවැනි දෙයක් කරන්න... (ස)
අම්මා කියන අමිල වචනයට නිගාකළ තිරිසනියකයැයි කීම තිරිසන් සත්වයින්ට කරන නිගාවකි. (ස)
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා, පුතුන් රජුන් කරන්ටා... බා... ලොලි ලොලි... (නි)
අනේ! අපිටත් දරුවන් ඉන්නවා අපේ හදවත් කම්පා වෙනවා මෙවැනි දේවල් කියවනවිට (නි)
අවාසනාවන්ත දරුවෙක්.... මේ වගේ මිනිසුන් අතර ඉපදුන එකම ඇති. (නි)
රට දරිද්‍රතාවයට යනකොට, නීතිය සහ සාමය වල්වැදුන විට මෙවන් සිද්ධි සාමාන්‍ය දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි. (නි)