IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මහරජ ගැමුණුට අතගහන්න ඉස්සර ඉතිහාස පොත් ගොඩක් කියෙව්වා

2016-11-06-ent-60

නිෂ්පාදනයෙන් රංගනයෙන් ගායනයෙන් යන විවිධ භූමිකා තුළින් කලාව තුළ නියැලුණු චරිත් අබේසිංහගේ අලුත්ම භූමිකාව වෙන්නේ අධ්‍යක්‍ෂණයයි. මේ දිනවල සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 7.30ට හිරු TV ඔස්සේ විකාශය වන ‘ගැමුණු මහරජ’ නාට්‍ය කියන්නේ ඔහුගේ මුල්ම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයයි. මේ ඔහු සමඟ ඔහුගේ පළමු අධ්‍යක්‍ෂණ කාර්ය ගැන කළ කතාබහයි.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

2016-11-06-ent-61මේ කාලය ගැමුණු මහරජ නාට්‍යයයේ වැඩ සඳහා තමා යොදවලා තියෙන්නේ. ගැමුණු මහරජ නාට්‍යයේ මුල් කොටසේ වැඩකටයුතු අවසන් කළා. දැන් එහි දෙවැනි කොටසේ වැඩ කටයුතු කරගෙන යනවා.

 

කලාවට සම්බන්ධ වෙන්නේ පොඩි කාලේ ඉඳන් හීනයක් තිබුණද?

පුංචි කාලේ ඉඳන් බැලුවම කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්. මට අවස්ථාව ලැබුණා ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධ වෙන්න. ඒ කාලේ තමා මට මුලින්ම මේ කලාව ගැන ආසාවක් ඇති වුණේ. සියලු දේ ඉගෙන ගත්තා කියන එක නෙවෙයි මම කියන්නේ. නමුත් ඒ තුළින් තමා මුල් අඩිතාලම වැටුණේ. මට චිත්‍ර අඳින්න එහෙම නම් බැහැ. නමුත් ඒ නොහැකියාවම මාව සංගීතයට යොමු කළා. ඊට පස්සේ මම පාසැල් අධ්‍යපනයෙන් පස්සේ සීදුව සකුරා සහ සමන් ඇන්ඩ් ද ක්ලෑන්ස් කියන කණ්ඩායම් එක්ක කණ්ඩායම් සංගීතයට යොමු වුණා. කාලයක් ඔහොම ඉන්න කොට තමා මම විදෙස්ගත වුණේ.

 

විදෙස්ගත වුණාට පස්සෙද කලාවට තව තවත් ඇළුම් කළේ?

ඇත්තෙන්ම ඔව්. ලෝක සිනමාව කියන්නේ මොකක් ද රංගනය කියන්නේ මොකක් ද කියලා හරි හැටි හදාරන්න මට අවස්ථව ලැබුණා. 21 වැනි සියවසේ රංගනය වෙනස් කළ වියෝලා ස්පොයිලින් (Viyola Spoilin) ගේ ගෝල පරම්පරාව මෙහෙයවන පන්තිවලට මට සහභාගී වෙන්න ලැබුණා. ඒ හරහා මට පුළුවන් වුණා අපි දැකපු සම්ප්‍රදායික රංගනයන් එක්ක බලලා අපිට යමක් තේරැම්ගන්න පුළුවන් අලුත් දෙයක් කරන්න. නිෂ්පාදන ක්‍රියාවලිය ගැන අවබෝධ කරගන්න පුළුවන් වුණා.

 

ඒ හරහාද ඔබ ජූලියා චිත්‍රපටය කළේ?

ඔව්, මම ජූලියා චිත්‍රපටයේ ගායනය රංගනය සහ නිෂ්පාදන කාර්යන් කළේ. නමුත් මට සිනමාව ගැන හරියටම අවබෝධ වුණේ ජූලියා චිත්‍රපටයෙනුත් පස්සේ කිව්වොත් හරි. ඊට පස්සේ තමා මම අධ්‍යක්ෂණය කියන භූමිකාව ගැනත් හැදෑරීමක් කළේ. සාර්ථක අධ්‍යක්ෂකවරයෙක් වෙන්න මම විශ්වාස කරන විදිහට රංගනය ගැනත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හැබැයි මේ අදහසට එකඟ නැති අයත් ඉන්නවා. රංගනය ගැන අවබෝධයක් නැති වුණාට අනෙක් අංශ ගැන අවබෝධයක් තියෙනවා නම් අධ්‍යක්ෂණය කරන්න පුළුවන් කියලා. නමුත් මම දකින්නේ රංගනය ගැන මනා අවබෝධයක් තියෙන අධ්‍යක්ෂවරැන් තුළින් බිහිවෙන නිර්මාණවල වින්දනාත්මක රසය වැඩියි කියලා.

 

ඔබේ මුල්ම අධ්‍යක්ෂණ භූමිකාව පුංචි තිරයට?

ඔව්, අද කාලේ බිහිවෙන ඇතැම් නිර්මාණවල නාට්‍ය රසය නැති නිසා බොහෝ දෙනා දැන් නාට්‍යවලින් ඈත් වෙනවා. ඒ නිසා තමා මට හිතුණේ හොඳ නිර්මාණයක් කරන්න ඕනේ කියලා. මොකද කලාව කලාව විදියට කරලා එයට නිෂ්පාදකවරයෙක් හොයනවා වෙනුවට අද තියෙන්නේ ව්‍යාපාරයක් විදියට කලාව කරන පිරිසක් බිහිවෙලා තිබීම. මම උත්සාහ කරන්නේ රසවින්දනය මූලික කරගත්ත නිර්මාණ කරන්න.

 

පළවැනි නිර්මාණයට මහරජ ගැමුණු වගේ දැවැන්ත නාට්‍යයක් කිරීම අභියෝගයක් වුණේ නැද්ද?

අභියෝගයකට වඩා මම දකින්නේ මේ වගේ බැරූරැම් චරිතයක් තුළින් නිර්මාණයක් කිරීම ලොකු වගකීමක් විදියට. අපි හැමෝම අපේ ඉතිහාසය ගැන ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ඉතිහාස කතාව විකෘති නොකර හරියාකාරව සමාජ ගතකිරීම නිර්මාණවේදීන් වන අපගේ වගකීමක්. මම වුණත් මේ දේ කරන්න කලින් නැවත නැවතත් පොත පත පරිශීලනය කළා.

 

කොහොමද පළමුවැනි අධ්‍යක්ෂක භුමිකාවේ අත්දැකීම?

මම අධ්‍යක්ෂණයට පිවිසෙන්න කලින් විදෙස් අධ්‍යක්ෂවරැ කිහිපදෙනෙක් යටතේ වැඩ කරලා තියෙනවා. ඒ නිසා ඒ අය වැඩකරන විදිය මම දැක්කා. ඒ වගේම ඒ අයගේ සෙවණැල්ල වගේ ළඟින්ම ඉඳන් ඒ අත්දැකීම් ලබන්න මට වාසනාව තිබ්බා. ඉතින් ඒ ලබාගත්ත අත්දැකීම් ඉගෙන ගත්ත දේ තුළින් තමා මම මේ නිර්මාණය කළේ. කොතෙක් දුරට සාර්ථකද කියලා මම දන්නේ නැහැ. ඒ දේ තීරණය කරන්න ආදරණීය ප්‍රේක්ෂකයින්ට භාරයි. දැනට ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි ඒ ගැන මට නිහතමානී සතුටක් තියෙන්නේ.

 

පිටපත ගැනත් කතා කළොත්?

අනිවාර්ෙයන්ම පිටපත ගැන කියන්නම ඕනේ. මම මේ පිටපත දකින්නේ මට ලැබුණු මැණිකක් විදියට. මේ පිටපත ලියුවේ ප්‍රියාල් වීරසිංහ. මම ඔහු එක්ක කිහිපවතාවක්ම කතා කළා. අපි ලොකු අධ්‍යනයක් කරලා තමා මේ දේ පටන් ගත්තේ. මම දකින තව දෙයක් තමා හොඳ අධ්‍යක්ෂණයක් බිහිවෙන්න නම් හොඳ පිටපතක් තියෙන්න ඕනේ. මොකද හොඳ පිටපතකින් නරක නිර්මාණයක් කරන්න පුළුවන් නමුත් නරක පිටපතකින් හොඳ නිර්මාණයක් නම් බිහිවෙන්නේ නැහැ.

 

ඔබට අභියෝගයක් වුණු අවස්ථාවන් තියෙනවද?

අභියෝග නම් තියෙනවා. අපි ශක්තිමත් වෙන්න ඕනේ. අභියෝගවලට මනසින් වුණත් ශක්තිමත් වුණාම එන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන්. මට තියෙන ආර්ථික සමාජයීය පිරිස් බලය කියන දේවල් එක්ක මට පහසුවක් වුණා අභියෝගවලට මුහුණ දෙන්න. මම මේ නිර්මාණයේ සම නිෂ්පාදනයෙන් පවා දායක වෙනවා. ඒ නිසා මූල්‍යමය පැත්තෙන් ආපු ප්‍රශ්න මට අඩුයි.

 

කොටස් කීයක් තියෙනවද?

මේ නාට්‍ය පරිච්ජේද තුනක් යටතේ දිගහැරෙනවා. පළමු කොටස හිද්දලයා කියන අවධියේ සිට ගැමුණු රජ වෙනකම් කාලය. ඊට පස්සේ දෙවැනි කොටස එළාර රජු සමඟ සටන් කර රට එක්සේසත් කරන තැන දක්වා. අවසන් අදියර හෙවත් තුන්වැනි කොටස රට එක්සේසත් කරන තැන ඉඳන් බුද්ධ ශාසනය කළ සේවාව සහ එතුමාගේ අභාවය දක්වා කාලය. මෙය ඉතාම දිගු කතාවක්. මම හිරැ ආයතනයටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා මේ නාට්‍ය විකාශය කරන්න අවස්ථාව ලබාදීම ගැන.

 

ඔබේ ඉදිරි සිනමා නිර්මාණ මොනවද?

මම රංගන දායකත්වය ලබාදුන්නු ආකර්ෂා සහ තව නිර්මාණයක් එන්න තියෙනවා. ඒ වගේම මගේ අදහසක් තියෙනවා ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් කරන්න. තාම අපේ රටේ කෙනෙක්ට ඔස්කා සම්මානයක් ලබාගන්න බැරි වුණා. ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා සිනමාවට අන්තර්ජාතික කීර්තියක් අරන් දෙන්න.

 

සංගීතය පැත්තෙන් ඈත් වෙලාද?

නැහැ. මගේ ගීත දෙකක් මෙවර දෙරණ music awards සඳහාත් තේරිලා තියෙනවා. පොප් සහ ඩාන්සින් අංශ යටතේ. ඒ වගේම මම රඟපාපු චක්‍ර නාට්‍යයේ තේමා ගීතය ගායනා කළෙත් මම. ඒ වගේම ඔබට ඇහෙන ගැමුණු මහරජ ගීතය කියන්නෙත් මම. නමුත් වේදිකාවේ දකින ගායකයෙක් විදියට දිගු ගමනක් යන්න නම් මගේ අදහසක් නැහැ.

 

ඔබට සංගීතය, රංගනය හෝ අධ්‍යක්ෂණය කියන දෙයින් එකක් තෝරා ගන්න වුණොත් මොකක්ද තෝරාගන්නේ?

මෙහෙමයි, මට නම් කලාකරැවෙක් විදියටම මියැදෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද අපි දැන් දකිනවානේ කලාකරැවන්ට අත්වෙලා තියෙන ඉරණම. එහෙමත් කලාකරැවෙක් තමා ණයක් නොවී කාටවත් බරක් නොවී ජීවත් වෙන්නේ. ඒ අයත් බොහෝ වෙලාවට කලාවට අමතරව ව්‍යාපාරයක් වගේ දෙයක් කරන නිසා. ඒ නිසා මම තව අවුරැදු 10ක් වගේ මේ කලාව තුළ හිඳිවී. ඔබ ඇසුව දේට මට කියන්න තියෙන්නේ මම තාම රංගනයෙන් හෝ අධ්‍යක්ෂණයෙන් තවම මට කරන්න පුළුවන් දේ කරලා නැහැ. ඒ නිසා කරන්න බොහෝ දේ තියෙනවා ඉතින් අත්හරිනවා නම් මුළු කලාවම තමා අත්හරින්නේ. ඒකට හැබැයි තව කල් තියෙනවා.

 

අනාගත බලාපොරොත්තු?

මිනිසුන්ගේ වටිනාකම් තේරැම් අරගෙන අපේ දේ අපේකම රුකගෙන හොඳ නිර්මාණ කරන්නයි මට අවශ්‍ය. බුදුදහම අනුව මේ සියලු දේ අනිත්‍යයි. නමුත් අපෙන් සමාජයට වෙන්න ඕන යුතුකම් ටිකක් තියෙනවා. ඒ නිසා මොනයම් හෝ සමාජ මෙහෙවරක් කරන එක තමා මගේ එකම අනාගත බලාපොරොත්තුව.

 

ආපසු හැරිලා බලද්දී ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

මේ සියලු දේ ඉගෙන ගත්තේ කොහොමද කියලා මටම වෙලාවකට හිතෙනවා. ඒ වගේම කියවන පොතපත මේ තරම් මතකේ රුඳෙන්නේ කොහොමද කියලත් වෙලාවකට හිතෙනවා. ලෝකය පුරා ඇවිඳින්න අවස්ථාව ලැබුණා. ඒ හරහා ගොඩක් අත්දැකීම් ලැබුවා. කොහොම වුණත් ආපසු හැරිලා බලද්දී ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන්.

 

අනූෂා රණසිංහ / සේයාරූ I සුමුදු

 

2016-11-06-ent-59
2016-11-06-ent-58
2016-11-06-ent-57
2016-11-06-ent-56



අදහස් (0)

මහරජ ගැමුණුට අතගහන්න ඉස්සර ඉතිහාස පොත් ගොඩක් කියෙව්වා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 155 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 446 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 267 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 257 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 176 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 597 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 93 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site