කොත්මලේ ජලාශ වේල්ලට ඉහළින් කඳු මුදුනක ඉදි කළ මහවැලි මහා සෑය පොසොන් පොහොය දා සිට ජනතාවට වන්දනා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන බව වැවිලි කර්මාන්ත අමාත නවීන් දිසානායක මහතා කියයි.
මෙම අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ද සහභාගී වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරා, මේ ලෝකේ නෙවෙයිද ජීවත් වෙන්නේ.? (ර)
ලස්සන දසුනක්. (බ)
ගාමිණී දිසානායක මහතාට පින්සිද්ධ වෙන්න අද කොත්මලේත් මේ වගේ දෙයක් තියනවා. (නි)
වෙහෙර විහාර සාදා සසුනට පූජාකිරීම විශාල පින්කමක් (නි)
හිතට සැනසුමක් ගෙනඑන හරිම සුන්දර දසුනක් (නි)
මහින්ද මහත්තයා කියන්නේ ජාතියේ අවාසනාවට අපිට අහිමිවූ නායකයෙක් කියලා පෙනෙන්නේ මේවා දකිනකොට තමයි (නි)
භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! (නි)
මේ සෑයේ ඉදිකිරීම් සඳහා කොපමණ මුදලක් වැයවුණාද කියලා අපිට දැනගන්න බැරිද? (නි)
මේ වගේ දේවල් දකින එකත් ලොකු පිනක් (නි)
සුසන්ත,ඉසුරු, අපේ ගමේ නිසා අපි දන්නවා මහවැලි මහා සෑය හැදුනේ කොහොමද කියලා. ඔයාලා දැක්කේ ජනතාවට වන්දනා කිරීම සඳහා අවස්ථාව ලබාදෙන එක පමණයි. එ්කත් ලංකාදීපයට පින් සිද්ධ වෙන්න (නි)
වැඩ නැවතුන සැයේ මුදල් ප්‍රතිපාදන වෙන් කරලා යලි වැඩ පටන් ගත්තේ මහින්ද මහත්තය එය ඉහළ කොත්මලේ විදුලි බලාගාරයට සමගාමීව. පසුගිය ආණ්ඩුවෙන් මුදල් වෙන් කරපු නිසා මෙහි වැඩ නිම වුණා. (බ)
පෙරේරා ඉපදුනේ පහුගිය ආණ්ඩුව කාලෙද? (බ)
සාදු සාදු සාදු...! (ර)
රමණිය දසුනක්. (ර)
මේක හදන්න ගත්තේ 1983 ගාමිණී ඇමති තුමා කොත්මලේ වේල්ල හදන කලේ ප්‍රමාණය හරියටම රුවන්වැලි සෑය තරම්.අපිත් සහභාගි වුනා.මේක ගල් කණු 32 මත ඉදිකරලා තියෙන්නේ ලංකාවේ පළවැනි එකයි.(හේ)
ගාමිණි දිසානායක මහත්තයා පටන් ගත්ත වැඩක්. වැඩ නිමවීම දැකීම ගොඩක් සතුටුයි. සියල්ල සතුටින් අනුමෝදන් වෙත්වා.(හේ)
පෙරේරා ඉපදුනේ කවදද? මේක ගාමිණී දිසානායක ඇමති තුමා හදපු එකක් (අ)
හොඳ වැඩක්. එත් පස් සෝදාගෙන ගිහින් කොත්මලේ ජලාශයට මඩ එක්වෙන්න පුළුවන්. ඒවටත් පියවර අරගෙනම ජනතාවට දොර අරින්න.(හේ)
සාදු! සාදු !! (හේ)
ලස්සන පින්තුරයක්.වන්දනාමාන කිරීමට අවස්ථාව දීම ගැන ආණ්ඩුවට පින් දෙනවා.(හේ)
මේක හදන්න පටන් ගත්තේ ගාමිනී දිසානායක මහත්තයා ජීවතුන් අතර ඉන්න කාලේදි. කොත්මලේ ජලාශයට යටවුනු වෙහෙර විහාර වෙනුවෙන්.(හේ)
මේක පටන් ගතේ 1983 ගාමිණී දිසානායක මහතාගේ කලේ.විවිද දේශපාලන ප්‍රශ්න නිසා අවුරුදු 30 කට වඩා ගිය වැඩ ඉවරවෙන්න . කළුතර මහා සැය තාක්ෂණය හා සමාන තාක්ෂණයක් මේකේ පාවිචි කරලා තියෙන්නේ. රුවන්වලිමහ සැයට වඩා අඟලක උසින් අඩු නිර්මාණයක් .(අ)
ගරු නවීන් ඇමති තුමාගේ අවධානය පිණිසයි. ඔබ තුමා මෙම සැයේ වැඩ නිම කිරීමට කටයුතු කිරීම මහගු පින්කමකි. මෙම වටිනා ස්තුපය ආරම්භ කොට දසක දෙක තුනක් ගියත් මෙහි වැඩ නිම කිරීමට ඔබේ පියානන්ගෙන් පසුව කිසිවකුත් උනන්දු වුයේ නැත. මෙය ගාමිණි දිසානායක මහවෙලි මහා සැය කියා නම් කළ යුත් බව මගේ හැගීමයි. මහවැලි මහා සැය පිළිබද බොහෝ දෙනකු දන්නේ නැත. ලංකාවේ අය ද විදේශිකයන් ද මහවැලි මහා සැයත්, කොත්මලේ ජලාසයත් පිළිබද දැනුම්වත් කිරීම් කළ යුතුය. සංචරක අමාත්යංශය එම වගකීම ඉටු කළ යුතුය. (හේ)
සදු !!!! සදු !!!!!!!!!!!!!! සදු !!!! (ම)
ඕක ගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත එකක් නේද ? (ර)