මහේෂි මධුශංකා මේ දිනවල අපට හමුවන්නේ සඳුදා සිට සිකුරාදා දක්වා රාත‍්‍රී 7.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන ෆේස්බුක් සහ සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත‍්‍රී 9.30 ට සිරසේ විකාශය කෙරෙන මුතු නාට්‍ය සමගයි. මේ විදියට හමුවන මහේෂි පසුගිය දවසක මනාලියක ලෙස හැඩ වුණා. මේ විදියට ඇය මනාලියක ලෙස හැඩ වුණේ විවාහ ගිවිස ගැනීමට කියලයි සමහරු විශ්වාස කළේ. ඇත්තටම මහේෂි විවාහ වුණාද? ඇයට කැන්ඩියන් හෙවත් උඩරට මනාලියක විදියට හැඩවෙන්න හිතුණේ ඇයි?
මහේෂි මොකද මේ මනාලියක වෙලා?
මම රංගන ක්‍ෂේත‍්‍රයට ඇවිත් වසර දෙකකට විතර පසුව තමයි මේ විදියට හැඩ වුණේ. චම්පි සිරිවර්ධන රූපලාවන්‍ය ශිල්පිනියගේ ආරාධනයකට අනුව තමයි ඒ විදියට හැඩවුණේ.
හැබැයි සමහරු කතා වුණේ ඔබ හොර රහසේම විවාහ වුණා කියලයි. එහෙම නේද?
එහෙම හොර රහසේ හරි විවාහ වුණා නම් මහත්තයා ඉන්න එපැයි. මෙතැන ඉන්නෙ මම විතරනෙ. අනෙක මම උපන්නෙ 1992 ඔක්තෝබර් 27 වැනිදා. ඉතින් බලන්න මට විවාහ වෙන්න තව කොච්චර කල් තියෙනවද. මේක මනාලියන් දැක්මක් වෙනුවෙන් කළ නිර්මාණයක්.
ඇයි ඔබට ඒකට හිත ගියේ?
මම නුවර කෙනෙක්. උඩරට විදියට හැඩ වෙන්න ආසාවක් තිබුණා. මාල හත දාලා ඇඳලා ඒ හැඩ බලන්න ඕනෑ වුණා. මගේ ඒ ආසාව වගේම එක අතකට මෙය විවාහයට පෙර කළ පෙර සූදානමක් වගේ දෙයක් වුණා.
ඒ කියන්නෙ මනාලයා තෝරා ගෙන ඉවරයි කියලද?
නැහැ. තවම නැහැ. ඒක එහෙම එකවර තෝරා ගන්න පුළුවන් දෙයක් නොවෙයි. වාහනයක් නිවසක් මාරු කරන්න පුළුවනි. නමුත් විවාහයක් කියන්නෙ එහෙම දෙයක් නොවෙයි. ඒ හැරත් රඟපාන අය ගැන ලංකාවේ තියෙන්නෙ හරි වෙනස් ආකල්පනෙ. සමහර වෙලාවට ඍණ ආකල්පයේ අදහස්නෙ. ඒ නිසා ඇත්තටම විවාහයට හරිම කෙනා ගලපා ගන්න ඕනෑ. දෛවය මොන විදියට සරදම් කරාවිද දන්නෙ නැහැ. ඒත් මම නිදහසක් ලැබුණු විගස යන්නෙ බෙල්ලන්විල පන්සලටයි. පංසලට ගිහිල්ලා බුදුන් වැඳලා අනාගත දේ ගැන ප‍්‍රාර්ථනා කරන්නෙ හොඳ කලා ජීවිතයක් වගේම හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබෙන්න කියලයි.
හිත ගිය මනාලයෙක් නැද්ද?
අපි මනුස්සයොනෙ. අපට හිත යන බව ඇත්ත. ඒත් හිතගිය කෙනා ඇසුරු කරද්දි තමයි සැබෑ ස්වරූපය පෙනෙන්නෙ. ඒ නිසා මේ ගැන මම වඩා සැලකිලිමත් වෙනවා. අපේ දුරකථන අංක සොයාගෙන යෝජනා නම් ගොඩක් එනවා. නමුත් හරි කෙනා තෝරා ගැනීම හරිම අමාරුයි වගේම හරි වෙලාවට වේවි.
ක්‍ෂේත‍්‍රයේ තරුණ නළුවන් ඔබ ගැන උනන්දු වෙන බව ආරංචියි?
ක්‍ෂේත‍්‍රයේ කෙනෙක් සමග විවාහයක් වන එකක් නැහැ. ඒකට හේතුව ඒ අය නරකයි කියන එක නොවෙයි. රංගන ශිල්පීන් හරිම හොඳයි.
නමුත් කාර්ය බහුලයි. සැමියා-බිරිඳ දෙදෙනාම කාර්ය බහුලවූ ජීවිතයකට මම පුද්ගලිකව අකමැතියි. ඉවසීම කියන දේ තිබේ නම් ප‍්‍රශ්නයක් නැහැ. ඒත් ඉවසීම තවම මම ප‍්‍රගුණ කරලා නැහැ.
ඔබ එහෙම කිව්වට රංගන ක්‍ෂේත‍්‍රයේ විවාහ වූ අය පසුගිය කාලයේදී අප දුටුවා. එහෙම නේද?
ඔව්. ඒක තමයි මම කියන්නෙ ඒකට හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. විශ්වාසය තමයි විවාහයේ පදනම. මම මගේ පුද්ගලික කැමැත්ත ගැනයි කිව්වෙ.
ඔබගෙ කැමැත්ත මොන වගේ රැුකියාවක් කරන කෙනෙකුටද?
ලූණුයි බතුයි කමුකො රත්තරං න්‍යායේ මම නැහැ. ක්‍ෂේත‍්‍රය මොකක්ද කියලා හරියටම කියන්නත් බැහැ. කතා බහ කරනකොට තමයි හරි පුද්ගලයා දැන ගන්න පුළුවන් වෙන්නෙ. කෙනෙක් කෙනෙකුට ආදරය කරනවා නම් මොන තරම් කාර්ය බහුල වුණත් මොන තරම් වැඩ තිබුණත් අඩු තරමින් කෙටි පණිවිඩයක් හරි යවන්න ඕනෑ. එහෙම නැතිව බාහිරව කරන ලෝකයට පෙනෙන්නට කරන ආදරයට මම කැමැති නැහැ.
ඔබ ඔහොම කියන්නෙ ඔබට එපා වෙච්ච පේ‍්‍රමයක් තිබුණද?
දරාගත නොහැකි තරමට මම ආදරය කරලා නැහැ. පේ‍්‍රම සම්බන්ධය පටන් ගන්න පෙර කෑවද බිව්වද ඔය වගේ ඔක්කෝම අහනවා. හැබැයි පේ‍්‍රමය පටන් ගත්තාම ඔය මොනවත් නැහැ. පිරිමින්ගෙ හැටි එහෙම වෙන්න ඇති. දෙයක් ලැබුණට පස්සෙ අගයක් නැහැ. ලැබෙනවා නම් තමයි ඔක්කොම උත්සාහ කරන්නෙ. කොහොම වුනත් මේ වන විට නම් මට පේ‍්‍රමයක් නැහැ. අතිශයින්ම ආදරය කරන පේ‍්‍රමයක් ගැන මට දැනිලත් නැහැ.
ඔබ නිතරම මළ ගෙවල්, මගුල් ගෙවල් වගේම ආරාධනා ලැබෙන සෑම දෙයකටම මොන වැඩ තිබුණත් සහභාගි වෙන්නෙ අනාගත දේශපාලන අරමුණක් ඇතිවද?
දේශපාලනය කියන්නෙ කොච්චර උතුම් දෙයක්ද? ඒත් ඊටත් වඩා උතුම් තැනකයි මම ඉන්නෙ. සමාජයේ ඕනෑම මට්ටමකට කලාව වෙතින් දිය හැකි වින්දනය ඉහළයි. දේශපාලනය කියන දේ අද අතිශයින්ම සරල වෙලා. ඕනෑම කෙනෙකුට එතැනට ගිය හැකි තත්ත්වයට පත්වෙලා. නමුත් ජනතාව ඡුන්දය දෙන්නෙ අතිශයින්ම ගරුත්වයක් ඇතිව සමාජ යහපත උදෙසා යමක් කරාවි යන අදහස ඇතිවයි. එහෙම ගෞරවණීය සේවයක් කරන්න නම් දේශපාලනය ගැන දැනගෙන එතැනට එන්න ඕනෑ. මම දේශපාලනය දන්නෙ නැහැ. ඒ හැරත් සමාජ සේවය කරන්න දේශපාලනය කරන්නට ඕනෙ නැහැ. මේ පවතින විදියෙ දේශපාලනය කරන්න මට බලයකුත් නැහැ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කැමතිම නිළිය (නදී)
මහේෂිට ගැළපෙන්නේ මෝස්‌තර නිරූපනය වගේ දෙයක්. රඟපෑම් ගැන මම මෙතන විවේචනය කරන්න යන්නේ නැහැ. (නි)
කාංචනා මෙන්ඩිස් කියන්නේ අතිදක්ෂ ප්‍රතිභාපුර්ණ නිළියක්. ඒ වගේ තත්වයකට එන්න රූපය විතරක් තිබිලා මදි. සහජ හැකියාව ,තාත්වික රඟපෑම් තිබෙන්න ඕනෑ. (නි)
මෙයාට තියෙන්නේ බොහොම සුකුමාල පෙනුමක්. ඒ නිසා ඔය දුෂ්කර ජීවිත ගෙවන ගැමි චරිත නම් ගැළපෙන්නේ නැහැ. මේ මගේ පුද්ගලික අදහස. (නි)
මට නම් විශේෂ ලස්සනක් පෙනෙන්නේ නැහැ. ආරූඪ කරගත් අහිංසකකමක් නම් පෙනෙනවා. (නි)
හැම නිළියකටම ගැමි චරිත නිරූපනය කරන්න බැහැ. ගැමි තරුණියකගේ අහිංසකකම විතරක් නෙමෙයි, ගෙදර දොරේ, හේනේ කුඹුරේ වැඩ නිසා තැලුන පොඩිවුණ මහන්සි වුණ ගතියක් නිතරම පෙනෙන්න ඕනෑ. සමහර නිළියන්ට චීත්ත ගවුම අන්දවපු පළියට ඒ අය නගරයේ ගෙවල් වල ගෙවන සැහැල්ලු ගතිය වහන්න බැහැ. මේක නිළියන්ගේ වැරැද්ද නෙමෙයි. පමණට වඩා සුකුමාර පෙනුමක් ඇති නිළියන් ගැමි චරිත වලට යෙදෙව්වාම ඒ චරිතය හරියට නිරූපනය වෙන්නේ නැහැ. අදාළ නිළියගේ එම චරිතයට අනුගත වෙන්න පුළුවන් හැකියාව තීරණය කරන්න ඕනෑ අධ්‍යක්ෂකයි. (නි)
මම ඔයාට සුභ පතනවා. (නි)
රඟපාන චරිත සහ එහි සාර්ථකකම ගැන කවුරුවත් ලියලා නැහැ. ඒ කියන්නේ ලස්සන විතරද ගතයුතු දේකට තියෙන්නේ? (නි)
කාංචනා මෙන්ඩිස් අති දක්ෂ නිලියක් . එවැනි තාත්වික රංගන නිපුණතාවක් ඇති කෙනෙකුගේ තත්ත්වය ලස්සන තිබුන පමණින් ලබාගන්න බැහැ. දක්ෂකම සහ උපන් හැකියාව ලස්සන තිබුන පමණින් ලැබෙන්නේ නැහැ. (නි)
සමහරු අහිංසකකම පෙන්නලා කරන දේවල් ගැන දන්නෝ දනිති. (නි)
කෝසලි, සිහිකල්පනාවෙන්ද ඔය කියන්නේ? (නි)
මට පෙනෙන්නේ ලස්සනයි කියලා කවුරුහරි ලවා කියවා ගන්නවා වගේ. (නි)
කෝසලිට ප්‍රතිභාපුර්න නිළියකගේ ලක්ෂණ පැටලිලා . ඔය සඳහන් කළ නිළිය අතිදක්ෂ තාත්වික රඟපෑම් ඇති කෙනෙක්. තිරයේ නිරූපිකාවක් නෙමෙයි. (නි)
කෝසලි, ඔබ මේ දවස් වල කාංචනා අති ප්‍රබල ලෙස නිරූපනය කරන මුතුගේ ගැමි චරිතයත් මේ නිළිය නිරුපනය කරන ගැමි චරිතයත් සංසන්දනය කර බලන්න. එවිට වැටහේවි අදාළ චරිතයෙන් ඉස්මතු විය යුත්තේ එම චරිතය මිසක් නිළිය නොවන බව. අන්න ඒකයි නිළියකගේ රඟපෑමේ දක්ෂකම. (නි)
ලස්සනයි නංගියෝ මම ඔයාට සුභ පතනවා. (අ)
මහේෂි නංගි, මට තාම මතක් වෙන්නේ ඔයා එක්තරා රියලිටි තරඟයකදී ලකුණු ගොඩක් ලැබුනාම අඬපු හැටි. ඔයා වගේ ලස්සනට අඬන නිළියක් මම තවම කොහෙවත් දැක්කේ නැහැ. (නි)
කෝසලිගේ ඔලුව හොඳ නැද්ද? (නි)
රූපය ලස්සන වගේම වැඩත් ලස්සනද කියලා තමයි සොයන්න ඕනෑ. (නි)
කෝසලි ,කාංචනා මෙන්ඩිස් කියන්නේ තාත්වික රඟපෑම් ඇති, අතිදක්ෂ නිළියක්. ඔබ පුළුවන් නම් ගිරිකුල ටෙලිනාට්‍යය බලන්න. ඒ දුෂ්කර ගැමි චරිතයේ ඇගේ වචන උච්චාරණය පවා විශිෂ්ටයි. (නි)
අනේ කොසලි ප්‍රතිභාපුර්ණ නිලියකගෙයි හින්දි කොපියකයි වෙනස තේරෙන්නේ නැද්ද ඔයාට ? (ස)
මේ පාඨක තීරයේ කෙනෙකුගේ හෝ යම් සිද්ධියක හොඳ මෙන්ම නරකද විවේචනය වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. තමන් හිතන විදියටම අනිත් අයත් හිතල මෙතන ලියන්න ඕන කියල නීතියක් නැහැ. මේ නිළිය සම්බන්ධයෙනුත් එච්චරයි. සුදුසු නම් පලවෙවී. (ස)
ආ මග කෙටියි. යායුතු මග දුරයි. නුවණින් අවදියෙන් තරණය කළයුතුයි. ලස්සන අනාගතයකට ආසිරි නංගියෝ! ඔයාගේ ලස්සනට වඩා තියෙන්නේ ආකර්ශනයක්.එකපාරක් බැලුවම දෙපාරක් බලන්න හිතෙනවා. (නි)
කාන්චනා මෙන්ඩිස්ගෙන් පසු පැමිණි නිළියක් කියලා කියන්න පුළුවන් එකම කෙනා තමයි ඔයා. සුබ පතනවා ඉදිරි අනාගතයට. (නි)
ඕනෑ විදියකට හැඩ කරලා ගන්න පුළුවන් මූහුණක් ඔයට තියෙන්නේ. මම නම් ආස කැරලි කොණ්ඩෙටයි ඔයාගේ. (නි)
ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා... (නි)
නළු නිළියෝ හැමෝම වගේ කියන්නේ බොරුමයි. මම මහේෂි ගැන ගොඩක් දේවල් දන්නවා (නි)
චායා ටෙලි නාටකයේ අහිංසක චායා වගේ වෙනවා නම් මම ගොඩක් කැමතියි ඔයාට (නි)
සමහරුන්ට මෙයා මිණී කැටයක් සමහරුන්ට මෙයා රජ බිසවක්. (හේ)
ඔයා ලස්සනයි. (හේ)
මෙයා අනුරාධපුරේ අනේ. ඔය කියන්නේ බොරු. අපේ ඉස්කෝලේ හිටියේ. (නදී)
අපේ පාසලේනේ අනේ ඔයා හිටියේ. (නි)
මැරෙන තුරු ඉගෙන ගන්න (නදී)
ඔයාට තාම රජ බිසවකගෙ චරිතයක් ලැබිලා නැහැ නේද? රජ කුමාරියෙකුට ඇන්දොත් ලස්සනට තියෙයි. (නි)
ඔයාට දේශපාලනය කරනන් බැරිකමකුත් නැහැ වගේ තව ඉස්සරහට. මෙච්චර ප්‍රතිචාර තියෙන්නේ ඔයා ජනප්‍රිය නිසානේ. අනේ මහේෂි, හැබැයි ඒක නම් කවදාවත් කරනන් එපා. ඔයා දැන් ඉන්න ස්ථාවරයේම ඉන්න. කලාව තමයි ඔයාලා වගේ සුන්දර අයට ගැළපෙන්නේ. (නි)
මනමාලි වගේ ඉන්න පින්තූරෙ හරිම ලස්සනයි. මල් හිනා නගන්න සුසුදු ආදරේ. ළංවුනා වසන්නත කාලේ ජීවිතේ. (නදී)
මම ඔක්කොම ප්‍රතිචාර කියෙව්වා. මේ නිළිය ගැන විවේචනයක් ලියවුණොත් සමහරුන්ට අර්ශස් අමාරුව උත්සන්න වෙන්නේ ඇයි? සමහර විට ගෙදර උදවියද දන්නේ නැහැ. නිලියක් වුනාම හොඳ සහ නරක දෙකම ප්‍රේක්ෂකයන් ඉදිරිපත් කරනවානේ. (නදී)
ඇයි මහේෂි ඔයා අනුරාධපුර පාසල් ජීවිතය ගැන යමක් නොකියන්නේ ඒ කාලය බොහොම සුන්දර ඇතිනේ . ? (නදී)
කෝසලී මහේෂිගේ ගෙදරම කෙනෙක් වගේ. පුදුම රැස්පොට් එකක්නේ. (නදී)
දේවිලා මේ ළමයාට පුදුම ආදරයක් තියෙන්නේ වගේ. හරිම සෙනෙහසින් එක එක දේවල් කියලා දෙන බවයි පෙනෙන්නේ. ගණන් ගන්න එපා නංගි. (නි)
අනේ මහේෂි ඔයා අනුරාධපුර කොන්වන්ට් එකටනේ ගියේ නේද ? (නදී)
එකපාරටම උපන්දිනය කිව්ව පළමු නිළිය මෙයා වෙන්න ඇති. (නි)
මම මහේෂිව සජීවීව දැක්කා දවසක් පන්සලේදී. එයා ගොඩාක් සුදු කෙනෙක් නෙමෙයි. නමුත් හරි ලස්සනයි. මටත් එදයි හිතුනේ සාමාන්‍ය පැහැය කොව්වර ස්වභාවිකද, ලස්සනද කියලා. (නි)
මහේෂි, ඔයාට තව රංගනය ගැන ඉගෙනගන්න ගොඩාක් දේ තියෙනවා. මහන්සියෙන් හදාරන්න. ඹයාගෙ ඔය තියෙන අමුතු ලස්සනට රංගන ප්‍රතිභාවත් එකතු වුණොත් ඔයාට තව තව ඉදිරියට යන්න පුළුවන්. ඉගෙනගන්න එක මැරෙනතුරු නවත්වන්න එපා. එය ඔබ තව තවත් ඔපවත් කරාවි. (නි)
රංග කියන නමින් ඉන්න කෙනා කැමති නැහැ වගේ මහේෂි දිගටම රඟපානවට. වැටට කලින් කෙසෙල් කැන පනිනවා කියන්නේ මේවට තමයි (නදී)
අද කාලේ සමහර නිළියන් දැක්කම නිළියන් ද කියලා හිතෙනවා. ඔයා ට අඩු තරමේ ස්වභාවික ලස්සනක් හරි පිහිටලා තියෙනවා. ඒකෙන් ප්‍රයේා්ජනයක් ගන්න. හොදට රගපෑම ඉගෙනගන්න. ඔබට තව ගොඩාක දුර යන්න පුවළුන් වෙයි. සුබ පතනවා...(අ)
මාත් හොයන්නේ ඔයා වගේ සුන්දර මනාලියක් කරගන්න පුළුවන් කෙනෙක්. මටත් ඒ වාසනාව තියේද දන්නේ නැහැ. (අ)
මේ නංගිට තියෙන කමෙන්ට්ස් ගොඩන්ම පේනවා කොච්චර ජනප්‍රියද කියලා. ඔයා ඉදිරියටම යන්න නංගි. තව තව දක්ෂ ලෙස රඟපාන්න ඉගෙනගන්න. ඔයාගෙ ලස්සන තියෙනවා. ඒක ඔයාට දෙවියන්ගෙන් ලද තෑග්ගක් ලෙස සිතන්න. දෙවි පිහිටයි ඔයාට.(අ)
අපි පිටරට හිටියත් ඡායා ටෙලි නාට්‍ය බැලුවා. ඔයා හරි ලස්සනයි ඒකේ. ඹයාගේ කට හඩෙත් තියෙනවා අමුතු ලස්සනක්. දිගටම රඟපාන්න මහේෂි. (නදී)
උපතින්ම ආපු අහිංසක ලස්සනක් තියෙන හුරුබුහුටි නිලියක්. සුබ පතනවා ඔබට හදවතින්ම. (නදී)
මම කිව්වේ මේ නංගි කාන්චනා මෙන්ඩිස් වගේ කියලා නෙමෙයි. ඹයාට සිංහල තේරෙන්නෙ නැද්ද? මම කිව්වේ කාන්චනා මෙන්ඩිස්ගෙන් පස්සේ ආව නිලියක් කියන්න පුලුවන් රෑපයක් තියෙන කෙනෙක් කියලා විතරයි. ඹයා යන්නේ කොහෙද මල්ලෙ පොල් උත්තරනේ ලියන්නේ මේනකා දේවි. (නදී)
අනුන්ව අගය කරන්න ඉගෙනගන්න දේවි. නැත්නම් ඔයාටත් දෙවියන්ගේම පිහිටයි. අපේ රටේ අය ළඟ අඩුයි මෙම ගුණාංගය. ජපානය වැනි රටවල නම් කෙනෙක් දැක්කොත් හරියට අගය කරලා ඒ කෙනාව සතුටු කරවනවා. ඒකයි ඒ අයට හරියන්නේ. (නි)
ලස්සන මුණක් තිබුන පලියට ම අගය කරන්න ඕනද ශ්‍රීමාල් ? අපි නම් කාන්තාවන්ගේ ගුණ යහපත්කම තමයි මුලිකවම අගය කරන්නේ. අනෙක ඔයා කැමති නිලියටම අනෙක් අයත් කැමති වෙන්න ඕනද ? (ස)
නුවර කෙනෙක් නම් කොහොමටත් හැඩ වෙන්නේ උඩරට විදියටනේ. ඔසරියෙන් සැරසිලා එහෙම .අමුතුවෙන් හැඩ වෙන්න ආසා ඇති වෙන්නේ පිට පලාත්වල කාන්තාවන්ට නේ ! (ස)
මට නම් ඔය අනෙක් බවලතුන් එක්ක ප්‍රසිද්ධියේ කෙහෙවලු අල්ල ගන්න ලලනාවන් ගැන පැහැදීමක් නැහැ. (ස)
අපෝ නිලියන් බැඳ ගත්ත පිරිමින් ගෙන් කීයෙන් කී දෙනෙක් ද සතුටින් ඉන්නේ? . ඒගොල්ලන්ව නඩත්තු කරන්න රස්සාවල් පහක් කලත් මදි. (ස)
කාන්තාවක් මොන ක්ෂේත්‍රයක හිටියත් තමන් සමග එකට වැඩ කරන උදවිය සමග සුහදව කටයුතු කරන්න දැන ගෙන සිටීමත් වැදගත් . ප්‍රසිද්දියේ එකිනෙකාට දොස් පරොස් කියාගෙන හැසිරෙන කාන්තාවන්ට මගේ නම් කිසිම ගරුත්වයක් නැහැ. (ස)
කෙනෙකුගේ ලස්සන මුණක් දැක්ක ගමන් වැඩ කටයුතුත් ලස්සනයි කියල මම නම් තීරණය කරන්නේ නැහැ. මම අනන්තවත් දැකල තියනවා ඔය අහිංසක මුණ පෙන්නගෙන ඉන්න උදවිය තමයි යටි කුට්ටු නපුරු වැඩ කරන්නේ. (ස)
අගය කල යුතු නම්බුකාර කලාකාරිනියන්ට අපි ගරු කරනවා. අයිරාංගනී සේරසිංහ වචනයේ පරි සමාපත් අර්ථයෙන්ම ගරු කට යුතුයි. ශ්‍රියානි අමරසේන මහත්මිය ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන්නේ. තවත් වැදගත් නිලියන් ඉන්නවා. නමුත් අපි දන්නවා රසිකයන් ගොනාට අන්දවාගෙන රඟපාන අයත් ඒ අතරේ ඉන්නවා කියලා. (නදී)
දුෂාන් දේවි, ඔයා නම් අනුන්ගේ ඕපදූපම හොය හොය ඉන්න කෙනෙක් බවයි දූත ලක්ෂන අනුව පේන්නේ. බලන මිනිස්සුන්ගෙ හිත සතුටු වෙන දෙයක් ලියන්නකෝ අනේ. (නදී)
දුෂාන් කවුරු හරි එහෙම කිව්වයි කියලා උපකල්පනය කරමුනකා්. ඕක ඉතිං අහස පොලොව නුහුලන, රටට දැයට කැලලක් වන බොරුවක් නෙමෙයිනේ. මේනකා කියනවා වගේ වයිට් ලයි එකක්. හැබැයි මේ නිලිය නම් පවුලේ එකම දරුවා ක්යලා මම දැක්කා පත්තරේක. ඒ නිසා මෙයාගෙ නම් අම්මා යනවා ඇති කියලා හිතෙනවා ඇයත් එක්ක. (නදී)
ඔයාගෙ හිනාව තමයි ගොඩක්ම ලස්සන. හරිම සිරියාවයි ඔයා හිනා වෙන කොට. කැරලි කොණ්ඩෙත් ලස්සනයි ඔයාට ගොඩක්. (ස)
අනේ මන්දා! සමහරුන්ගේ සමහර දේවල් රඟපාන්න ආවිට වෙනස්වෙන හැටි හරි පුදුමයි. (නි)
දේවි කියව විදියට "සත්‍යවාදීන්ට" විතරයි රඟපාන්න සුදුසකම් තියෙන්නේ. කාටවත් හානියක් නැති බොරු වලට කියන්නේ " වයිට් ලයි" කියලා. එහෙම ඒවා නළුවෙක් නිළියක් කිව්වාට කමක් නැහැ දේවි. (නි)
අපි නම් මුණ බලලා හොඳකම මනින්නේ නැහැ. කාන්තාවකගේ අගය කරන්න තව වැදගත් කාරණා ගොඩක් තිබෙනවා. ඒවා නැතිනම් ලස්සනෙන් වැඩක් නැහැ. (ස)
ලස්සනයි අක්කි. ඔයාට තියෙන්නේ පියරු බබා ලස්සනක් නෙමෙයි. ගැඹුරු ලස්සනක්. සුබ පතනවා ඔයාට. (ස)
හරිම අහිංසක ලස්සනක් තියෙන නිලියක්. මම හරිම කැමතියි මැයගේ රූපයට. අද කාලේ දකින්න අඩු අමුතු ලස්සනක් තියෙන්නේ. (ස)
බහුතරයක් තරුණ නිලියෝ තමන් ෂූටින් එන්නේ අම්ම එක්ක කියල බොරු කියන්නේ ඇයි? දන්නා කෙනෙක් කියනවද ? රටේ ඔකොම බවලතියන්ට වඩා තමන් කුලවත් චරිතවත් මව් පිය සෙවනේ වැඩෙන කුල කුමරියක් කියල පෙන්නන්නද ? . අනේ අර කිසිම ආරක්ෂාවක් නැතිව උදේ හවස බස් රථවල තැලිලා පොඩි වෙලා රැකියාවට ගිහින් තමන්ගේ චරිතයත් ආරක්ෂා කරගෙන හවසට ගෙදර එන තරුණියන්ගේ වැදගත් කමක් නැද්ද ? (ස)
දේවි. වහෙන් වරෝ කිව්වත් එකයි. ඔහෙන් වරෝ කිව්වත් එකයි. ඔයාගෙ යටි අරමුණ කාටහරි අපහාස කිරීම කියලා බලන ඔින කෙනෙකුට තේරෙනවා. ඹය කියලා දෙන්න දෙයක් නැහැ. අපේ රටේ සමහරු බොරු කියනවා කියන එක. ඒක කවුරුත් දන්න අතිශය සාමාන්‍ය දෙයක්. (ස)
නිලියන් කියන්නේ රඟපාන උදවිය. ඒ ගොල්ලන්ට පුද්ගලික ජීවිතය ගැන කියන කොටත් රඟ පාන්න පුළුවන් බව අපි තේරුම් ගන්න ඕන. (ස)
සමහර බවලතුන් තමන් ගැන කියන බොරු අහුවුණ දවසට තමයි මිනිසුන්ට මුහුණ දෙන්න බැරි වෙන්නේ. (නි)
පුද්ගලිකත්වය රකින්න ඕනෑ නිසා තමයි මම කිසිම නමක් ගමක් නොකිව්වේ. එහෙම අමනුස්සකම් අපිට නැහැ. කාටවත් පුද්ගලික මඩ ප්‍රහාර එල්ල කරන්නේ මම හිතන්නේ නැහැ. රසිකයන් ඉදිරියේ සත්‍යවාදීවීම කලාකරුවන්ට නම්බුවට හේතුවක් කියලා විතරයි මට කීමට අවශ්‍ය වුණේ. සාරංගට මේ නිසා පුද්ගලික සිත් තැවුලක් වුණාද කියලා මම දන්නේ නැහැ. එහෙම නම් මගේ කණගාටුව. (නි)
මම නම් නිළියන්ගේ රඟපෑම හොඳ නම් ඒක අගය කරනවා මිසක් ඔවුන්ගේ පුද්ගලික තොරතුරු නම් ගණන් ගන්නේ නැහැ. සමහරු හරියට බොරු කියනවා. උපන් ගම ගැන, පාසල ගැන විවාහක අවිවාහක බව ගැන ගැන බොරු කියලා අහුවෙන අවස්ථා මම දැක තිබෙනවා. (නි)
දේවි, අගය කරන්න දෙයක් තියෙනවා නම් ප්‍රසිද්ධියේ කරන්න. වැරැද්දක් ඇත්නම් පුද්ගලිකව කියලා දෙන්න. ඒකයි මනුස්සකම. හැදියාව. (නි)
කාලෙකින් ආ, නිළියක් කියන්න පුළුවන් රූපයක් ඇති කෙනෙක්. (නි)
සමහර නළු නිලියන් තමන්ගේ අතීතය ගැන කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. මම හොඳටම දන්නවා එක්තරා නිලියක් විනය විරෝධී හැසිරීම නිසා පාසලේ ක්‍රීඩා නායිකා තනතුරින් ඉවත් කළා. නමුත් එයා පත්තර වලට කියන්නේ වෙන දෙයක්. මෙය කාටවත් පුද්ගලික තරහකින් කියනවා නෙමෙයි. (නි)
අනේ මහේෂි නගෝ මම නම් එහෙම නෑ පොල් කඩලා ගාලා දෙන්නම් රෙදි හෝදා වේලා දෙන්නම්. (අ)
ඔයා හින්දි නිළියක් වගේ නම් මම වයසක අධ්‍යක්ෂක කෙනෙක් වගෙයි (නි)
ඇත්තම කියනවා නම් අද කාලේ ඉන්න පියරු නිළියන්ට නැති ස්වභාවික රූපසොබාවක් ඔබට තිබෙනවා මහේෂි. ඔයා හරිම ලස්සනයි (නි)
ඔබ නිළියක් ලෙස දකිනවාට වඩා කලාකාරියක් ලෙස දකින්න මම කැමතියි. ඔයා ඔයතරම් ලස්සන වෙලා තියෙන්නේ දෙමාපියන්ගෙන් ආ ජාන ලක්ෂණ වලට අමතරව පෙර කරන ලද පින් බලෙන්. ඔයා යන යන තැන ඒ ශක්තිය රැගෙන යනවා. ඔයාගේ හදවතම ඔයාගේ පන්සල කරගන්න. ඔයාගේ නිහතමානීකම ලස්සනටත් වඩා මම අගය කරනවා. (නි)
ඔන්න මමත් ඉන්නවා. වයස නම් ටිකක් වැඩියි තමයි. ගණන් ගන්න එපා. හින්දි නිළියෝ ඕනෑතරම් වයසක පොහොසත්තු බඳින්නේ. (නි)
මහේෂි නංගි, මමත් නුවර තමයි. ඔයාගේ ගෙවල් නුවර කොහෙද? හරිම ආසයි ගමේ ආවම ඔයාව හමුවෙන්න. (නි)
ඔයා මාසික පඩිය කීයක් විතර තියන කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)
බඩු මිල ඉහළ ගියත්, දරුවන්ට හරියට කන්න අඳින්න සහ අධ්‍යාපනය දෙන්න බැරි වුණත් ලංකාවේ මිනිසුන්ගේ පිස්සුව නම් අඩුවෙලා නැහැ. (නි)
අනේ මහේෂි, ඔයා හින්දි නිලියක් වගේ නම් මාව ඔයාට හොඳටම ගැළපෙනවා. (නි)
ස්වාභාවික රඟපෑම් කුසලතා ඇති නිළියන් අපේ රටේ ඉන්නවා. මට නම් මෙයාගේ ගැමි චරිත සාර්ථක නැහැ. ස්ට්‍රේට් කළ කොණ්ඩය එක හේතුවක්. නමුත් රූපලාවන්‍යය ශිල්පියා දැනගන්න ඕනෑ ඒක. එය නිළියගේ වැරැද්දක් නෙමෙයි. (නි)
රැකියාවක් ලෙස කාන්තාවක් මොනවා කළත් ප්‍රසිද්ධියේ එකිනෙකාට මඩ ගසාගැනීම් , රණ්ඩු සරුවල් ඇගේ වටිනාකම පහත දානවා. වෘත්තීය ගරුත්වය කාන්තාවකට හරිම වටිනවා.මේක හැම ක්ෂේත්‍රයටම අදාලයි. (නි)
සමහර දේවල් සම්බන්ධයෙන් මටත් පැහැදීමක් නැහැ. නමුත් ඇය ලස්සනයි. රඟපෑම් වලත් වරදක් නැහැ. (නි)
ඇය හරිම අමුතු ලස්සනක් තියෙන නිලියක්. මම හරිම කැමතියි. කාලෙකට පස්සෙ නිලියක් කියන්න පුළුවන් ලස්සනක් තියෙන කෙනෙක් ආවාමයි ටෙලි නාට්‍ය ක්‍රේතුයට. (ස)
මහේෂි ඔබේ රඟපෑම් හොඳයි . රූපයත් ඊට සුදුසුයි. නමුත් අන්තිමට ඉතිරි වෙන්නේ කාන්තාවක ලෙස තමන්ට සමාජයෙන් ලැබෙන ගරුත්වය විතරක් බව හිතන්න. එම නිසා රඟපෑමෙන් සමු ගත් දා තමන්ට ඉතිරි වෙන්නේ සැමියා සහ දරුවන් පමණක් බව හිතන්න. දැන් ඔය ඔබ ලස්සනයි කිය කියා ආවඩන කට්ටිය කෙස් ටික සුදු වෙලා දත් ටික හැලුනාම පළාතකවත් නැහැ. (ස)
මේ නිළිය ස්වභාවිකව මීට ලස්සන ඇති. මේකප් එක නම් මට හරි නැහැ. හරිම කෘතිමයි. ඇස් සහ කටක් අලුතින් හයි කරලා වගේ. නිළියගේ සාමාන්‍ය ලස්සන මැකිලා කියල මට හිතෙන්නේ. දැන් ඉතින් මේකටත් කට්ටිය බනීවි. මේකප් එක අගය කලේ නැහැ කියලා. මම කිව්වේ මට හිතුන දේ. (නදී)
රූපය නම් වරදක් නැහැ. එ්ත් කටහඬ නම් මොකද්දෝ ගොරෝසු කමක් තිබෙනවා. කමක් නැහැ අංග සම්පුර්ණ කට්ටිය මේ ලෝකේ නැහැනේ. (නදී)
අර සුප්‍රසිද්ධ රන්ඩුවෙන් පස්සේ මගේ පැහැදීම නම් අඩු වුනා. එතෙක් මම බොහොම කැමති කෙනෙක්. (නදී)
අනේ ඔයා කත්‍රිනා කයිෆ් වගේමයි (නදී)
ජීවන විල මැද වැජඹෙන කැකුලක් රූබර වූ යුවතී තී මට තී මට කියමින් බිඟු රළ ඇය අවටම රගතී ලස්සන කෙල්ලෙක්. (ස)
නංගි, මඩ ප්‍රහාර ගනන් ගන්න එපා. ඔයාට හොද අනාගතයක් තියෙනවා මේ ක්ෂේත්‍රයේ. ඉදිරියටම යන්න. ඔයා හින්දි නිලියක් වගේ ලස්සනයි. (ස)
ලස්සන දුවෙක්. මටත් මෙහෙම ලසස්න දුවෙක් හිටිය නම් කියලා හිතෙනවා. මට ඉන්නේ පුතාලම 3 දෙනෙක්.(නදී)
අනේ ජයන්ත මම ඔයා කියන ඔය එකකවත් කියලා නැහැ. මම කිව්වෙ " අනුන්ව අගය කරන්න ඉගෙනගන්න නැත්නම් ඔයාටත් දෙවියන්ගේම පිහිටයි. අපේ රටේ අය ළඟ අඩුයි මෙම ගුණාංගය. ජපානය වැනි රටවල නම් කෙනෙක් දැක්කොත් හරියට අගය කරලා ඒ කෙනාව සතුටු කරවනවා. ඒකයි ඒ අයට හරියන්නේ" කියලා විතරයි. ඔයා වලිගේ පාගාගෙනයි ඉන්නේ (නදී)
මෙතන නිලි වන්දනාව කරන සැහෙන පිරිසක් ඉන්නවා වගේ. (ස)
මේ දරුවා ලස්සන නිසා ද මන්ද හරිම ද්වේෂ සහගත අදහස් සමහරු දාන්නේ නේද? ජයන්ත නිලියකගේ අගය කරනන් තියෙන්නේ දක්ෂකමයි, රඟපැමයි මිස වෙන මොනවද? (ස)