තිළිණ ගමගේ හිටපු මහේස්ත්‍රාත් ගංගොඩවිල උසාවියෙන් බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ ඇප ලබා පිටව යද්දී ඡායාරූප ශිල්පීන්ට බාධා කිරීම සඳහා කලිසම් හා ටී ෂර්ට් හැඳ සිටි හැඩි දැඩි පිරිසක් සෑහෙන උත්සාහයක් ගත්හ. කළු කෝට් ඇඳ සිටි ඇතැමෙක් ද ගමගේ කැමරාවලින් වසන් කළහ.
හිටිගමන් එහි පාත්වූ මෙම පිරිස කාර්වලින් පැමිණි බව කියති. ඔවුන් මාධ්‍යවේදීනට හරස් කපමින් ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරෙද්දී නිල ඇඳුම් ඇඳ එහි සිටි පොලිසිය නිකම්ම බලා සිටියේය. මැරයන් සේ හැසිරුණු එම පිරිසේ 20කට 25කට ආසන්න පිරිසක් වූහ. එතරම් පිරිසක් සිටියත් ගමගේගේ පින්තූර ගැනීම වැළැක්වීමට ඔවුන්ට නොහැකි විය. ගමගේ පිටවී ගියේද අධිකරණයේ පස්සා දොරිනි. රාජකාරියට පැමිණි පොලිසියේ හය දෙනෙක් පමණ එම ස්ථානයේ සිටියත් අධිකරණ භූමියේ වූ එම නොසන්සුන්කම හමුවේ දෑත් බැඳගෙන සිටි බව මාධ්‍යවේදීහු කියති. ඔවුන් කළ එකම දෙය වූයේ හිටපු මහේස්ත්‍රාත් ගමගේ එම ස්ථානයෙන් බැහැරවී ගිය පසු ගේට්ටුව වැසීම පමණි.
ඔවුන්ගෙන් ඇතැමෙක් කැමරා ශිල්පීන් තල්ලු කළහ. (පින්තූර) ගන්න එපා, ගන්න එපා යනුවෙන් කෑ ගැසූහ. පිරිසක් එකවිට අත් ඔසවමින් තිළිණ ගමගේ කැමරා කාචවලට හසු නොවීමට ක්‍රියා කළහ. මහේස්ත්‍රාත්වරයා පිටව යද්දී එම පිරිස ද ඔහුට පසුපසින් කාර්වලින් ගමන් කළහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුකාරවරුත් එහෙමයි එහෙනම් (නි)
නඩුකාරයෝ මරු නේද.(බ)
මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ වෙනත් අහිංසකයකු බිල්ලට ගොස් මොහු නිවැරදි වීමයි. ලංකාවේ නීතිය, ලංකාවේ උසාවිය ලොකු ලොකු අයට ඕනෑ විදියට වෙනස් වන එකක්. (නි)
හොර වැඩක් අහුවෙලා උසාවි ගියාම ඇයි මේ බායි කියන්නේ රටට පේන්න. (බ)
අපි ලක්ෂ ගණන් ගෙවලා නිතිඥයො අල්ලලා, රස්සාවට නොයා නිවාඩු දාගෙන ලිපි ගොනු කරගෙන අපේ සාධාරණත්වය ඔප්පු කරන්න යන්නේ මෙහෙම අය ඉදරියේ කියලා දැනගත්තාම අපි ගැනම දුකක් ඇති වුනා. (බ)
නිශාන්ත, බහුතර නිතිඥයින් බලන්නේ නඩුව ඉවර කරලා සේවාදායකව කරදරෙන් නිදහස් කරවන්න නෙමෙයි. තමන්ට මාසයක් ගානේ කියක් හරි අතට එන ක්‍රමයක් හදා ගන්න විතරයි. හැබැයි එහෙම අයට පල දෙනවා. ගන්න සල්ලි කොහෙන් හරි යනවා යනවාමයි. (බ)
නිතිය දන්න අයත් මෙහෙම නම් නොදන්නා අය ගැන කවර කතාද? සමහර විනිසුරුවරුන්ගේ නඩු තින්දු ගැනත් සළකා බැලිය යුතු වෙනවා (බ)
අධිකරණ වල සමහර නිතිඥචරුන්ට සහ විනිසුරුවරුන්ට ඕන ඕන විධියට නඩු කල් දාන්න බැරි වෙන්න නිතියක් හදන්න බැරිවුනානේ නිදහස ලබා වසර 50 ක් ගියත්. අනේ ඇයි අසරණ මිනිසුන්ව රස්තියාදු කරවන්නේ හිතාමතාම. මේවාට හෙණ ගහනවා. (බ)
නඩු කාරයොත් මැර හමුදා තියාගෙන ඉන්න යුගයක් අද. (බ)
උසාවි භුමිය තුළට ගතයුත්තේ නඩුවලට අදාළ පුද්ගලයින් පමණක් නොවේද? (නි)
සල්ලි තියෙන මිනිහෙක්ගෙ නඩුවක් බාර දුන්නොත් ඒක ඉවර කරන්නේ නැහැ කල්පෙකට. (නි)
නිශාර්ඩ්, නියම කතාව. ඔයා හරියටම හරි (නි)
ඇයි මෙච්චර හැංගෙන්නේ? වැරැද්දක් කළේ නැත්නම් බය නැතුව හැසිරෙන්න තිබුනනේ. අධිකරණයටත් ලැජ්ජයි මෙහෙම හැසිරෙනකොට. (නි)
කස්තුරි, ඔයා හරියට හරි (නි)
පාතාලෙන් තිළිණයක්ද (හේ)
ලාංකික අධිකරණයට කළු පල්ලම් එකතු කලේ අධිකරණ පද්ධතිය ස්ථාපිත කරපු කාලේ හිටන් දේපල බෙදා ගෙන මුදල් හම්බ කරන්ට තණ්හාවෙන් තම අනසක පතුරුවන, එමගින් යහමින් මුදල් හම්බ කරන කළු කෝට් කාරයොයි. (ම)
ඒ කාලේ මෙයාලා ඇප අරන් දීපු පාතාලේ කට්ටිය දැන් සපෝට් එකට ඇවිත්...(හේ)
ඉතින් සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද? (නි)
ලාංකික අධිකරණ පද්ධතියට එක්වූ කලූ පැල්ලමක් (නි)
ලංකාවේ බොහෝ විනිසුරු වරු එම තනතුරට නුසුදුසු අය , (හේ)
යහපාලනයට ඡන්දය දුන් අපිට කියන්න තියෙන්නේ, ඕක කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දීලා යන්න කියන එක විතරයි. (නි)
උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ නම් රිමාන්ඩ් ගතවුණා නේද? කාටද මේ අවනඩුව කියන්නේ. (නි)
අනේ අපේ රටේ නීතියට ගිය කල! (නි)
අපේ රටේ නීතිය ගැන ලොකු කළකිරීමක් දැනුනා (නි)
මේවා දකිනකොට අපේ ඇඟේ ලේ රත්වෙනවා (නි)
අපි රැවටුනා අන්තිමේදී.... (නි)
නීතිය ආයෙත් අගාධයට යෑමේ ප්‍රවණතාවයක් ඇතිවෙලා වගෙයි. (නි)
නඩුකාරයෝත් වැරදි කරනවා නම් අපිට දෙයියන්ගේම පිහිටයි! (නි)
මොකද දන්නෙ නැහැ ඔච්චරටම වහන්වෙන්න හදන්නේ? (නි)
විනිසුරුවරයෙක් අධිකරණයේදී වැරදිකරුවා හොරකම් කිරීමට හේතුව විමසන්නේ නැත. ඔහුගේ දරුවන් කන්නේ කෙසේද, ජීවත්වන්නේ කෙසේද යන්න විමසන්නේ නැත. කරන්නේ ඔහුව දඟගෙට දැමීම පමණකි. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ! (නි)
පොලිසිය නැවත වරක් අසරණවෙලා වගෙයි (නි)