IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහේස්ත්‍රාත්ගේ කණෙන් රිංගන්න බැරිවෙයි

රත්නපුර මහේස්ත‍්‍රාත් නිල නිවාස මුරකුටිය ප‍්‍රමිතියෙන් තොරව ඉදිකළැයි ඉදිරිපත් කළ බිල්පත්හි අසත්‍ය තොරතුරු ඇති හෙයින් මුදල් ගෙවීම් සඳහා වන පොදු 35 ආකෘතිපත‍්‍රය සහතික කළ නොහැකි බව  රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කේ.ඩී.එල්.සමන් කුමාර මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතාට දැනුම්දී ඇත.

අවසාන බිල්පත අංක 12 අයිතමය වන මෙම මුරකුටියේ වහල සඳහා යෙදිය යුතු ලී වර්ගය වන කෙම්පස් ලී වෙනුවට ගිනිකූරු හා කොස් ලී, ග‍්‍රාන්ඩිස් ලී යොදාගෙන ඇති බවට නීරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වෙයි. එම ලී සඳහා වැයකළ මුදල ලෙස රුපියල් 36936 ක් වියදම් කළ බව අවසන් බිල්පතේ සටහන්ව ඇත.

අවසාන බිල්පතේ අයිතම අංක 36  වැඩ විස්තර අනුව පීවීසී වැහි පිලී යෙදීම සහ ජල බස්නා නළ යොදා නැතිබව මේ පිළිබඳ නීරීක්‍ෂණ සිදුකළ සටහන් අනුව කියවේ. මේ සඳහා වැයකළ මුදල් ප‍්‍රමාණය (7912.08) හත්දහස් නවසිය දොළහකුත් ශත අටක් බව අවසාන බිල්පතේ සඳහන්වෙයි.

අංක 31 අයිතමය වන දැව ආරක්‍ෂිත ආලේපන ගල්වා නොමැති බව නිරීක්‍ෂණයවී ඇත. නමුත් ඒ සඳහා වැයකළ මුදල ලෙස රුපියල් 3840ක් අවසාන බිල්පත සඳහන් කර ඇත.

විදුලි පරිපථ ස්විචයක් මෙම මුර කුටයේ සවිකර නැතිබව නිරීක්‍ෂණ අනුව තහවුරුව ඇත. නමුත් අවසාන බිල්පත එම ස්විචය සඳහා රුපියල් 2900ක් වැයකර තිබෙන බව සටහන්ව ඇත.

අංක 32 පරිදි සීඑෆ්එල් බල්බ සවිකර නොමැති බව නිරීක්‍ෂණව ඇත. එනමුත් එම බල්බ තුනක් යෙදීමට රුපියල් 3000ක් වැයවූ බව අවසාන බිල්පතේ සඳහන්ව තිබේ.

 



අදහස් (0)

මහේස්ත්‍රාත්ගේ කණෙන් රිංගන්න බැරිවෙයි

චතුර Friday, 26 September 2014 06:28 AM

ඇති විශිෂ්ටයි සර්.(අ)

:       0       0

සිල්වා Friday, 26 September 2014 07:42 AM

ඔබට ප්‍රයෝගික දැනුම තියෙනවා (දී)

:       0       0

චාමිකර Friday, 26 September 2014 07:53 AM

තම ඇස් දෙකෙන්ම දකින තුරු කිසිවක් පිලි ගන්න එපා (දී)

:       0       0

හේමන්ත Friday, 26 September 2014 08:04 AM

කොන්ත්‍රාත් දීලා කරන වැඩ ගැන මෙහෙම හොයල ගෙවනවා නම් මේ රට මේ වගේ දුප්පත් වෙන්නේ නෑ. ඔබගේ ක්‍රියාව අපටත් හොඳ පාඩමක්. අපේ ගෙදර දොර වැඩ කරන අය ගැනත් අපි විශ්වාස කරලා වැඩිය හොයන්නේ නැතිව ගෙවීම් කරනවා. ඇත්තටම හැම දෙනාම මෙහෙම කරන්න ඕනෑ. හොර වැඩ මට නම් පෙන්නන්න බෑ. (නදී)

:       0       0

සමන්ති Friday, 26 September 2014 03:39 PM

ඉස්සර රත්නපුරේ කොන්ත්‍රාත් කරන කෙනෙක් හිටියා එයාට කියන්නේ "මැටි ශක්ති" කියලා.මැටි බිත්ති මත සිමෙන්ති කපරාරු කරන නිසා (දී)

:       0       0

උපාලි Friday, 26 September 2014 10:10 AM

ගෙවීම් කිරීමට පෙර නිමැවුම පරීකෂා කලයුතුමයි. නැත්නම් පස්සේ වැඩේ බාලයි කිව්වට පිළිගන්නේ නැහැ. ටෙන්ඩර් කාරයෝ කරන්නෙම බාල වැඩ. එතුමා වැඩේ පරීක්ෂා කල නිලධාරියා මත නොරැදී පුද්ගලිකවම සොයා බැලීම අගේ කල යුතු දෙයක්. (දී)

:       0       0

ගුණසේකර Friday, 26 September 2014 10:12 AM

එම උතුමාණන්ට ප්‍රයෝගික නුවන තිබෙනවා රටට අවශ්‍ය එවැනි අය තමා (දී)

:       0       0

බමුණු Friday, 26 September 2014 10:58 AM

බිල් පත ඇයි මහේස්ත්‍රාත්ට දුන්නේ නගර සබාවේ ටී ඕ ට නොදී. (දී)

:       0       0

ජයසූරිය Friday, 26 September 2014 05:27 AM

ඒ වුනාට ඉතින් අනිත් අයගේ කන් දෙකෙන්ම රින්ගනවනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 618 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 297 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 659 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2411 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 479 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 196 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site