මැදිරිගිය කිරිමැටියේ වැලි ඇළ වසරකට පෙර කැඩී ගිය පසු පාලමක් ඉදි නොකැරිණි. එහෙයින් ගැමියන් එගොඩ මෙගොඩ යන්නේ ඇළට බැස ඇළ තරණය කරමිනි.
ගමේදී මිය ගිය අයකුගේ දේහය රැගෙත් පෙට්ටියක් සුසාන භූමියට ගෙන යාමට සිදුවූ යේ ද කරවටක් වූ දිය තරණය කරමිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුෂ්‍යයා මෙහෙම යන එක සැපයි, එක අතකට. (නි)
මොන තරම් කරුමයක්ද මේ කරලා තියෙන්නේ (දී)
අසරණ මිනිස්සු (දී)
අපේ ප්‍රායෝගික වැඩකරන අහවලා මේවා දකීද මන්දා? (නි)
මේ මිනිස්සු බොහොම අසරණයි (දී)
අපේ මිනිස්සුන් දැන් මෙවන් වැඩ ඉවසලා ඇති වෙලා (දී)
මිනිස්සු මොන තරම් පව් ද (දී)
මේ අසරණ ජනතාවට අපිවත් මොකාක් හරි සහනයක් කරලා දෙමු (දී)
පව් මේ මිනිස්සු මරණයටවත් යන්න පාරක් නැහැ කියන්නේ තව මොනවාද (දී)
මෙන්න ආශ්චර්යය.... (නි)
බයවෙන්න දෙයක් නැහැ. ඕක හදලා දෙයි. ටිකක් ඉවසන්න. (නි)
මේවා වැඩිය ගණන් ගන්න එපා (ස)
කැමරා තියෙන්නේ සංවර්ධනය පෙන්වන්න විතරක් නෙමෙයි. (නි)
ඔය ගමේ මිනිස්සුන්ගෙන් ඡන්දය ඉල්ලපු මන්ත්‍රීලා කවුද? (නි)
අපට පුතේ .......මගක් නැතේ ....... මේ මග හැර, වෙන.... මගක් නැතේ...... (දී)
අසරණ මිනිස්සු (දී)
පහත් තැනින් යයි ගලා ජලේ . ඔක්කොම වෙන්නේ දුප්පතුන්ටයි (ස)
පුදුමයි, ලංකාවේ වෙන්න බැහැ, මොකද අපි මෙහෙ කාර් රේස් හිටන් යනවා නේ. (නි)
මේ කොයි යන්නේ රයිගම් යන්නේ... (නි)
අනේ පව්... බලධරයිනි පාලමක් සාදා දෙන්න (ස)
දැන්වත් මේ මිනිස්සුන්ට පිහිට වෙන්න (දී)
අපිට ඖවා වැඩක් නැහැ. අපිට ඕනෑ කාර් රේස්. (නි)
කෝ අනේ අර මගේ රටට දළදා හිමි සරණයි කියන කට්ටිය? සංවර්ධන සැළසුම් චිත්‍රයක් දැකලා සතුටු වෙන කට්ටිය කෝ, කෝ, කෝ,..? (නි)
පව් අසරණ මිනිස්සු (දී)
අපි මෙහෙම ප්‍රවෘත්ති වලට කැමති නැහැ. අපිට ඕනෑ ලැම්බොගිනි වගේ ප්‍රවෘත්ති. (නි)
ලංකාවේ ඇමතිවරු රෙදි ඇදගෙනද දන්නෙ නැහැ, "රට සංවර්ධිතයි, මිනිසුන් ඉන්නේ සතුටින්, ආසියාවේ ආශ්චර්යයට අපි යන්නේ" කිය කියා කියවන්නේ? (නි)
මග නැගුම, චින්තනය, රට පෙරට, දැයට කිරුළ.... වගේ කියමන් ඒ පැත්තේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අධිකාරී, ඒ කට්ටිය කලින් කියාපු කතා අජීරනේ වෙලා කසාය බීපු ගොළුවෝ වගේ ඇති. හැබැයි හෙට කොහෙහරි චිත්‍රයට නගපු සැලසුමක් පෙන්වපු හැටියේ 'මගේ රටට දළදා හිමි සරණයි' කියාගෙන එන්නේ නැද්ද බලමු. (නි)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්වද්ද? (නි)
මැරුණත් නිවනක් නැහැ (දී)
මිනිස්සුන්ගේ පවු කාර කමක තරම, රේස් පදින සල්ලි වලින් පාලමක් හැදුවනම් (දී)
අධිකාරි කොහේ ඉදන් කොහෝ කියනවදෝ... (නි)
ඉතාම ශෝචනීයයි. (නි)
කෝ අර කාර් රේස් යන අය? මෙන්න වැඩ කරනවානම්..!(නු)
පව් අහිංසක මිනිස්සු.... මේවා දැකලවත් පාලමක් හදලා දුන්නොත් හොදයි... අපේ රටේ මෙහෙමත් පීඩා විදින ජනතාවක් ඉන්නවා කියන එකත් දැන් කවුරැත් පිළිගන්න වෙනවා. මෙහි ජනතාවගේ ජනජීවිතය පහසු කිරීමට අදාල අයගේ ඇස් යොමුවේවායි පතනෙමි.(නු)
බලන්න මේවා කෙතරම් ඛේදජනක පුවත්ද කියල මිනියක් රැගෙන මෙසේ ඇලවල බහින්න අපේ අයට සිදුවෙනවා නම් කිසිදු ආරක්ෂක මාර්ග බාධකයන් නොමැතිව දුම්රිය හරස් මාර්ගවල අනතුරු සිදුවෙනවා නම් අපි අධිවේගී මාර්ග පිළිබදව උදම් ඇනලා ඵලක් තියෙනවද ? අපි මෙහෙමද ආසියාවේ ආශ්චර්ය වෙන්න හදන්නේ එහේ ආශ්චර්ය පෙන්වන්න කලින් ගමේ ආශ්චර්ය පෙන්වන්න.....(නු)
මේවා දකිනකොට ආසියාවේ ආශ්චර්යය තමයි මතක් වෙන්නෙ..!(නු)
පව් එයාලා...!(නු)
බලධාරිනේ දෑස් ඇර බලන්න.. අන් අයට බනිමින් ඉන්නෙ නැතිව යම් දෙයක් කරන්න..!(නු)
මග නැගුම..!(නු)
මට නම් තේරෙන්නේ නැහැ මේ තරම් අධිවේගී මාර්ග තියෙන රටේ මේ මිනිසුන් මේකට බැහැලා කරන්නෙ...!(නු)
කවුද වගකිවයුතු බලධාරීන් කොළඹට කිරි ගමට කැකිරි..!(නු)
මේ මිනිසුන්ට පාලමක් සාදා දෙන්න..!(නු)
ඔය පළාත්වල වගකිවයුතු නිලධාරින් ඇතිනේ.. මිනිසුන් පුදුමයි ඡන්දෙ දෙන එක මේක දැක්කාම වත් ලැජ්ජා හිතෙයිද දන්නෙ නැහැ..!(නු)
මොකද්ද මේහෙට වෙලා තියෙන සංවර්ධනය.. ඇයි හම්බන්තොට වගේ අනිත් තැන්වල කරන්න බැරි..?(නු)
ආසියාවේ ආශ්චර්යමත් ශ්‍රී ලංකාව..!(නු)
තව සැටලයිට් අරිමු..!(නු)
ලංකාවේ ඇමතිවරු රෙදි ඇදගෙනද දන්නෙ නැහැ, "රට සංවර්ධිතයි, මිනිසුන් ඉන්නේ සතුටින්, ආසියාවේ ආශ්චර්යයට අපි යන්නේ" කිය කියා කියවන්නේ? (නි)
අපි මේ කියන ගමේ මිනිසුන්ට රාත්‍රී කාර් රේස් එකක් තියලා පෙන්නමු.. ඔය ඇලවල් වලට පාලම් හදනවා වගේද රාත්‍රී කාර් රේස්..?(නු)
මම ඔසාන් සලාම්ට එකගයි. (නි)
ප්‍රාදේශීය දේශපාලඥයා මොනවාද කරන්නේ ? (අ)
චීනේ චන්ද්‍රිකාවක පිට කවරේ සිංහ කොඩියක පින්තාරුවක් දැකලා "අපේ රට දැන් දියුණුයි" කියලා මොරගහපු, වියදම පියවගන්නත් බැරි ගුවන්යානා ගේනකොට "ජයවේවා.. අපිත් ලෝකේ දියුණු රටවලට සමානයි" කියා උඩ දාගෙන නටපු කට්ටිය ගෙන්වලා මේ අවමගුලට පැමිණි පිරිසට මුනගස්වන්න පුළුවන් නම්....(අ)
මිනිසත් කම හෑල්ලු කරන්න එපා (දී)
කාපට් පාරවල් කඩ කඩා හදනවා. මේ අයට මේවා පෙන්නේ නැත්තේ ඇයි. (අ)
සුභ අනාගතයක්.ගම නැගුම..රට පෙරට අපි ඇළට (අ)
ඇයි අපිටම මෙහෙම වෙන්නේ (දී)
ඇත්තමයි මේවට මොකද කියන්නේ ? (ස)
පාරක් හදලා දෙන්න ඒ මිනිස්සුන්ට (දී)
අනවශ්‍ය ගුවන් පාලම් හදන්න කලින් අත්‍යවශ්‍ය දේවල් ඉටු විය යුතුයි. (නි)
මේ පැත්තේ ප්‍රාදේශීය සභාවලට නියෝජිතයෝ පත්කරන්නේ ඇත්තේ මේ පැත්තේම මිනිස්සු ම නේ. ඊට පස්සේ ලෝකෙට දුක කියනවා. මහජන නියෝජිතයින් ලවා ගම සංවර්ධනය කර ගන්න උත්සාහ කරන්න (ස)
කාර් රේස් තිය තියා නටන වෙලේ මේ වගේ ගමක පාලමක් හැදුවා නම් වටිනවා නේද? කාර් රේස් බලන්න එනවයි කියන සුද්දන්ගෙන් ලැබෙන මුදලට වඩා මේ වගේ ගමක යටිතල පහසුකම් නංවන එක තමයි ආර්ථික අතිනුත් වටින්නේ. අනික සමාජීය අතින් බැලුවොත් නම් කාර් රේස් එකකින් අපේ ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන සෙතේ මොකක්ද? අපි නොදකින තව මේ වගේ දුෂ්කර ගම් කීයක් නම් අපේ ලංකාවේ ඇද්ද? අපේ රට ගමන් කරවන්නේ අපේ රටේ මිනිසුන්ගේ සිතිවිලි රටා වලට විරුද්ධ දිශාවකට නම් අපි පාලකයෝ පත්කරගන්නේ ඇයි? ලංකාවේ මිනිස්සුන්ගේ සුවඳ හඳුනාගන්න බැරි පාලකයෝ/නායකයෝ අපේ ලංකාවට මොකටද? බැලු බැල්මට මේක බොහොම සරල කාරණාවක් වෙන්න පුළුවන්. ඒත් මෙතුළින් මතුවන දුෂ්ට යථාර්තය ඉතාම නින්දිතයි. (නි)
කෝ ලංකාවේ ඇමතිවරු? මේවා පෙන්නේ නැද්ද? ප්‍රාදේශීය දේශපාලඥයා මොකද කරන්නේ? කාර් රේස් තියන වෙලාවේ නරකද මේ මිනිස්සුන්ට පාලමක් හදල දුන්නොත්? ආසියාවේ ආශ්චර්යය තමයි මේ තියෙන්නේ. මේ වගේ තව දුප්පත් ගම්මාන කොච්චර තියෙනවද? කාර් රේස් තියන සල්ලි මේ ගම්මාන වල අඩු පාඩු වලට වියදම් කළා නම් හරි නේද? මේවා ලංකාවේ තියෙන ගම්මාන. කරුණාකර මෙවැනි ගම් වලට පිහිට වන්න. මේ අපේම රටේ අපේම මිනිස්සු. ඡන්දේ අරන් කොලඹට වෙලා හිටියට හරියන්නේ නැහැ. ඡන්දේ දීපු දුප්පත් මිනිස්සුට උදව් කරන්න. (නි)
කනගාටු දායක පුවතක් (දී)