(කේ. බුද්ධික කුමාරසිරි)

පාදුක්ක මීපේ ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක අද (30) දින සිදු වූ පිපිරීමකින් තුවාල ලැබූ සේවකයින් තිදෙනෙකු හෝමගම මූලික රෝහලට ඇතුලත් කල බව පාදුක්ක පොලිසිය පවසයි

⁣එම පිපිරීම නිසාවෙන් අසල නිවසකට දැඩි හානි සිදුව ඇති බවද පොලිසිය පවසයි

අදාල කර්මාන්ත ශාලාවේ ලිහිසි තෙල් ගබඩා කිරීම සදහා වෙන්දේසියකින් මිලදී ගත් ඉන්ධන පිරවුම්හලකින් ඉවත් කරන ලද ටැංකියක් එහි තිබූ ඉන්ධන ඉවත් නොකර අවශ්‍ය පරිදි ගෑස් මගින් කපා සකස් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බවද පොලිසිය පවසයි

විශාල හඩක් නංවමින් පිපිරීම සිදුවීමත් සමග එහි සිටි පිරිමි සේවකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කල බවත් සේවිකාවකගේ හිස මකට උළු කැටයක් වැටීම නිසාවෙන් ඇයද රෝහල් ගත කර ඇතැයි ද පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි