(උපාලි ආනන්ද)
කිසිදු  යුක්ති සහගත සහ සාධාරණ හේතුවක්  නොමැතිව තමා ස්ථාන මාරු කිරීමට වයඔ පළාත් අධ්‍යාපන හා ප‍්‍රධාන  අමාත්‍යංශයේ ලේකම්වරයා ගෙන ඇති  තීරණයක් අභියෝගයට ලක් කරමින් එම තීරණය  බල රහිත කරන ලෙස  ඉල්ලා මුදලක්කුලිය විජය මහ විද්‍යාලයේ විදහල්පතිවරයා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සළකා  බැලූ පුත්තලම පළාත් බද මහාධිකරණ විනිසුරු  ජයලත් සී  සිල්වා මහතා පෙත්සම්කාර විදුහල්පතිවරයා ස්ථාන මාරු කරමින් වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම්  නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 
මෙම පෙත්සමට අදාළව විරෝධතා නොවැම්බර් මස 11 දින අධිකරණය හමුවේ ගොනු කරන ලෙස ද  නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව එදිනට යළි කැඳවීමට නියෝග කෙරිණ.

ආනමඩුව මුදලක්කුලිය විජය මහ විද්‍යාලයේ විදුහල්පති  ඒ. එච්. එම්. ඒ. පී. කේ. අෙබිරත්න මහතා නීතිඥ ටී. එම්. ඉන්දික තෙන්නකෝන් මහතා මගින් පුත්තලම මහාධිකරණය හමුවේ ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස   වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ලේකම්  ඩබ්ලිව්. එම්. සී. කේ. වන්නිනායක, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ  ජේ. ඒ. එ.ම් පී. ජයතිලක, පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ  ආර්. එම්. ටී. එන්. ප‍්‍රසාද් සහ ආනමඩුව කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ  එම්. එන්. ගලබඩ යන මහත්වරුන් සහ නීතිපතිවරයායයි.

පෙත්සම්කරු වෙනුවෙන්  නීතිඥ ඉන්දික තෙන්නකෝන් මහතා කරුණු දැක්වීය.