(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යුග දනවි බලාගාර ගිවිසුම අනුව, කිසිදු සමාගමකට එල්.එන්.ජී සැපයීම සඳහා කිසිදු ඒකාධිකාරියක් හිමි නොවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.
අදාළ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ වසර පහක කාලයක් සඳහා පමණක් බවත් මන්නාරම් ද්‍රෝණියේ ගෑස් සහ ඛනිජ තෙල් පර්යේෂණ සඳහා අධිකාරී බලයද එම සමාගමට හිමි නොවන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙසේ පැවසූයේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මොහොමඩ් මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රජයේ සම්පත් කිසිදු විදේශයකට හෝ විදේශීය සමාගම්වලට විකිණීමට රජය සූදානම් නැති බව පැවසූ ලොකුගේ මහතා ගිවිසුමේ පිටපතක් ලබන සතියේ ලබාදිය හැකි බවද ප්‍රකාශ කළේය.
කැලණිතිස්ස බලාගාරය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන ගියේ ඇමරිකා සමාගමක් බවත් ඒ අවස්ථාවේදී කිසිවකුත් ඒ ගැන කතා නොකළ බවත් ඔහු පැවසුවේය.
එය ජපන් සමාගමකට ලබා දුන්නේ ඊයේ පෙරේදා බවත් ඇමැතිවරයා කීවේය.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුග දනවි බලාගාර ගිවිසුම ගැන විදුලිබල ඇමැතිගෙන් ප්‍රකාශයක්
Hafeel Wednesday, 10 November 2021 02:35 PM
රජයේ සම්පත් කිසිඳු විදේශයකට හෝ විදේශීය සමාගම්වලට විකිණීමට රජය සූදානම් නැති කියලත් මෙයා කියමින්, අවසානයේ කියනවා කැලණිතිස්ස බලාගාරය ජපන් සමාගමකට ලබා දුන්නේ ඊයේ, පෙරේදා කියලත් කියනවා...
Hafeel Wednesday, 10 November 2021 02:41 PM
රජයේ සම්පත් විදේශ සමාගම්වලට විකිණීම අදහස් නැත් නම්, කොහොමද කොළඹ වරායේ නැගනහිර පර්ජන්තය ඉන්දියාවට විකුනන්න ගියේ? ඇයි එහමනම් ආණ්ඩු පාර්ශවයේ විමල් වීරවංසලාගේ කල්ලිය මේ යුගදනව් බලාගාර විකිණීමට එරහිව සටන් කරන්නේ?
ravin Wednesday, 10 November 2021 03:15 PM
සියලු දෙනා රැවටීම හැමදාම කරන්න බැරි විත්තිය හොඳින් මතකයේ තියාගෙන ඉදිරි වැඩ කටයුතු කලොත් සැමටම සෙත සැලසේවි
ජන හඩ Wednesday, 10 November 2021 07:42 PM
හැමදාම ඇත්ත කිව්ව අයනේ... කෝ දැන් අර මහ බැංකු හොරු? දැනට කර ඇත්තේ පොරොන්දුවලට හාත්පසින් විරුද්ධ දේ නොවේද? ඡන්දෙ දුන් අය හොයාගන්නත් නෑ දැන්...