
(එන්. ආරච්ච්)
කෑගල්ල ,අවිස්සාවේල්ල මාර්ගයේ මත්තමගොඩ ප්‍රදේශයේ අද (25) උදෑසන සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මිය ගොස් ඇතැයි රුවන්වැල්ල පොලීසිය පවසයි.
අවිස්සාවේල්ල සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹුක්කන, දොබේමඩ ප්‍රදේශයේ පදිංචි රන්කොත්ගේ ශිරෝමි මංගලා (47) නමැති අවිවාහක කාන්තාවක බවට හඳුනාගෙන ඇත. දේහය කරවනැල්ල රෝහලේ තබා ඇත.
බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන රුවන්වැල්ල පොලිසිය පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd