(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් ඉදිරියෙන් සිටින බලකායක් වන ඉංජිනේරු බලකායේ 70 වැනි සංවත්සර උත්සවය පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
යුද හමුදා ඉංජිනේරු බලකායේ සේනාවිධායක සහ යුද හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඒ. එන්. අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්වීය.
එම බලකාය නියෝජනය කරමින් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් වෙනුවෙන් එහිදී පුෂ්පෝපහාර දැක්වූහ.
කොටි ත්රස්තවාදීන්ට එරෙහිව පැවැති යුද්ධයේදී වඩාත් කැපී පෙණෙන සේවයක් කළ යුද හමුදා ඉංජිනේරු බලකායේ නිලධාරීන් 23 දෙනෙක් ඇතුළු සාමාජිකයන් 656 ක් යුද්ධයේදී මරණයට පත්වූ බවත් නිලධාරීන් 21 දෙනෙක් ඇතුළු සාමාජිකයන් 703 ක් පූර්ණ ආබාධිත තත්වයට පත්වූ බවත් ඉංජිනේරු බලකාය කියයි.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුද හමුදා ඉංජිනේරු බලකාය 70 වැනි සංවත්සර සමරයි