IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


යුද්දයෙන් වැනසුණු මඩකළපුවේ සිංහල පාසල කැලේට යයි

(මදුශානි අබේසිංහ)

නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පැවති යුද කාලවකවානුව තුළ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

යුද වකවානුව තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව විශාල වශයෙන් ගම්බිම් හැර ගියද යුද්ධය නිමාවෙන් පසු යළිත් ඔවුන්ගේ දරුවන් සමඟ තම නිජබිම් වලට පදිංචියට පැමිණියද ඉඩම් සම්බන්ධ ගැටලු රැසක් පවතින බවත් එලෙස පැමිණෙන සිංහල ජනතාව සඳහා සිංහල පාසලක් නොමැතිවීම විශාල ගැටලුවක් බවද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

යුද්ධය නිමා කර, සාමය උදා වී වසර දාහතරක් ගත වුවද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාතේ එකම සිංහල පවුලක්වත් පදිංචි නොකිරීම කනගාටුවට කරුණක් බවත්, මෙම තත්වය යටතේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවගේ මෙන්ම දැන්ට සිටින පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, තමන් ඇතුළු පරිත්‍යාගශීලීන්, දානපතින්, මැදිහත්වීමෙන් කල්කුඩා සිංහල පාසලක් සිදු කරගෙන යන බවත්, එමෙන්ම පුන්නකුඩා ගම්මානයේ පෙරපාසලක් පමණක් සිදුකරන බවත්, මෙම තත්වය අවබෝධ කරගෙන නැගෙනහිර පළාතේ වැසීගිය පාසල් 13 එකක්වත් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් ආරම්භක කිරීමට හෝ දැනට ජීවත්වන සිංහල ගම්වාසීන් උදෙසා කිසිදු සහන වැඩපිළිවෙළක් අයවැයෙන් ප්‍රකාශ නොවූ බවත්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකර නැගෙනහිර පළාතේ, මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතීන්, අධ්‍යාපන, සෞඛ්‍ය, පානීය ජලය සහ විදුලිය පහසුකම් මෙන්ම අනෙකුත් අයිතිවාසිකම් ලබාගැනීමට පූර්ණ අවධානය යොමු කරන ලෙසත් දැනට සිංහල ජනතාවට විවිධ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් මෙන්ම ඇතැම් නිලධාරීන්ගෙන් බොහෝ අඩත්තේට්ටම් සිදුවන බවද දේවාලංකාර නාහිමියන් 15 වෙනිදා මඩකලපුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළහ.

 



අදහස් (10)

යුද්දයෙන් වැනසුණු මඩකළපුවේ සිංහල පාසල කැලේට යයි

සමන් විමල් Wednesday, 15 November 2023 09:08 PM

සුලු ජාතික චන්ද බලාගෙන තමයි අය වැය ඉඉදිරිපත් කරල තියෙන්නේ වතුකරයේ ජනතාව කොළඹ මුස්ලිම් ප්‍රජාව උතුරේ ද්‍රවිඩ ප්‍රජාව ආදියට බෙදලා තියෙන්නේ . අය කිරීම බහුතරය තුලින් .

:       1       6

මැක්ස් Wednesday, 15 November 2023 09:13 PM

මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතාපවත් නායකයකු පමණක් නොව රනිල් වික්‍රමසිංහ වැනි සුළු ජාතිවාදීනට මනාපයක් ඇති නායකයකුත්, අනුර කුමාර වැනි වෙන්ඩ ජනාධිපතිලාත් දෙමළ ජාතිවාදී නායකයනට ඇති බය පක්ෂපාතකම මෙම කනගාටුදායක තත්වයට හේතුවයි.

:       3       8

සමන් Wednesday, 15 November 2023 09:16 PM

ඔබවහන්සේලාට අහිංසක සිංහලයන් රැකගැනීමට දරන වෙහෙසට ගොඩක් පිං. සිංහල දේශපාලුවන්ට ඕව ඔ්න නැහැ. ඩොලර්වලට කෑදර NGO කපුටො දැන් ඔබවහන්සේටත් බනිවි අර සුමන හාමුදුරුවන්ට වගේ...

:       1       6

සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 15 November 2023 10:17 PM

හරිම කණගාටුයි. දැන්වත් රජය මැදිහත් වී ඒවා නැවත ස්ථාපිත කර ඔහුන්ට සාධාරණය ඉටුකරන්න.

:       0       5

රංබොඩ Wednesday, 15 November 2023 10:46 PM

දැන් ඉන්න කෙනා නම් මේං කියලා සිංහල පාසල විවෘත කරලා දෙයි. හමුදාව දිලා සිංහල මිනිසුන් ට ඒ පැත්ත තහනම් කරන්නත් පුලුවන්

:       0       8

Bamunuarachchi Wednesday, 15 November 2023 11:28 PM

මේ වඩුග පාලකයා දෙමළුන්ට උතුරත් හම්බයින්ට නැගෙනහිරත්, ඉන්දියානු වතු දෙමළුන්ට රට මැදත් පාවා දීල මකබෑවෙන්නයි හදන්නේ. අපේ හාමුරුවනේ හම්බයින්ට සිංහලයින්ගේ ගම්බිම් අයිති කරගන්න ඉඩ තියෙන්න එපා. සිංහල ජනතාව මීට විරුද්දව නැගිට්ටවන්න.

:       2       10

Rev Somarathana Thursday, 16 November 2023 02:21 AM

ඉදිරි සැලසුම් අපට දන්වා එවන්න.

:       0       3

පියල් විරසිංහ Thursday, 16 November 2023 07:35 AM

අපිත් හිතුවෙ යුයුද්ධයෙන් පස්සේ හොදටම කාලා බිලා ඉන්න රටක් අති වෙයි කියලා. ගිරිවාපත්තුවේ පවුලේ කට්ටිය නම් කලා බිලා රජ සපට ඉන්නවා .

:       1       7

Rattu Thursday, 16 November 2023 09:29 AM

ඔබවහන්සෙලාගෙ ඇස්වලට විතරයි ජාතියෙ වැනසිම පෙනෙනෙ. පිනගෙ ඇස්වලට පෙනෙන්නෙ දෙමල චන්ද විතරයි.

:       2       6

Bamunuarachchi Friday, 17 November 2023 05:47 AM

ගිරුවා පත්තුවේ එවුන් යුද්දේ නැවැත්තුවාට උඹලට කවන්න බැඳිලා නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 135 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1626 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1075 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1318 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1445 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 421 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39570 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25761 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1202 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site