ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූ ආබාධිත හමුදා සාමාජිකයන් අතරින් කිහිප දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට යෑමට අවසර ලැබිණි.
එලෙස ඇතුළට ගිය එක් සාමාජිකයකු කීවේ පෙබරවාරියේ සිට තම ඉල්ලීම් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් එකඟ වූ බවයි.
එය ලිඛිතව ලැබෙන තෙක් දිගටම ජනාධිපති ලේකම් කාර්යාලයය ඉදිරිපිට සිටින බව උද්ඝෝෂකයෝ කියති.
ජනාධිපති ලේකම් කාර්යාලයය කියනුයේ යුද්ධය නිම වී වසර අටකට පසුව ආබාධිත යුද හමුදා සාමාජිකයන්ගේ ඉල්ලීම ඉටු කරන බවයි.
වසර 12ක සේවා කාලය අවසන් කර විශ්‍රාම ලැබූ හමුදා සාමාජිකයන්ට ලබා දෙන සේවා විශ්‍රාම වැටුප වසර 12ක සේවා කාලය අවසන් නොකර සව කැමැත්තෙන් වන්දි ලබා විශ්‍රාම ලැබූ ආබාධිත සාමාජිකයන්ට ද ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයය නිවේදනය කරයි.
එම තීන්දුව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද සේවකයන්ට ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආබාධිත රණවිරුවන්ව කවුරුන් හෝ දේශපාලන අතකොළු කරගන්නවා නම් ඒක වැරදියි (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න නිකමුන්ට අවුරුදු 5 විශ්‍රාම වැටුප දෙනවනම් රට වෙනුවෙන් අත පය නැති කර ගත්ත මේ මිනිස්සුන්ට දුන්නම මොකද? (අ)
ජාතියක් ජම්මයක් නැති කී දෙනෙක් මෙතන ඉන්නවද, කිසි දෙයක් ගැන නොදන්නා ජන්මයේ වරදට කොමෙන්ට්ස් දාන එවුන් හිතපල්ලා මුන්ගේ අතපය නැති වුනේ හොරකමේ ගිහින් නොවන විත්තිය (බ)
මේ සමහරු මොනවා කියනවද මන්දා. සමහර තීරණ ගැනීමේදී නීතිරීති තියනවා. ඒ නිසානේ අද සමහරුන්ව විමර්ශන අංශ වලට කැඳවලා ප්‍රශ්න කරන්නේ. මේ සිද්ධිය සංවේදී දෙයක්. රට වෙනුවෙන් සේවය කරලා අබාධිත වුණ අයට සාධාරණයක් විය යුතු බව කවුරුත් පිළිගන්නවා. ඒවගේම ඒ අයගේ විශ්‍රාම ගැනීමට නියමිත කාලය වෙනකම් සේවයේ යෙදෙන්නත් තිබුනා මම හිතන්නේ. (නි)
තව කෝටි එකහමාරේ වාහන ටිකක් පාර්ලිමේන්තුවේ මහත්වරු ටිකට ගෙනල්ලා දෙමු (නි)
දේශපාලන හස්ත ගැන කතා එපා. වැඩේ කරන්න පරක්කු ඇයි? එ්කයි ප්‍රශ්නය. සැප කාර් ගෙන්නගන්න තියෙන තදියම රණවිරුවන් සම්බන්ධයෙන් නැති එකයි අපේ ප්‍රශ්නය. ෆීල්ඩ් මාර්ෂල්තුමා වචනයක්වත් කතා කළේ නැහැ. හැමතැනම හොරු. එළිපිට මහබැංකුව කොල්ලකෑවා. උදව්වට ඉන්න චීනෙට කචල් අදිනවා. මේවට පොළියත් එක්ක ගෙවන්න වේවි (නි)
අරගලයකින් තොරව ඉල්ලීම් දිනාගැනීම ලෙහෙසි නැහැ. (නි)
කොටින්ට වන්දි ගෙවන ආණ්ඩුවට මේක කරන්න බැහැ කියමින් කල්මරපු එක සමාව දියනොහැකි වරදක්. (නි)
මේ රටේ මිනිස්සු දැන ගතයුතු එක දෙයක් තිබේ. රටේ හැම දෙයක්ම දේශපාලනීකරණය වී ඇත. බල දේහපාලනය උදෙසා ඕනෑම ප්‍රශ්නයක් තමන්ගේ වාසියට යොදාගන්න දේශපාලන සංස්කෘතියක් රටේ තිබේ. මේ ප්‍රශ්නයේ ඇති දේශපාලන බලවේග සහ ඔවුන්ගේ අරමුණු මිනිසුන් අවබෝධ කරගතයුතුව ඇත. සිදුවීම් පිටුපස තිබෙන බලවේගය හඳුනා නොගෙන වැරදි තීරණවලට එළඹීම සුදුසු ක්‍රියාවක් නොවේ. (නි)
තොප්පිගල කැලයක් කියපු අය ඉහළ තනතුරු වල වැජඹෙන, ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු අය ඇමතිලා කරපු කෙළෙහිගුණ නොදන්නා මිනිසුන් ඉන්න රටක අබාධිත රණවිරුවෝ ගුටිකන එක අරුමයක්ද? (නි)
පහුගිය කාලේ විශ්‍රාම වැටුප් ගැන කතා කළා නම්, ආබාධිත කම, අංශභාග තත්වයට පෙරලෙන්න ඉඩ තිබුනා. චන්ඩිකම් පැත්තකින් තියලා හොඳින් ඉල්ලීම් දිනා ගන්න බලන්න (බ)
ආබාධිත රණවිරුවන්ට මෙහෙම යකඩ වැටවල් පෙරළන්න පුලුවන්ද? කොහෙන්ද මෙච්චර ශක්තියක්? මෙතන වෙනත් අයත් ඉන්නවා වගෙයි (නි)
මොවුන්ගේ සත්‍ය තත්වය රටට කියලා යම් ගෙවීමක් කරන්න තිබුනා. ඒ කාලේ මේවා කළා නම් ලැබෙන්නේ පොලුපාර. රජයක් මේවගේ කටයුතු නොකළ යුතුයි (නි)
දේශපාලන ගැතිබාවය මුල් කරගෙන බලපෙරේත දේශපාලකයන් ළඟ වැඩ කරන අයට අවුරුදු 10 ටත් අඩුවෙන් සේවයට විශ්‍රාම වැටුප් ලබාදෙනවා. නමුත් ජීවිතය පරදුවට තබා ඉදිරියට ගිය රණවිරුවන්ට විශ්‍රාම වැටුප් නැහැ. මෙයට හිටපු ජනපතිත් වගකියන්න ඕනෑ. දේශපාලනය කරගසාගෙන මෙහි අදහස් දක්වන්නන්ගේ සිහිය විකල් වෙලාද? (නි)
ලෙහෙසියෙන් විසදන්න පුළුවන් ප්‍රශ්න දිග්ගැහුනම එය දේශපාලනීකරණය වෙන එක වලක්වන්න බැහැ. එවැනි දේ ඇති නොවීමට කටයුතු කිරීම දේශපාලන වගකීමක්. ඔය තැනට යන්නේ රට රාජ්‍ය වල කරක් ගැහීමට නොවෙයි මහජන අවශ්‍යතා ඉටුකිරීමට බව හිතේ තියනවනම් බොහෝ ප්‍රශ්න විසදා ගන්න පහසුයි. එක වසරක් රට රාජ්‍ය වල නොගිහින් තම ගම්බිම්වල් කරක් ගැහුවොත් මහජනතාව ලගට ඒවි.(අ)
ඔව් විජිත ....ප්‍රශ්නේ දුරදිග ගෙනියන්න එපා.....මොකද යහපාලනේට හොද නැහැ.... (අ)
ඉහළම දේශපාලන බලධාරීන්ගේ නියෝග මත උතුරේ කිසිදු මහජන උද්ඝෝෂණයකට පොලිසිය යොදවා පහර නොදෙන මේ ආණ්ඩුව මෙසේ පොලිසිය යොදවා පහර දුන්නේ රටත්, ජාතියත් රැකගත් විරෝදාර රණවිරුවන්ටය. (බ)
මහින්ද කැබිනට් පේපර් එක පාස් කරලා දුන්නට පස්සේ මෙයාලානේ ආණ්ඩුව ගත්තේ ඉතින් එයාල ඒවා ක්‍රියාත්මක කරන්න ඕනා. අනික ඔය සිය ගානක් ඉන්න ඇමති මණ්ඩලේ එකෙක්ට බැරි වුනාද ඔතනට ගිහින් සාකච්ඡා කරන්න? මේ අය ළඟට යන එක මදි කමක්ද? (බ)
ගියපාර රනිල්ගේ අයවැයෙන් තමයි මහින්දගේ කාලේ අනුමත වෙලා තිබ්බුන දේ කප්පාදු කළේ (බ)
ඕක ඔහොම වුණේ හිටපු අයගේ වරදින්නේ! එයාලා හැම පන්සලකම, වේදිකාවකම කයිවාරු ගැහුවේ යුද්ධය දිනුවා කියලනේ. එහෙවු එකේ රණවිරුවොත්, අාබාධිත රණවිරුවොත් ඉන්නේ කොහොමද අපේ රටේ? (නි)
ඔය ප්‍රශ්නය අහන්න ඔබට පිට කොන්ද ලැබුනේ ජීවත් වෙන්නේ ඔය පාරේ ඉන්න අත පය කැඩුණු විරුවන් නිසා බව අමතක වීම සිංහල ගතියක් ද ? (හේ)
මෙතන සමහරු දේශපාලන වාසි ලබාගන්න කටයුතු කරනවා. මේගොල්ලොන්ගේ ඉල්ලීම් 25න් 24ක්ම විසඳලානේ තියෙන්නේ. විශ්‍රාම වැටුපට සම්බන්ධ පාර්ලිමේන්තු පනතේ ඇතැම් වගන්ති ජනාධිපතිතුමා විසින් තම බලය යටතේ ඔවුන්ට අවශ්‍ය දීමනා ලබාදීමට තිබියදී තමයි මොවුන් මේ අරගල කළේ. මේ පිටුපස තියෙන්නේ දේශපාලකයන්ගේ කපටිකම්. ඔවුන් මේ අසරණ හමුදා සෙබළුන්ව පවා ඔවුන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගැනීමට පැකිළෙන්නේ නැහැ (නි)
මේ ප්‍රශ්න දුරදිග ගෙනියන්න එපා (නි)
ජයවේවා රණවිරු සැමටම! (නි)
මේගොල්ලන්ට දැන්ද මතක්වුණේ මේවා ඉල්ලන්න? අවුරුදු අටක් මොනවද කළේ? (නි)
දේශපාලුවෝ හැමදාමත් කළේ බොරදියේ මාළුබෑමනේ. මේ වගේ අය ඉන්නකම්, කවදාවත් රට ඉදිරියට යන්නේ නැහැ. ආත්මාර්ථකාමී දේශපාලුවෝ. හැබැයි ඔවුන් පස්සේ යන අයටත් බුද්ධියක් තියෙන්න එපායැ. (නි)
සහන් හරි. සමහරුන් මොන ක්‍රමයකින් හරි බලය ලබාගැනීමේ අරමුණක ඉන්නවා වගේ පේනවා (නි)
ඔවු ඔවු රටම දැක්කා පොලිසිය සහන දීපු හැටි (බ)
2014 මහින්ද මේකට අවශ්‍ය කැබිනට් පේපර් පාස් කරලා තිබුනේ. පඩියට අමතරව පැන්ෂන් එකත් ලැබෙන විදියට, නිල වාහනය පවා දෙන්න ඕන පෙන්ෂන් යන්න තිබෙන දිනේ වෙනකම් ආබාධිත නිලධාරීන්ට (බ)
රජය මේ හමුදා නිලධාරීන්ට එන පෙබරවාරි මස සිට විශ්‍රාම වැටුප් දෙනවා කියා පොරොන්දු දුන් පසුත් තවත් පෙරළිකාර විදියට හැසිරෙන්නේ දේශපාලන තීන්දුවක්ද (බ)
ජය වේවා! දෙනවා කිය කියා ඉන්නෙත්, ලිඛිතව නොදෙන්නෙත් මොනවාහරි හංගන්න දෙයක් තිබෙන නිසාද? (නි)
මෙය සිදුවිය යුතුව තිබුනේ මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමට සැලසුම් කිරීමට පෙරය. අහෝ රටකට ගිය කල. කඳුළු ගෑස් ජාල ප්‍රහාර වලට පසු හෝ ලබාදීම අගය කරන අතර එල් ටී ටී එක ඔවුන්ගේ සාමාජිකයන්ට සැලකූ ආකාරය සිහියට ගනිමු.(බ)
මේක පිටිපස්සේ දේශපාලන බලවේගයක් තියනවද කියල සැකයක් තියනවා . මේ ගොල්ල අරගල කරන තැනට අර දෙන්න එනවා දැක්කා.(හේ)
මේක විසදුන එක ගොඩක් හොඳයි.(හේ)
රණවිරුවනී අවස්ථාවාදී දේශපාලකයින්ට යට වෙන්න එපා.(හේ)
ජයවේවා රණවිරුවනී. (හේ)
සහන්,ඔවුන්ගේ මේ ප්‍රශ්නය දෙස සානුකම්පිතව බලන්න. මොවුන්ගේ ඉල්ලීම් වලට සාධාරණ විසදුම් ලැබුණානම් තවදුරටත් වැස්සේ තෙමෙමින් ගතකරන්න අවශ්‍ය නැහැ.තවමත් ලිඛිතව මේ පොරොන්දු ලැබී නැහැ නේද ? (බ)
අවුරුදු අටක් මෙම උද්ඝෝෂකයෝ නිහඬව හිටිය. දැන් ඒවා මර්දනය නොකරන නිසා බලෙන් කාර්යාලවලට කඩා වදින්න වුනත් බය නැතිව පුළුවන්. (බ)
මෙපමණ කාලයක් නිහඬව සිටීමට හේතුව කුමක් ? (බ)