IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


යුධ හමුදා ප්‍රථම පරිසර හිතකාමී නිවහන යක්කල

යුධ සමයේ  රට දැය වෙනුවෙන් තම ජීවිතය කැප කර ආබාධිත තත්වයට පත් වු අභීත රණවිරුවන් වෙනුවෙන් යක්කල රණවිරු ඇපරල් ඒකකයේ ඉදි කළ ශ්‍රී ලංකා යුධ හමුදාවේ  ප්‍රථම පරිසර හිතකාමී නිවහන   යුධ හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා  විසින්  විවෘත කළේය.

එම අවස්ථාවේ මහා සංඝරත්නය පිරිත් සච්ඡායන කළ අතර යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, රණවිරු ඇපරල්ස් කළමනාකරණ මණ්ඩලයේ සභාපති   මේජර් ජනාරල් ප්‍රසාද් සමරසිංහ,  පුනරුත්තාපන අධ්‍යක්ෂක මේජර් ජනරාල් ඉසෙඩ්. වික්‍රමසිංහ, රණවිරු ඇපරල් සේනා විධායක  බ්‍රිගේඩියර් ඊ.එම්.ජී වික්‍රමනායක යන  මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව යුධ හමුදාපතිවරයා  නිලධාරී නිවස්නයේ මහල් සියල්ලටම ගොස් එහි ඇති පහසුකම් පිළිබඳ සොයා බැලූ අතර  රණවිරු ඇපරල් ආයතනයෙ ඉදිවන පිහිනුම් තටාකය ඇතුළු ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවකටද එක් විය.

රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්ෂයක  වියදමින් හරිත සංකල්පයට ඉදිකරන ලද මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ආබාධිත රණවිරුවන්ට සියලූ පහසුකම් වලින් සපිරිව  සුඛෝපභෝගී කාමර 14 කින් සමන්විතය.

වරලත් වාස්තු විද්‍යාංඥ,  මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය උපේන්ද්‍ර රාජපක්ෂ  සහ කපිතාන් අමිල ගුණවර්ධන යන මහත්වරුන් විසින් මෙහි ගෘහ නිර්මාණය සකසා ඇත්තේ හරිත සංකල්පය අනුව වඩාත් පරිසර හිතකාමී ලෙසය. පිටත ඇති උෂ්ණත්වය නිවස්නය ඇතුලතට නොඑන පරිදි මෙය නිර්මාණය කර ඇති නිසා  නිවස්නය   ඇතුලත සිසිල්ය.

මෙහිදී යුධ හමුදාපතිවරයා විසින් මෙය නිර්මාණය කළ ආචාර්ය උපේන්ද්‍ර රාජපක්ෂ මහතාට ඔහු මෙම නිවස්නය හරිත සංකල්පයට අනුව ඉදිකිරීමට කළ කැපවීම සහ මෙහෙය   වෙනුවෙන් විශේෂ සමරු තිලිණයක්ද පුද කළේය.

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පැවති යුධමය තත්වය හේතුවෙන් ආබාධිත තත්වයට පත් වු සෙබළුන් පුනරුත්තාපනය කර වෘත්තීය පුහුණුවක් ලබා දීමේ අරමුණින් යුතුව යක්කල රණවිරු ඇපරල්ස් ආයතනය 1996 වර්ෂයේ  ආරම්භ කර ඇත.

මෙහි ශ්‍රී ලංකා  යුධ ලංකා යුධ හමුදාවට අවශ්‍ය සියලූ නිල ඇඳුම් නිෂ්පාදනය කරනු ලබන්නේ  උතුරු නැගෙනහිර යුද්ධයෙන් විවිධ ආබාදයන්ට ගොදුරුවු ආබාධිත රණවිරුවන් විසිනි.

යක්කල ප්‍රදේශයේ දානපතියෙකු වු ඩේවිඩි මෙරික් පීරිස් මහතා විසින් මේ සඳහා ඉඩම් අක්කර 05 ක ප්‍රමාණයක් නොමිලේ පරිත්‍යාග කළ අතර තවත් අක්කර 05 ක ප්‍රමාණයක් සුළු මුදලකට ලබා දී ඇත.
විවිධ ශාරීරික ආබාධයන්ට ගොදුරු වු සොල්දාදුවන් 60 දෙනෙකුගෙන් දායකත්වයෙන්  මහන මැෂින් 25 ක් උපයෝගී කරගෙන  1997 අගෝස්තු 23  ප්‍රථමවරට  මෙහි ඇඳුම් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.

 මෙහි නිෂ්පාදනයට අවශ්‍ය මිනිස් ශ්‍රමය ආබාධිත සොල්දාදුවන්ගෙන් තෝරාගෙන ඔවුන්ට ඇගලූම් ක්ෂේත්‍රය පිළිබඳ පුහුණුව ලබා දී බඳවාගෙන ඇත. මේ වන විට මෙහි මැෂින් 269 ක් ක්‍රියාකරන අතර  නිලධාරීන් 17 ක්, සෙසු නිළයෝ 849 ක් සේවය කරති.

මේ වන විට මෙහි  ඇගලූම් ක්ෂේත්‍රයට ආවේනික නවීන තාක්ෂණයෙන් යුතු නවීන ක්‍රමෝපායන් උපයෝගී කරගනිමින් ගුණාත්මක භාවයෙන්  යුතු උසස් නිළ ඇඳුම් නිෂ්පාදනය කරන අතර එය දිනකට නිල ඇඳුම් 1080 කි.

එය සමස්ථ යුධ හමුදාවේ වාර්ෂික නිල ඇඳුම් අවශ්‍යතාවයෙන්  සියයට 65 කි. මේ වන විට රණවිරු ඇපරල් ආයතනයේ වත්කම් වල මුලූ වටිනාකම රුපියල් මිලියන 1257 කි

.මෙම අවස්ථාවට යුුධ හමුදාපති ලූතිනන් ජනරාල් දයා රත්නායක, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ, පුනරත්ථාපන අධ්‍යක්ෂක මේජර් ජනරාල් ඉසෙඩ්. වික්‍රමරත්න, රණවිරු ඇපරල් ආයතනයේ සේනා විධායක බ්‍රිගේඩියර් ඊ.එම්.ජී වික්‍රමනායක, විශ්‍රාමික යුධ හමුදාපතිවරු  ඇතුඵ යුධ හමුදා ජ්‍යේෂ්ඨ  නිලධාරීහු රැසක්   සහභාගී වුහ.   

 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

 



අදහස් (0)

යුධ හමුදා ප්‍රථම පරිසර හිතකාමී නිවහන යක්කල

ජයකොඩි Tuesday, 30 September 2014 04:10 AM

හමුදාපති තුමාගේ නමස්කාර කිරීම හරිම ප්‍රසංසා කල යුතුය(දී)

:       0       0

රන්ජිත් සිල්වර් Tuesday, 30 September 2014 04:48 AM

ලාංකික මනුසකමේ ප්‍රති මුර්තියකි, අපේ යුද හමුදා පති සහ ඔහු කෙරේ විස්වාසය තබා ඇති ආරක්ෂක ලේකම් තුමා. ඔබ සැමට සුභ අනාගතයයක්. (දී)

:       0       0

විජිත Tuesday, 30 September 2014 05:36 AM

ඉතා හොඳ සමාජ සත්කාරයක් මොකද මේ මිනිස්සු නිසා ටමයි අපි ජිවත් වෙන්නේ (දී)

:       0       0

මුතු Tuesday, 30 September 2014 05:55 AM

යක්කල ඉන්න අපිටත් ආඩම්බරයක් (දී)

:       0       0

දයා Tuesday, 30 September 2014 06:06 AM

උතුරටත් ඔය වගේ නිවාඩු නිකේතනයක් සදුවොත් ඉතාමත් අගෙයි , පාලනය හමුදාව අතේ තිබිය යුතුයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 869 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 403 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 879 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3193 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 588 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site