ඔක්තෝබර 14 වැනිදා සිට යාල් දේවී දුම්රිය ඇතුළු දුම්රිය හතරක් කොළඹ සිට යාපනය අතර ධාවනය වන බව දුම්රිය ගමනා ගමන මණ්ඩලයේ අධිකාරී එල් ඒ ආර් රත්නායක මහතා පැවසීය.
උතුරු දුම්රියේ මංගල ගමනට ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය.
යුද්ධයෙන් පසු උතුරට දුම්රියක් ධාවනය වනුයේ වසර විසි පහකට පමණ පසුය.
කොටි ත්‍රස්තවාදීන් උතුරු දුම්රිය මාර්ගයේ සිල්පර හා රේල් පීලී බංකර ඉදි කිරීමට ගත්හ.දුම්රිය මාර්ගය යළි ඉදි කැරුණේ ඉන්දියා රජයේ අධායෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනේ ළඟටම කාරෙකේ ගිහිල්ල අන්තිම ටික කෝච්චියේ යයිද? (ස)
මගේ ගම මැදවච්චිය , මේක අපිට හීනයක් වගේ. එදා කොටින්ට රට ලියල දීල අපේ ගම්වලට මායිම් ගම්මාන කියල නම දීල අපේ දරු පවුල් දෙමව්පියන් ඥාතියෝ කොටින්ට බිලි දීපු නායකයෝ කියල කියන පඹයෝ ඉතිහාසයේ සිටිය බව අපිට අමතක කරන්න බැහැ. එ් ටිකත් මේ වෙලාවේ මතක් නොකර ඉන්න මට මගේ හිත වාවන්නේ නැහැ. දුම්රිය පාරවල් ලඟින් යනකොට එදා අපි හිතුවේ ආයෙත් හත්මුතු පරම්පරාවකට දුම්රියක් නම් එන එකක් නැත කියල. මන්නාරමට පාරත් හැදුවොතින් නම් පන්කාදුයි (නදී)
මේවා නම් අගේ කරන්න ඕනේ දේවල්. යාපනය කොළඹ සෙමි ලක්සරි කියලා බොරුවට වැඩි ගානක් අරගෙන යන බස් වලට පාඩමක් උගන්නන්න. (නදී)
හම්බන්තොට වාරයත්, මත්තල ගුවන්තොටුපොළ යන ව්‍යාපෘති දෙකේම වටිනාකමට වඩා වැඩි මුදලක් මේ ව්‍යාපෘතියට වැය වී තියෙනවා. මේක උතුරේ මිනිසුන්ට තේරුනොත් ඇති (නදී)
යාපන දුම්රිය පාර හදන එක හොඳයි. දැන් කවුරුත් පාර දිහා බලා ගෙන ෂා මරු....කියයි, අපේ නායකයා නියමයි....කියලා කියයි. ඒත් මේ මහත්වරු අමතක කරනවා මේ රේල් පාර හදන්න ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් අඩු මුදලකට ව්‍යාපෘති වාර්ථාව ඉදිරිපත් කරනකොට මේ ආණ්ඩුව මේ ජනාධිපති වැඩි මුදලකට මේ ව්‍යාපෘතිය ඉන්දියාවට බාර දෙන බව. ඒ විතරක් නෙමෙයි මේක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න ඉන්දියානු ශ්‍රමිකයන්වත් ගෙන්වන බව. ඉතින් මේ රේල් පාරේ යන ගමන්, "ඕවනම් මොනවද මෙයා....අපිට කෙහොම හරි කෝච්චියේ යාපනේ යන්න තියෙනවානේ..." කියන මානසිකත්වයේ ඉන්න මහජනයා ඉන්න රටක පස්සෙන් පහු මේවායේ කොමිස් ගැහිලි දුෂණ සහ වෙනත් ඩීල් ගැන එලිවෙන කොට රෙදි කරට අරන් "මුං නම් මහ කාලකන්නි, අනේ අපොයි අපේ සල්ලි, ඉන්දියාවට ආවඩන බොරු දේශප්‍රේමියෝ....."වැනි මොඩ චූන් ගන්නෙත් අද මේ වැඩේ මතුපිටින් බලලා සිහින දකින අයම තමයි. (නදී)
මෙම දුම්රිය ගණන වැඩිකොට මාතර සිට පටන් ගත යුතුය. යාපනයේ සිට පැමිණෙන දුම්රිය මාතර දක්වා ගමන් කලයුතුය. එවිට දුම්රිය මැදිරි තුල ගමන් කිරීමට අපහසුවන ආකාරයට මගීන් නිදාගැනීම නොකරනු ඇත (නදී)
අපේ සුබ පැතුම්, එක වරම විදුලි දුම්රියක් දිව්වා නම් කොතරම් අගේද? කොලඹ සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා වත් විදුලි දුම්රියක් පටන් ගනිමු. ජනාදිපති තුමාට වැඩ කිරීමට තද උවමනාවක් තියෙනවා. (නදී)
යාල්දේවි අප දෙදෙනා මොන තරම් සතුටින් සිටියද අවුරුදු 30 කට කලින්. දැන් අායි යාලුකම නැවත අලුතින් පටන්ගමු නේද. ඔබට ජයපතමි. (නදී)
සුබ ගමන් (නදී)
මගේ රට දියුණු වෙලා ලස්සන වෙනවට කැමතියි මම. (නි)
කොච්චර හොඳද? (ස)
යාපනයට අලුතන් දුම්රිය පටන් ගන්නවා. එ්ත් අපි ඉන්න පැත්තට තාම එකම දුම්රියක්වත් (හලාවත ) ලැබුනෙත් නෑ . තියන ඒවා යන්නෙත් ලෙඩ දි දී. (ස)
මගේ ලගත් තියනවා ඩලස් ගේ ටිකට් එකක්. (නදී)
මේක හැදුවේ අපේ නුපන් පරම්පරාවත් උගස්තියල බව අමතක නොකර හොදින් රැක බලා ගමු.(දිල්)
අපිට සතුටුයි. (නි)
අනේ විපක්ෂය ගැන අපිට කණගාටුයි (නි)
කොළඹ සිටම එකම අසුනක යමුද යාපනේ...! (නි)
අහන්නත් සතුටුයි . වෙලාවක් ලැබුන හැටියේම කෝච්චියෙන් යාපනේ යන්න ඕනේ . (දී)
වයස අවුරුදු විසිපහෙන් පහල අයට ජීවිතේ පළමු වරට දැකිය හැකි සුබ දසුනක්. (දී)
සුභ පැතුම් (දී)
මුනිච්චාවට නොවෙයි කියන්නේ ආදර්ශමත් නායකයෙක් (දී)
ඇමති ඩලස්ගේ ටිකට් එක ප්‍රයෝජනයට ගන්න පුළුවන් ද?(දී)
රටේ සංවර්දනය හැමතැනම එක ආකරයෙන් වෙන එක සතුටට කරුණක් !! උතරේ ධිවර ජනතාවගේ ප්‍රශ්නයට විසදුමක් මේ සමග ලබා දෙන්න්න ශ්‍රී ලාංකිකයන් වසයෙන් එකසේ නගිසිට්ටින්න අදිටන් කරගන්න උතුරේ ජනතාවත්. (දී)
මෙි දේවල්වල හොඳක් නොදකින අය නම් අහවි රේල්පාර කන්නද? කියල අැත්තටම අපේ ජීවිත කාලෙදි සෑබෑනොවෙයි කියල හිතාගෙන හිටපු දෙයක් තමයි මෙි සැබෑවෙන්නෙ.(දී)
ඔබ තුමන්ට චිරන් ජයතු (දී)
ගාමිණී සිරිවර්දන, ඔබේ අදහස හරි,භාණ්ඩ ප්‍රවාහනයට ඉතාම පහසු සහ ලාබම, දුම්රියෙන් ප්‍රවහනයය , නමුත් මේබව බලධාරීන්ට වැටහිලා කවදාක කට යුතු කරාවිද?(දී)
පාරිභෝගිකයාට අද මුහුණ පාන්නට ඇති එකම ප්‍රශ්නය නම් ප්‍රවාහන ගාස්තු අධික වීම නිසා භාණ්ඩ මිල වැඩිවීමයි. යාල්දේවි උතුරට යනවා වගේම රුහුණු කුමාරි කතරම දක්වාත් ගියානම් එලවලු,පලතුරු ,මීකිරි,සහල් කොළඹ වෙළඳ පොලට ගලාගෙන ඒමෙන් පාරිභෝගික භාණ්ඩ මිල පහත යාම ඒකාන්තයි ! (දී)
හැමදෙනාම මේ දේ අගේ කලත් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අයනම් හේතු පෙන්වලා. අකමැතිවෙවී. (දී)
මේ අපේ මව්බිම, අප ඉපදුන රට හැදුන වැඩුන රට, අපේම මව්බිම. (දී)
උතුරටට ආලෝකයක්. ජනාධිපතිතුමනි, ඔබට සදා ජය ! (නි)
ජය වේවා! (නි)
ආශ්චර්යයට අපි ළඟා වී ඇති බව පේනවා. (නි)
මගේ සුබ පැතුම්! (නි)
ආපහු කොළඹට එන්නේත් දුම්රියෙන්මද? (නි)